අධික වර්ෂාවත් සමග සුළං හැමීම නිසා විශාල ගස් කඩා වැටීම, පස් කඳු නාය යාම සාමාන්‍යයෙන් සිදුවන සුලබ දසුන්ය. එහෙත් කඳුකර ප්‍රදේශවල ජීවත්වන මිනිසුන් බියට පත් වන්නේ ඒ අන් කිසිවක් නිසා නොව තම ගෙවල් දොරවල් සමග ගම් බිම් කුමන මොහොතක හෝ නාය යයි දැයි නොදන්නා බැවිනි. ඇත්තෙන් ම සෑම කඳුකර ප්‍රදේශයක්ම නාය යනවාද, එසේ නම් ඊට බලපාන හේතු සහ නාය යන දිස්ත්‍රික්ක මොනවාද යන්න ගැන දැන ගැනීම කාලීන අවශ්‍යතාවකි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූවිද්‍යා මහාචාර්ය අතුල සේනාරත්න මහතා ඒ සම්බන්ධයෙන් දක්වන අදහස් මෙහි පළවේ.
සාමාන්‍යයෙන් නාය යම යනුවෙන් හඳුන්වන්නේ පස් තට්ටුවක් එක තැනක සිට තවත් තැනකට සෝදා ගෙන යාම වන අතර ඊට බලපාන ප්‍රධාන හේතු හතරක් තිබේ. එනම් බෑවුමක් පිහිටා තිබීම, නාය යාමට තරම් ඝනකම් පස් තට්ටුවක් පිහිටා තිබීම, පස් ලිස්සා යාමට අවශ්‍ය ලිහිසුම් කාරකයක් නැතිනම් ජලය තිබීම, පස් තට්ටුව අල්ලා ගැනීමට තරම් පාෂාණය රළු නොවීම ආදියයි.
පාෂාණ තට්ටුව ක්‍රම ක්‍රමයෙන් දිරා ගොස් පස් බවට පත් වී තිබෙන තැන්වල සම්බන්ධයක් දක්නට තිබේ නම් එවන් තැන් නාය යන්නේ නැත. නාය යාම සිදුවන්නේ නොකඩවා ලැබෙන වර්ෂාව නිසා පස් තට්ටුව ජලයෙන් සංතෘප්ත වී පස් තට්ටුව හා ගල අතරින් පහළට ජලය ගලා ගෙන යාමේ දී ගල උඩ ඇති පස් දිය වී මැටි වැනි දියරමය තත්ත්වයකට පත්වීමෙන් පස් තට්ටුව පහළට ලිස්සා යාමෙනි.
කෙසේ වෙතත්, පොළොවේ පස මතුපිට සිට යටට යන විට එහි අවසානයට සෑම තැනකදීම ගල හමු වෙනවා ඇත. එය සමහර තැන්වල දී බොහෝ ගැඹුරෙන් ද තවත් සමහර තැන්වල දී උඩින් නැතිනම් පොළොව මතුපිට ට ආසන්නයෙන් අඩි කිහිපයක් ගැඹුරින් ද පිහිටා තිබිය හැකිය. ගල පොළොවේ මතු වී තිබෙන තැන් ද නැතුවාම නොවේ. ඒ ආකාරයෙන් පිහිටා තිබෙන පස් තට්ටුවේ බර වර්ෂාව සමග වැඩි වෙන විට එක්තරා අවස්ථාවක දී ලිස්සා යයි. ඊට හේතු වන්නේ පාෂාණය (ගල) මතුපිට පස් තට්ටුව අල්ලා ගැනීමට තරම් ප්‍රතිරෝධී ඝර්ෂණයක් නොතිබීමය. නැතිනම් පාෂාණය බැඳුණු පසක් නොතිබීමයි. ඒ ආකාරයේ පාෂාණය හා බැඳුණු පස් තට්ටුවක් පිහිටා තිබේ නම් පහළට රූටා යන්නේ නැත. ඒ තත්ත්වයන් නැති පස් තට්ටු රූටා යාම, නාය යාම වශයෙන් හැඳින්වේ.
මේ ආකාරයෙන් නාය යන්නේ, බෑවුම් සහිත තෙත් කලාප හා කඳුකර ප්‍රදේශ පමණකි. වියළි කලාපයේ පිහිටා ඇති එවන් කඳුකර ප්‍රදේශ නාය යන්නේ නැත. ඊට හේතුව වන්නේ නාය යාමට තරම් අවශ්‍ය වර්ෂාපතනයක් එම ප්‍රදේශවලට නොලැබීමය.
ඒ අනුව තෙත් කලාප කඳුකර ප්‍රදේශයේ පිහිටි නුවරඑළිය, මහනුවර, කෑගල්ල, බදුල්ල, මාතලේ, රත්නපුර, මාතර යන දිස්ත්‍රික්කවල ප්‍රධාන වශයෙන් නාය යාම සිදු වේ.
කෙසේ වෙතත් මෙම දිස්ත්‍රික්කවල පිහිටි සෑම ප්‍රදේශයක්ම වර්ෂාවකට නාය යන්නේ නැත. ඊට හේතුව නම් පාෂාණ මත තිබෙන පස් තට්ටුව අතර තද වෙනසක් දක්නට නොමැති වීමයි. එනම් පාෂාණ තට්ටුව මත පස් තට්ටුව වෙනම පිහිටා නොතිබීමය. මේ දෙක අතර ලොකු බැදීමක් ඇත. එය තවදුරටත් පැහැදිලි කරන්නේ නම්, පාෂාණ තට්ටුව ක්‍රම ක්‍රමයෙන් දිරා ගොස් පස් බවට පත් වී තිබෙන තැන්වල සම්බන්ධයක් දක්නට තිබේ නම් එවන් තැන් නාය යන්නේ නැත.
නාය යාම සිදුවන්නේ නොකඩවා ලැබෙන වර්ෂාව නිසා පස් තට්ටුව ජලයෙන් සංතෘප්ත වී පස් තට්ටුව හා ගල අතරින් පහළට ජලය ගලා ගෙන යාමේ දී ගල උඩ ඇති පස් දිය වී මැටි වැනි දියරමය තත්ත්වයකට පත්වීමෙන් පස් තට්ටුව පහළට ලිස්සා යාමෙනි.
නාය යන භූමි සිතියම් ගත කිරීමේ ව්‍යාපෘතියක් 1984 දී එක්සත් ජාතීන්ගේ ආධාර ඇතිව ආරම්භ කරන ලදි. ඒ අනුව නුවරඑළිය, මහනුවර, කෑගල්ල, බදුල්ල, මාතලේ, රත්නපුර, මාතර යන දිස්ත්‍රික්ක, දිස්ත්‍රික් මට්ටමින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් සහ ග්‍රාම නිලධාරී ප්‍රදේශ මට්ටමින් නාය අවදානම් කලාප හඳුනා ගෙන සිතියම් ගත කර ඇත.
එම වසරේ සිට කරන ලද පර්යේෂණ වල ප්‍රතිඵලයක් වශයෙන් දවසට මිලිමීටර් සීයට වඩා වැඩි වර්ෂාපතනයක් ලැබුණ ප්‍රදේශ නාය ගොස් ඇති බවට සොයා ගන්නා ලදී. ඒ අනුව අවදානම් කලාප වශයෙන් හඳුනාගත් ඉහත ප්‍රදේශවලට මි.මී. සීයට වඩා වැඩි වර්ෂාපතනයක් ලැබෙනවා යැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කල් ඇතිව දැනුම් දුන්නොත් එම ප්‍රදේශ නාය යාමේ අවදානමක් පවතින බැවින් එහි ජීවත්වන ජනතාව ඉවත් විය යුතු බවට නිවේදනයක් නිකුත් කරනු ලබයි.
ඒ අනුව සෑම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයකම ආපදා කළමනාකරණ කාර්යාල පිහිටා ඇති අතර පොලිසිය සමග සම්බන්ධ වී ශබ්ද විකාශන යන්ත්‍ර මගින් වර්ෂාව පවතින කාලයට නාය යන ප්‍රදේශවල ජනතාව දැනුම්වත් කරනු ලැබේ. ඊට අමතරව ගුවන් විදුලිය, පුවත්පත් හා රූපවාහිනී නාලිකා මගින් ද එය විකාශනය කෙරේ.
එසේ වුවත් පසුගිය කාලයේ නාය යාම හේතුවෙන් මිනිසුන් මිය ගිය ප්‍රදේශ ගැන අධ්‍යයනය කිරීමේ දී පෙනී යන්නේ, රජය සහ අවශ්‍ය ආයතන, නිලධාරීන් ජනතාව දැනුම්වත් කළ ද ඔවුන් ගේ නොසැළකිලිමත්කම නිසා අනතුරු ළඟා කර ගත් බවය. මේ නිසා විශේෂයෙන්ම ඉහත සඳහන් දිස්ත්‍රික්කයන්හි කඳුකර ප්‍රදේශවල ජනතාව වර්ෂා කාලයට රජයෙන් ලබා දෙන නිවේදන කෙරෙහි සැලකිල්ලෙන් අවධානය යොමු කරන ලෙස අවධානය කෙරේ.
බෑවුම්වල නිවෙස් සෑදීමේදී ඉංජිනේරු සහ භූ විද්‍යාත්මක දත්ත සළකා බලා විශේෂිත වූ ආකාරයට අත්තිවාරම් දැමිය යුතුය. ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ භූ විද්‍යාඥයින් ගේ අවසරය ඒ සඳහා අනිවාර්ය වේ. එහෙත් වසර විස්සකට වඩා පැරණි නිවාසවල ප්‍රමිතිය පිළිබඳව ප්‍රශ්නයක් ඇත්නම් හෝ තම, නිවාසයේ පාදම ගැන සැකයක් ඇති වී තිබේ නම්, අදාළ ආයතනවලට දැනුම් දී ඔවුන් ගේ සහාය ලබා ගැනීමට කටයුතු කරන්න. නාය නොයන බෑවුමක නිවෙස් සාදා ජීවත් වන ජනතාවට ද මෙය අදාළ වේ.
වර්තමානයේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට නිවැරදිව අනාවැකි කීමට අවශ්‍ය තාක්ෂණය ලබා දී ඇත. ඒ නිසා ඔවුන් වර්ෂා කාලයට නිකුත් කරන නිවේදන ගැන අවධානය යොමු කරන්නේ නම් මිනිස් ජීවිතවලට වන හානිය අවම කර ගත හැකිය.
සටහන - සිසිර කුමාර බණ්ඩාර
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
අපේ පොළොවේ නාය යන තැන්