වැටී සිටින ආර්ථික අගාධයෙන් ගොඩ ඒමට ශ්‍රී ලංකාව මහත් බලාපොරොත්තු රඳවාගෙන සිටින්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබීමට නියමිත ඩොලර් බිලියන ගණනක ණය සහනය කෙරෙහිය. එම ණය ආධාරය ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාව දැන් මාස ගණනාවක සිට සාකච්ඡා පවත්වමින් සිටියි. ණය ආධාරය ලබාදීම සම්බන්ධයෙන් පරස්පර අදහස් ආණ්ඩුවෙන්ද මූල්‍ය අරමුදලේ සාකච්ඡාවට සහභාගි වන නියෝජිත පිරිසෙන්ද නිකුත් වෙමින් තිබේ. ඒ අතරවාරයේ ශ්‍රී ලංකාවත් මූල්‍ය අරමුදලත් අතර ඇතිවිය හැකි එකඟතාවේ කොන්දේසි සම්බන්ධයෙන් අමෙරිකානු සෙනෙට් මණ්ඩලයේ විදේශ සබඳතා කමිටුව මගින් පසුගියදා නිකුත් කෙරුණු වැදගත් ප්‍රකාශයක් කෙරෙහි අවධානය යොමුකිරීමට කැමැත්තෙමු.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණයක් ලබාගැනීමේදී ඒ සඳහා වැඩිම බලපෑම් කිරීමට හැකියාව ඇත්තේ අමෙරිකාවට බව රහසක් නොවේ. මේ නිසා අමෙරිකාව කොන්දේසි සම්බන්ධයෙන් කතා කරන විට ඒ ගැන ඉහළම අවධානය යොමුකිරීම අවශ්‍යය. එම කොන්දේසි ඉටුකිරීමට ශ්‍රී ලංකාව අපොහොසත් වන්නේ නම් අරමුදලේ ණය ලබාගැනීම සම්බන්ධයෙන් පවතින බලාපොරොත්තු අත්හැර ගැනීමට සිදුවන බැවිනි. මූල්‍ය අරමුදලට නොගොස් අපේ ආර්ථික ගැටලු අපටම විසඳාගත හැකි බවට පාරම්බෑ සියලුම නිලධාරීන්, අධිපතිවරුන් සහ දේශපාලනඥයන් මේ වනවිට ඇටිකෙහෙල් කෑ උගුඩුවන් බවට පත්ව සිටින තත්ත්වයක අඩුම තරමින් මේ කොන්දේසි තුන හෝ ඉටුවන තැනට වත්මන් පාලකයන් වගබලාගත යුතුය.
අමෙරිකාව පනවා ඇත්තේ ප්‍රධාන කොන්දේසි තුනකි. එයින් පළමුවැන්න ශ්‍රී ලංකා මහ බැංකුව දේශපාලන ඇඟිලි ගැසීම්වලින් තොර ස්වාධීන ආයතනයක් වශයෙන් ක්‍රියාත්මක වීමට ඉඩ හැරිය යුතු වීමය. දෙවැන්න රට ශක්තිමත් දූෂණ විරෝධී ක්‍රියාමාර්ගයකට අනුගතවීමය. තුන්වැන්න නීතියේ ආධිපත්‍යය ස්ථාපිත කිරීමය.
මේ කොන්දේසි පනවන අමෙරිකානු සෙනට් මණ්ඩල විදේශ සබඳතා කමිටුව ප්‍රකාශ කරන්නේ මෙකී අත්‍යාවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදු නොකළොත් ශ්‍රී ලංකාව තවදුරටත් ආර්ථික අව කළමනාකරණයට සහ පාලනය කළ නොහැකි ණය තත්ත්වයකට යොමුවනු ඇති බවය. මෙහි අරුත අදාළ කොන්දේසි තුන සපිරීමට ශ්‍රී ලංකාව අපොහොසත් වන්නේ නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම ණය පහසුකම අනුමත නොකිරීමට ඉඩ ඇති බවය. එවැනි අවදානමකට රට ඇද දැමීමට වඩා අදාළ කොන්දේසිවලට අනුගතවීම මේ අවස්ථාවේ කළ යුතු ප්‍රමුඛතම කාර්යය බව පෙන්වා දිය යුතුය.
නිවැරදිව කල්පනා කළහොත් මේවා කොන්දේසි නොව රටක පාලනයකට අත්‍යාවශ්‍යම සාධක බව තේරුම් ගැනීම අසීරු නැත. කිසියම් රටක මහ බැංකුව රාජ්‍ය පාලකයන්ට ඕනෑ හැටියට හසුරුවාගත හැකි නම් එවැනි ආයතනයකින් රටේ ආර්ථිකයේ ප්‍රතිපත්ති සැලසුම් කිරීමේ වගකීම ඉටුවන්නේ නැත. ඒ වෙනුවට සිදුවෙන්නේ ආණ්ඩුවේ දේශපාලනඥයන්ගේ අවශ්‍යතා සපුරාදීම පමණි. එය රටේ ආර්ථිකය වළපල්ලට යවන ක්‍රියාමාර්ගයකි. ඒ බවට වෙනත් උදාහරණ අවශ්‍ය නැත. ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය කාලය තුළ ක්‍රියාත්මක වූ ආකාරයම උදාහරණයට ගත හැකිය. ආණ්ඩුවේ පට්ටම් දැරූ පුද්ගලයකුට මහ බැංකුවේ අධිපතිකම බාරදීමෙන් සිදුවූ නස්පැත්තියම අමෙරිකාව පළමු කොන්දේසිය දැමීමට හේතු වන්නට ඇත.
දෙවැනි කොන්දේසිය වන්නේ රට තුළ ශක්තිමත් දූෂණ විරෝධී ක්‍රියාමාර්ගයක් පවත්වාගෙන යාමය. ශ්‍රී ලංකාව යනු දූෂණය ඉහවහා ගිය රටක් බවට ලෝකය පුරා පවතින මතය කෙතරම් ප්‍රබලදැයි එම කොන්දේසිය පැනවීමෙන් කියවෙයි. මේ රටේ දූෂණය පටන් ගත්තේ ඉහළ දේශපාලනඥයන්ගෙනි. ඉන්පසුව එය රාජ්‍ය නිලධාරීන් කරාද පැතිර ගියේය. අවසානයේ රටට පැමිණෙන ආයෝජකයන්ගෙන් කෙළින්ම සීයට 10, 20, 30 ඉල්ලන මට්ටමට දූෂණය පැතිර ගියේය. එයින් එම පිරිස තාවකාලික වින්දනයක් ලබන්නට ඇත. එහෙත් අද මුළු රටම මේ තරම් විශාල අර්බුදයක පැටලීමට එම ඉහවහා ගිය දූෂිත ක්‍රියාද ප්‍රබල ලෙස බලපෑම් කර තිබේ. එම තත්ත්වය වළක්වා ගැනීම ජාත්‍යන්තරයෙන් ණය ලබාගැනීමේ කොන්දේසියක් බවට පත්වීම හේතුවෙන් ලජ්ජාවට පත්විය යුත්තේ රටේ ජනතාව නොවේ. රට කරවූ දේශපාලන නායකයන්ය. මැති ඇමැතිවරුන්ය. එහෙත් අවාසනාවකට මෙන් මේ දූෂිත දේශපාලනඥයන් සහ නිලධාරීන් තුළ ලජ්ජාවක් ගෑවිලාවත් නැත.
තුන්වැනි කොන්දේසිය නීතියේ ආධිපත්‍යය ස්ථාපිත කිරීමය. වත්මන් රජය බලයට පත්වූ විට “එක රටක් එක නීතියක්” වශයෙන් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනු ලැබීය. එහි මූලික වාර්තාවද ජනාධිපතිවරයාට බාරදුන් බවද වාර්තා විය. බලයේ සිටින ආණ්ඩුව සඳහා එක් නීතියක්ද විපක්ෂය සඳහා විවිධ ආකාරයට ක්‍රියාත්මක වන නීතිද සම්බන්ධයෙන් අපේ රටට ඇත්තේ අඳුරු අතීතයකි. අඩුම තරමින් නීතියේ ආධිපත්‍යය ස්ථාපිත කිරීමට මේ අවස්ථාව හෝ යොදාගැනීම ආණ්ඩුවේ වගකීමය.
ඉහත සඳහන් කොන්දේසි තුන ක්‍රියාත්මක කිරීම මූල්‍ය අරමුදලේ ණය ලබාදෙන බවට සහතිකයක් නොවුණද ඒ හරහා අඩු තරමින් මේ රට අනාගතයේදී හෝ කිසියම් අභිමානයක් සහිතව ජීවත් විය හැකි රටක් බවට පත් කිරීමට ඉවහල් වනු ඇත.
(***)
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
අමෙරිකාවේ කොන්දේසි යහපාලනයකට රුකුලක්
සෞදි-සිංහ Friday, 15 July 2022 12:01 PM
මෙම කොන්දේසි ක්‍රියාත්මක කරන තුරු IMF ණය ලබා නොදීම ඉතාම යෝග්‍යයි...!