X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 07 වන සෙනසුරාදා


අයිඑස්ලා: මුලින්ම ඉව වැටුණ හැටි

සිරියාවේ (ISIS) ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය සමග එක්වී ශ්‍රී ලාංකිකයන් සටන් වඳින බව, මෙරට හමුදා බුද්ධි අංශයේ අධ්‍යක්ෂ මණ්ඩලය (DMI ) ඊශ්‍රාලය බුද්ධි අංශයෙන් මුල්වරට දැන ගත්තේ 2013 දීය. අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් දැන ගන්නට ලැබුණේ මෙයින් බුද්ධි අංශ අධ්‍යක්ෂ මණ්ඩලය විමතියට පත් වූ බවකි. 

එහෙත් ඔවුන් එම ISIS  සන්නිවේදන පරීක්ෂා කරමින් සෙවිල්ලෙන් ඉන්නට කණ්ඩායම් යොදවා තිබෙන්නේ දැන්ය. 
අයි.එස්.අයි.එස්. සංවිධානය ඩාබික් නම් වූ සඟරාවක් පළ කරයි. එහි අබු ෂුරායිහ් අස් සිලානි නම් පුද්ගලයෙකුගේ ඡායාරූපයක් පළ විය. ගලේවෙල ප්‍රදේශයේ පදිංචිව සිටි 37 හැවිරිදි විදුහල්පතිවරයකු වූ මොහොමඞ් මුෂින් ශර්හාස් නලිම් නම් එම තැනැත්තාට සංවිධානයෙන් ලබා දී තිබුණේ එම නමයි. ඔහු 2013 දී මක්කම වෙත පිටත්ව ගියත් ආපසු පැමිණියේ නැත. 

මුලින්ම සිරියාවට ගොස් ඇත්තේ නලිම්ගේ වැඩිමල් සහෝදරයා බව දැන ගන්නට ලැබිණි. ඔහුට පසුව ඔහුගේ බිරිඳත්, මව දරුවන් හය දෙනකුත් සමඟ බිරිඳගේ මව පියාත් ඔහුගේ බිරිඳගේ සහෝදරයෝ දෙදෙනාත් සිරියාව බලා ගියහ. නලීම්ගේ සොහොයුරාගේ දුව විවාහවී ඇත්තේ ලාංකීය සම්භවයක් ඇති ඕස්ටේ්‍රලියානුවකු සමඟය. අරූෂ් නම් වු එම තැනැත්තා අබ්දුල් ලතීෆ් මොහොමඞ් ජමීල් නම් පුද්ගලයකු සමඟ සම්බන්ධතා පවත්වාගෙන ගියේය. ඔහු මෙල්බර්න් හි ස්වින්බර්න් සරසවියෙන් 2013 රටෙන් පිටත්ව යාමට පෙර පශ්චාත් උපාධියක් ලබා තිබුණි. 

පළමුවෙන්ම පවුල් තුනක ශ්‍රී ලාංකිකයෝ 36 කගෙන් සමන්විත පිරිසක් සිරියාවේ සිටියහ. පසුව එම පිරිස 40 ඉක්ම වූහ. 
නලීම් 2015 දී ගුවන් ප්‍රහාරයකින් මිය ගියේය. ඉන් අනතුරුව ඇතැම් ශ්‍රී ලාංකීය සමාජ මාධ්‍ය භාවිතා කරන්නන්ගෙන් 1515 වෙත පමණ ඉක්මවා සහයෝගය පළවනු ශ්‍රී ලාංකීය බුද්ධි අංශ දුටුවේය. මෙහිදී ප්‍රධාන කාර්යය පරතරයක් ඉටු කළේ පරිගණක ක්‍රියාකාරකම්වල ශූරතාව දක්වන පදිංචි අලුත්ගම පදිංචි ආධිල් නම් තැනැත්තෙකි. වැඩි වශයෙන්ම ප්‍රචාරය කර හැරියේ  ෂීෂී කතිකාවල මෘදු පිටපත්ය. විශේෂයෙන්ම විදුලි පණිවුඩ ඉන් යවනු ලැබීය. එම අවකාශය භාවිතා කර ඔවුන්ගේ රහස් පණිවුඩය ද යවනු ලැබීය. 

එම සංවිධානයේ අනෙක් අය මෙන්ම අධිල් තරුණ උගතෙක් වුයේය. ඔහු අන්තර්ජාලය තුළ සුවිශේෂ පුද්ගලයෙක් බවට පත් වුයේය. බුද්ධි අංශ පවසන ආකාරයට මූලික ක්‍රියාකාරකම් සිදු වූයේ මෙසේය. සිරියාවේ ෂීෂී සංවිධානයට සහයෝගය දෙන ශ්‍රී ලාංකිකයෝ එම සම්බන්ධතා ඔස්සේ බුද්ධි අංශයෙන් හඳුනාගනු ලැබූහ. එය ඉතා කුඩා සමූහයක් වූ අතර ආරම්භයේදී හොඳින් සංවිධානයවී නොතිබිණි. එහෙත් ඔවුහු කලිෆ්වාදය හොඳින් අධ්‍යයනය කර සිටියහ. දෙහිවල පල්ලියේ ඉමාම්වරයකු සමඟ ඔවුහු නිතර අන්තර් සම්බන්ධතා පැවැත්වූහ. එසේ වුවද ඔහු පසුව ඔවුන්ගේ ඇදහීම්වලින් ඈත් වූයේය. 

තනි සංවිධානයක් ලෙස ඔවුහු සමූහ ගත වූහ. කොළඹ 10 පදිංචි උමායිර් නම් තැනැත්තෙක් එම ජමාදෙයි මිලාකු ඊබ්‍රහීම් :න්‍ඵෂ* සංවිධානයට නායකත්වය දුන්නේය. 

අනෙක් මුස්ලිම්වරුනට වඩා වෙනස් ආකාරයට සිතූ ඔවුහු හැලීමට ඕනෑ කමක් නැති මධ්‍යස්ථ මතධාරී සමූහයක් වූහ. ඇතැම් සාමාජිකයන්ට තම පවුල්වල උදවිය සමඟ සිරියාවට සංක්‍රමණය වන්නට අවශ්‍ය විය. එහෙත් ඉස්ලාම් ධර්මය අධ්‍යයනයකොට එය අවබෝධ කර ගන්නට තීරණය කර ගත් පසුව උමායිර් හිත වෙනස් කර ගත්තේය. 

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට හවුල් සහෝදරයන් දෙදෙනකු වු මොහොමඞ් ඊබ්‍රහීම් ඉහාමි අහමඞ් සහ මොහොමඞ් ඊබ්‍රහීම් ඉන්ෂාෆ් අහමඞ් ජවීල් සමඟ සම්බන්ධතා හදා ගත්තේ ව්‍යාපාර කටයුතු සහ පවුලේ බැඳීම් නිසාය. ජමීල්ගේ පියා කොළඹ 12 පරණ යොන් වීදියේ සාප්පුවක් පවත්වා ගනිමින් තේ ව්‍යාපාරයක යෙදුණේය. දරුවෝ මවුපියන් හරහා එකිනෙකා සමඟ මිත්‍රවී එකිනෙකා උනන්දු කරන්නට ගත්හ. 

ඔවුහු ද ජමාදෙයි මිලාකු ඊබ්‍රාහිම් සංවිධානය JMI සමඟ සම්බන්ධතා පැවැත්වූවෝය. එහෙත් උමායිර්ගේ පාර්ශ්වය සහ ජමීල්ගේ පාර්ශ්වය අතර මත භේදයක් හටගත්තේය. එහිදී ඊබ්‍රහීම් සහෝදරයෝ ජමීල්ගේ දත්ත ගත්තෝය. ශ්‍රී ලංකාව තුළ යමක් කළ යුතු බව ඔවුහු විශ්වාස කළහ. ඊට JMI නායකයා එරෙහි වූයේය. ජමාදෙයි මිලාකු ඊබ්‍රහිම් සංවිධානයේ තවත් සාමාජිකයෙක් ඉන් පසු මොහොමඞ් සහ්රාන් මොහොමඞ් කසීම් සංවිධානයට හඳුන්වා දුන්නේය. තමන් හා එකම මතය දරන අයකු ලෙස ඔව්හු සහ්රාන් හඳුනා ගත්හ. එහෙත් ඔහු නැගෙනහිරින් පැමිණි කෙනකු නිසා කොළඹ පදිංචි අනෙක් අය ඔහු ගැන වැඩි උනන්දුවක් නොදැක්වූහ. කෙසේ වුවද සහ්රාන් ශ්‍රී ලංකා තව්හීත් ජමාද් සංවිධානයට විරුද්ධවී අලුත් ජාතික තව්හීත් ජමාද් (National Thowheed Jamath (NTJ)) සමඟ එක් වූයේය. 

න්‍ඵෂ සංවිධාන සාමාජිකයන්ට සමාජ මාධ්‍යවල ඔහුගේ දේශනා පතුරවා හරින්නට අවශ්‍ය විය. එය කුරානයේ පාඨ අරගෙන ඒවා එයාට ඕනෑ විදියට අර්ථ දක්වනවා. ඊට මුලික වූ එක් අයෙක් කීවේය. 2017 මාර්තු මාසයේ දී කාත්තන්කුඩියේ ඇති වූ ගැටුමෙන් අනතුරුව සහ්රාන් යටිබිම් ගත වීය. 

අපි දැන් විශ්වාස කරන විදියට ජමීල,් ඊබ්‍රහීම් සහෝදරවරුන් එයා එක්ක සම්බන්ධතා පවත්වා ගත්තා. ඒ කාලය ඇතුළත ප්‍රායෝගික හේතු නිසා එයාට උදව් කරලත් තියෙනවා. ඔහු කීවේය. මං හිතන්නේ පාස්කු ඉරිදා ප්‍රහාරය JMI ටවත් NTJ පිටවත් පටවන්න බෑ. 
මොකද ත්‍රස්ත කණ්ඩායම් ප්‍රධාන කණ්ඩායමෙන් වෙන් වුණා. සහ්රාන්ට හිටියේ ටික දෙනයි. 

බුද්ධි අංශ 2016 අග දක්වා මෙම තර්ජන පිළිබඳව අවදියෙන් පසු වුවද දේශපාලන නායකත්වය ISIS ගැන උනන්දුවක් දැක්වුයේ නැත. මුස්ලිම් අන්තවාදීන්ගෙන් ජාතික ආරක්ෂාවට ඇති තර්ජන ගැන ද ඔවුහු නොසිතූහ. 2009 න් පසුව බුද්ධි ජාලය පශ්චාත් යුද කාලීන තර්ජන තුනක් පිළිබඳව රජයට අනතුරු හැඟවූයේය. පළමු වැන්න එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය නැවත මතු වීමට ඉඩ ඇති බවය. දෙවැන්න මුස්ලිම් අන්තවාදයයි. (එය හතර වැනි තැනෙන් මෙතැනට ආයේය.) තුන් වැන්න මානව වෙළඳාම සහ මත්ද්‍රව්‍ය අවධානය හෝ ජාත්‍යන්තර අපරාධය. හතරවැන්න යටි බිම් ගත දේශපාලන වර්ධනයන්ය. 

2015 දක්වා සෑම අඟහරුවාදාවකම ආරක්ෂක අමාත්‍යාංශයේ බුද්ධි අංශ සම්බන්ධීකර කමිටුවේ රැස්වීම් පැවැත්වීය. සෑම බදාදාවකම ජාතික ආරක්ෂක කවුන්සලයේ සාකච්ඡා පැවැත්විණි. 

2016 න් පසු ජාතික ආරක්ෂක කවුන්සලයේ රැස්වීම් දෙසතියකට වරක් දක්වා පවත්වන වාර අඩුවූයේය. ඇතැම්විට එම රැස්වීම පැවැත්වුණේ සති තුනකට වරක්ය. ඒවායේ දී බොහෝවිට අවධානය යොමු වූයේ මෑතක සිදුවූ අනතුරුදායක බවට වඩා එල්.ටී.ටී.ඊ.ය. ගැන ඇති හේතු විරහිත බියක් කෙරෙහිය. 

අපේ ගැටලුව වුණේ අපි ආයුධ භාවිතය පිළිබඳ විපරමෙන් මිදිලා පශ්චාත් ගැටුම් පිළිබඳ පරීක්ෂාකාරී පිළිවෙතට පිවිසුණේ නැති එකයි. 2018 ඔක්තෝබර් 26 වැනිදා දක්වා ජාතික ආරක්ෂාව පිළිබඳ කවුන්සලයේ රැස්වීම්වලට සහභාගී වූ නිලධාරියෙක් කීවේය. 

අපේ ආරක්ෂක පිළිවෙත යොමුවුණේ ආයුධ භාවිතය පිළිබඳ පරීක්ෂාවට ඒක වැදගත් වුණේ හඳුනාගත් ඉලක්කවලට එල්.ටී.ටී. ප්‍රහාර එල්ල කරද්දී අයි.එස්. වගේ මුස්ලිම් කණ්ඩයාම්වලින් එල්ලවන තර්ජනවලදී සතුරා හඳුනා ගන්න බැ. අපි දැන් සුපරීක්ෂාකාරී පිළිවෙතකට යොමුවිය යුතුයි. 

බුද්ධිමය යාන්ත්‍රණයට තවත් සටනකට මුහුණ දෙන්නට සිදු වුයේය. ඒ ජාතික මත වාදය හා ලිබරල් මත වාදය අතර ගැටුමටයි. 2015 දී හමුදා බුද්ධි අංශයේ අධ්‍යක්ෂක මණ්ඩලය දේශපාලන අධිකාරියට යෝජනා ඉදිරිපත් කළේය. වර්තමාන තත්ත්වය පිළිබඳව විස්තර ඉදිරිපත් කරමින් අදාළ කණ්ඩායම් ක්‍රියාත්මක වන ආකාරයත් එහිදී අනුගමනය කළ යුතු විකල්ප යාන්ත්‍රණ 3ක් ගැනත් ගැනත් කරුණු ඉදිරිපත් කළේය. 

ඉන් එකක් වන්නේ යම් ප්‍රමුඛ අයකු සමඟ කටයුතු කළ යුතු ආකාරයයි. දෙවැන්න ත්‍රස්තවාදය වැළැක්වීමට නීති හඳුන්වා දීමයි. 
(ත්‍රස්තවාදය පැන නැගෙන පසුබිමක) දෙවැන්න මිශ්‍ර ප්‍රවේශයයි. 

ඒක පැහැදිලිව පෙන්වා දුන්නා අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේය. ආණ්ඩු මාරු වුණාම ඒ අය කවුරුවත් උනන්දු වුණේ නෑ. ජාතික ප්‍රතිපත්ති ලිබරල් ප්‍රතිපත්ති එක්ක එකට ක්‍රියාත්මක කරන්න බෑ. මේ ප්‍රදේශයේ ඔබට පියවරු දෙන්නෙක් ඉන්න බෑ. උඩ ඉඳන් පහළටම භේද බින්නවෙලා. හිතන විදිය වෙනස් උනාම, ක්‍රියාත්මක විදිහත් වෙනස් වෙනවා. හිතවාදීනුත් දෙපැත්තට බෙදෙනවා අන්න ඒක තමා ලොකුම ගැටලුව. 

2019/05/05 Sunday Times පුවත් පතේ Insight යටතේ පළ වු නාමිණි විජේදාස ලියු First Intel On Lankans Fighting With ISIS  2013 ලිපියේ පරිවර්තනයකි.



අදහස් (0)

අයිඑස්ලා: මුලින්ම ඉව වැටුණ හැටි

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site