X Advertisement
IMG-LOGO

2025 මැයි මස 14 වන බදාදා


අල්පශ්‍රැත ව්‍යාධිය

“ආප්ත වාක්‍යය” නමැති යෙදුම ඔබට නිතර කනට වැටෙන යෙදුමක් නොවිය හැකිය. එහෙත් කලාතුරකින් හෝ එය අසා ඇතැයි සිතමි. කෙසේ වුව ද මෙය මිනිසුන්ගේ එදිනෙදා කතාබහේදී ව්‍යවහාර වන යෙදුමක් ලෙස සැලකිය නොහැකිය. කොටින්ම එය දැන උගත් මිනිසුන් අතර භාවිත වන වහරක් ලෙස හැඳින්වීමේ වරදක් නැත. එහෙත් එය ද අදාළ වන්නේ අතීතයට මිස වත්මනට නොවේ යැයි යනු මගේ කල්පනාවයි. මක් නිසා ද යත් වත්මනේ වෙසෙන දැන උගත් පිරිසෙන් බොහෝ දෙනෙකුම “ආප්ත” යන වචනයෙහි අර්ථය නොදත්තන් බව පසක් වන බැවිනි. 

පළමුව අපි “ආප්ත” යන වචනයේ ගැබ්ව ඇති ගුරු අරුත වටහා ගනිමු. මෙය සංස්කෘත භාෂාවේ හමුවන්නකි. සංස්කෘත කෝෂාර්ථ අනුව ප්‍රධාන වශයෙන් මේ වචනය “ප්‍රාඥ”, “ප්‍රාමාණික”, “විශ්වාස කළ හැකි දැනුමක් සතු” තැනැත්තෙකු හැඳින්වීම සඳහා යෙදෙන්නකි. එහෙත් සාමාන්‍ය ව්‍යවහාරයේදී එමගින් නැණවතා, පැනවතා, පඬිවරයා යන අරුත් ගම්‍යමාන වෙයි.

පණ්ඩිත ව්‍යවහාරයට පිවිස ඇති නැතහොත් උගතුන්ගේ භාවිතයෙහි ප්‍රචලිතව ඇති “ආප්ත වාක්‍ය” යන්නෙන් ඒ බව මනාව සනාථ වෙයි. ඒ අනුව සාමාන්‍ය ව්‍යවහාරයේදී “ආප්ත වාක්‍ය” යන යෙදුමෙන් අදහස් කරන්නේ “පඬි වදන්” යන්නයි.

“ආප්ත වාක්‍ය” යන්න පෙර සිටි බහුශ්‍රැතයන් අතර අර්ථවත් වහරක් සේ පැවතුණ ද අල්පශ්‍රැතයන් බහුල සමාජයක් තුළ එහි අරුත පවා නොදන්නන් පහළ වීම අරුමයක් නොවේ. “ආප්ත වාක්‍ය” පරීශීලනය මෙන්ම ආප්ත වාක්‍ය අධ්‍යයනය ද බහුශ්‍රැතභාවය වෙත ළඟා වීමට ඇති රන් දොරටුවක් වැන්න.

වත්මන් ලංකාවේ මුද්‍රණ, විද්‍යුත් මාධ්‍යවල සේවයේ නිරත නව පරපුරට තම අල්පශ්‍රැතභාවය දුරු කර ගැනීම සඳහා ආප්ත වාක්‍ය පරිශීලනය හා අධ්‍යයනය ප්‍රත්‍යක්ෂ ඖෂධයක් යැයි සිතමි. “ආප්ත වාක්‍ය” හෙවත් “ආප්ත ප්‍රකාශ” යනු ප්‍රාමාණිකයන්ගේ හා ප්‍රාඥයන්ගේ ප්‍රත්‍යක්ෂ ප්‍රඥා සම්පත්තියෙන් විහිදෙන ආලෝක කණිකාය. එය වූ කලී අනාදිමත් කාලයක සිට යුගයෙන් යුගයට රාශිභූත වන විශ්වීය සම්පතකි. 

ආප්ත වාක්‍ය, ආප්ත ප්‍රකාශ යනු කවර ස්වරූපයක් ගන්නා කියමන් විශේෂයක් ද කියා නිශ්චිත ලෙස තේරුම් ගැනීම සඳහා නිදර්ශන පිහිට කොට ගැනීම මැනවැයි හඟිමි.

බුදුන් වදාළ ධර්මය අන්තර්ගතව ඇති ත්‍රිපිටක ග්‍රන්ථාවලියට අයත් බුද්දක නිකායට පොත් පහළොවක් ඇතුළත්ය. එයින් එකක් වන්නේ බෞද්ධ ජනයා හස්තසාර ග්‍රන්ථයක් ලෙස පරිශීලනය කරන “ධම්මපදය”යි. එය වූ කලී සනාතන වටිනාකමකින් යුත් ආප්ත උපදේශ කෝෂ්ඨාගාරයක් වැන්න. මේ උපදේශ එහි සංග්‍රහ වී ඇත්තේ පාලි ඡන්දස් පාදක කරගෙනය. එනම් පද්‍ය ස්වරූපයෙනි. ගද්‍ය ස්වරූපයෙන් නොවේ. ඒවා පාලි පද්‍ය ගණයට වැටෙන බැවින් රචනා වී ඇත්තේ යම්කිසි විරිතකට අනුවය. විරිතක් යනු මාත්‍රා නියමයක් අනුව සැකසුණු පද රටාවකි. පාලි පද්‍ය හැඳින්වෙන්නේ “ගාථා” යන නාමයෙනි. සංස්කෘත පද්‍ය “ශ්ලෝක” යන නාමයෙන් හැඳින්වෙන්නාක් මෙනි.

ධම්මපදයේ එන මේ ගාථාව කියවන්න.

යෝ බාලෝ මඤ්ඤති බාල්‍යං 
පණ්ඩිතෝ වාපි තේන සෝ 
බා ලෝ ච පණඩිතමානී
ස වේ බා ලෝ ති වුච්චතී

මෙය ධම්මපදයේ බාල වග්ගයේ හමුවන ගාථාවකි.

මෙහි තේරුම කුමක් ද? 

“යම්කිසි මෝඩයකුට තමා මෝඩ බව තේරෙන්නේ නම් ඔහු පණ්ඩිතයෙකි. යම්කිසි මෝඩයෙක් තමා පණ්ඩිතයෙක් යැයි සිතන්නේ නම් ඔහු තරම් මෝඩයෙක් තවත් නැත.” 
මෙය අරුත් සුන් කියමනක් නොවේ. අරුත් පුන් කියමනකි. මෙය අපේ දොස් දුරු කරවන උපදෙසකි. එනිසා එය පඬි වදනකි. ආප්ත වාක්‍යයකි. 

ධම්මපදයේ එන මේ ගාථාව ද කියවන්න.

පුත්තාමත්ථි ධනම්මත්ථි 
ඉති බාලෝ විහඤ්ඤති
අත්තාපි අත්තනෝ නත්ථි 
කුතෝ පුත්තෝ කුතෝ ධනං


මෙය ද ධම්මපදයේ බාල වග්ගයේ එන ගාථාවකි. 

එහි තේරුම බලමු.

“මට දරුවෝ ඇත, මට ධනය ඇත කියමින් මෝඩයා වෙහෙසෙයි. තමාට තමාත් නැති කල මොන පුත්තු ද? මොන ධනය ද?”

මෙය කිසිවෙකුට බොරු කළ නොහැකි කියමනකි. එසේම හැමදාටම ඇත්ත වන කියමනකි. මේ අනුව සනාථ වන්නේ ආප්ත වාක්‍ය හෙවත් ආප්ත ප්‍රකාශ වූ කලී සනාතන සත්‍යයක් ගැබ් වුණු උපදේශ රත්න විශේෂයක් බව නොවේ ද? එසේ නම් ඒවා නිතර පරිශීලනය හා අධ්‍යයනය අල්පශ්‍රැත ව්‍යාධියට ප්‍රත්‍යක්ෂ ඖෂධයක් නොවිය හැකි ද?

කරුණාරත්න අමරසිංහ



අදහස් (0)

අල්පශ්‍රැත ව්‍යාධිය

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site