රටේ නීතිය ක්‍රියාත්මක නොවන බවට මතයක් සමාජය තුළ තිබීම මෙන්ම නීතිය සැමටම සාධාරණ ලෙස ක්‍රියාත්මක නොවන බවට අදහසක් සමාජයේ පැලපදියම් වීම සියලු නොපනත්කම්වලට අවශ්‍ය පරිසරය සකස්කර දීමකි. සියලු වර්ගයේ අපරාධවලට හොකරම්, මැරකම්වලට මෙන්ම අල්ලස් ගැනීම් මෙන්ම පාතාල පන්නයේ ක්‍රියාකාරකම්වලට ප්‍රධාන හේතුව වන්නේ නීතියේ විධානය හා ආධිපත්‍යය බිඳ වැටීමය. ශ්‍රී ලංකාව යනු ඒ බව සැකයකින් තොරව ඔප්පු කළ රටකි.
අප පුවත්පත ඉකුත්දා ඉතා සුවිශේෂී පුවතක් වාර්තා කළේය. එම ප්‍රවෘත්තියෙන් කියැවුණේ සූදු පොළක් වැටලීමක දී අත්අඩංගුවට ගත් ජංගම දුරකථනය යළි ලබා දීමට රුපියල් 5000 ක අල්ලසක් ඉල්ලා එය ලබාගැනීමේ චෝදනාවට වරදකරු වූ අහුන්ගල්ල පොලීසියේ හිටපු උප පොලිස් පරීක්‍ෂකවරයකුට වසර 20 ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා නියම කළ බවය. එයට අමතරව රුපියල් 20,000ක දඩයකට ද ඔහු යටත් කළ බව එම ප්‍රවෘත්තියේ සඳහන්ය.
සමහරකුට අනුව එය මිටි තැනින් ජලය ගලා යෑමක් විය හැකිය. ‘‘මහ හොරු නිදැල්ලේ සිටිය දී රුපියල් 5000ක අල්ලසක් ගත් පොලිස්කාරයකු හිරේ දාලා’’ යනුවෙන් යමකුට සිතිය හැකිය. එබඳු ජනප්‍රිය මනසකින් එදෙස බැලීමට බොහෝ දෙනෙක් ප්‍රිය කරති. එහෙත් යථාර්ථය එය නොවේ.
මේ රට යනු ජනාධිපති ලේකම්වරුන් නීතිය ඉදිරිපිට වැරැදිකරුවී හිරේ වැටුණු රටකි. අල්ලස් ගැනීමේ චෝදනාවට වැරැදිකරුවකු වූ හිටපු ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානියකු තවමත් හිරේ විලංගුවේය. මිනී මැරීමේ චෝදනාවට වැරැදිකරු වූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු මරණීය දණ්ඩය ලැබ තම නව යොවුන් පුත්‍රයා සමග මහ උළුගෙදර කල්දේරම් බතෙහි රස බලමින් සිටී.
මෙය තව දිගු කළ හැකි ලැයිස්තුවකි. මේ ලැයිස්තුවෙන් කියැවෙන්නේ තරාතිරමේ බේදයකින් තොරව අප රට තුළ නීතිය ක්‍රියාත්මකවන බවය. රට අරාජික කිරීමේ අරමුණෙන් පෙළෙන ඇතැම් පිරිස් එය එසේ නොවේ යැයි කීමට කප්පරක් තර්ක ගොඩනගති. අවසානයේ දී අනීතික ක්‍රියාවලට අවශ්‍ය බලපත්‍රය බවට පත්වන්නේ ද එම මතවාදයමය. එහෙයින් රුපියල් 5000 ක අල්ලසක් ගත් උප පොලිස් පරීක්‍ෂකවරයකුට බරපතළ වැඩ සහිත වසර 20ක සිර දඬුවමක් නියම කිරීම එයට හිමි බරින් හඳුනාගත යුතුය.
අප රට යනු සෑම දෙයම පහසුවෙන් කරගැනීමට උත්සාහ කරන බහුතරයක් ජනතාව ජීවත්වන රටකි. නියමිත අනුපිළිවෙළට, ක්‍රමවේදයට ගමන් නොකර ‘‘වංගු ගසා වැඩේ කර ගැනීමට’’ ඔවුහු උත්සාහ කරති. රාජ්‍ය ආයතනයකට යෑමට පෙර එහි තමන් දන්නා හඳුනන අයකු සිටීදැයි සොයා බැලීමට බොහෝ දෙනෙක් පෙළඹී සිටිති. එසේ සොයා බලන්නේ තමන්ගේ අවශ්‍යතාව පහසුවෙන් කර ගැනීමටය. එසේ දන්නා හඳුනන අයකු නොවේ නම් කීයක් හෝ අතමිට මොළවා ඉක්මනින් හා පහසුවෙන් තම අවශ්‍යතාව ඉටුකර ගැනීමට උත්සාහ කරති. අල්ලස් ගැනීමට හැකිවී තිබෙන්නේ එසේ අල්ලස් දීමට කැමැත්තෙන් සිටින පිරිස් සිටින නිසාය.
අප රටේ දරුවකු පාසලට ඇතුල් කිරීම සමාන වන්නේ යුද්ධයකටය. ඒ වෙනුවෙන් ඇති තරම් මුදල් විසි කිරීමට ඇතැම් දෙමාපියෝ පෙළඹෙති. දරුවා පාසලට ඇතුල් කිරීමට දරුවාගේ මවගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ විදුහල්පතිවරයකු කොටු වූයේ මව සමග හෝටල් කාමරයක සිටියදීමය. මව කල් ඇතිව පොලිසිය දැනුවත් කර තිබූ හෙයින් එම වැටලීම සිදුවිය.
දේශපාලනඥයන් ඡන්දය ලබා ගැනීමට තොග පිටින් අල්ලස් ප්‍රදානය කරන බව ප්‍රසිද්ධ රහසකි. එය උළු කැටය, වැසිකිළි පෝච්චිය, තහඩුවේ සිට බත් පාර්සල හා අරක්කු පානය දක්වා විහිදී යයි. එමෙන්ම මැතිවරණ ව්‍යාපාරයේ දී ඇතැම් ව්‍යාපාරිකයෝ එම මැතිවරණයේ මුළු බර කරට ගනිති.
ජයග්‍රහණයෙන් පසුව එම ව්‍යාපාරිකයන්ගේ මනදොළ සැපරීමට දේශපාලනඥයාට සිදුවේ. බොහෝ ව්‍යාපෘතිවලින් දේශපාලනඥයාට කොමිස් කුට්ටි ලැබෙන බව ප්‍රසිද්ධ රහසකි. එහෙයින්ම එසේ කොමිස් කුට්ටි ගතහැකි ව්‍යාපෘතිවලට ප්‍රමුඛතාව හිමිවන්නේ අත්‍යවශ්‍ය ව්‍යාපෘති පසෙකට ඇද දමමිනි. මුළු රටම අල්ලස් ආකරයක් යැයි හැඟී යන්නේ මෙම පරිසරය තුළය.
මෙම තත්ත්වය තුරන් කිරීමේ පළමු වගකීම තිබෙන්නේ පුරවැසියාටය. කවර තත්ත්වයක් තුළ වුවත් අල්ලස් ලබානොදීමේ ස්ථාරත්වය පුරවැසියා ගොඩනගා ගත යුතුය. එමෙන්ම අල්ලස් ඉල්ලන්නන් උපක්‍රමිකව නීතියේ රැහැනට හසුකර දිය යුතුය. අල්ලස් මෙහෙයුම අඩපණ කළ හැකිවන්නේ එබඳු සක්‍රිය ජනතා මැදිහත්වීමකිනි. එබඳු ජනතා තෙරපුමකිනි.
මේ රට හැදිය හැකි බවට ඒකාන්ත විශ්වාසයක් අප සතුය. එහි පෙරමුණ ගත යුත්තේ පෙර දැක්වූ පරිදිම පුරවැසියාමය. දේශපාලනඥයන්ගේ ත්‍රාඩ ක්‍රියාදාම මෙන්ම දූෂිත රාජ්‍ය නිලධාරීන්ගේ, සේවකයන්ගේ අනීතික ක්‍රියා මැඩලිය හැක්කේ එමගිනි. එමෙන්ම තරාතිරම් බේදයකින් තොරව නීතිය ක්‍රියාත්මක කරන බවට ගැඹුරු විශ්වාසයක් ජනගත විය යුතුය. නීතිය සම්බන්ධයෙන් ජනයා තුළ අචල විශ්වාසයක් ගොඩනැගිය යුතුය.
එමෙන්ම නීතිය ඉදිරිපිට සියල්ලන්ම සමානය, යන මතය අප හදවතට ගැඹුරින් කිඳා බැස්සවිය යුතුය. යුක්තිය හා සාධාරණත්වය ඉල්ලා රට පුරාම ඉදි වූ අරගලබිම්වල අභ්‍යන්තර ප්‍රකාශනය ද එයය. ඒවා තවදුරටත් සටන් පාඨ බවට පත් නොකර මහ පොළොවේ ජීවමාන යථාර්ථයක් බවට පත් කිරීමට සියල්ලන්ම මහෝඝයක් මෙන් මතුවිය යුතුය.
(***)
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
අල්ලස් - දූෂණයෙන් තොර රටක් කවදා බිහිවේද?
Perera Friday, 28 October 2022 06:43 AM
ඒ දවස උදාවෙන්නේ රටේ ජනතාවට මොලේ පෑදිලා පාඩුවේ රටේ දියුණුවට දැක්මක් සහ ක්‍රමවේදයක් ඇති සද්භාවයෙන් වැඩකරන පුද්ගලයින්ව බලයට පත්කරපු දවසට... එහෙම දවසක්වත්, එහෙම මිනිස්සුන්වත් පෙනෙන මානයේ නැත.