![]() |
ප‍්‍රංශ රූමතියන් ති‍්‍රරෝද රියක් තුළ |
ප‍්‍රංශ රූප රැජිනි තේරීමේ තරගයේ අවසන් වටයට තේරී පත්වූ ප‍්‍රංශ තරුණියන් 33 දෙනකුට ලෝකයේ ඕනෑම රටකට ගොස් විනෝද වීමට සංවිධායකයන්
ලබාදුන් වරප‍්‍රසාදයෙන් ප‍්‍රංශ යුවතියෝ ශ්‍රී ලංකාව තෝරාගෙන පසුගියදා ලංකාවට පැමිණ විනෝද වූහ.
සිනමන් හෝටල් සමාගම මෙම පිරිසට ලංකාවේ විවිධ ස්ථාන පෙන්වීම සහ ඔවුන්ට නවාතැන් ලබාදීම සිදුකරනු ලැබීය.
ප‍්‍රංශ රූ රැජිනියෝ් මුලින්ම හබරණ සිනමන් ලොජ් හෝටලයට පැමිණ සීගිරියට ගොස් එතැන් සිට කොට කලිසම් හා ටී ෂර්ට් හැඳ තී‍්‍රරෝද රථ වලින් පොළොන්නරුව මාර්ගයට ගොස් එතැන් සිට සෆාරි ජීප් රථවලින් කවුඩුල්ල ජාතික උද්‍යානයට අලින් බලන්නට පිටත් වූහ.
කවුඩුල්ලේ අලින් දැක යුවතියෝ දැඩි සතුටට මෙන්ම භීතියටද පත්වූහ. ඒ ඔවුන් සමග පැමිණි පිරිසක් සිටි වාහනයකට වල් අලියකු පහරදීමට පසුපස පැන්නීමත් සමගය.
පොළොන්නරුව සීගිරිය නැරඹූ යුවතියන්ට ශ්‍රී ලංකා දිනය සැමරීමට අවස්ථාව උදාවිය. ශ්‍රී ලංකා කාන්තාවන් අඳින සාරිය හැඳගත් ප‍්‍රංශ යුවතියෝ මැටි කළ උකුලේ තබාගෙන ශ්‍රී ලංකා කාන්තාවන් අනුකරණය කිරීමටද උත්සාහ කරමින් සතුටු වූහ.
සංස්කෘතිකාංග රැගත් පෙරහැරක් නැරඹීමටද ඔවුනට අවස්ථාව උදාවූ අතර වෙස් නැට්ටුවන් සමග තාලයට නටන්නටද රූ රැජිනියෝ එක්වූහ.
|
හබරණදී බලූ රංචුවකට මැදිව... |
![]() |
අලි බලන්න ගිහින්.. කවුඩුල්ල වනෝද්‍යානයේදී... |
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
අලි බලන්න ගිහින් අලි අමාරුවක වැටුණු ප‍්‍රංශ සුරූපිණියෝ
පී. Friday, 29 November 2013 06:37 AM
මට නම් හිතුනේ අනේ අපේ රට පොජ්ජට දෙන වදයක් කියලා. (නි)
අකුරා Saturday, 07 December 2013 09:31 AM
අපේ සුරුපිනියන්ට මොකක්ද කියන්නේ.(නදී)
සංජු Monday, 02 December 2013 04:16 PM
සුරුපිනියන් කිව්වට දැන් රුප සෝභාව බල්ලන්ටම ගිහින් වගේ. අලින්ට උනත් මම හිතන්නේ තද වෙන්න ඇති මේ මොන යක්කු ටිකක්ද ලොකුවට පුම්බල ගෙනාවේ කියලා.(නදී)
සහන් Monday, 02 December 2013 03:47 PM
ප්‍රංශේත් දැන් ෆුල්ම චාටර් වගේ. ලස්සන කෙල්ලෙක් හොයා ගන්නම බැරිද. අපේ ලංකාවේ ගහන ක්‍රිකට් මැච් එකක් ටීවී එකේවත් බලන්න කියන්න හොඳ සුරුපිනියෝ ටිකක් බලාගන්න. (ස)
සංජු Monday, 02 December 2013 03:33 PM
අපෝ මේගොල්ලන්ට සුරුපිනියෝ කිව්වම අපේ ගමේ කෙල්ලන්ට කියන්න ඕනේ දිව්‍යන්ගනාවෝ කියලා. සාරි ඇඳලා විතරද දන්නේ නැහැ සතුටු වුනේ. (ස)
නිමල් අජිත් කුමාර Sunday, 01 December 2013 11:29 AM
මොකුත්ම නැහැ (නදී)
රවින්ද්‍ර Saturday, 30 November 2013 03:24 PM
සත්තු බලන්න ලංකාවේ මොන තැනකට ගියත් අකුරැස්ස, තංගල්ල වගේ තිරිසන්නු සභාපතිකම් කරන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ පැත්ත පලාතෙවත් එක්ක යන්නනම් එපා.(අ)
ප්‍රදීප් Friday, 29 November 2013 10:15 PM
මට හිතෙන විදියට ඕනෙමකෙනෙකුට අවස්ථාව තිබිය යුතුයි නම් ලංකාවේ අඩුවෙනවා. (දිල්)
මිහිදු Friday, 29 November 2013 06:47 AM
ලංකාවේ කෙල්ලෝ තරම් ලස්සන නැහැ (නි)
සනත් Sunday, 24 November 2013 12:56 PM
සුරූපිනියන් කිව්වට කිසිම ගතියක් නැති අයනේ ගොඩක් ඉන්නේ. (නදී)
ගයන් සිල්වා Thursday, 28 November 2013 01:21 PM
ටිකක් පරිස්සම් වෙන්න.(නදී)
දයා අලහකෝන් Thursday, 28 November 2013 12:02 PM
රත්නායක, තංගල්ල පැත්තෙ එක්ක ගියාට වරදක් නැහැ විසිතුරු පෙන්වන්න. හැබැයි අර සභාව පැත්ත පළාතක එක්ක නොයා. (ස)
රත්නායක ආරච්චිගේ Thursday, 28 November 2013 11:09 AM
අනේ මේ අහිංසක කෙල්ලෝ තංගල්ල පැත්තෙනම් අරන් යන්න එපා.(නදී)
විනී Wednesday, 27 November 2013 11:16 AM
බල්ලෙකුත් ඉව කරනවා නේද? (නදී)
සජිත් Wednesday, 27 November 2013 10:33 AM
අපචාර ක්‍රියාවලට මුලික හේතුව ඔය නම් නෙමෙයි අපචාර කරන්න එන කට්ටිය ඔය පත්තර කියවන්නෙත් නැතුව ඇති. අපචාර ඇති වෙන්න හේතුව දුහුල් ඇඳුම් සහ ශරීරය නිරාවරණය වීම ඒ වගේ දේවල් ලංකාවේ අඩු වුනොත් ලංකාවෙත් අපචාර ක්‍රියා අඩුවෙයි.(නදී)
සමන් Sunday, 24 November 2013 09:03 PM
ඇයි මේ සුරූපිනියෝ කියන විෂේශණ පදය හැම තැනකම යොදල තියෙන්නෙ. මේ ගොල්ලොත් සාමාන්‍ය මනුස්සයො නේද. ගැහැනුන්ව සාමාන්‍ය විදියට නැතුව සුරූපිනියන් හෝ අඞගනාවන් නොහොත් යම් භාණ්ඩයක් ලෙස දැකීම තමයි අපචාර ක්‍රියා වලට මූලික හේතුව. (අ)
ජයතිලක Sunday, 24 November 2013 05:39 PM
සනත්, බොහෝ ගැහැණුන්ගේ බැලු බැල්මට ගතියක් නැත. මේකප් තමයි සුරුපිනියන් බවට පත් කරන්නේ. මේකප් හෝදා බැලු විට ගන්නම දෙයක් නැත. (නදී)