X Advertisement
IMG-LOGO

2025 මැයි මස 22 වන බ්‍රහස්පතින්දා


අලුත් ආදරේකට පැටලෙන නෝනලා

    stock_romantic_couple_17_by_shanethemainmanstock

 

‘කැන්දන් යන්නම් රන් මල් මාලා දාලා.....’ කියුවට මේ කියන විදිහට හැමෝම කැන්දන් යන්නෙ නෑනෙ. ඒ නිසා කියන හුඟක් දේවල් ප්‍රායෝගිකත්වයක් නැති වචන මාලාවක් පමණයි. වචන ඇතුළෙ මොන තරම් ජීවිත විනාශ වෙනවද? හැඟීම් හා වචනවලින් ඔබ්බට බොහෝ අය මිනිස්සු ඇසුරු කරන්නෙ නෑ. උවමනා දේ කර ගත්තට පස්සෙ ඕන කෙනෙක් අතහරින්න පුළුවන් සමාජයක් තුළයි ඔබ අප ජීවත් වෙන්නෙ. උවමනා දේ කරගෙන යමෙක් අත හරින කොට එක්කො ඒ ජීවිතේ අපායක් බවට පත්වෙලා ඉවරයි. මවපු දිව්‍ය ලෝක කෝ.... කියලා එයාලා තමන්ගෙන් ප්‍රශ්න කරනවා. ඒ ප්‍රශ්නෙ අහන්නවත් කෙනෙක් අවසානෙ එයාලට ඉතිරිවෙලා නෑ. නන්නත්තාර වුණු සමාජයක සිද්ධ වෙන සුලබ කතාවක් ලියන්න අතුලයි මමයි පිටත් වුණා. මෙන්න කතාව......

 

 

විවාපත් වූ සමහර බිරින්දෑවෝ රැකියා කරති. තවත් බිරින්දෑවෝ රැකියා නොකරති. බොහෝවිට බිරිඳ රැකියාවක් කළ යුතුද, නොකළ යුතුද යන්න විවාහයට පත් වූ පසු දෙන්න දෙමහල්ලෝ සාකච්ඡාවෙන් තීරණය කර ගනිති.


බිරිඳ රැකියාවක් කරනවාට ඇතැම් සැමියන් කැමැති නැත. ඒවාට විවිධ හේතු ඔවුන් ළඟ තිබේ. සමහරු කියන්නේ “ගෙදර ප්‍රශ්න වගකීම් වැඩියි. ඒ නිසා නෝනා රස්සාවට යනවට මම කැමැති නෑ” යනුවෙනි. සමහර සැමියෝ කියන්නේ, ‘අද කාලේ  ගෑනියෙකුට පාරේ බැහැලා යන්න පුළුවන්ද, ඒ නිසා නැති ප්‍රශ්න කරේ ගහ ගන්න මම කැමැති නෑ. නෝනා ගෙදර හිටපුවාදෙන්...’ කියාය.

බිරිඳ-සැමියා ගැන අවධානය අඩුකරන්න එපා

02-Rasa-P1-01

විවාහ ජීවිතය ගෙවන අඹු-සැමි යුවළක් කිසි විටෙකත් දෙදෙනෙක් නොවිය යුතුය. ඔවුනොවුන් එක්කෙනෙකුම විය යුතුය. මෙයින් අදහස් කරන්නේ සැමියාගේ හා බිරිඳගේ අදහස්වල යම් සමරූපීතාවක් තිබිය යුතු බවයි. ඒ මත විවාහ ජීවිතය සමබරතාවයෙන් ගත කළ හැකිය. ඔවුනොවුන් දෙදෙනෙකු හැටියට සිතන සෑම විටම අනවධානය (දුරස්ථභාවය) එම පවුල් පරිසරය තුළ නිර්මාණය වේ. අද බොහෝ පවුල් සංස්ථා කඩා වැටීමට මේ දුරස්ථභාවය හේතු භූත වී ඇත. ඇතැම් සැමියන් බිරිඳගෙන් දුරස්ථය. බිරින්දෑවන් 
සැමියාගෙන් දුරස්ථය. 


මේ දුරස්ථ වීමට විවිධ ප්‍රශ්න බලපා තිබේ. සමහර ස්වාමිපුරුෂයන් තමන්ගේ රැකියාවට ආයතනයට දැඩි සේ බැඳී ඇත. ඔහු නිවසේ සිටියත් රැකියා ස්ථානයේ සිටියත් හිත පුරා වැඩ කරන්නේ රැකියාවේ කාර්ය බහුල භාවයයි. ඒ මත ඔහුට පවුල් ජීවිතයේ අත්‍යවශ්‍ය කාරණා විශාල වශයෙන් මඟ හැරී යන බව සැමියන් සිතන්නේ නැත. තමන්ගේ රැකියාවේදී උසස්වීම් පිළිබඳ ප්‍රශ්න, ආදායම් තත්ත්වය පිළිබඳ ප්‍රශ්න, කාර්ය බහුලතාවය. නැවතී රැකියාව කිරීමට සිදුවීම ආදී විවිධ මානසික පීඩාවන් හමුවේ එය පවුල් විෂයේ බලපාන අන්දම සැමවිටම සැමියකු කල්පනා කළ යුතුය. එවැනි දෙයකට සිතක් හෝ පහළ නොවන්නේ නම් එයම පවුලේ විනාශයකට හේතු වේ. බිරිඳ පිළිබඳ අවධානය, ඇය සොයන ආදරය, සෙනෙහස, සියලු ඕනෑ එපා කම් සොයා බලන්නට සැමියාට පැහැදිලි කාල වේලාවක් තිබිය යුතුමය.


ඒ වගේම වත්මන් කාන්තාව බොහෝ විට මාධ්‍ය මත ජීවත් වන්නීය. ඇයට තමන්ගේ පවුලේ ආර්ථික ශක්තිය, වැදගත් නැත. ඇයට අවශ්‍ය වන්නේ මාධ්‍ය තුළ දකින කෑම බීම මෝස්තර, නිරූපණ ආදී දේය. ඒවා අනුකරණය කිරීමට කාන්තාවන් කැමැතිය. ඇය ටෙලි නාට්‍යවල දකින පසුබිම තමන්ගේ පවුල තූළ සිට ඊට අනුකූල වීමට යාම බරපතළ සමාජ ප්‍රශ්න ජාලයකට මූල්‍ය වී ඇත.


කාන්තාව ලද දෙයින් සතුටු නොවන තැනැත්තියක් බව විවිධ පොතපතෙහි පවා සඳහන්ව ඇත. එහි සත්‍ය-අසත්‍යතාව පිළිබඳ ප්‍රශ්න තිබිය හැකිය. නමුත් පැරණි කියමනක සඳහන් වන්නේ ඇය කෙතරම් දරුවන් වැදුවත්, ඇයට කෙතරම් ආභරණ දුන්නත්, කෙතරම් රති ක්‍රීඩාවේ යෙදුණත් ඇය සෑහීමට පත් නොවන බවය. නමුත් සියලු දේ පමණ ඉක්මවා යාමටම නොව සීමාව දැනගෙන කටයුතු කිරීමට බිරිඳකට හැකිවිය යුතුය. විවාහ ජීවිතය යනු ගුවන් යානයක යන ගමනක් හැටියට සිහි තබා ගත යුතුය. අවශ්‍ය තැන ඉන් බැස යාමට නොහැක. ගමනාන්තය දක්වා ගමනේ යෙදිය යුතුය. එසේ නම් සාර්ථක ගමනකට අවශ්‍ය ගුණාංග බිරිඳක විසින්ද සැමියකු විසින්ද උපයා සපයා ගනු ලැබිය යුතුය. එහිදී වත්පොහොසත්කම් වලට වඩා සාරධර්ම ගුණාංගවලට ප්‍රමුඛස්ථානය ලබා දිය යුතුය.
විශේෂයෙන් යම් සැමියෙක් හෝ බිරිඳක් තමන්ගේ විවාහ ජීවිතයට නුසුදුසු චර්යාවක යෙදෙනවා නම්, එතැනදී පවුල් පසුබිම තුළ පවතින අඩුපාඩු  බරපතළ ලෙස බලපායි.

සැමියාගේ බීමත්කම, ලිංගික තෘප්තියක් නොලැබීම, ආර්ථික ප්‍රශ්න අනවධානය, තමාට නිසි ගෞරවයක් නොලැබීම, ආදී විවිධ කාරණා මෙහි තිබිය හැක.


මේ කවර ප්‍රශ්න පැවතියත්, ‘මට දරුවො ඉන්නවා’, ‘මට වැදගත් අම්මලා තාත්තලා ඉන්නවා’ යනුවෙන් සිතා පවුල් ජීවිතය විනාශ කර නොගන්නා කාන්තාවෝ බොහෝ සිටිති. ඒ අතර ඇතැම් අය ‘එකට එක’ කිරීමට ගොස් දැඩිසේ අසරණ භාවයට පත්වෙති. යමෙක් මේ වරදට යොමු වෙනවා යනු එය යම් දිනෙක මානසික පීඩනයක් දක්වා වර්ධනය වන කාරණාවකි.


තමන්ගේ සැමියාගෙන් නොලැබෙන ආදරයක් - සෙනෙහසක් තවත් පුරුෂයකු විසින් යම් කාන්තාවකට පුදකෙරෙනවා විය හැකිය. ඒ ලැබෙන සෙනෙහස පිළිබඳව කාන්තාව මැනිය යුත්තේ ඔහුගේ ඇඳුම පැළැඳුම, කතාබහ, රැකියාව, යාන වාහන ඇසුරින් නොවන බව මතක තබා ගන්න.


කාමය විවිධ ස්වරූපයෙන් ඔබ වෙත පැමිණෙන්නේය. එය ආදරය ලෙස පැමිණිය හැකිය. සෙනෙහසක් ලෙස පැමිණිය හැකිය. රැවටීමක්-කපටිකමකින් පැමිණිය හැකිය. මේ ස්වරූපය රාග ගින්නෙන් අන්ධවූවකුට නොදැනෙන්නේය. එමනිසා ඉහත කල්ලි වලට හසුවන බොහෝ කාන්තාවන්ට අවසානයේ සිදුවන්නේ රාග ගින්නෙන්ම ‘පිච්චී’ යාමටය.


පළගැටියා ගිනි දැල්ල වටා විවිධ සෙල්ලම් දැමූවත් අවසානයේ ඒ ගිනි දැල්ල තුළින්ම මරණයට පත් වන්නේය. එබැවින් යමෙක් අනවශ්‍ය පරිදි තම ජීවිතයට එකතු කර ගන්නවා යනු එය රාගයේ ගින්නකි. පංච ඉන්ද්‍රිය පවුල් ජීවිතයට ගැළපෙන පරිදි දමනය කර නොගැනීමකි. එබැවින් තමන් හැම විටම මවක්-බිරිඳක් ලෙස සිතා ලද දෙයින් සැනසීමට පංචේන්ද්‍රිය දමනයෙන් ජීවත් වීමට මතක තබා ගන්න.


බුදුරජාණන් වහන්සේ සත්ත ජටිල සූත්‍රයේදී දේශනා කරන්නේ කිසිවක් එකවර විශ්වාස නොකළ යුතු බවය. යකඩ ගුලිවල බාහිරින් රන් ආලේප කර තිබිය හැකිය. බාහිර පිරිසිදු රන්වුවද අභ්‍යන්තරය අපිරිසිදු යකඩය. මේ බව තේරුම් ගෙන, 
දුවන මුවන් දැක නොදමවු නෙළුෑ පලා යන ආර්තෝපදේශයෙන් ජීවන පැවැත්ම හුරුවිය යුතුය. එසේ නොවූණොත් අවසානයේ සියදිවි නසා ගත් පුවත්ද අපට අරුම නැන.


මේ කතා දෙකේම ඇත්තක් තිබේ. විවාපත් වූ යුවතිපතීන්ට වගකීම් වැඩිවීම නිසා බිරිඳ රැකියාවක් නොකර ගෙදර නතර වීමද අප දකින දෙයකි. ඒත් ආර්ථික ප්‍රශ්න නිසා ඇතැම් බිරින්දෑවෝ රැකියා සොයා නගරයට ඇදෙති. එවැනි විවාහක බිරින්දෑවන් ඉලක්ක කරන කල්ලියක් ගැන අද අපි ලියමු.
අතුලත් මාත් ගාලු පාරේ ස්ථාන කීපයක් වෙත ගියෙමු. අතුල මා කැඳවාගෙන යන්නේ එළිමහනේ ප්‍රසිද්ධ ජෝඩු හැසිරෙන ස්ථානයක් වෙතය.


‘මහත්තයො.... මේ ජෝඩුව දිහා ටිකක් බලන්න....’


අරුමයක් නැතත්, පුදුමයක් ඇත.... එයට හේතුව ඔෆිස් පැමිණෙන අවුරුදු 45ක පමණ කාන්තාවක් අවුරුදු 35ක පමණ පෙනුමැති තරුණයකු අත දැවටී සිටීමයි. එය අනියම් සබඳතාවක් බවට ස්ථිරයි. තවත් එවැනිම ජෝඩු රැසක් බස් ඇතුළේත්, කෝච්චි ඇතුළේත් කොළඹ වීදිවල අපි දුටුවෙමු. සමහර අනියම් සබඳතා තම තමන්ගේ වාහන ඇතුළේම නිසා අපට විවෘත නැත. ඒ ගැන සමීක්‍ෂණයක් වෙනම කරනවා නම් එයද ලස්සන කතාවකි. නමුත් අපේ කතාව සමීක්‍ෂණයක් නොව එක්තරා කල්ලි වාදයක අනිසි ප්‍රතිඵලයකි.


‘මහත්තයො... ලස්සන සාරි ඇඳන්, තොල් පාට කරලා කියුටෙක්ස්ගාලා කොණ්ඩෙ ඩයි කරලා සුවඳට සුවඳේ කොළඹ එන නෝනලා දැලේ දාන්න වෙනම සෙට් මේ නගරෙ ඉන්නවා. මේ සෙට් එක වැඬේට බහින්නෙම බැඳපු නෝනලට, එයාලා නෝනව දැකපු ගමන් දන්නවා, මේ නෝනට එයා බලාපොරොත්තු වෙන ආදරය ලැබෙනවද, නැද්ද කියලා. ඔය සමහර නෝනලට නියම ආදරය සැමියාගෙන් ලැබෙන්නේ නෑ.... සැමියා එක්ක ළඟට වෙලා හිටපු දවසක් ළඟ පාතක නෑ. ඒ වගෙ නෝනලා දැක්කම එයාලට ජීවිතේ තෘප්තියක් නොලැබෙන බව මේ කණ්ඩායම දන්නවා....’


අතුල මහතා කතාවට පිවිසෙයි... ස්ත්‍රියක වේවා, පුරුෂයකු  වේවා, විවාපත් යුවළක් කායිකව එකතු වීම සාමාන්‍ය දෙයකි. නමුත් එය බලාපොරොත්තු වන අන්දමින් ලැබීම නොලැබීම මත විවිධ අඩදබර භේද බින්න වීම් ඇති වීම ගැන අපට නුහුරු නැත. සමහර කාන්තාවන් ‘පිට යනවා’ කියන අර්ථයෙන් සමාජය දක්වන්නේ බලාපොරොත්තු වන ආදරය සැමියාගෙන් නොලැබීම නිසා බිරින්දෑවන් ‘වෙන අතක්’ බැලීම ගැනය... අතුල මා හා පවසනු ඇත්තේ මෙවැනි කාන්තාවන් පැටළෙන එක්තරා දැලක් ගැනය.


‘හුඟක් නෝනලා සැමියාට දරුවන්ට වෙන්න ඕනෙ යුතුකම හරි අපූරුවට සිද්ධ කරනවා. කිසිම අඩුපාඩුවක් නෑ. ඒත් මහත්තයො මේ නෝනලා සැමියාගේ ආදරය අතින් පුදුම විදිහට දුක් විඳිනවා. එහෙම නගරයට ඇදෙන නෝනලට සමීපව කෙනෙක් ඇසුරට වැටුණොත් එයාගෙ මුළු ජීවිතේම එයා එහෙම ගත්තම ඔෆිස් කාලයෙ එක පවුල් ජිවිතයක් ඒ නෝනා කොළඹදී ගෙවනවා. හවස ගෙදර ගියාම අර අප්පිරියා වෙච්ච පවුල් ජීවිතේ ඇතුළට වෙලා කාලා බීලා නිදා ගන්නවා. හැබැයි මේ නෝනා හරි තෘප්තිමත්.... මොකද එයාට දවල් කාලෙ තියෙන පවුල් ජීවිතේ ගැන විශාල බලාපොරොත්තුවක් තියන නිසා.... මේ වගෙ ගොඩක් නෝනල අතරෙ සමහර නෝනලා මුහුණ දෙන්නෙ විශාල අකරතැබ්බ වලට.’


ඒ කුමක්ද යන්න දැන ගැනීමට මගේ ඇස් ඔහු දෙස යොමුවෙලා...


අතුල වැල්ලවත්ත ස්ථානයකදී මට ඉඟියක් පළ කරයි.


‘මේ ඉන්න ජෝඩුව බලන්න...’


‘මේ ඉන්න කොල්ලා මම කියන කල්ලිය නියෝජනය කරන කෙනෙක්....’ ඔහු අත පැටලී සිටින්නේ උසස් රැකියාවක් කරන මැදිවියේ රූමත් කාන්තාවකි. ඇයට වයස 40 ක පමණ පෙනුමක් ඇත.


‘ඔය නෝනා, බැංකුවක ඉහළ නිලධාරිනියක්....’ බැලූ බැල්මට එය එසේම විය යුතුය, ඒ තරම් වැදගත් පසුබිමක් ඇයගේ රූපසුවෙන් පෙනී යයි.
‘වැදගත් වුණත් මහත්තයො, ආදරය නැති තැන තියෙන අසරණ කමේ ප්‍රතිඵලය තමයි මේ. නැත්නම් මේවගෙ රස්තියාදු කාරයෙක් එක්ක දවාලෙ පවුල් ජීවිතයක් ගත කරයිද? ඔය නෝනගෙ මහත්තයා උදේට මොන්ටෙරෝ එකකින් ගෙනත් බස්සනවා. හවසට එක්ක යනවා. ඒ කාලෙ තුළ ඔය නෝනත් ගොඩක් සෙල්ලම් නටන කෙනෙක්. මේ ගෝල් රෝඞ් එකේ අපට ඉතින් ඕවා ‘සිම්පල් සීන්’.... ඔයවගෙ නෝනලා ලංකාවේ හැම තැනම ඉන්නවා’ අතුල කියයි....


‘කතාව ඕක නෙවෙයි. සමහර නෝනලට අලුත් අදරය වෙනුවෙන් හම්බ වෙන්නෙ මාරයො.. උන් කරන්නෙ නෝනව පාක් එක්ක යනවා. බීච් එක්ක යනවා. ඊට පස්සෙ දවල්ට දවල්ට රූම්වලට එක්ක යනවා. ආදර සම්බන්ධයකින් පටන් ගන්න මේ සම්බන්ධ ඉතාම ටික දවසකින් වෙනත් දෙයක් බවට පත් වෙනවා. මොකද විවාහක නෝනල බලාපොරොත්තු වෙන්නෙ ආදරයක මුවාවෙන් කායික සංතර්පනයක් වන නිසා. 


හැබැයි මේ නෝනලට ජීවිතේ පැටලෙන තැනක් තියනවා. අපි කියන කල්ලිය මේ ලස්සන නෝනලා එක්ක යාළු වෙන්නෙ සල්ලි හොයන්න. නෝනව විකුණන් කන්න. ඔබ හිතාවි නෝනා ලොකු රස්සාවක් කරන නිසා එයගෙ පඩිය හූරගන්න, පොතේ සල්ලි ගන්න ඇසුරු කරනවා කියලා. ඒක එහෙමම නෙවෙයි. 


මේ සෙට් එකේ කොල්ලො නෝනලා හතර පහ ඇසුරු කරනවා. ඒ අය හමුවෙන්නෙ වෙනම ඇපොයින්මන්ට් වලට.’


‘බිස්නස් එක මේකයි.’


ලොකු ලොකු නෝනලා මැඩම්ලා ගෙදරින් තමන්ට නොලැබෙන ආදරය පිටින් ලැබෙනකොට එයාල කොල්ලට සල්ලි දෙනවා. මේ කොල්ලො හුඟ දෙනෙක් එයාලා එක්ක නෝන ඉන්න හැටි වීඩියෝ කරනවා. ඡායාරූප ගන්නවා. මේ කිසිම දෙයක් නෝනා දන්නෙ නෑ. 


අවසානෙ දන්නේම නැතුව එයා බ්ලැක් මේල්.


ඊට පස්සෙ මේ මැඩම්ලාට මෙහෙම කියනවා.


‘ඔයාගේ සේරම සෙල්ලම් වීඩියෝ කරලා මම ළඟ. දැන් මම කියන විදිහට ඔයා ඉන්න ඕනෙ. නැත්නම් මහත්තයට, අම්මලාට මේ වීඩියෝ වල සීඩී ලැබේවි.’


ඉන් පසු ඇයට රස්තියාදුකාරයකුගේ අණට යට වෙන්නට සිදුවේ. මේ රස්තියාදුකාරයෝ ඉන් පසු විශාල මිලට මේ සුරූපී ලඳුන් තවත් සල්ලිකාරයන් වෙත අලෙවි කරති.


‘මහත්තයො මේ මැඩම්ලාව විකුණන්නෙ ලස්සනට විතරක් නෙවෙයි, කරන රස්සාවත් මාර්කට් කරලා. ලස්සනටයි-රස්සාවටයි දෙකටම එක්ක මිල නිකුත් කරන්නෙ. ඒ නිසා විශාල මිලකට ඇය විකිණෙනවා. එහෙම විකුණන ඉහළ කාන්තාවන් ලොකු මුදලට ගන්න හොඳ ව්‍යාපාරිකයො, සල්ලිකාර මහත්තුරු ඉන්නවා.’


‘ගෑනියක් නම් ලක්‍ෂ ගාණක් වුණත් විසි කරන මිනිස්සුනෙ මේ ලෝකෙ ඉන්නෙ...’ 


‘රස්තියාදුකාරයො මේ වගෙ නෝනලා තුන් හතර දෙනෙක් තියා ගත්තම තව මොනවද?’ 


මේකත් සුපිරි බිස්නස් එකක්. බැංකු, රාජ්‍ය ආයතන පුද්ගලික ආයතනවල ඉහළ නෝනලට මේ දැල එළෙනවා. ඒ නිසා ඒ අය පරිස්සම් වෙන ගමන් ඒ අයගෙ මහත්තුරුත් නෝනව පරිස්සම් කර ගත්තොත් හොඳයි කියලයි අපට කියන්න තියෙන්න. නැත්නම් මහත්තුරුනේ... නෝනා ගණිකාවක් වෙන්න අවදානම දැන් සමාජයේ හැදිලා ඉවරයි. ඒ කොළඹ විතරක් නෙවෙයි හැම පළාතෙම සූක්‍ෂමව වෙන දෙයක්. නෝනා නයිට් ඩියුටි නම් ඒ ඩියුටිය කරන තැනත්, දවල් ඩියුටිය කොහෙද කියලවත් හෙව්වට කමක් නෑ.. මොකද පරිස්සම සියල්ලට වඩා හොඳ නිසා. නෝනා ‘පිට යනවා’ නම් මූලිකම දේ මහත්තයා ඇය ගැන හොයා නොබලන එක බවත් අමතක කරන්න එපා. 


අපි මේ ලියන්නෙ කවුරුවත් බය කරන්නවත්, ඒ ඒ අයට ප්‍රශ්න දාන්නවත් නෙවෙයි. කාට කාටත් පරිස්සම වැදගත් වෙන නිසයි. මේ කතාවෙත් ඇත්ත නැත්ත ඕනේ නම් හොයල බලන්නකො.

m



අදහස් (0)

අලුත් ආදරේකට පැටලෙන නෝනලා

බණ්ඩාර Wednesday, 03 February 2016 03:17 PM

මටත් දැන්නම් සැකයි නෝනා ගැන. මොකද කෝටියක් මුදල් දුන්නත් ගගේ දැම්මවගේ. හරියට හේතු කියනවා. අනික නිවාඩුවකට මම ලංකාවට එනවටත් අකමැතියි. එය එසේනම් මමත් ජොලියේ ඉන්නවා. (බ)

:       0       0

මාගලි ෆොන්සේකා Wednesday, 03 February 2016 04:11 PM

සහතික ඇත්ත මේ ලිපියේ තියෙන දේවල් .ගැහැණු වැරදි කරලා නිදහසට කරුනුත් කියනවා .අනික කොයි වෙලේ බැලුවත් දැන් ෆ්බ් එකේ කොල්ලෝ එක්ක චැට් නැත්නම් වයිබර් එකෙන් චැට් පින්තුර යවනවා පිස්සුවෙන් වගේ.සේරම ලොකු ලොකු අය ඔව්.කලාකාරයෝ එහෙම (බ)

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 03 February 2016 10:09 PM

ලංකාවේ මෙය රැකියා කරන විවාහක කාන්තාවන්ට බලපෑවත් ඕස්ට්‍රේලියාවේ නම් මම දකින්නේ මෙහි අනිත් පැත්ත. උගත් මැදිවියේ පණ්ඬිතයන් හා විවාහ වී ඕස්ට්‍රේලියාවට පැමිණෙන රැකියාවක් නොකරන කාන්තාවන්ට ජීවිතය ගතකරන්න වෙන්නේ බොහෝ හුදෙකලාවේ. නගරයේ සාප්පු සංකීර්ණයකට යාමත් මේ විසල් රටේ දීර්ඝ ගමනක්. මෙවන් ලඳුන්ට සාප්පු සංකීර්ණ වල කාලය ගතකිරීම ප්‍රියදායක කරුණක්. හේතුව මෙහෙදී ලංකාවේ පුද්ගලයන් හමුවී කතාබස් කිරීමද සතුටුදායක දෙයක් නිසා. (නි)

:       0       0

ලකී Thursday, 04 February 2016 01:52 AM

අනියම් සබඳතා දැන් මොනතරම් සුලභද? එය මොනතරම් සාමාන්‍ය දෙයක් වෙලාද? බස් එකේ, කෝච්චියේ, කාර්යාලයේ, එකම පාරේ, හැම තැනම අනියම් සබඳතා ඔඩුදුවලා ඉවරයි. මේ දේවල් නිසා කැඩිලා බිඳිලා ගිය පවුල්, විනාශ වූ ජීවිත, අසරණ වූ දරුවන්ගේ සංඛ්‍යාව අනන්තයි. (නි)

:       0       0

ටෙශාන් Thursday, 04 February 2016 02:42 AM

තව මේ වගේ විවාහක කාන්තාවන් වරදට පොළඹවා ගන්න තැනක් තමා කායවර්ධන / ව්‍යායාම් මධ්‍යස්ථාන. උදෑසන සැමියා සහ දරුවන් නිවසින් පිටත්ව ගිය පසු සැළකිය යුතු ප්‍රමාණයක නාගරික ගෘහණියන් ව්‍යායාම් මධ්‍යස්ථාන කරා යනවා. මේවායෙ ඉන්නවා මේ කාන්තාවන් දැලේ දාගන්න බලන පිරිසක්. මොවුන් එක්කො මේ ව්‍යායාම් මධ්‍යස්ථානයේම උපදේශකයන්. නැත්තම් කායවර්ධනය සඳහා පැමිණෙන තරුණයන්. සමහර කාන්තාවන්, මේ තරුණයන් සමග අයථා සබඳතා පටන් ගන්නවා. ඔවුන්ගේ හැඩි දැඩි ශරීරයන්ට ඔවුන් ලේසියෙන්ම රැවටෙනවා. අපි දන්නා ඉතා හොඳින් පවුල් ජීවිතය ගතකළ යුවලකගේ, කසාද ජීවිතය විනාශ වුණා මෙවැනි ව්‍යායාම් මධ්‍යස්ථානයක ඇති වූ අයථා සම්බන්ධතාවක් නිසා. (නි)

:       0       0

සම්පත් Thursday, 04 February 2016 03:18 AM

අද කලේ රටේ තත්වේ ඔහොම තමයි.(හේ)

:       0       0

දිසා කැන්බරා Thursday, 04 February 2016 12:31 PM

පිටිගල, ඔබ වරක් කිවුවා නේද ඉතාලියේ අක්කලා ගැන. ඒකම නේද වෙනත් අයුරකින් ඔබ මෙහි කියා ඇත්තේ. මට පෙනෙන විදියට ඔබ අක්කලා නිතර ඇසුරු කරන අපුරු මල්ලියෙක් වෙන්න ඕනෑ. අනේ අපේ නෝනලා නම් කඩේ යන්නේ බඩු ගෙනෙන්න මිසක් සංවාද වල යෙදෙන්න නෙමෙයි. (නි)

:       0       0

බණ්ඩාර රුසියාව Thursday, 04 February 2016 02:05 PM

ටෙෂාන්, අමතර පන්ති වලට ළමයි දාලා සමහර නෝනලා ජොලි කරනවා. සමහර නෝනලා ළමයි පාසල් යවලා අමතර පන්ති නිසා හවස් වෙනතුරු කාලය ගතකරන්න සැපවත් ක්‍රමයක් හදාගෙන තියනවා. මිනිහා පිටරටක ඉඳලා ලක්ෂ ගානක් මුදල් එවනවා. හැබැයි කාලයකින් ඔක්කොම එළිවෙනවා. අන්තිමට මිනිහා නිවාඩු එනවටත් අකමැතයි ඒවගේ ගැහැණු දරුවනුත් නොමඟ යවලා පියාව එපාකරවනවා. (නි)

:       0       0

සොපි Thursday, 04 February 2016 05:57 PM

කාලීන වැදගත්කමකින් යුත් වටිනා ලිපියක් (නි)

:       0       0

ලේක්කෝ ගලබඩ Thursday, 04 February 2016 11:32 PM

හෙමින් සැරේ...පියා විදා...සුමුදු සයනේ...සිනිඳු ඇතිරිල්ලේ... (නි)

:       0       0

රාජ කරුණා Friday, 05 February 2016 04:50 AM

සමාජය හරිම විෂමයි. දරුණුයි. අනුකම්පා විරහිතයි. ඒ හින්දා කොයි කවුරුත් විමසිල්ලෙන් සහ පරිස්සමෙන් ගමන් කලොත් හොඳයි. හීනෙකින්වත් හිතන්න බැරි ගෑනු මිනිස්සු අයථා සම්බන්ධතාවල පැටලිලා පවුල් ජීවිත විතරක් නෙවේ සාමාන්‍ය ජීවිත පවා විනාශ කර ගත් සිද්ධීන් අනන්තයි.(කෞ)

:       0       0

අසේල Friday, 05 February 2016 08:39 AM

මේක වෙන්නේ දෙදෙනා අතර හොඳ සම්බන්ධයක් නැති නිසායි.(හේ)

:       0       0

ශානිකා Friday, 05 February 2016 09:09 AM

බිරිද පමණක් නොව සැමියන්ද මෙවෙනි සම්බන්ද ඇතිකර ගනී මෙයින් ගොඩක් දුක් විදින්නේ දරුවන් (කෞ).

:       0       0

ලක්ෂිත පැරිසිය Saturday, 06 February 2016 03:34 PM

පිටිගල කොහෙද ඉන්නේ (බ)

:       0       0

ජනක Wednesday, 10 February 2016 06:40 AM

එකනම් ඇත්ත. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site