X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 29 වන අඟහරුවාදා


අලුත් ඇමැතිවරුන්ට ලොකු අභියෝගයක්

අලු‍තින්ම පත්වීම් ලද දොළොස් දෙනකුද ඇතුළු නව කැබිනට් අමාත්‍යවරු 17 දෙනෙක් පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිව්රුම් දුන්හ. මේ දිව්රුම් දීම සිදු වූයේ පසුගිය දා ඉල්ලා අස් වූ අමාත්‍යවරුන් හේතුවෙන් ඇති වූ පුරප්පාඩු පිරවීම සඳහාය. මෙතෙක් අමාත්‍යවරුන් වශයෙන් කටයුතු කළ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකුම මේ හේතුවෙන් සාමාන්‍ය මන්ත්‍රීවරුන් බවට පත් වූ අතර ඉදිරියේදී ද ඔවුන්ට අමාත්‍ය ධූර නොලැබුණහොත් මේ පත්කිරීම් මේ රටේ දේශපාලනයේ සැබෑ හැරවුම් අවස්ථාවක් වනු ඇත.

මෙතෙක් පැවැති සම්ප්‍රදාය වූයේ අමාත්‍ය පදවි ලබාදීමේ දී ජ්‍යෙෂ්ඨත්වයට සහ හවුල්කාර පක්ෂ නායකයන්ට ප්‍රමුඛත්වය ලැබීමය. එහෙත් මෙවර එය වෙනස් වී පාර්ලිමේන්තුවට නවකයන් වූ කිහිප දෙනකුට ද අමාත්‍ය ධූර හිමි වී තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් ප්‍රථම වතාවට තෝරා පත්කරගනු ලැබූ ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්ට අමාත්‍ය පදවියක් හිමිවීම එයට උදාහරණයකි.

පාර්ලිමේන්තුව තුළ නවකයන් වන පිරිසකට පවා කැබිනට් අමාත්‍ය ධූර ලැබීමට හේතු වූයේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිමය තීන්දුවක් හේතුවෙන් නොවන බව මෙහිදී පෙන්වා දිය යුතුය. එවැනි වෙනසකට බල කෙරුණේ මේ ආණ්ඩුවට ඉල්ලා අස්වන ලෙසට ගෙන යන අරගලය විසිනි. අරගලකරුවන්ගේ ඉල්ලීම වූයේ මුළු ආණ්ඩුවම ඉල්ලා අස්විය යුතු බව වුවත් අලු‍ත් මුහුණු කැබිනට් මණ්ඩලයට එකතු කිරීම තුළ දැනට රට තුළ උද්ගතව තිබෙන දේශපාලන අර්බුදයට විසඳුමක් තිබෙනු ඇතැයි යන බලාපොරොත්තුවෙන් රජය මේ වෙනස්කම සිදුකරන්නට ඇතැයි පැහැදිලිව පෙනී යයි. එය මේ බරපතළ දේශපාලන සහ ආර්ථික අර්බුදයට විසඳුමක් වනු ඇතිදැයි අපට කල් තබා කිව නොහැකි වුවද මෙවැනි වෙනසක් හෝ ඇතිකිරීම හෝ යහපත් බව සඳහන් කළ යුතුය. මේ නිසා අලු‍ත් කැබිනට් අමාත්‍යවරුන්ට පැවරෙන්නේ විශාල වගකීමකි.

නවක අමාත්‍යවරුන් මේ වගකීම පිළිබඳ අවබෝධයෙන් කටයුතු කිරීම මේ තීරණාත්මක මොහොතේ රටේ ප්‍රධානම අවශ්‍යතාව බවද පෙන්වා දිය යුතුය. මේ නව කැබිනට්ටුව පත්කිරීමෙන් ආණ්ඩුව අදහස් කරන්නේ පවතින අර්බුදයට කිසියම් හෝ විසඳුමකි. එහෙත් මේ අවශ්‍යතාව ඉටුකිරීමට සහ පිළිගත හැකි විසඳුම් ලබාදීමට පළපුරුද්ද සහ විෂය දැනුමේ පරාසය අඩු නවක අමාත්‍යවරුන්ට හැකියාව තිබේද? යන්න ගැටලු‍වකි. එම ගැටලු‍ව ජයගැනීමේ අභියෝගය බාර ගැනීමට තරුණ නවක අමාත්‍යවරුන් සූදානම් විය යුතුය. තම හැකියාව පෙන්වීම සඳහා හැකි හැම අවස්ථාවක්ම ප්‍රයෝජනයට ගත යුතුය. තමන් අසාර්ථක වීම යනු සමස්ත රජයේම අසාර්ථක වීමක් බව දැන සිටිය යුතුය.

එසේම රටේ පාලනය භාරව තීන්දු ගන්නා කැබිනට් අමාත්‍යවරුන්ගේ සුදුසුකම් පිළිබඳව ද රටේ මහත් කතිකාවක් ඇතිව තිබේ. ආණ්ඩුවට එරෙහි අරගල කරන තරුණ විරෝධතාකරුවන්ගේ අත රැඳි ඇතැම් පෝස්ටර්වලින් දැක්වෙන්නේ උගත් පුද්ගලයන් අතට පාලනය බාරදිය යුතු බවය. ඒ අතින් සලකා බලන කල මෙවර පත්වීම් ලද අමාත්‍යවරුන් අතරේ කිහිප දෙනෙක්ම උසස් අධ්‍යාපනය හදාරා විදෙස් රටවලින් පවා උපාධි ලබාගත් අය වෙති. කාංචන විජේසේකර මෙරට උසස් අධ්‍යාපනය හදාරා ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලයෙන් ආර්ථික උපාධියක් ලැබූවෙකි. ප්‍රමිත බණ්ඩාර බකිංහැම් විශ්වවිද්‍යාලයෙන් සහ ලාට්‍රොබේ විශ්වවිද්‍යාලවලින් ද ෂෙහාන් සේමසිංහ පේරාදෙණිය සහ දිල්ලි විශ්වවිද්‍යාලවලින්ද, කනක හේරත් ඕස්ට්‍රේලියානු විශ්වවිද්‍යාලයකින් ද උපාධි ලබා සිටිතියි වාර්තා විය. එසේම මහාචාර්ය චන්න ජයසුමන, වෛද්‍ය රමේෂ් පතිරණ. ආචාර්ය නාලක ගොඩහේවා වැනි විද්වතුන් ද මේ ඇමැති මණ්ඩලයට පත්කරනු ලැබ සිටිති. මේ සියලු‍ දෙනා දැන් කළ යුත්තේ තමන්ගේ අධ්‍යාපන දැනුම රටේ අර්බුදවලින් ගොඩ ඒම සඳහා යොදා ගැනීමය. ඒ සඳහා අවශ්‍ය දේශපාලන ධෛර්ය ඔවුන් සතුව ඇතැයි අපි විශ්වාස කරමු.

මුළු රටම ගිනියම් වූ යකඩයක් මෙන් පවතින තත්ත්වයක් තුළ තමන්ට ලැබුණු අමාත්‍ය ධූර උත්සවශ්‍රීයෙන් සැමරීමට මේ නවක අමාත්‍යවරුන්ට අවස්ථාවක් නැත. එහෙත් අසහනයට, පීඩනයට, කෝපයට පත්ව සිටින ජනතාවගේ එම පීඩා දුරුකිරීමට කිසියම් හෝ දායකත්වයක් ලබාදීමට තමන්ගේ අමාත්‍ය ධූරවලින් ඔවුන්ට හැකියාවක් ලැබුණොත් එය තමන්ට ලැබුණු අභියෝගය ජයගැනීමක් වශයෙන් සලකා සතුටු විය හැකිවනු ඇත. එසේම මේ අමාත්‍ය මණ්ඩලය පවතින තුරු අලු‍ත් අමාත්‍යවරුන්ගේ කෙරුවාව මුළු රටේම නිරීක්ෂණයට ලක්වන බව ද සඳහන් කළ යුතුය.

නව අමාත්‍යවරුන් දිව්රුම් දීමෙන් අනතුරුව ජනාධිපතිවරයා ඔවුන් අමතමින් ප්‍රකාශ කර තිබුණේ අමතර වරප්‍රසාද කිසිවක් ලබා නොගෙන අවංක, කාර්යක්ෂම පිරිසුදු පාලනයක් සඳහා කැපවීමෙන් කටයුතු කරන ලෙසටය. ජනතාව ඉල්ලා සිටින සිස්ටම් චේන්ජ් එක කිරීමට මේ අමාත්‍යවරුන්ට ලැබී ඇත්තේ හොඳ අවස්ථාවක් බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබිණි. රට ඉතිහාසයේ ඉතා දුෂ්කරම කාල පරිච්ඡේදයක් ගත කරමින් සිටිය දී ලැබී තිබෙන මේ අමාත්‍ය ධූර එම දුෂ්කරතා තුරන් කිරීම සඳහා යොදාගැනීමට නව අමාත්‍ය මණ්ඩලයේ ඉහළම ප්‍රමුඛතාව හිමිවිය යුතුය. එය ඔවුන් තම දේශපාලන ජීවිතයේ මුහුණදෙන අසීරුම පරීක්ෂණය බවට කතා දෙකක් නැත.

 

(***)



අදහස් (1)

අලුත් ඇමැතිවරුන්ට ලොකු අභියෝගයක්

බද්රානි Friday, 22 April 2022 02:27 PM

රාජපක්ෂලා හොරාකාපු නිසා මේ රට මෙතරම්ම බංකොලොත් වුණා කියලා මුලින්ම පිළිගන්න. ඔවුන්ව දේශපාලනයෙන් පමණක් නොව රටින්ම අතුගා දැමීමට උත්සාහ කරන්න. අර පුංචි කැබිනට් කාරයින්ගේ ඩිග්‍රි ගැන අපිට නම් පිටිපස්සෙනුත් හිනායනවා බන්... ඔය පුංචි කැබිනට් ඉත්තන්ට නෙමේ, දියුණු රටවල රාජ්‍ය නායකයින්ට කැබිනට් ඇමැතිකම් දුන්නත්, රාජපක්ෂ හොරුන්ගේ නායකත්වයෙන් මේ රට ගොඩගන්න බැහැ. සමහරවිට මටයි, ඔබටයි, අපේ දරුවන්ටයි, මේ අය බලයේ ඉන්න එක ගැටළුවක් නොවෙන්න පුළුවන්. ඒත්, මේ රටේ අහිංසක, දුප්පත් දරු පරපුර ගැන හිතන්න..

:       1       1

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site