X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 27 වන ඉරිදා


අලුත් පොත් : ප්‍රේමකීර්ති රණතුංගගේ දෝලි

උඩරට රාජධානියේ අවසන් සමයයි. බලන කඳු බෑවුමේ කැටලේඇළ නමැති ගම්මානයේ වෙසෙන හේතුහාමි තම රාජකාරි උරුමය අනුව කන්දේ නුවර මහ වාසලේ වෙසෙන කන්දේ දෙයියන්ගේ රාජකීය වාහනය වූ කූණම හෙවත් දෝලාව කරගැසීමේ රාජකාරියට පිටත්ව යනවා. ඔහුගේ පෙම්වතිය වූ ළසඳා නෑනන්ඩිය ඒ පුවත ග්‍රහණය කරගන්නේ මේ ආකාරයටයි.

‘මට නං හරි ආසයි දෝලාවක යන්න..‘

‘දෝලාවක යන්න..? දෝලාවෙ යන්නෙ කන්දෙ දෙයියොයි බිසෝවරුයිනෙ.. ඔයත් බිසෝ කෙනෙක් වුණොත් නම් ගියෑකි..‘

‘අනේ අපිට මොන බිසෝකම්ද.. මට නං කන්දෙ නුවර මහ වාසල ජීවිතේට දකින්නවත් ලැඛෙයිද කියා සැකයි හේතු අයියේ..‘

බලසම්පන්න කන්දේ දෙයියන් තම රාජ්‍යය තුළ සිටින රූබර කාන්තාවන්ගෙන් තමාගේ අන්තඃපුරය පිරවීමට තීරණය කළේ මේ අතරවාරයේය. ඒ සමගම රාජ්‍ය නිලධාරීන් රූබර කාන්තාවන් දඩයම් කිරීමද ආරම්භ කළා.

රූබර ළසඳාද මේ දඩයමෙන් ගැලවෙන්නේ නෑ. බලන කඳු බෑවුමේ උපන් ළසඳා කන්දේ දෙයියන්ගේ යකඩ දෝලියක ලෙස අන්තඃපුරයට පැහැරගෙන ආපසු ඇගේ පෙම්වතා වූ හේතුහාමිට ඇය රැගත් දෝලිය කර ගහන්නට සිදුවන්නේ දෛවයේ සරදමක් ලෙසිනි.

කන්දේ නුවර කතරගම දේවාලයේ රූබර දේවදාසියක පැහැරගෙන අන්තඃපුරයට ගෙන ඒමට ගිය කන්දේ දෙයියන් ඇගේ සාපයට හසු වනවා. දින 14 කින් කිරුළ අහිමි වන බවට ඇය කී අනාවැකිය ඉටු වන්නේ යකඩ දෝලියේ බිසවක වූ ළසඳාටද කිරුළ අහිමිව් ගමට යාමට සිදුවීමයි.

යකඩ දෝලියේ රැකියාව අවසන් වී ගම්රට බලා එන ළසඳාට ගමේ ආරච්චිගෙන් ගැලවීමක් ලැඛෙන්නේ නෑ...

‘මං වෙන මිනිහෙකුගේ අප්පෝ.. මං වෙන මිනිහෙකුගේ..‘

‘ඒක මං නොදන්නවැයි.. තෝ වගේ මඩමක හිටිය එකියක් බදා නොගත්තාට ඒකාට ගන්න වෙන ගෑනු මේ කන්දෙ නැතැයි..‘ ආරච්චිලගේ හ~ද සුළෙඟ් රටාවම ගත්තේය.

‘එහෙම කියන්න එපා නිලමේ.. ඒ රත්තරං මිනිහා තමයි අනාථ වෙච්ච මට පිහිටක් වුණේ.. අනේ මාව අත් අරින්න නිලමේ.. ඔබ වහන්සේට බුදු බව අත්වෙයි..‘

‘බුදු බව කොහෙද බොල මං වාගෙ උන්ට.. තෝහිිතනවද මහ වාසලේ ලැග්ග වඩුගයට බදා ගන්ට ගෑනු හොයල දුන්න මට බුදුකම ලැඛෙයි කියලා.. මහ වාසලෙන් ගෑනු ඉල්ලපුවම මැස්සෙක්වත් නොවහපු එකියො දෙන එක මගේ රාජකාරිය බොල.. එහෙම නොකළා නම් මං වෙනුවට වෙනින් එකෙක් දාවි.. එහෙම නොවුණා නම් මගේ ඛෙල්ල කපලා දාවි.. ඒකෙන් උඹට වැඩක් නෑ.. තෝ දැනගං මගේ වැයික්කියෙ මං කියන දේට පිටින් එක ගෑනියෙක් ගිහින් නෑ.. කෝරාල අහන්නෙත් සුදු මුලාදෑනි අහන්නෙත් මං කියන දේ.. මට පුළුවන් ඕනෙ නම් තෝ උන්ට පාවා දෙන්න. කන්දෙ දෙයියන්ගේ පාරිභෝගික වස්තුවක් අල්ල ගත්ත කීවම සුදු මුලාදෑනිත් උඩින් සතුටු වෙයි.. හැහ්.. හැහ්..‘ ආරච්චිල කීවේය.

ආරච්චි කලබල කාරයකු නොවේ. මුව පැටික්කියක් කවදාවත් සිංහයෙකුට පහර නොදුන් බවද ඒ වගේම සිංහයා වනයේ හිස කෙළින් කරගෙන ඉන්නේ ගර්ජනාවෙන් බවද ආරච්චි හොඳින් දැන සිටියේය. ඒ වනවිට ළසඳා සිටියේ ඉකිලමින් නොව හූල්ලමිනි. ඉකිලෑම නොව හීල්ලීම යනු අවනත වීම බව දත් නොවැටුණු මහලූ සිංහයා හොඳින් දැන සිටියේය. ඔහු ළසඳා දෙස බලා සිටියේ ආදරයෙනි. කෙල්ල මහ වාසලට අල්ලා දුන් දාට වඩා දැන් පාට වැටී ආරාවිත් තිබේ. වසමේ අනික් එකියන්ට වඩා දෙයියන්ගේ දෑතට මැදිව සිටි නිසාය. කන්දේ දෙයියන්ගේ පැ‚ වරකා වත්ත ද දූරියං වත්තද හිමි තමාට තම වසමේ සිටින යකඩ දෝලිය අයිති කර ගත නොහැක්කේ කුමක් නිසාද?

තමා සමග පොර බැදීම නිසා එහෙ මෙහෙ වුණු වස්ත්‍ර අතරින් පෙනෙන ඇත් දළ පැහැය දෙස ඔහු බොහෝ ආසාවෙන්් බලා සිටියේය. එය ආලවන්ත හැඟීම් වඩවන සුළු ඇත්දළ පැහැයකි. වැඩි දෙකන=ගේ අතට මැදි නොවූ මලක පැහැයකි. මෙවැනි මල් නෙළා ගත යුතු ආකාරය ආරච්චි හොඳින් දැන සිටියේය. පළමු වතාවට ඔහු ඇයට කතා කළේ ආදරයෙනි.

‘මේ බලපං කෙල්ලෙ.. උඹ ඇ~ුවයි කියලා මට එරෙහිව එන එකෙක්වත් මගේ වැයික්කියේ නෑ.. මොකද කියන්නෙ.. මං හෙට හිමිදිරියෙම ගිහින් කන්දෙ නුවර මුලාදෑනීන්ට කියන්නද..?‘

‘එපා නිලමේ.. එපා..‘

ළසඳා යළිත් හූල්ලන්නට පටන් ගත්තාය.

 අලූත් පාලන ක්‍රමය යටතේ විලියම් ප්‍රැන්සිස් ඩෝසන් පෑලියගොඩ සිට මහනුවර දක්වා කැපීමේ ආණ්ඩුකාරයාගේ නියෝගය ලබා එහි එයි. කපිතාන් ඩෝසන් මාවනැල්ල ආරුක්කු පාලමද තනා බලන කඳු බෑවුම දිගේ කරත්ත පාරක් කපන්නේ කෝපි අස්වනු කොළොම්තොට කරා ගෙන යනු පි‚සය. ආරුක්කු පාලමද කඳු අතරින් දිවෙන පාරද තැනීම සඳහා ගෙන එන ප්‍රථම ඉන්දියානු කම්කරුවන් දහස් ගණන අතරින් සිය ගණනක් දෙනා මාවනැල්ල සිට ගන්නොරුව දක්වාම අඩි හයක් පස් යට සදාකාලිකව නින්දට වැටෙන්නේ කැලෑ උණට බිලිවීමෙන් සහ හදිසි අනතුරුවලිනි.

පාර කපා අවසන් වන්නට ටික දිනකට පෙර කපිතාන් විලියම් ප්‍රැන්සිස් ඩෝසන් කඩුගන්නාව කඳු බෑවුමේ සර්ප දෂ්ටයකින් මිය යන්නේ ජන වන්දනයට පාත්‍ර වූ බෝධීන් වහන්සේ නමක් කපා ඉවත් කළ නිසාද?

දෝලි ප්‍රේමකීර්ති රණතුංග ගේ 12 වැනි නවකතාවයි

DOOLI-BOOK-COVER-NEW1

_MG_9505-ok

 



අදහස් (0)

අලුත් පොත් : ප්‍රේමකීර්ති රණතුංගගේ දෝලි

අයිකේඑස් චන්ද්‍රසිරි Wednesday, 31 August 2016 03:01 PM

අපි පොඩි කාලේ නවකතා තුළම ජීවත් වුණේ. ඵෙතිහාසික කතා කියවනකොට අපි ඒ ලෝකවලට යනවා. මේ ලිපිය කියෙව්වාම ආයෙත් අතීතයට ගියා වගේ දැනුණා (බ)

:       0       0

සමරේ Sunday, 04 September 2016 12:32 PM

ලස්සන සටහනක්! (නි)

:       0       0

සෙනරත් බණ්ඩාර Monday, 05 September 2016 03:23 AM

වැඩවසම් යුගයේ කාන්තාව විදිදුක් ගැහැටත් අද ලෝකයේ කාන්තාවට හිමි මානව හිමිකමත් තේරුම්ගත හැක (නි)

:       0       0

සමන් දිසානායක Monday, 17 October 2016 03:01 PM

තවමත් ගන්න බැරි වුනා ළඟදි කොළඹ එනවා අවම ගන්නවා (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site