පුදුම හත සංකල්පයට ඇත්තේ බෝහෝ දිගු ඉතිහාසයකි. කි‍්‍රි.පූ 484 සිට 425 දක්වා වූ කාල පරාසය තුළ ජීවත්වූ හෙරඩෝටස් නමැත්තා හා පූරා කියා ලෝකයේ පුදුම හත නම් කළ අතර, ඒ සඳහා ඔහු ඉදිරිපත් කලේ මිසර පිරමීඩ, එල්ලෙන උයන, ඔලිම්පියා සියුස් ප‍්‍රතිමාව, ආටෙමීස් දෙවොල, හාලිකනාසස් සොහොන්ගෙය, රාඩෝස් ප‍්‍රතිමාව සහ ඇලෙක්සැන්ඩි‍්‍රයාවේ ප‍්‍රදීපාගාරයයි. හෙරඩෝටස්ට පසුව ජීවත් වූ කැලිමෑකුස් නැමැත්තාද ඉහත දැක්වූ පුදුම හත ලෝකයේ පුදුම හත ලෙස පිළිගත්තේය. පුදුම හත යන සංකල්පය ලෝකයට ආවේ එපරිද්දෙන් වූවත් ඉනික්බිතිවද මේ හතට ඉලක්කමක්වත් අලූතින් එකතු වූයේ නැත. ඒ නිසා අදටත් නම් කෙරෙන්නේ පුදුම හතමය! ඉහතින් නම් කළ පුදුම හතේ එක් එක් පුදුමය විටින් විට විනාශ විය. ඒ එක්කො භූමි කම්පා වලනි. නොඑසේනම් හදිසි ගිනිගැනීම් හේතුවෙනි. කෙසේ හෝ වේවා මේ වනවිට ඉන් ඉතිරිව ඇත්තේ එකම එක පුදුමයකි. ඒ මිසරයේ පිරමීඩයි. කෙසේ වෙතත් යුගයෙන් යුගයට අලූතින් පුදුම හත නම් කිරීමේ විලාසිතාවක්ද ඇරඹුණි. මේ වනවිටත් මධ්‍යතන යුගයේ පුදුම හත, නූතන ලෝකයේ පුදුම හත, සංචාරක ආකර්ෂනය දිනූ පුදුම හත, ස්වභාවික පුදුම හත, දිය යට පුදුම හත ආදී වශයෙන් විවිධ වූ පුදුම ගණනාවක් තේරී අවසානය. මේ අතර 2007 වසරේදී මිනිසුන් විසින් නිර්මිත ලෝකයේ පුදුම හතඅලූතින් නම් කරන්නට යෙදුණි. අන්තර්ජාලය ඔස්සේ පැවැත්වුණු මහජන ඡුන්ද විමසීමකින් තෝරාගන්නා ලද මේ පුදුම හතට ටජ්මහල, චීන මහා ප‍්‍රකාරය, රෝම රඟමඩල, බ‍්‍රසීලයේ ගැලවුම්කාර ක‍්‍රිස්තු ප‍්‍රතිමාව, මැක්සිකෝවේ ඉටිසා හි මායා නගරය, ජෝර්දානයේ පෙට‍්‍රා රඟහල සහ පේරුරටේ මාචු පීචු ඉන්කා අධිරාජ්‍යයේ නටබු4න් ඇතුළත් විය. තවත් එබඳුම ඡුන්ද විමසීමක් ඉකුත් වසර කිහිපයක් පුරා පැවැත්විණි. එහි ඡුන්ද ගණනය කිරීම සිදුවූයේ 11.11.11 වැනිදාය. එම දිනයෙහි ඇති සුවිශේෂත්වය නිසාදෝ එදින ඡන්ද ගණනය කර එහි ප‍්‍රතිඵල ප‍්‍රකාශිත දිනය ලෙස තෝරාගන්නට ඇත. පුදුම හත තේරීමේ ප‍්‍රධාන කාර්යාලය පිහිටි සූරිච්හිදී ඡන්ද ප‍්‍රථිපල එදින නිකුත් කෙරුණු නමුත් එය නිලවශයෙන් නිකුත්කරන්නේ ලබන වසරේදීය. හේතුව මේ ඡන්ද ගණනය නිවැරැදිද යන්න තවමත් පරීක්ෂා කිරීමේ අවශ්‍යතාවයක් තිබෙන නිසාය. කෙසේ හෝ වේවා ඉකුත් 11 දා නිකුත් කෙරුණු ප‍්‍රථිපල වාර්තාවට අනුව සොබාදහමේ අලූත්ම පුදුම හත ලෙස මහජන ඡන්දයෙන් තේරී පත් වූ පුදුම හත මෙන්න. ඇමේසන්, හැලෝංග් බොක්ක, ඉගුවාසු ඇල්ල, ජේජු දුපත, කොමොඩෝ දුපත හා ජාතික වනෝද්‍යානය, පූර්ටෝ සෙන්සෙසා භුගත ගංගාව, ටේබල් මවුන්ටන්. මෙතෙක් කලක් සම්මතව පැවති සොබා දහමේ පුදුම හත මෙසේය. ඇමරිකා එක්සත් ජනපදයේ ඇරිසෝනා ජනපදයේ පිහිටි ග‍්‍රෑන්ඞ් කැනියන් මහා දොරුව. ඕස්ටේ‍්‍රලියාවේ ක්වින්ස්ලන්තයේ වෙරළ බඩ පිහිටි ලෝකයේ විශාලතම කොරල්පරය වන මහා බාධක පරය, බ‍්‍රසීලයේ මුහුදු තීරයේ පිහිටි රියෝද ජැනයිරෝ වරාය. ලෝකයේ උසම කන්ද වන හිමාල කඳුවැටියේ එවරස්ට් කඳු මුදුන ආක්ටික් හා ඇන්ටාක්ටික් ධ‍්‍රැවයේ අරුණලූ. මෙක්සිකෝවේ පිහිටි මීටර් 3170 ක් උස පැරි කි්‍යුටින් ගිනිකන්ද සිම්බාබ්වේ සහ සැම්බියාවට අයත් සැම්බෙසි ගංගාවේ විශ්මිත නිර්මාණයක් වන වික්ටෝරියා දිය ඇල්ල. එහෙත් අලූතින් තේරුණු පුදුම හත කලින් තිබුණු පුදුම හතට වඩා වෙනස් වී තිබේ. කලින් පුදුම අලූත් පුදුම ඉදිරියේ පසුපසට තල්ලූ වී තිබේ.
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
අලුතින් තේරුණු සොබාදහමේ පුදුම හත
සම්පත් රත්නායක Monday, 05 December 2011 03:45 PM
අලුතින් තේරුණු පුදුම හත ඉතාමත් ලස්සනයි එතකොට පරණ පුදුම හත???
අනිල් චම්පික Monday, 05 December 2011 09:19 PM
ලස්සනයි
කමල් චන්දන Monday, 05 December 2011 11:56 PM
අලුතින් තේරුණු පුදුම හත ඉතාමත් ලස්සනයි .එතකොට පරණ පුදුම හත?
සමීර Tuesday, 06 December 2011 03:53 AM
සීගිරියත් ඇතුළු කල යුතුයි
නිවර්තන දිනකර Tuesday, 06 December 2011 10:21 AM
ඇයි ලොකයේ හැමදාම පවතින්නේ පරණ පුදුම 7 විතරද?
බුද්ධික මදුසංඛ Tuesday, 06 December 2011 11:28 AM
ඇත්තටම පුදුමයි අපි ඡීවත් වන ලෝකය නකායිතරම් නම් සුන්දරද
මාලා මල්කාන්ති Tuesday, 06 December 2011 03:21 PM
ලෝකයේ වෙනස් නොවන එකම දේ වෙනස්වීම නම් පුදුම හත වෙනස් වෙන එක පුදුම දෙයක්ද?
දිලූප Tuesday, 06 December 2011 04:14 PM
ගොඩක් ලස්සනයි. ඉතා වටින වාර්ථාවක්
සංජය රුවන් Tuesday, 06 December 2011 04:55 PM
ඇත්තටම හොද දෙයක් අගය කරනවා.
විජිත Tuesday, 06 December 2011 04:57 PM
වටින වාර්තාවක්. හරිම ලස්සනයි
විනීතා Thursday, 15 December 2011 10:12 PM
මෙම පුදුම 7 ට ඇතුළත් නොවී මග හැරුණු තවත් හොද පුදුමයක් තියෙන්න බැරිද?
තිසර Friday, 06 January 2012 11:18 AM
හුගාක් වටිනවා. තවත් මේ වගේ වාර්තා ඉදිරිපත් කරන්න
චතු Tuesday, 13 November 2012 08:02 AM
ස්වභාවික පුදුම 7 ගැන නම් ඇත්තටම පුදුමයි.ඒත් අනෙක් පුදුම 7 න් ටජ් මහල් ,චීන මහා ප්‍රාකාරය වගේ කීපයක් විතරයි මම නම් ලෝක පුදුම විදියට දකින්නේ.සීගිරිය,අවුකන පිළිමය,රුවන්වැලි මහා සෑය වගේ තැන් ඇත්තටම පුදුමයි බැලුවහම. (නි)
දුලාන් Tuesday, 07 July 2015 07:58 AM
ලස්සනයි..... (ර)
ඉෂාරා Tuesday, 29 March 2016 07:57 AM
ගොඩක් ලස්සනයි. (ර)