X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 28 වන සඳුදා


අවසන් සටන දුටු ඉන්දීය මාධ්‍යවේදියා


 

 

”ශී‍්‍ර ලංකාවේ පැවති සිව්වැනි ඊළාම් යුද්ධයේ අවසන් පැය 70 මම මගේ ඇසින්ම දුටුවා. මා ඒ යුද්ධයේ සාක්ෂිකරුවෙක්” යැයි ඉන්දියාවේ හින්දු නාළිකාවේ මාධ්‍යවේදී බී. මුරලි රෙඞ්ඩි පවසයි.

”ශී‍්‍ර ලංකාවේ යුද්ධයට සාක්ෂිකරුවන් සිටිති” යනුවෙන් ඉන්දියාවේ මාධ්‍යයට සැපයූ වාර්තාවකින් ඔහු මේ බව ප‍්‍රකාශ කැර තිබේ.

ශී‍්‍ර ලංකාවේ යුද්ධයට සාක්ෂිකරුවෝ සිටියා. ඒ ගෝර්ඩන් වේස්, ෆ‍්‍රැන්සිස් හැරිසන්, චැනල් ෆෝ නාළිකාව, දරුස්මාන් කමිටුව, චාර්ල්ස් ප‍්‍රැට්රි යන අය නොවේ. ඔවුන් සාක්ෂි සැපයුවේ තමන් කිසි දිනක යුද පිටියට නොපැමිණෙමින් වීම විශේෂත්වයක්.

තම තමන් විසින් විවිධ පුද්ගලයන්ගෙන් ලබාගත් විස්තර එකිනෙකා අතර හුවමාරු කැර ගනිමින් හා විවිධ උපක‍්‍රම යොදමින් ඔවුන් තමන්ගේ හැකියාව හා බලපුළුවන්කාරකම් පෙන්වමින් සිටියා. මෙහිදී ඔවුන් විස්තර ලබාගත් ආකාරයත් ගැටලූ සහගතයි. නමුත් ඔවුන් යද්ධයේ සාක්ෂිකරුවන් විය.
මා මගේ ඇසින් යුද්ධයේ අවසන් පැය කිහිපය දුටුවා. එය මා ඒ ආකාරයෙන් ම වාර්තා කරනවා.

ශී‍්‍ර ලංකාවට එරෙහිව චෝදනා එල්ලකිරීම සැලසුම් කැර තිබුණේ යුද්ධය නිම වීමටත් පෙරදී බව මුරලි පවසයි. ඔහු පවසන්නේ ශී‍්‍ර ලංකා හමුදාව සිය ජීවිත හා සිවිල් ජනතාවගේ ජීවිත බේරාගනිමින් හමුදා මෙහෙයුම් දියත් කිරීම තමන්ට දැකබලාගත හැකි වූ බවයි. මුරලි, යුද්ධය සම්බන්ධයෙන් ඉතා සරල එමෙන්ම වැදගත් කරුණු රැුසක් සිය වාර්තාවෙන් දක්වා තිබේ. මුරලිගේ වාර්තාවලින් පෙන්වා නොදෙන බොහෝ කරුණු ඔහු සිය මාධ්‍ය කර්තව්‍යයේ දී මුවින් පවසා තිබේ. විශේෂයෙන් ම දාමරිකයන් සේ හැසිරීම වැනි දේ ගැන ඔහු ලිඛිතව සටහන් කැර නැතත් සිය මාධ්‍ය මගින් වාචිකව දැඩි සේ විවේචනය කැර තිබේ.

 


ශී‍්‍ර ලංකාවට ඇති චෝදනා පිළිබඳ ඔහු මෙසේ විස්තර කරයි.

 

මාධ්‍යවේදී බී. මුරලි රෙඞ්ඩි

චෝදනාව : කිසිදු විදේශීය මාධ්‍යවේදියකුට යුද පිටිය වාර්තා කිරීමට අවස්ථාව නොදීම
විග‍්‍රහය : ගුවන්විදුලි ඇතුළු සියලූම මාධ්‍ය වෙනුවෙන් පෙනී සිටින මාධ්‍යවේදීන් අතර ඉන්දියානු ජාතික මුරලි රෙඞ්ඩි යනු එක් අයෙක් පමණි. මෙය ඔහුට පමණක් නියම කරන ලද අවසරයක් නොවේ. සියලූම ඉන්දියානු මාධ්‍යවේදීන් බි‍්‍රගේඩියර් ශවේන්ද්‍ර සිල්වා යටතේ පැවති 58වැනි සේනාංකය වෙත යොමු කැර ඇත.

 

 

චෝදනාව : ශී‍්‍ර ලංකා රජය යුද පිටියේ සීමිත ප‍්‍රමාණයක් ආවරණය කළ බව
විග‍්‍රහය : යුද පිටියේ සිට වාර්තා කිරීම සම්බන්ධයෙන් තමන්ට කිසිදු ආකාරයක කොන්දේසි පැණවීමක් නොකළ බව ඉන්දියානු මාධ්‍යවේදීහු තරයේ ප‍්‍රකාශ කර සිටිති. ‘අපිට කිසිදු ආකාරයේ බාධාවක් හෝ අවහිරයක් නොමැතිව මීටර 400ක් පමණ හමුදාව හා ඉතිරිවී සිටින එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් හා යුද වදින යුද පිටිය මැදින් ඇවිද යාමට අවස්ථාව ලැබුණා. අප වෙත ඉඳහිට හමුදාවේ ඉහළ නිලධාරීන්ගේ ඇස් යොමු වුණා. විශේෂයෙන් 58වැනි සේනා මූලස්ථානයේ සැලසුම් කිරීමේ කාමරයේදී. නියමුවන් රහිත ගුවන් යානා මගින් ලබා ගන්නා භූමි දර්ශන ලොකු කුඩා තිර මත නිරීක්‍ෂණය කරන ආකාරය අපි බලා සිටියා. සමහර වෙලාවට අපි යුද්ධය පවතින ස්ථානයට මීටර 300ක් 400ක් පමණ ආසන්නයට ළගා වුණා.

අපිට මේ සිදුවීම කිසිදු අවහිරතාවයකින් තොරව අන්තර්ජාලය හරහා මාධ්‍ය ජාල වෙතට සම්බන්ධ වීමේ පහසුකම් ලබා දුන්නා. දමිළ මාධ්‍යයන්ට පවා. සමහර වෙබ් අඩවි ප‍්‍රත්‍යක්‍ෂ කර දක්වනවා එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් යුරෝපයේ යම් ස්ථානයක මූලස්ථානයක් දමාගෙන ඇති බව. නමුත් අපිට සීමිත කාලයක් පමණයි අන්තර්ජාලය භාවිත කිරීමට ඉඩ ලැබුණේ. ඒ විතරක් නෙවේ, අනපේක්‍ෂිත නොවූ ගැටලූ කිහිපයකට අපිට මුහුණ දෙන්න වුනා. යුද පිටිය තුළ සම්බන්ධතාවය හා වේගය පිළිබඳ ගැටලූ රාශියකට මුහුණ දීමට සිදු වුණා. අපිට වාර්තා කියවා අන්තර්ජාලය හරහා ඒවා සකස් කර අපගේ මාධ්‍ය මූලස්ථාන වෙත යැවීමට ප‍්‍රමාණවත් කාලයක් තිබුණා. කිසිම දෙයක් ගැන හමුදාව අපෙන් ප‍්‍රශ්න කළේ නැහැ. ගල්ෆ් යුද්ධය වාර්තා කරනවිටවත් අපිට මෙතරම් නිදහසක් ලැබුණේ නෑ.

ඔවුන් තවදුරටත් පෙන්වා දෙන්නේ මාධ්‍යවේදීන්ට අන්තර්ජාලය භාවිත කිරීමට ඉඩ ලැබුණ බවයි.  සිවිල් වැසියන් වෙතින් එල්ල වන දෝෂාරෝපණවලින් වැළකී සිටීමටත්, පරික්‍ෂාකාරී ඇසකින් ඔවුන් දෙස බැලීමට හැකියාව ලැබුණු බවත් ඔවුන් කියා සිටියි.

මුරලි සිය ‘අවසන් පැය කිහිපය’ නම් වාර්තාවෙන් දක්වා ඇත්තේ අවසන් පැය 70 දී කිසිදු වැදගත් දෙයක් සිදුනොවූ බවයි. ඒ මැයි 16 දා සවස 3.00 සිට ගතවූ පැය 70ක කාලයයි.

මුරලිගේ වාර්තාවට අනුව එල්.ටී.ටී.ඊ. ය විසින් රඳවා ගෙන සිටි අවසන් සිවිල් වැසියන් කණ්ඩායමට අයත් වන්නේ 80,000 ක පිරිසක් බවයි. එහි විස්මයජනක අදහස් දක්වා ඇත. එම වාර්තාවේ දැක්වෙන්නේ මැයි 10දා සිවිල් වැසියන් නිදහස් කිරීමෙන් ඔවුන්ගේ පරාජය පිළිබිඹුවන බවයි. එල්.ටී.ටී.ඊ. සංවිධානයට අවශ්‍ය පරිදි යුද්ධය නිමකිරීමට නොහැකි වූ බව මුරලි පිළිගන්නා කරුණකි. ‘‘ ඔවුන් සිවිල් වැසියන් මිනිස් පළිහක් ලෙස යොදා ගත්තා. නැතිනම් ඔවුන් මරා දැමුවා. ඔවුන් මේ මිනිසුන් මරා දැමීමට තීරණය කළේ තමන්ට කොතරම් ප‍්‍රාණ ඇපකරුවන් ප‍්‍රමාණයක් සිටින්නේ ද යන අවධානයකින් ’’ මුරලි එසේ පවසා ඇත.

 


චෝදනාව : අවසන් මොහොත වන විට යුද හමුදාව සිවිල් ජනතාව වෙත කිසිදු වග විභාගයකින් තොරව පහර දුන් බව.
විග‍්‍රහය :  මුරලිට අනුව එල්.ටී.ටී.ඊ.ය මැයි 11වැනි දින යුද සීමාවේ ඇති සියලූම දේ විනාශ කර දැමීමට තීරණය කර ඇත. එහිදී සිවිල් ජනතාව පිටවීම හේතුවෙන් නැවත යුද්ධය ආරම්භ වීමට දින දෙකක් ගත විය.

 


මුරලි පවසන්නේ වැදගත්ම අවස්ථාව වන්නේ මැයි 15දින වන විට වර්ග කි.මී. 1.5ක ප‍්‍රමාණයක් තුළ කිසිදු සිවිල් වැසියෙකු නොසිටීමයි.
‘‘එය සිදුවුණේ පුදුම ආකාරයකින්. කිසිම සිවිල් වැසියෙක් එහි සිටියේ නැහැ. රතු කුරුසයට සම්බන්ධතා තිබූ නිසා ඔවුන්ට සාමය ගැන කතා කිරීම පහසුවක් වුණා. විශේෂ නිවේදනයක් නිකුත් වුණා. සියලූම සිවිල් වැසියන් නිරුපද්‍රිතව යුද පිටියෙන් පිටතට ආ බවත් හමුදාව හා ත‍්‍රස්තවාදීන් අතර පවතින ගැටුමේ අවසන් අදියරේ සටන් ඇතිවෙමින් තිබෙන බවත් කියැවුණා. මුරලි පවසන්නේ් රතු කුරුස සංවිධානයට අනුව මැයි 16 වැනි දින සිට මැයි 19 දක්වා කාලය තුළ කිසිම සිවිල් වැසියෙක් යුද සීමාව තුළ නොසිටි බවයි.  කෙසේ වෙතත් 40000ක් හෝ 125000ක් පමණ පිරිසක් ත‍්‍රස්තවාදීන් විසින් මරා දමා ඇති බව විශ්වාස කරන බව ද මුරලි පවසයි.

මෙහිදී නාවික හමුදාව යටතට පත් සිවිල් වැසියන් අතර අවසන් එල්.ටි.ටී.ඊ. සාමාජිකයන්ගේ පවුල්වල සාමාජිකයන් සිටින බවත් එහිදී ප‍්‍රධාන වශයෙන් මුහුදු කොටි නායක සුසෙයිගේ පවුලේ අයත් සිටින බව මැයි 15/16 යන දිනයන්හිදී හඳුනා ගන්නා ලදී. මැයි 16 වැනි දින දිවි බේරා ගත් සිවිල් වැසියන් ගණන 50,000කට ආසන්න විය. ඒ අතර ප‍්‍රභාකරන්ගේ මව්පියන් ද හමුදා කඳවුරක් තුළ සිටින බව මැයි 27වැනි දින වන විට ලැබුණ තොරතුරු අනුව තහවුරු කෙරිණි.

සුසෙයිගේ බිරිඳ කියා සිටියේ ප‍්‍රභාකරන් අවසන් යුද පිටියේ තනි වූයේ සිය පුතු චාර්ල්ස් ඇන්තනි, පොට්ටු අම්මාන් සහ සුසෙයි සමග බවයි.
මුරලි දෙමළ නාළිකාවකට යවා තිබුණු වාර්තාවක සඳහන්වී ඇත්තේ ගණන් කළ නොහැකි තරමේ 2000ත් 3000ත් අතර මළ සිරුරු ප‍්‍රමාණයක් තැන තැන වැටී තිබුණ බවයි. අතුරුදන් වූවන් ද 2000ට අධික පිරිසක් බවද සඳහන් කර ඇත. ත‍්‍රස්තවාදීන් විටෙක තම කණ්ඩායමේ සිටින තුවාල ලැබූ හෝ ආබාධිත සාමාජිකයන් පවා මරා දමා ඇති බව මුරලි සිය වාර්තාවන්හි දක්වා ඇත.

වත්මන් ජනපති මහින්ද රාජපක්‍ෂ මැයි 16 වනදින පැවැත් වූ ජී11 සමුළුවේදී ද මේ බව සනාථ කැර තිබිණි. ඔහු නැවත පැමිණියේ ත‍්‍රස්තවාදය මැඩලීමේ නායකයකු ලෙස ලොව ප‍්‍රචලිත වෙමිණි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජී 11 සමුළුවේදී කියා ඇත්තේ තමන් එල්.ටී.ටී.ඊයට කොන්දේසි විරහිතව යටත් වන ලෙස ප‍්‍රකාශ කළ බවය. නමුත් ඔවුන් යටත් වීමට කැමති නැති බවත් එහිදී හෙතෙම ප‍්‍රකාශ කර සිටියේය.

‘‘අතීතයේ පටන් අපි යුද්ධය දිනන්න ම ඉපදුණු පිරිසක්. ඔවුන් දැනගත යුතුයි අපි ප‍්‍රබල අභිමානවත් ජාතියක් කියා. ඔවුන්ට මේ භූමිය ගැටලූවක්. ඒකට හැඩගැසීම ඔවුන්ට අමාරු දෙයක්. මේක මගේ රජය. ඒ නිසා අපි දැන ගත යුතුයි නිදහසේ ජීවත් වෙන්න. මේක ඒකීය රාජ්‍යයක්.’’ ජනාධිපතිවරයා ජී 11 සමුළුවේදී කියා ඇත.

මුරලිගේ වාර්තාවට අනුව එල්.ටී.ටී.ඊ.යේ අවසානය සිදුවන්නේ දමිළ ජාතිකයන් නොමැති සටන් බිමකය. ශ‍්‍රී ලංකා යුද හමුදාව යටතේ මුහුදු තීරය නිදහස් වුණ බවත්, එල්.ටී.ටී.ඊ.ය ඇතුළත භූමිය තුළ කොටු වූ බවත් ඔහු පැහැදිලිව සඳහන් කැර ඇත. මේ හේතුවෙන් මැයි 17 වැනි දින දරුණු යුද ගිනිදැල් ඇවිලිණි.
මුරලි පවසන්නේ එල්.ටී.ටී.ඊ. සංවිධානය අවසන් මොහොතේ සියලූ බලාපොරොත්තු කඩවීම හේතුවෙන්  ඕනෑවට එපාවට මෙන් යුද වැදුණු බවයි. 17 වැනිදා ඇවිලී ගිය දරුණු යුද්ධය පැය 22ට පසු නිමා වූයේ ප‍්‍රභාකරන්ගේ මරණය ගැන දැනගත් පසුව බව ද මුරලි පවසයි.

 


ඔහු වැඩිදුරටත් මෙසේ ද වාර්තා කැර ඇත.
‘‘එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් තමන්ගේ සහෝදර සෙබළුන්ගේ මළ සිරුරුවල ඇති හැඳුනුම්පත් අරගෙන විනාශකැර තිබුණා. මියගිය අයගෙන් 18 දෙනෙක් ප‍්‍රභාකරන්ගේ වැඩිමල් පුතු චාර්ල්ස් ඇන්තනිගේ බළකායට අයත් අය. තවත් ඇතැම් ප‍්‍රබල නායකයන් එකිනෙකාට වෙඩි තබා ගනිමින් මියගියා. ඇතැම් අය සයනයිඞ් කරලේ පිහිට පැතුවා. ශී‍්‍ර ලංකා හමුදාවෙන් වෙඩි කා මිය යනවාට වඩා සිය දිවි නසාගැනීම සැපතක්යැයි ඔවුන් සිතන්නට ඇති. ’’

මෙහිදී මුල් පෙළේ නායකයින් 18 දෙනෙකුගේත් තවත් සෙබළු 250ක ගේ පමණ සිරුරු හමුවී තිබේ. මැයි 18 වැනි දින වන විට යුරෝපයේ සිටින කොටි සාමාජිකයන්ට නඬේසන්, පුලිදේවන් හා තවත් තුවාල ලැබූ කොටි සාමාජිකයන් සියයකට අධික පිරිසක් යැවූ පණිවිඩ සොයාගෙන තිබේ.

මැයි 19 වැනි දින සවස් වන විට හමුදා කණ්ඩ ප‍්‍රභාකරන්ගේ හා සුසෙයිගේ සිරුරු සොයා ගත් නමුත් කේ.පී. මාධ්‍යයට කියා සිටියේ ප‍්‍රභාකරන් හොඳින් ජීවතුන් අතර සිටින බවයි. මුරලි ලන්ඩනයේ සන්ඬේ ටයිම්ස් ස`ගරාවේ මාරි කොල්වින් ගැන සඳහන් කරමින් කියා සිටින්නේ ඇය මැයි 24 වැනි දින අන්තර් ජාතික කලාපයට ලියා දක්වන්නේ නඬේසන් ඇයට කතා කළ බවයි.
 


මුරලිගේ වාර්තාවට අනුව අවසන් දින කිහිපයක්.
මැයි 10 - එල්.ටී.ටී.ඊ.ය තමන්ගේ ඉරණම හැඳින ගනී.
මැයි 11  එල්.ටී.ටී.ඊ.ය තමන් සතු දේ විනාශ කරයි.
මැයි 12/13  එල්.ටී.ටී.ඊ.ය සිවිල් වැසියන්ට පිටත් වීමට අවසර දෙයි.
මැයි 15 x වැදගත් අවස්ථා.


ත‍්‍රස්තයන් කොටු වූ ව.කි.1.5 තුළ සිවිල් වැසියන් නොමැති වීම.
රතුකුරුසය ක‍්‍රියාත්මක වීම නැවතීම. (සිවිල් වැසියන් නොමැති නිසා)


40000ත් 125000ත් අතර සිවිල් වැසියන් පිරිසක් එහි සිටිත් ද යන සැකය? නමුත් සිවිල් වැසියන් නොමැති බව වාර්තා වීම.
මැයි 16 - 50000ක් පමණ සිවිල් වැසියන් දිවි ගලවා ගැනීම

ජනපති රාජපක්‍ෂ, රතුකුරුසය මගින් එල්.ටී.ටී.ඊ. නායකයන්ට යටත් වන සේ දන්වා සිටීම.

මැයි 17/18  ශ‍්‍රී ලංකා හමුදා හා එල්.ටී.ටී.ඊ.ය අතර ගැටුම් ඇති වීම.
මැයි 19  ප‍්‍රභාකරන්ගේ මරණය නිවේදනය කිරීම.


මුරලිගේ සාක්‍ෂිවාර්තාව අනුව යුදපිටියේ උණුසුම් පුවත් විවිධ ආකාරයෙන් ඉදිරිපත් කැර තිබේ.
එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලයේ ගණනය කිරීම්වලට අනුව 7000ක් වූ සිවිල් ජනතාවක් අවසන් යූදපිටියේ දී මිය ගොස් ඇත. එම 7000 ක් වූ පිරිස 40,000 දක්වා ඉහළ දමන්නේ ගෝර්ඩන් වෙසි,  ඕස්ටේ‍්‍රලියාවට පැමිණීමෙන් අනතුුරුවය. ඔහු තම පොත් එළි දැක්වීමේ උත්සවයක දී එම 40000, 10,000 දක්වා යළි අඩු කළේය.

චාර්ල්ස් පෙටි‍්‍ර කියා සිටින්නේ ද අවසන් යුදපිටියේ දී සිවිල් ජනයා 70,000ක් මියගිය බවයි. එක්සත් ජාතීන්ගේ ගණනය කිරීම්වලට අනුව මිය ගිය ගණන 7,721 වන අතර එල්.ටී.ටී.ඊ. හිතකාමී දමිළ මාධ්‍ය කියා සිටින්නේ 7,398ක් මිය ගිය බවයි.

රජය විසින් උතුරේ කරන ලද සමීක්‍ෂණයකින් පැවසෙන්නේ මිය ගිය ගණන 7,400 ක් පමණ වියහැකි බවයි. කෙසේ වෙතත් අතුරුදන් වූවන් ද 2,600කි. ඇමෙරිකානු විiා ස`ගරාවක් ද 40,000 ක් ඇත්ත වශයෙන්ම මියගියාය යන්න ප‍්‍රශ්නාර්ථයක් යැයි කියයි.

සංඛ්‍යා ලේඛණ ඉදිරිපත් කරන පුද්ගලයන් මිය ගිය අයගේ ශරීර ගණන් කළේ හෝ ගණනය කිරීම සඳහා කුමන ආකාරයේ මිණුම් ක‍්‍රමවේදයක් භාවිත කළා ද යන්න තවදුරටත් ගැටලූවකි.

එමෙන්ම, මිය ගිය අයට නම් තිබේද? නම් තිබෙනවා නම් ඒවා මොනවාද? මිය ගිය අයට ඥාතීන් සිටිනවාද? සිටිනවා නම් ඔවුන් සිටින්නේ කවර ස්ථානයක ද ? කෙසේ ද ඔවුන් 40,000ගේ නම් දරුස්මාන් කමිටුවට ලබා දී ඇත්තේ ? මේ සියල්ල අවසානයේ ඇත්තේ බරපතල ගැටලූ සහගත බවකි.

මුරලි රෙඞ්ඩි ඉන්දියානුවෙකි. එමෙන්ම ඔහු එල්.ටී.ටී.ඊ සංවිධානය හා ශී‍්‍ර ලංකා හමුදාව අතර සාකච්ඡුා කිරීමට හැකියාවක් තිබූ අයෙකි. ඔහු පවසන්නේ තමන් දුටු දේ ගැන බොහෝ දෙනකු සාවද්‍ය ප‍්‍රකාශ නිකුත් කරන බවයි.

‘‘ අපට තීරණය කළ හැකියි. යමෙක් බොරු කියන බව. ඒ බොරුව තව බොරු කරුවන් රාශියක් බිහි කරනවා. වසර හතරක දී මියගියා යැයි කියන අයගේ ඥාතීන් ඉදිරිපත් කිරීමට. නැති නම් ඔවුන්ගේ අනන්‍යතාව හෙළි කිරීමට ’’ යනුවෙන් මුරලි ප‍්‍රශ්න කරයි.

 

 



අදහස් (0)

අවසන් සටන දුටු ඉන්දීය මාධ්‍යවේදියා

චින්තක Friday, 03 January 2014 02:09 PM

සත්‍ය කවදා හෝ ජය ගන්නවා.(නදී)

:       0       0

මනෝජ් දිසානායක Sunday, 05 January 2014 05:50 PM

බොරුවට කවදාවත් තැනක් නෑ, ඇත්ත කවදා හෝ එළි වෙනවා. (ත)

:       0       0

අලස් Sunday, 05 January 2014 11:10 AM

අනේ මිනිසුනේ, මේක තේරෙන්නේ නැද්ද ඉංගිරිසියෙන් කියපු දෙයක් සිංහලෙන් පරිවර්තනය වෙලා කියලා. රෙඩ්ඩි මහතා මේක සිංහලෙන් කියුවා කියලද ඔයාලා මේ දගලන්නේ? (නදී)

:       0       0

ජීව Sunday, 05 January 2014 12:42 AM

අපි අපේ හමුදාව ගැන දන්නවා. මේ විස්තර ලෝකයට බෙදාහරින්න. මෙයයි ඔබලාගෙන් විය යුත්තේ.(නදී)

:       0       0

මලී Saturday, 04 January 2014 02:49 AM

‍යුද අපරාද, වද හිංසා ගැන හොදට වාර්තා වෙලා තියෙන්නෙ. කරුමෙ කියන්නෙ මේවා කරපු අයව ප්‍රවේශම් කරන එක. ඒ හින්ද තමයි රට ඉන්න කොටින්ට නිකන්ම මේවා අතට යන්නේ.(නදී)

:       0       0

රූපිකා උඩුවිට Saturday, 04 January 2014 12:56 AM

සත්‍ය ලොව බලගතුම ආයුදය වේ. මෙය මුළු ලොවට හෙළි කළ හැකි නම් මේ වාර්තාකරුට පින්සිද්ද වෙනවා.(නදී)

:       0       0

ප්‍රියන්ත Friday, 03 January 2014 11:06 PM

අවසන් සටනේ පරාජය එල්.ටී.ටී එක බාරගත යුතුයි. උන් ත්‍රස්තවාදීන් කියලා ලෝකෙටම පෙන්නුවා. අපේ හමුදාව මානුෂීය හමුදාවක් අපි ත්‍රස්තවාදීන් නෙවේ.(නදී)

:       0       0

නන්දන Friday, 03 January 2014 10:38 PM

කරුණාකර හැකි ඉක්මනින් මෙහි ඉංග්‍රීසි පිටපත් ලෝකයට ලබා දෙන්න. (ත)

:       0       0

සචිත් නාලක Friday, 03 January 2014 04:53 PM

අවසනාවක මහත කියන්නේ අපේම අයට බොරු වාර්තා ලොකු වෙලා තියෙන්නේ. මේ වාර්තාවේ ඉංග්‍රීසි පිටපතක් තියෙනවද? (නදී)

:       0       0

නුවන් Sunday, 29 December 2013 10:18 PM

ඔය වගේ උස්සගෙන ගිහින් කොටින්ගේ කටින් බේරාගත් අයම තමා අද යුද හමුදාව උතුරු නැගෙනහිරෙන් ඉවත් කරන්න කියන්නේ. කෙලෙහි ගුණයක් නැති ජාතියක්.(නදී)

:       0       0

නිශ්ශංක Thursday, 02 January 2014 08:45 PM

මේවාට සමගියෙන් මුනදෙන්න අපි එකතු විය යුතු මොහොතක්. නමුත් ජනරාල්වත් අමතක කරන්න එපා (ත)

:       0       0

සමනලී ගුණවර්ධන Thursday, 02 January 2014 06:56 PM

සත්‍ය කවදා හෝ ජය ගන්නවා.කුරිරැ යුද්ධයට මුහණ දුන්නේ අපි. (ත)

:       0       0

ගාමිණී පෙරේරා Wednesday, 01 January 2014 12:56 PM

කනට ඇසෙන දේ නොව ඇසට දකින දෙය ගැව විශ්වාස කරන්න.(නදී)

:       0       0

බංඩාර කුවේට් Tuesday, 31 December 2013 10:23 AM

ලොව නොනැසෙන එකම දෙය සත්‍යයි.(නදී)

:       0       0

ජානි Tuesday, 31 December 2013 08:53 AM

ඇයි මේවා හැමටම දැනගන්න ඉංග්‍රීසියෙන් පලකරවන්නේ නැත්තේ? ආණ්ඩුවට පුළුවන් බොරු ප්‍රචාර වලට විරුද්ධව මේවා යොදවන්න? (නදී)

:       0       0

දෙවිඳු Monday, 30 December 2013 07:21 PM

මේ වාර්තා ඉංග්‍රීසියට හරවා බටහිර මාධ්‍යට දෙන්නේ නැත්තේ ඇයි? එහෙම රටේ ගෞරවය රැකගන්න ආණ්ඩුව මීට වඩා මහන්සි වෙන්න ඕනේ. කළගුණ නැති ජාතියක් බව සිංහලෙන් කියලා මදි. අපේ ඔලුවට අත් හෝදන රටවලටයි මේ වැදගත් ප්‍රවෘත්තිය යන්න ඕනේ. (නදී)

:       0       0

කුමාරි Monday, 30 December 2013 10:05 AM

මේ වගේ අය ඇත්ත කතා කිරීම බෙහෙවින් අගය කරනවා. යුද්ධයෙන් බැට කෑ අපේ සමාජය හැර ඔය කාටවත් එහි භයානකත්වය වැටහෙන්නේ නෑ.ජනාධිපතිතුමන් ඇතුළු ත්‍රිවිධ හමුදාවටම රත්නත්‍රයේ ආරක්ෂාවයි! (ස)

:       0       0

මාස් කසුන් Monday, 30 December 2013 06:00 AM

සත්‍ය සැගවිය නොහැක.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site