දශක ගණනාවක් පුරා ඇදී ගිය ඊළාම් සටන අවසන් කිරීමේ අවසන් මෙහෙයුම පැවතියේ පුදුමාතලන් හා වෙල්ලමුල්ලෙයි වෛක්කාල් භූමියේදීය. මෙහිදී යුද හමුදාවෝ එල්ටීටී ත‍්‍රස්තවාදය අවසන් කරන විට අවසන් සටන පැවැති භූමියේ තිබූ රථ වාහන සංඛ්‍යාව දහස් ගණනකි. ඊට අමතරව පාපැදි 20,000ක් සමගද යතුරු පැදි දහස් ගණනක්ද විය. යුද්ධය අවසන් කළ යුද හමුදාවෝ මුහුණ දුන් ඊළඟ අභියෝගය වූයේ මේ රථ වාහන තොගයම කුමක් කරන්නද යන්නයි. අවසන් සටන පැවැති සමයේ බිම් බෝම්බ විශාල ලෙස වළදමා තිබීම, එල්.ටී.ටී.ඊය තැනින් තැන ආයුද හා පුපුරණ ද්‍රව්‍ය වලදමා භූගත අවි ගබඩා සිය ගණනින් සකස් කර තිබීම ආදී හේතු නිසා සාමාන්‍ය ජනතාවට මෙම ප‍්‍රදේශ වෙත ඇතුළු වීම තහනම් විය. දේශීය සංචාරකයන් සඳහා අවසර දුන්නද එම අවසරය ක‍්‍රියාත්මක වූයේ තෝරාගත් ස්ථාන කීපයකට යෑම සඳහා පමණි. කෙසේ නමුත් වසර තුනකට පසුව අවසන් සටන් පැවැති භූමියට විශේෂ අවසරයකින් තොරව ඕනෑම අයෙකුට ඇතුළු වීමට මේ වන විට අවසර ලබා දී ඇත. ඒ අනුව මේ දිනවල වෙල්ලමුල්ල වෛක්කාල් භූමියට දිනපතා පැමිණෙන ජනතාව තමන්ට අයිතිව තිබූ රථ වාහන සොයා ඇවිදින ආකාරය දැකගත හැකිය. මා හට හමුවූ පෙරුමාල් පත්මනාදන්ද එවැනි අයෙකි. ඔහු පැමිණ තිබුනේ මන්නාරම ආන්දන්කුලම් ප‍්‍රදේශයේ සිටය. ඒ වන විට ඔහුට අයිතිව තිබූ ට‍්‍රැක්ටරය ගලවා එහි කොටස් තවත් ට‍්‍රැක්ටරයක පටවා රැගෙන යාමට සූදානම් කර තිබුණි. පත්මනාදන්ගේ ගමේ සිට අවසන් සටන් පැවති භූමියට තිබෙන දුර ප‍්‍රමාණය කිලෝ මීටර් 250ක් පමණය. ”මන්නාරම් ට‍්‍රැක්ටරේ කොහොමද මෙහෙම ආවෙ” මම ඇසීමි. ”ඒක ඉතිං ප‍්‍රභාකරන්ගෙයි යුද හමුදාවෙයි වැඬේ නිසා තමයි එහෙම උනේ” ඔහු කීවේය. සැබවින්ම ඔහුගේ කතාවේ සත්‍යයක් ඇත. ඒ මක් නිසාද යත් යුද හමුදා මෙහෙයුම් කරගෙන ගිය ආකාරය හා එල්.ටී.ටී.ඊ.ය විසින් ඊට දැක්වූ ප‍්‍රතිචාරය අනුව මෙම රථ වාහන තොගය ගොඩ ගැසී තිබුණි. එය සිදුවන්නෙ මේ ආකාරයෙනි. යුද හමුදාව විසින් වන්නිය මුදා ගැනීමේ මෙහෙයුම ආරම්භ කරනු ලැබුවේ 2007 මාර්තු මාසයේදීය. වැඩි ශබ්දයක් බද්දයක් නැතිව මෙම මෙහෙයුම ආරම්භ කරන ලැබුවේ වව්නියාව පෙරියතම්පනේ ප‍්‍රදේශයෙන්ය. මෙම මෙහෙයුමේ අවසන් ඉලක්කය ප‍්‍රභාකරන් නැමැති තනි පුද්ගලයකු කොටු කර ගැනීම බව කිසිවෙකු හෝ සිහිනෙන් හෝ නොසිතුවේය. පැති කීපයකින් මෙහෙයුම් ආරම්භ කර හමුදා සේනාංක ඉදිරියට එනවිට එල්.ටී.ටී.ඊ.ය සාමානය වැසියන්හට දුන් උපදෙස වූයේ තමන් සමග පසුපසට එන ලෙසත් යුද හමුදාව ඉදිරියට ඒමට ඉඩහැර ප‍්‍රහාර එල්ල කර අහිමි වූ භූමිය අයිති කර ගන්නා බවත් පසුව එල්.ටී.ටී.ඊ පාලනය යටතේ තම ගම්බිම්වල පදිංචි විය හැකි බවත්ය. එහෙත් එය යථාර්ථයක් නොවූ සිහිනයක්ම විය. හමුදාව ඉදිරියට එන විට වන්නි ජනතාව තම බඩු මුට්ටු රථ වාහන, යතුරු පැදි, පාපැදි, බරකරත්ත වල පටවාගෙන එල්.ටී.ටී.ඊ.ය සමග පසුපසට ගමන් කරන්නට වූහ. එසේ ගිය ගමනේ අවසන් නැවතුම වූයේ පුදුමාතලන් හා වෙල්ලමුල්ලි වයික්කාල් භූමියයි. මුහුදින් ද නන්දිකඩාල් කළපුවෙන්ද වටවූ කිලෝ මීටර් 12ක් පමණ දික්වූ පටු වැලි තීරුවකට ඔවුහු කොටුවූහ. ඒ වන විට වව්නියව, මන්නාරම, යාපනය, මුලතිව් හා කිලිනොච්චි යන දිස්ත‍්‍රික්ක පහකට අයත් ලක්‍ෂ තුනක පමණ ජනතාවද ඔවුන් සතුව තිබූ රථවාහන දහස් ගණනක්ද උතුරේ රජයේ ආයතන සතුව තිබූ රථ වාහන සිය ගණන්ද එල්.ටී.ටී.ය සතුව තිබූ රථ වාහන දහස් ගණනක්ද වර්ග කිලෝමීටර් කීපයක් වැලි භූමියේ ගාල් වී තිබුණි. මුල්ලවෛක්කාල් භූමියේ උග‍්‍ර ආහාර හිඟයක් පැවති අතර එහි සිටි ජනතාවට බඩගින්නට ආහාර මිසක් රථවාහනවල කිසිදු වටිනාකමක් නොතිබිණි. ලිපිය කියවන අයකුට පිළිගැනීමට නොහැකි වුවද සත්‍ය කථාව නම් යුද්ධයේ අවසන් කාලයේදී යතුරු පැදියක් පොල් ගෙඩි දෙකකටද, අලූත්ම ත‍්‍රිරෝද රථයක් පොල්ගෙඩි පහකටද, ඩොල්ෆින්, ප‍්‍රාඩෝ, ට‍්‍රැක්ටර් ආදී රථ සහල් ගෝනියකටද අවසන් සටන් පැවැති භූමියේදී මිල නියම වී තිබුණි. එවැනි හුවමාරුවක් කිරීමටද ගැනුම්කරුවකු සොයා ගැනීමට ඉතා අපහසු වූ බව වන්නි රථ වාහන හිමියෝ එකල පැවසූහ. කෙසේ නමුත් 2009 අපේ‍්‍රල් 21 දා පුදුමාතලන් කොටස යුද හමුදාව අත්පත් කරගත් අතර 2009 මැයි 18 දා වන විට වෙල්ලමුල්ලි වෛක්කාල් කොටස යුද හමුදාව විසින් අත්පත් කරගෙන තිබුණි. අවසන් සටනෙන් ද පරාජයට පත් එල්.ටී.ටී.ඊ.ය විසින් කෝටි ගණන් වටිනා රථ වාහන වලට ගිනිතබා විනාශ කර තිබුණි. වන්නි මානුෂීය මෙහෙයුම අවසන් කළ යුද හමුදාවට අවසානයේ ඉතිරි වූයේ දහස් ගණනක රථ වාහන සුසාන භූමියකි. සැබවින්ම මෙම වාහන කන්දරාවට කුමක් කරන්නේද යන්න යන අභියෝගය රජයට ලැබී තිබුණි. වසර තුනක් පුරා සිය ගණන් සෙබළු යොදා වාහන ඉවත් කර රජයේ ආයතන හා පොලිසි වෙත භාර දුන්නද තවත් රථ වාහන දහස් ගණනක් ඉතිරි වී ඇත. කිසිදු ආරක්ෂාවක් නොමැති නිසා බොහෝ වාහන අව්වට හා වැස්සට නිරාවරණය වී විනාශ වී ගොසිනි. මේ වන විට රථ වාහන හිමිකරුවන්ට භාරදීමේ කාර්යාලයක් වෙල්ලමුල්ල වෛක්කාල් භූමියේ පිහිටුවා ඇති අතර යුද හමුදාව හා පොලිසිය එහි රාජකාරි කරති. ලියවිලි ඉදිරිපත් කර වාහනයේ අනන්‍යතාව සනාථ කිරීමෙන් පසුව වාහනය ඉවත්කරගෙන යාමට අවසර දෙන බව එහි නිලධාරියෙක් කීවේය. අබලන් ලොරියක් ඇදගෙන යන අයෙකු මා හට හමුවිය. ”මහත්තයා සාමය තියෙද්දී මම මේ ලොරිය ලක්‍ෂ 21කට ගත්තෙ. යුද්ධයේ අවසාන කාලයේ ළමයි බඩගින්නෙ ඉන්න නිසා හාල් තුනපහ ටිකකට ලොරිය විකුණන්න හැදුවත් කවුරුවත් ගත්තෙ නැහැ. ලොරියෙ අදහස අතහැරලා ගියාට ආයිත් ලැබුණා. මේකෙ වටිනා කොටස් ගොඩක් නැහැ. ඒත් කෑලි වලට විකුණුවත් ලක්‍ෂ 2-3ක් සොයා ගන්න පුළුවන්. මේ යුද්දෙ අපට පුදුම අත්දැකීම් ටිකක් දුන්නෙ මහත්තයා. ඔහු කීවේය.
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
අවසන් සටන් බිමේ වාහන අයිති කරුවන්ට
රිෂාන් Sunday, 02 September 2012 01:37 PM
කාර්, වෑන්, බයික්.... (නි)