වන්නි මානුෂීය මෙහෙයුමේ නිරතව සිටි රණවිරුවෝ කොටින්ගේ මහ බළකොටු එකිනෙක විනාශ කර දමමින් ඉදිරියට යාමට පටන්ගත් දවසේ සිට සටන් අවසන් වන කාලය දක්වා අතරතුර සටන් බිම අතහැර සැලකිය යුතු කොටි නායකයින් සංඛ්‍යාවක් හොර රහසේ පලාගොස් ඇත. තවදුරටත් සටන් කරමින් සිටියොත් මැරුම් කන්නට වන බව දැනගත් කොටි නායකයින් රටින් පලාගියේ කොටි නායකයාව සිටි ප‍්‍රභාකරන්ටත් හොරෙන් වීම විශේෂත්වයකි. උතුරේ දරුණු සටන් ඇවිලෙද්දී ප‍්‍රභාකරන්ද භූගත මාළිගාවලට වී වැඩිය එළියට පහළියට නොගොස් සැඟව සිටි නිසා පලා ගිය කොටි ගැන ඔහුටවත් හරියටම දැන ගැනීමට ලැබී නොමැත. සමහර කොටි නායකයන්ට තමා හමුවීමට පැමිණෙන ලෙස පණිවිඩ යවද්දී ඔවුන් සටන් බිම අතහැර රහසිගතව පලාගොස් ඇති බව ප‍්‍රභාකරන්ට දැනගැනීමට ලැබී ඇත. සාමාන්‍ය භාෂාවෙන් කියනවා නම් බොහෝ කොටි නායකයෝ රටින් පලාගොස් ඇත්තේ පැදුරටත් නොකියාය.බෝට්ටුවල නැගී මුහුදු මාර්ග ඔස්සේ මේ කියන කොටි නායකයන් ඉන්දියාවට පලාගොස් ඇති බවත් සමහරු තමිල්නාඩු ප‍්‍රාන්තයේ දිගටම සැඟව සිට ඇත. මුහුදු මාර්ග ඔස්සේ ඉන්දියාවට පැනගත් තවත් සමහර කොටි නායකයන් කාලයක් එහි ගත කර ප‍්‍රංශය, මැලේසියාව, ජර්මනිය, කැනඩාව, ඕස්ටේ‍්‍රලියාව සහ නෝර්වේ ඇතුළු තවත් රටවල් කිහිපයකට ගොස් දැන් එම රටවල කොටි සංවිධානය පවත්වන බවට පැහැදිලි තොරතුරු බුද්ධි අංශ සතුව පවතී. වන්නි මානුෂීය මෙහෙයුම ආරම්භයේ සිට අවසානය දක්වා වරින්වර මුහුදු මාර්ග ඔස්සේ රටින් පලාගිය කොටි නායකයන් ඒ රටවල සිට නැවතත් ජාත්‍යන්තර කොටි ජාලය ගොඩනැංවීම සඳහා ලොකු උත්සාහයක නිරතව සිටින බව දැන් ප‍්‍රසිද්ධ රහසකි. කොටි සංවිධානයේ ජාත්‍යන්තර ජාලය ශක්තිමත් කරමින් සිටින මේ කොටි නායකයෝ බොරු ප‍්‍රචාර ගෙන යමින් අපේ රට ජාත්‍යන්තර ප‍්‍රජාව හමුවේ අපකීර්තියට ලක්කිරීමට නොයෙකුත් උප්පරවැට්ටි දමති. කදිරගාමන්පිල්ලේ විනයාගමූර්ති හෙවත් විනයාගම් කොටි සංවිධානයේ සන්නද්ධ බුද්ධි අංශයේ තුන්වැන්නා ලෙස කටයුතු කළ අතර ප‍්‍රභාකරන්ගේ හිත දිනාගෙන සිටි විශ්වාසවන්තම නායකයින් අතළොස්ස අතරේ සිටි අයෙකි. කොටි බුද්ධි අංශයේ නායකයාව සිටියේ පොට්ටු අම්මාන් වූ අතර දෙවැනියා වූයේ කපිල් අම්මන්ය. තුන්වැන්නා විනයාගම් විය.ප‍්‍රභාකරන් රණවිරුවන් අතින් මැරුම් කෑ දිනයේ (මැයි 19) බෝට්ටුවක නැගී ඉන්දියාවට පලාගොස් ඇති බවත් දැන් ඔහු ප‍්‍රංශයේ හෝ ජර්මනියේ ජිවත්වෙමින් කොටින්ගේ සන්නද්ධ බුද්ධි අංශ ජාලය ගොඩනගමින් සිටින බවටත් බුද්ධි අංශවලට තොරතුරු ලැබී ඇති බව කියති. වන්නි මානුෂීය මෙහෙයුමේ නිතරව සිටි භට කණ්ඩායම්වල ප‍්‍රහාරවලින් ප‍්‍රභාකරන් ඇතුළු කොටි නායක නායිකාවන් පමණක් සිය ගණනකගේ සිරුරු සොයාගත් නමුත් බුද්ධි අංශ නායකයාව සිටි පොට්ටු අම්මාන්ගේ සිරුර සොයාගැනීමට නොහැකි විය. තවත් සිය ගණනක් කොටි නායක නායිකාවන්ගේ සිරුරු කැබලිවලට කැඞී හඳුනා ගැනීමට නොහැකිව විකෘති වී ගොස් තිබිණි. කොටි සංවිධානයේ බුද්ධි අංශයේ නියෝජ්‍ය නායක කපිල් අම්මන්ගේ සිරුරද සිය ගණනක් කොටි නායක නායිකාවන්ගේ සිරුරු අතර තිබී හමුදා භට කණ්ඩායම් විසින් සොයාගනු ලැබිණි. සිය ගණනක් කොටි නායක නායිකාවන්ගේ සිරුරු අතරේ පොට්ටු අම්මාන්ගේ සිරුර නොතිබූ නිසා ඒ කාලයේ ඔහු ගැන විවිධ කටකතා පැතිර යන්නට විය. ඉන්දියාවට පැනගොස් පොට්ටු අම්මාන් රහසිගතව ජීවත්වෙන බවටද රාවයක් එකල පැතිර ගොස් තිබුණත් රජීව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින්නෙකු නිසා ඉන්දියාවේ රහසිගතව හෝ සිටිනවා යැයි විශ්වාස කළ නොහැකි බව හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ තක්සේරුව වී පවතී. සිරුර සම්පූර්ණයෙන් වැසී යන ආකාරයේ බෝම්බ ඇඳුම් කට්ටලයක් හැඳගෙන පොට්ටු අම්මාන් විසින්ම එය පුපුරුවාගත් නිසා මොනම ආකාරයටවත් හඳුනා ගැනීමට නොහැකි වන ලෙස සිරුර කැබලිවලට කැඞී ගිය බව හමුදාවට බාර වූ සහ අල්ලාගත් කොටි නායක නායිකාවන් රැුසක්ම හෙළිකර සිටි බව හමුදා නිලධාරීහු කිහිප දෙනෙක්ම මෙම ලියුම්කරු සමග පැවසූහ. අගස්තියන් (මන්නාරම දිස්ත‍්‍රික්කයේ කොටි බුද්ධි අංශයේ නායක), තේනවන් (වවුනියාව කොටි බුද්ධි අංශයේ නායක), තීපන් (මල්ලාවි බුද්ධි අංශයේ නායක), පුලන්දි මාස්ටර් (පුනරින් ප‍්‍රදේශය භාර නායක) ඊලන් හා රාම් මාස්ටර් (වවුනියාවේ සන්නද්ධ අංශයේ නායකයින්). අච්චුදන් (මුහුදු කොටි බළකායේ දෙවැනියා) නාවලන් (මන්නාරම දිස්ත‍්‍රික්කයේ කොටි මුදල් අංශයේ නායකයා), සින්නවන් මාස්ටර් සහ තංගන් (දේශපාලන අංශයේ නායකයින් දෙදෙනෙකි) ද රටින් පලාගොස් සිටින කොටි නායකයින් රැසක් අතරින් කිහිප දෙනෙකි. ත‍්‍රිකුණාමලය සාම්පූර් බුද්ධි අංශ නායකයාව සිටි තිරංජිව මාස්ටර්ද මෙසේ රටින් පලාගොස් සිටින තවත් කොටි නායකයෙකි. සාමාන්‍ය ජනතාව සමූහ වශයෙන් ඝාතනය කිරීමට හමුදා කඳවුරුවලට ප‍්‍රහාර එල්ල කිරීමට, නාවික යාත‍්‍රා සහ නැව්වලට ප‍්‍රහාර එල්ල කිරීමට සහ ආර්ථික මර්මස්ථානවලට ප‍්‍රහාර එල්ල කර විනාශකර අපේ ආර්ථිකය අඩපණ කර දැමීම සඳහා එදා මේ කියන කොටි බුද්ධි අංශ නායකයෝ සහ සන්නද්ධ අංශ නායකයෝ හවුල්වූහ. මෙවැනි මහා දරුණු අපරාධ කළ කොටි නායකයින් පිටරටවලට පැනගොස් සුරසැප විඳිමින් අපේ රටේ මානව හිමිකම් ගැන ලෝකයා හමුවේ කරුණු කියා පෑම විහිළුවක් නොවේද යන්න සිහි බුද්ධියක් ඇති ඕනෑම අයෙකුට පැහැදිලිවන කරුණකි. රටින් පැනගොස් සිටින මේ කියන කොටි නායකයින් අපේ රටේ සිටින කොටි හිතවාදීන් සමග රහසිගතව කරන ගනුදෙනු ගැන ආරක්ෂක අංශ දැඩි සෝදිසියෙන් හා විමසිල්ලෙන් පසු වෙයි.
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
අවසන් සටනින් අතුරුදන්වූ කොටි ලොක්කෝ
කරුණාතිලක Sunday, 08 April 2012 05:43 PM
කෙසේ හෝ අල්ලන්න.
ට්‍රිශාන් Sunday, 08 April 2012 06:59 PM
කේ.පී.ඇල්ලුවා වගේ ඉතිරි ටිකත් අල්න්න මිෂන් එකක් දුන්නොත් හොදයි වගේ. හොදම කට්ටයක් පැනගෙනත් තියෙනව එලියට