X Advertisement
IMG-LOGO

2025 මැයි මස 18 වන ඉරිදා


අවුරුදු එකසිය දාසයක් ආයු විඳින දකුණු ආසියාවේ වයස්ගතම කාන්තාව

වර්ෂ 1920 විය. බිළිදා උන්නැහේ මැණික්හින්නට ගියේ තම දිවි මගේ සහකාරිය කැන්දාගෙන ඒමට මාවනැල්ල බලත්ගමුවේ සිටය. කි.මි 8 ක් දුර ගම්පොල දක්වා පා ගමනින්ම තරණයකොට නෑ පිරිවර සමග තම මනාලිය කැඳවාගෙන එන්නට මැණික්හින්නට ගිය බිළිදා තරුණයා තම සහකාරිය වූ උක්කු කැඳවාගෙන ගම්පොලට විත් නැවත කි.මි 08 ක් දුරකතර ගෙවාගෙන කඳු පාමුල වූ බලත්ගමුවේ නිවසට ආවේය. මේ අසමසම බැඳීමක සමාරම්භය විය.

උක්කු අම්මා මාතාව

ඒ උක්කු අම්මාගේ ජීවන කතාවේ සමාරම්භයයි. අදද මාවනැල්ල බලත්ගමුවේ ජීවත්වන ඇයට වයස අවුරුදු 116 කි. ඇස් පෙනීම අතින් තවමත් ඉදිරියෙන් සිටින ඇය කන් ඇසීමෙන් මඳක් දුර්වලය. මුණුබුරු මිණිපිරියන් ඇතුළුව 98 දෙනකුගේ පරම්පරාවේ මුල් පුරුක ඇයයි. ඇය දකුණු ආසියාවේ වයස්ගතම කාන්තාව ලෙස නම් දරා ඇත. මේ පින්බර මාතාව හමුවන්නට අප යන විට ඇය සිටියේ ස්නානය කරමින්ය.

මඳ වේලාවක් ඇය එන තෙක් ගෙමිදුලේ ඇයගේ මුනුබුරු සුමිත විජේවීර මහතා සමග තොරතුරු විමසන්නට වූයේ ඇගේ ජීවන චරිතය ගැන යමක් වටහා ගන්නටය. මඳ වේලාවකට පසුව හැරමිටියක් වත්තන් කරගෙන ඇය රෙද්දකින් හා හැට්ටයකින් සැරසී තුවායක් ද කරේ දමාගෙන අප ඉදිරිපිටය. සිහින් සිරුරකට හිමිකම් කියූ ඇයගේ නෙත් දෙකෙන් දිස්වූයේ නිරෝගීකමේ අපූර්වත්වය බව විනිවිද පෙනුණි.

‘‘මාව බලන්නටද ආවේ

ඉක්මණට මැරෙන් නෑ කියලා හතර වටෙන්ම එනවා දැන් බලන්න’’

ඒ ඇයගේ වාග් ප‍්‍රහාරයයි.

ඇත්තටම ඇයගේ ඒ වචන තුළ ගැබ් වී තිබුණේ තරහක් නොව විහිළුවකි. ඇය අප හා සමග සමීප වූයේ එලෙසිනි. අප ආ කාරණය නිරවුල් මනසින් හඳුනා ගන්නට තරම් ඇය මානසික ශක්තියකින්ද යුක්තය. අපි ඇයට ඉඩ දුනිමු. මිදුලේ තබන පුටුවක් මත ඇය අසුන් ගත්තාය.

බොහෝ දේ මේ පින්බර මාතාවගෙන් අසන්නට තිබුණත් ඇයගේ හඬට අපි අවනත වුනෙමු.

‘‘අපි කසාද බැඳලා ආවයින් පස්සේ සුද්දගෙ වත්තේ තමයි වැඩ කළේ. දවසට පැය හත අටක් හොඳට මහන්සි වෙලා වැඩ කොරනවා. අපේ උන්නැහෙයි මායි හරි හරියට එදා වැඩ කොලා. කිසිම ලෙඩක් දුකක් නෑ. බේත් පෙත්තක් පේන මානයට ගත්තෙ නෑ’’

ඒ උක්කු අම්මාගේ හඬින්ය.

‘‘මහත්තයෝ මම දරුවො දහ දෙනෙක් වැදුවා. ඉන් තුන්දෙනෙක් පුංචි සන්දියේම මළා.

ලොකුම දරුවා මගේ පුතා එයාට අවුරුදු 83 ක් වෙලා තමා නැතිවුණේ. පහුගිය දොහේ මගේ බාල දුවක් නැති වුණා. ඒ අවුරුදු 88 ක් වෙලා’’

ඇය තිස්තුන් වාරයක් පා ගමනින්ම ශ්‍රී පාදය තරණය කර ඇත. සිංහල බෞද්ධ කාන්තාවක් වූ උක්කු අම්මා සිය කනකර ආබරණ සියල්ල විකුණා අනුරාධපුරේ වෙහෙර විහාරස්ථාන ප‍්‍රතිසංස්කරණය සඳහා මුදල් ලබාදුන් බවත්, ඒ සඳහා තම සැමියා සමග ශ‍්‍රමය ලබාදෙන්නට ගිය බවත් කීවේ මහත් භක්තියෙනි. පින් රැුස්කරන්නට දැඩි කැමැත්තක් දැක් වූ මේ මාතාව වත්තෙන් ලැබෙන ඵලදාවද විකුණා දාන මාන පින්කම් කළ බව සඳහන් කළාය.

අදද මස් මාංශයෙන් වැළකී පිරිසුදු එළවළු ආහාරයට ගන්නා ඇය සුදුලූණු මාළුව කෑමට රුචිකත්වයක් දක්වන්නීය. චාම් ජීවිතයට වඩාත් ප‍්‍රිය කරන ඇය තමාට ලැබෙන වැඩිපුර තෑගි බෝග අනිත් උදවියට ලබා දෙන්නට කිසිම අවස්ථාවක මැලිකමක් නොදක්වා ඇය තබා ගන්නේ ඇඳුම් දෙකක් පමණි. කවුරු හෝ තෑගි බෝග රැුගෙන ගියහොත් ඇයට එපා නම් නැවත ඒවා රැගෙන යන ලෙස පවසන්නේ අන් අයගේ සිත නොරිදෙන පරිදිය. ඇය ජීවිතයේ අනිමිත බව කදිමට පසක් කරගත් කාන්තාවක් බව කිවහොත් නිවැරදිය.

වසර 116 ක ජීවන අන්දරය තුළ ඇය අප ඉතිහාසයේ බොහෝ දේ පසු කළාය. ලමිස්සියක් වූ සන්දියේ සිංහල මුස්ලිම් කෝලාහලය ගැන ඇගේ මතකය වූවාය. එසේම ජපනුන්ගේ බෝම්බ දැමීම ගැන ඇයට පැහැදිලි මතකයක් ඇත.

‘‘ජපන්නු බෝම්බ දානවා කියලා ටවුමේ හිටිය ගොඩක් දෙනා අපේ ගම්මාන වලට ආවා.

අහස් යන්තරයක් උඩ යනවා දැක්කහම ඔක්කොම කැලෑවලට රිංගුවා’’

 

 
ජාතික හැඳුනුම්පත


 

ඇයගේ සැමියා වූ බිළිදා උන්නැහේ මිය පරලොව ගියේ අවුරුදු 111 ක් ආයු වළඳාය. ඒ අතින් බැලූවහොත් වැඩිම කාලයක් යුග දිවිය ගෙවූ දෙමහල්ලන් ලෙස තවත් වාර්තාවක් ඔවුන් තබා ඇත. පිරිසුදු චේතනාවත් චාම් දිවියත් මේ යුවළට අපූර්වත්වය කැඳවා ඇති බව පැහැදිලිය.

‘‘ මට  ඕනේ දැන් නිදහස් වෙන්න’’

ඇයට දැන් ඇවිසි වී ඇත්තේ මේ දීර්ඝතම ජීවන යාත‍්‍රාවේන් එගොඩවීමටය. එහෙත් මිනිස් ජීවියකුට ලැබෙන පරම ආයුෂ බුක්ති විඳීමට තරම් ඇය වාසනාවන්තය. තවමත් තම දෛනික කටයුතු ටික තනිවම කරගන්නා උක්කු අම්මා අපටත් රටටත් සම්පතකි. ගිනස් වාර්තා පොතේ නම සටහන් නොවුණද අම්මේ ඔබ අපට ආඩම්බරයෙකි. ඔබට දිර්ගායු ප‍්‍රාර්ථනා කරමු.

 

 

සටහන සහ ඡායාරූප -  පැතුම් පැස්කුවල්

 



අදහස් (0)

අවුරුදු එකසිය දාසයක් ආයු විඳින දකුණු ආසියාවේ වයස්ගතම කාන්තාව

සංජීව Wednesday, 25 September 2013 07:59 PM

මගේ ආචාරය! (නි)

:       0       0

අසෝක Saturday, 21 September 2013 06:05 PM

අම්මේ, නුඹේ ගුණ වරුනෙට වචන මදී..., නිරහංකාර යහගුණ කිසිවක් නොසිඳී.., ඔබවැනි මව්වරුන් ලෝකෙට සුවඳ දිදී.., සැමදා පිපේවා ලක්මව සනසමින් රැඳී..... (නි)

:       0       0

සමීර Saturday, 21 September 2013 06:26 PM

ඔබට නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගතයක් අම්මේ! මගෙන් සුබ පැතුම් (නි)

:       0       0

බනිදු Monday, 23 September 2013 03:47 PM

මටත් හිටියා ඔය වගේ ආච්චි කෙනෙක්. අනේ හරි හොදයි (නි)

:       0       0

මාලක Monday, 23 September 2013 03:47 PM

ඔක්කොම කියන්නේ තව දිගුකල් වැජඹේවා කියලා.මුන්දැට හිටගෙන ඉන්නවත් පණක් කෙන්දක් නැහැ. (නි)

:       0       0

ෆ්‍රී Tuesday, 24 September 2013 07:56 AM

සුබ දසුන්. ආයු බෝ වේවා! (නි)

:       0       0

රොෂාන් Tuesday, 24 September 2013 09:02 AM

ආයු බෝ වේවා! ආච්චිට හොදින් ඉන්න ලැබේවා! බුදු සරණයි (නි)

:       0       0

මංජු Wednesday, 25 September 2013 11:49 AM

මගෙත් ආයු අරගෙන තව චිරාත් කාලයක් ජීවත් වෙන්න ඕනෑ ඔය අම්මා (නි)

:       0       0

මාධව Wednesday, 25 September 2013 07:59 PM

මගේ ආච්චි අම්මා වගේමයි (නි)

:       0       0

සිසිර Saturday, 21 September 2013 05:51 PM

රත්තරන් අම්මාට බුදු සරණයි! (නි)

:       0       0

ලලිත් ප්‍රේමලාල් Thursday, 26 September 2013 09:59 PM

මගේ අම්මට 73ය් උක්කුඅම්මටයි සියලු අම්මලාටයි දීර්ගායුෂ ලැබේවා ..(නදී)

:       0       0

හේමාල් Friday, 27 September 2013 12:45 AM

මේ ආච්චි අම්මාට බුදු සරණයි.දෙවි පිහිටයි. ඇය රැක බලාගන්නා කාටත් තිස් තුන් කෝටියක් දේව ආරක්ෂාවයි. නිදුකින් සතුටින් දිනේ... (නි)

:       0       0

රේණුකා විදානගම Friday, 27 September 2013 12:46 PM

ආච්චි අම්මට සියලු දෙවි රැකවරණයි !!! (ස)

:       0       0

ම.ක්.පෙරේරා Friday, 27 September 2013 05:37 PM

චිරන් ජයතු! (නි)

:       0       0

ලලී Saturday, 28 September 2013 11:49 PM

අම්මේ, ඔබට නිරෝගී සුව පතමි (නි)

:       0       0

අමදිනි Wednesday, 02 October 2013 11:14 AM

ඔබට නිරෝගි සුව ලැබේවා !! (ස)

:       0       0

නිසසංසලා Wednesday, 18 February 2015 09:24 PM

ආච්චි අම්මට බුදු සරණයි. ගොඩක් සතුටුයි. (අ)

:       0       0

නිශාන්ත-නාපොලි Sunday, 15 September 2013 12:52 PM

උක්කු අම්මට ජයවේවා -නිනි.නාපොලි.(නදී)

:       0       0

එනුරි Saturday, 21 September 2013 04:40 PM

ආච්චිට හොදින් ඉන්න ලැබේවි බුදු සරණයි.(නදී)

:       0       0

රංජිත් Saturday, 21 September 2013 04:37 PM

අම්මේ ඔබට දීර්ගායුෂ ලැබේවා! සියලු දෙවිරකවරණ පිහිට ලැබේවා! තුනුරුවන්ගේ සරණයි.(නදී)

:       0       0

ජිහාන් Saturday, 21 September 2013 09:12 AM

දීර්ඝායුෂ ලැබේවා (අ)

:       0       0

puskao Saturday, 21 September 2013 05:34 AM

වන්නිලා ඇත්තට කැබ් එකක් දෙනවා කියල තිබුන නේද? නරකද මේ අම්මටත් ඒ වගේ උදව්වක් කලොත් මේ ආණ්ඩුවෙන්. ලංකාවටම එක්කෙනානේ.(නදී)

:       0       0

රාජ කුවෛට්. Friday, 20 September 2013 01:53 PM

පින් බර මාතාවක්. ඔබට දීර්ඝ ආයු. (ස)

:       0       0

ආනන්ද Friday, 20 September 2013 12:44 AM

මෙවැනි මව්වරුන්ට මෛත්‍රී බුදුනුත් ජේසු සමිදුනුත් දැකීමට වාසනා වේවා!(නදී)

:       0       0

දිලිප් Wednesday, 18 September 2013 12:05 PM

ආච්චියේ ඔබට ජේසු පිහිටයි.(නදී)

:       0       0

ලීල් ගුණවර්ධන Tuesday, 17 September 2013 02:53 PM

උක්කු අම්මේ ඔබව දැක්කම මට මගේ අම්මා දැක්කා වගේ. ඇයත් ආයුෂ 94 වැළදුවා.ඔබට නිරෝගී සුවය! (නි)

:       0       0

දයා අළහකෝන් Tuesday, 17 September 2013 10:35 AM

ගිනස් වාර්තාව නැතුවට කමක් නැහැ අම්මේ. නීරෝගීව ඔබතව බොහෝ කලක් වැජඹේවා (නි)

:       0       0

ස.අ. නසාර් Tuesday, 17 September 2013 10:02 AM

ඔබට දීර්ඝායු පතමි (නි)

:       0       0

ජයී තිසර Monday, 16 September 2013 03:29 PM

කෝටි දෙකක් ජනගහනය ලංකාවේ.. ඇය පමණක්ය ජීවන මඟ දුර ආවේ.. තිස් තුන් වරක් ශ්‍රී පාදය වැඳි තාවේ.. තුන් සරණේ පිහිට නොමදව ලැබුවාවේ---- මව් තුමි දකින නෙත් සතුටින් පිරි ඇත්තේ.. දහඩිය මහන්සිය ජීවිතෙ ඵල ගත්තේ.. දෛනික දිවියෙ පිහිටට අත පා නැත්තේ.. ආදර්ශයකි වයසක මව දී ඇත්තේ (ස)

:       0       0

නදීර්ෂි රණසිංහ Monday, 16 September 2013 12:39 PM

මව්නි, ඔබට නිදුක් නිරෝගී සුව තව තවත් ලැබේවා. (ස)

:       0       0

කුමුදු Monday, 16 September 2013 11:00 AM

ආච්චියෙ ඔබ රටටම ආඩම්බරයක්. බුදු සරණයි දෙවිපිහිටයි (දී)

:       0       0

දාසානායක Sunday, 15 September 2013 09:55 PM

බුදු සරණ වේවා සදහම් සරන වේවා .සග සරණ වේවා මෙතුන් සරණින් ජයම වේවා!(නදී)

:       0       0

සෑම් Sunday, 15 September 2013 01:37 PM

අම්මේ ඔබට නිරෝගී බව සහ දීර්ගායුෂ පතමි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site