X Advertisement
IMG-LOGO

2025 මැයි මස 22 වන බ්‍රහස්පතින්දා


අස්ගිරි මහ නා හිමි පුරාණය

සියම් නිකායේ අස්ගිරි පාර්ශවයේ 22 වැනි මහානායක ධුරය සඳහා මහනාහිමිනමක් තෝරා පත්කරගැනිමට අස්ගිරි මහා විහාරීය මංගල උපෝසථාගාරයේදි කාරක සභාව බ්‍රහස්පතින්දා (7) පස්වරු තුනට රැස්වීමට නියමිතය.

එක් එක් වකවානු වලදී අස්ගිරි මහා විහාරයෙහි ප්‍රධානත්වයට පත් මහ තෙරුන් වහන්සේලා දාන භාර තෙර, අස්ගිරි ගණේනායක, අස්ගිරි විහාරගණයේ නායක යන නම් වලින් හඳුන්වා ඇති අතර ‘මහානායක‘ යන පදවි නාමය භාවිතයට ගැනෙන්නේ ක්‍රි.ව.1765 දී කීර්ති ශ්‍රි රාජසිංහ රජු විසින් අස්ගිරි මහා විහාරයට හා මල්වතු මහා විහාරයට වෙන වෙනම මහානායක පදවි දෙකක් පත් කොට නිසි වටාපත් පිළිගැන්වීමත් සමගිනි.

ඉන් පසු මුලින්ම මල්වතු පාර්ශවයේ තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ බුද්ධරක්ඛිත හිමියන්ට මල්වතු පාර්ශවයේ මහානායක පදවියත් අස්ගිරි පාර්ශවයේ උරුලෑවත්තේ ශ්‍රී ධම්මදස්සී මහානායක හිමියන්ට  අස්ගිරි පාර්ශවයේ මහානායක පදවියත් ක්‍රි.ව.1765 දී කීර්ති ශ්‍රි රාජසිංහ රජු විසින් පිළිගන්වනු ලැබීමෙන් පසු මල්වතු අස්ගිරි උභය විහාර වල මහානායක පදවි පිරිනැමිම ඇරඹේ.

ක්‍රි.ව.1765 වර්ෂයේ කීර්ති ශ්‍රි රාජසිංහ රජ සමයේ  ඇරැඹි මල්වතු අස්ගිරි උභය විහාර සඳහා  මහානායක පදවි පිරිනැමිමෙන් පසු එදා සිට අද දක්වා අස්ගිරි පාර්ශවයේ මහානායක පදවි දැරු මහානාහිමිවරු.

1.     උරුලැවත්තේ ශ්‍රී ධම්මසිද්ධි මහනායක මාහිමිපාණන් වහන්සේ (1765_1778)

Asgiri1-IMG_3851-A-1

2.     ඉදවලුගොඩ ශ්‍රී ධම්මපාල මහනායක මාහිමිපාණන් වහන්සේ (1778_1807)

Asgiri1-IMG_3851-A-2

3.     පොතුහැර ශ්‍රී රතනපාල මහනායක මාහිමිපාණන් වහන්සේ (1807_1814)

Asgiri1-IMG_3851-A-3

4.     මාවතගම ශ්‍රී සෝභිත මහනායක මාහිමිපාණන් වහන්සේ (1814_1822)

Asgiri1-IMG_3851-A-4

5.     යටවත්තේ ශ්‍රී චන්ද්‍රඡෝති මහනායක මාහිමිපාණන් වහන්සේ (1822_1822)

Asgiri1-IMG_3851-A-5

6.     යටන්වල ශ්‍රී සුනන්ද මහනායක මාහිමිපාණන් වහන්සේ (1824_1835)

Asgiri1-IMG_3851-A-6

7.     කොටගම ශ්‍රී ගුණරතන මහනායක මාහිමිපාණන් වහන්සේ (1835_1845)

Asgiri1-IMG_3851-A-7

8.     උඩුමුල්ලේ ශ්‍රී රතනජෝති මහනායක මාහිමිපාණන් වහන්සේ (1849_1851)

Asgiri1-IMG_3851-A-8

9.     යටවත්තේ ශ්‍රී සුවර්ණජෝති මහනායක මාහිමිපාණන් වහන්සේ (1853_1868)

Asgiri1-IMG_3851-A-9

10.   වත්තේගම ශ්‍රී සුමංගල මහනායක මාහිමිපාණන් වහන්සේ (1869_1885)

Asgiri1-IMG_3851-A-10

11.   යටවත්තේ ශ්‍රී චන්දජෝති මහනායක මාහිමිපාණන් වහන්සේ (1886_1892)

Asgiri1-IMG_3851-A-11

12.   කපුලියද්දේ ශ්‍රී පියදස්සී මහනායක මාහිමිපාණන් වහන්සේ (1893_1914)

Asgiri1-IMG_3851-A-12

13.   අඹගස්වැවේ ශ්‍රී රතනජෝති මහනායක මාහිමිපාණන් වහන්සේ (1914_1921)

Asgiri1-IMG_3851-A-13

14.   ගුන්නෑපාන ශ්‍රී සරණංකර මහනායක මාහිමිපාණන් වහන්සේ (1921_1929)

Asgiri1-IMG_3851-A-14

15.   මුල්ලේගම ශ්‍රී ගුණරතන මහනායක මාහිමිපාණන් වහන්සේ (1929_1947)

Asgiri1-IMG_3851-A-15

16.   යටවත්තේ ශ්‍රී ධම්මරතන මහනායක මාහිමිපාණන් වහන්සේ (1947_1966)

Asgiri1-IMG_3851-A-16

17.   උඩුගම ශ්‍රී රතනපාල මහනායක මාහිමිපාණන් වහන්සේ (1966_1970)

Asgiri1-IMG_3851-A-17

18.   ගොඩමුන්නේ ශ්‍රී ධම්මානන්ද මහනායක මාහිමිපාණන් වහන්සේ (1970_1975)

Asgiri1-IMG_3851-A-18

19.   පලිපාන ශ්‍රී චන්ද්‍රානන්ද මහනායක මාහිමිපාණන් වහන්සේ (1975_1999)

Asgiri1-IMG_3851-A-19

20.   උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහනායක මාහිමිපාණන් වහන්සේ (1999_2015)

Asgiri1-IMG_3851-A-20

21.   ගලගම ශ්‍රි අත්ථදස්සී මහනායක මාහිමිපාණන් වහන්සේ (2015_2016)

Asgiri1-IMG_3851-A-21

අස්ගිරි පාර්ශවයේ  අනුනායක මහනාහිමිපාණන් වහන්සේලා දෙනම ප්‍රමුඛ විංසත් වර්ගික කාරක සංඝ සභාව රැස් වී මහානායක ධුරය අපේක්ෂා කරන මහතෙර නමක් විසින් ඉදිරිපත් කෙරෙන අයදුම් පත්‍රය ලේඛකාධිකාරී හිමියන් විසින් සභාගත කළ පසු එම තනතුර දැරිමට අයදුම්කළ නාහිමියන්ගේ යෝග්‍යතාවය සැලකිල්ලට ගෙන සංඝ සභාවේ යෝජනා ස්ථිරත්වයෙන් සුදුසු හිමිනමක් අස්ගිරි පාර්ශවයේ  22 වැනි මහානායක ධුරය සඳහා තෝරා පත් කර ගැනිම පුරාණ චාරිත්‍ර වලට අනුව සිදුකරන බව අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි නාරම්පනාවේ ආනන්ද හිමියෝ කියති.



අදහස් (0)

අස්ගිරි මහ නා හිමි පුරාණය

ලෙස්ලි ජයවර්ධන Thursday, 07 April 2016 12:50 AM

ශාසනවිරෝධී ක්‍රියා කර මුදල් උපයන චිවරධාරීන් සසුනින් නෙරපන්නත් වැඩපිළිවෙළක් හදන්න (නි)

:       0       0

සනත් Thursday, 07 April 2016 06:14 AM

වේඩරුවේ උපාලි අනු නායක හිමියන් ධර්මරාජ විද්‍යාලයේ ගුවරයෙක් වශයෙන් සේවය කරන විට මම උන් වහන්සේගෙන් සාමාන්‍ය පෙළ පන්තියේ දී බුද්ධ ධර්මය ඉගෙන ගෙන තිබෙනවා. උන්වහන්සේ දක්ෂ ගුරුවරයෙක් වගේම ඉතාමත් ශීලවන්ත හිමි නමක්. මීළඟ මහනායක හිමිපාණන් ලෙස උන්වහන්සේ පත්වේවා යි පතමි (රේ)

:       0       0

තුසිත Thursday, 07 April 2016 09:46 AM

පාසල් දරුවන්ට හොඳ ලිපියක්.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site