X Advertisement
IMG-LOGO

2025 මැයි මස 17 වන සෙනසුරාදා


අසිරිමත් ගල්ඔය

”බදුල්ල සහ මොණරාගල දිස්ත‍්‍රික්කයන්හි නැගෙනහිර බෑවුමේ එලන ලද දැලක් සේ දිය කඳුරු අතුගංඟා ඇළ මාර්ග ආදියෙන් පෝෂණය වී මුහුදු මට්ටමේ සිට අඩි 5000ක් පමණ වූ ”මඩොල්සිලම” කඳු වැටියෙන් ආරම්භ වී ඉඟිණියාගල කඳු දෙක අතරින් පහළට ගලා බස්නා ගල්ඔය ගඟ එතැන් සිට විශාල තැනිතලා භූමියක් ඔස්සේ සැතපුම් හැට දෙකක් පමණ මාර්ගයක් පසු කොට, නැගෙනහිර වෙරළේ කල්මුණේට දකුණින් පිහිටි ”කලි ඕඬේ” ප‍්‍රදේශයේදී මහා සාගරයට එක් විය.

 

 

අප රටට නිදහස ලැබීමත් සමග නිදහස් ශ්‍රී ලංකාවේ ප‍්‍රථම අග‍්‍රාමාත්‍යවරයා වශයෙන් ශ්‍රී ලංකාවේ ප‍්‍රථම බහු කාර්ය වාරි යෝජනා ක‍්‍රමය ඞී.එස්. සේනානායක මැතිතුමා විසින් 1949/1950 වසරේ ආරම්භ කළ අතර එම යෝජනා ක‍්‍රමයේ මූලාරම්භය වූයේ ඉහතින් සඳහන් කළ ඉඟිණියාගල කඳුදෙක අතරින් ”ගල්ඔය” හරස් කරමින් අඩි 3600ක් දිගැති වෑකන්දක් (ජලාශ බැම්මක්) බැඳීමයි.

එයින් නිර්මාණය වූ විශාල ජලාශය සේනානායක සමුද්‍රය හැටියට නම් කළ අතර එය එකල ශ්‍රී ලංකාවේ විශාලතම වාරිමාර්ග ජලාශය විය. ජල ධාරිතාව අක්කර අඩි 770,000ක් වූ සේනානායක සමුද්‍රය ඉදිකිරීමේ අතුරු ප‍්‍රතිඵලයක් ලෙස ජලාශයේ ආසන්න ජලධාර ප‍්‍රදේශය වපසරිය හෙක්ටයාර් 2590ක් වූ ගල්ඔය ජාතික වනෝද්‍යානය හැටියටද වාරි ජලාශය සේනානායක සමුද්‍ර අභය භූමිය වශයෙන්ද ගැසට් නිවේදන මගින් ප‍්‍රකාශයට පත් විය.

මෙලෙස ජාතික වනෝද්‍යානයක අවශ්‍යතාවය උද්ගත වූයේ සමුද්‍ර ජලාශයේ ආසන්න ජලාධාර ප‍්‍රදේශ වනාන්තරය ආරක්ෂා කර ගැනීමට වුවද පසු කාලීනව සංවර්ධනය සඳහා දැවැන්ත ලෙස ප‍්‍රදේශයේ වනාන්තරය එළි පෙහෙළි වූයෙන් උන් හිටි තැන් අහිමි වූ අලි ඇතුන්, දිවියන්, කුළුමීහරකුන් ඇතුළු විවිධ වනසතුන් සහ පක්ෂීන් නව වනෝද්‍යානයේ සෙවණ පතා ඊට සංක‍්‍රමණය වූහ. එතෙකුදු වුවත් සංක‍්‍රමණ ජීවන රටාවකට හුරු පුරුදුව නොසිටි විශාල සත්ව සමූහයක් තම ජීවිතයෙන් සමුගත්හ.

1971 වර්ෂයේ සිට වසර 05ට අධික කාලයක් මෙම උද්‍යානයේ සේවය කළ බැවින් වනෝද්‍යානයේ සතුන්ගේ චර්යා රටාවන් මෙන්ම සැඟවුණු තොරතුරු නිරීක්ෂණ කිරීමට මහඟු අවස්ථාවක් මට ලැබිණ.

ගල්ඔය ජාතික උද්‍යානය 1954 වසරේ නිර්මාණය වූ වකවානුවේ සිටම එය වන අලිනට තෝ තැන්නක් විය. වසර පුරාම පවතින පිරිසිදු ජලය කොළ පැහැති වනාන්තරය, අනිකුත් ජාතික උද්‍යාන තුළ වසර පුරාම පවතින වාහන ශබ්ද ඝෝෂා මෙහි නොපැවතීම නිසා සැබවින්ම මෙම උද්‍යානය සතා සීපාවාට පමණක් නොව මිනිසාටද නිසල පරිසරයකි. අලින්ගේ ස්වභාවික හැසිරීම් අධ්‍යයනය කරන ගවේශකයින් හට මෙය කදිම ස්ථානයකි. එබැවින් අනිකුත් තොරතුරු හෙළි කිරීමට පෙර වනඅලින්ගේ චර්යා රටාවේ ඉතා කලාතුරකින් දකින්නට ලැබෙන එහෙත් මම නිරීක්ෂණය කළ දර්ශණය ඔබ හමුවේ තබමි.

දිනය 1971 නොවැම්බර් 12යි. නිමක් නැතිව ඈතට දිස්වන මහ සයුරක් බඳු සේනානායක සමුද්‍ර ජලාශයේ එවකට වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මා යටතේ සේවය කළ නියාමක සාමෙල්අප්පු (දැනට මිය ගොස්*, ගෝමිස්අප්පු, විශ්ව කුලරත්න (මියගොස්) සමග මම එදින හබල් ඔරුවකින් කුරුල්ලන් නිරීක්ෂණය කිරීමේ චාරිකාවක යෙදී සිටියෙමි. ගෝමිස්අප්පු ඇතුළු වනසත්ව නියාමකවරුන් තිදෙනා මාරුවෙන් මාරුවට හබල් ගාති.

එකල ගල්ඔය වනෝද්‍යානය සතුව බෝට්ටුවක් තිබුණේ නැත. හබල් ඔරුව ලබාගත්තේය. කල්මුණේ සිට ධීවර කර්මාන්තය සඳහා පැමිණ සිටි ධීරවයකුගෙනි. මගේ සේවකයින් තිදෙනා හෙම්බත්ව සිටිත්, දහවල් මද්දහන පසු වී හෝරාවක් පමණ ගත වී ඇත. යාන්තමට බඩගින්නද දැනෙයි.
”දැන් හබල් ගෑවා ඇති. ඔය ළඟ පෙනෙන දුපතට ඔරුව අල්ලන්න. මම උපදෙස් දුනිමි. සේනානායක සමුද්‍ර ජලාශයේ උපරිම මට්ටමට ජලය පිරුණද ජලයට යට වූ උස්බිම් සමූහයක් ජලය මතුපිටින් ඉහළට නෙරා ඇත්තේ කුඩා දුපත් ස්වභාවයක් පෙන්වමිනි.
අසල තිබූ දුපතට ගොඩ වූ අපි රැුගෙන විත් තිබූ දිවා ආහාර පාර්සල් රැුගෙන ගල් තලාවක් මත වාඩි වී එය අනුභව කරන්නට වීමු. දැඩි අව්රශ්මියෙන් පෙළෙන අප දෙසට සමුද්‍රය හරහා හමා එන සුළඟ ගතට ලබාදෙනුයේ සිසිලකි.
නිසෙල්මන බිඳිමින් ”අන්න.. සර් එහා දුපතේ අලි දෙන්නෙක් ආහාර බුදිනවා...” කියමින් විශ්ව කුලරත්න දබරැඟිල්ල දිගු කරමින් කොළ අතු කඩා කමින් සිටි අලි දෙදෙනකු පෙන්වීය. 
”මේ දෙන්නට මහ කැලේ කන්න නැතිවද මේ දුපතට ඇවිත් තියෙන්නේ...” අලි දෙදෙනා දුටු මට ඉබේම කියවිනි. දුර දක්නයෙන් පරීක්ෂා කළ මම ”කුලරත්න මේ පිරිමි දෙන්නෙක්... නේ...” කීවෙමි. වැඩුණු අලියකුගේ නලල් තලය සහ පිටකොන්ද අග කොටස දෙස හොඳින් බැලීමෙන් ලිංග භේදය නිවැරදිව කීම වනජීවි නිලධාරියකුට ගැටලූවක් නොවේ. මෙසේ විනාඩි හතරක් පමණ ගත වන්නට ඇත. අලි දෙදෙනා ආහාර බුදීම පසෙකලා මුහුණට මුහුණලා ඉදිරියට ඇවිද ගොස් (එනම් එකිනෙකාගේ විරුද්ධ දිසාවට ඇවිද යමින්) නළල් තල දෙක ස්පර්ශ කර ගති. මෙසේ තුන් වතාවක් ඔවුන් දෙදෙනා නළල් තල ස්පර්ශ කර ගත්තේ කිසියම් සන්නිවේදනයක් හුවමාරු කර ගැනීමට විය යුතුය. මෙය මැනවින් නිරීක්ෂණය කිරීමට මගේ දුරදක්නය මට පිහිට විය.

ඉක්බිතිව අලි දෙදෙනා දුපතෙන් පහළට ඇවිද ජලයට බැස සමුද්‍රය හරහා පිහිනන්ට වූහ.

එකෙනෙහිම මම බත්පත පසෙකලා. ”කෑවා ඇති ඉක්මනට යමු. මට ඡායාරූප ගන්න  ඕනෑ” කීවේ මගේ සේවකයින්ටය. ඉක්බිතිව විනාඩි 20ක් උපරිම වේගයෙන් ඔරුව හබල් ගෑමෙන් සාමෙල්අප්පු අපගේ  ඔරුව පිහිනා යන අලි දෙදෙනා සමීපයටම ගෙන ආවේය.

ඔවුන් දෙදෙනා සහ අප අතර දුර යාර දහයකට වැඩි නොවේ. වෙනදා ගොඩබිමදී නම් කෝපයෙන් අපට පහර දීමට හඹා එන අලි දෙදෙනා ”පූස් පැටව්” දෙදෙනෙක් ලෙසින් එහෙත් වරින් වර අප දෙස නෙත් යොමු කරමින් ගොඩබිම දෙසට පිහිනා යති. වේලාව ප.ව. 2.30 පමණය. මම ඡායාරූප තුනක් ගතිමි. මගේ කැමරාව පැරණි පන්නයේ බොක්ස් (ඊදං) කැමරාවකි. පිහිනා යන අලින්ගේ වේගය විනාඩියකට යාර විස්සක් පමණය. මේ වන විට වසර හතරක් දෙපාර්තමේන්තුවේ සේවය කොට ඇති මා අසා තිබුනේ අලින් පිහිනා යන විට හොඬවැල අග කොටස දිගටම ජලය මතුපිටින් ඉහළට ඔසවා තබාගන්නා බවයි. එහෙත් මා නිරීක්ෂණය කළේ වෙනත් ආකාරයකි. එනම් හොඬවැල අග කොටස තත්පර හතරක් ඔසවා තබාගෙන අනතුරුව එය දිය යටට ගෙන තත්පර හතරක් පමණ තබාගෙන නැවත ඔසවන බවයි.

හොඬවැල දිය යට තබා ගැනීමේදී වාත බුබුලූ (දිය බුබුලූ) ඉහළට ජලය මතුපිටට නොපැමිණි බව මම හොඳින්ම නිරීක්ෂණය කළෙමි. එයින් මා නිගමනය කළේ හුස්ම ඉහළ පහළ දැමීම හොඬවැල ඔසවා තබාගෙන සිටින විට දී සිදු කරන බවයි.

ඔවුන් දෙදෙනා මෙලෙස සැතපුම් තුන්කාලක් පමණ එක එල්ලේ පිහිනා ගොස් ජාතික වනෝද්‍යානයේ ප‍්‍රධාන ගොඩබිමට ප‍්‍රවිශ්ඨ වූහ. එවිටම මම තවත් ඡාරූපයක් ගතිමි. අපද ඔවුන් දෙදෙනා පසුපස ඔරුව හබල් ගාමින් ගිය නමුත් ගොඩබිමට ළං වීමට නොහැකි වූයේ වනය තුළට ගිය අලි දෙදෙනා මොහොතකින් ආපසු හැරී අප කරා හඹා එන්නට වූ බැවිනි. ඉදිරියට යන ඔරුව හරවාගත්තේ ආයාසයෙනි.

මෙම අලින් ගොඩබිමට පිහිනායාමට දිසාව සොයාගත්තේ කෙසේද? පිහිනා යාමට පෙර ඔවුන් නළල්තළ ස්පර්ශ කරගත්තේ ඇයි? අදටත් මට ගැටළුවකි.
වනෝද්‍යානයේ පිහිටීම

 

ගල්ඔය ජාතික වනෝද්‍යානය අම්පාර දිස්ත‍්‍රික්කයට මායිම්ව ඌව පළාතේ මොණරාගල දිස්ත‍්‍රික්කය තුළ පිහිටා ඇත. උද්‍යානයේ මූලස්ථානය ඉඟිණියාගල වේ. ඉඟිණියාගල-අම්පාර දුර කි.මී. 17 වන අතර මොණරාගල සිට අම්පාරට දුර කි.මී. 93කි. වනෝද්‍යානයේ භාරකරුගේ කාර්යාලය පිහිටා ඇත්තේ ඉඟිණියාගල. (දුරකථනය 0632242002) සේනානායක සමුද්‍ර බැම්ම පාමුලට නුදුරුවය. එම වෑකන්දේ උස අඩි 272කි.

ළඟා විය හැකි මාර්ග
කොළඹින් ගමන් ආරම්භ කරන අයකුට රත්නපුර, උඩවලව, තණමල්විල, වැල්ලවාය, බුත්තල, මොණරාගල හරහා සියඹලාණ්ඩුව (එනම් ලාහුගල හන්දිය) හන්දියට පැමිණ දකුණට තිබෙන අම්පාර මාර්ගයෙන් වඩිනාගල හන්දියට පැමිණ වමට හැරී ඉඟිණියාගල මාර්ගය දිගේ සේනානායක සමුද්‍රය පසු කර උද්‍යාන භාරකරුගේ කාර්යාලයට පැමිණිය හැක. දුර කි.මී. 372කි. නැතහොත් වඩිනාගල පසුකොට අම්පාරට ගොස් ඉඟිණියාගලට ළඟා විය හැකිය.
ඊට අමතරව කොළඹ සිට මහනුවර හරහා මහියංගන බිබිල මාර්ගයේ බිබිල නගරය පසු කර ඊට නුදුරින් ඇති කනුල්වෙල හන්දියෙන් වමට හැරී පිටකුඹුර, බුලූපිටිය, මුල්ලේගම, නාමල්ඔය පසුකොට ඉඟිණියාගලට පැමිණිය හැකිය. නැතහොත් බිබිල, පදියතලාව, මහඔය හරහා උහනට පැමිණ අම්පාර හරහා ඉඟිණියාගලට පැමිණිය හැකිය. දුර කි.මී. 368කි. එකී සියලූ මාර්ග ජීප්, වෑන්, බස් රථ ධාවනයට සුදුසු තත්ත්වයෙන් පවතී. කාර් රථ වලින් යන්නේ නම් ඒවා උසැති තත්ත්වයේ වාහනයක් විය යුතුය.
 


සංචාරකයන්ට පහසුකම්
දකුණු ඉන්දියාවේ කේරළ ප‍්‍රාන්තයේ පෙරියාර් විල් අභය භූමිය (^Periyar Lake Sanctuary) හා සමාන සේනානායක සමුද්‍ර අභය භූමිය (වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව) සංචාරකයින් සඳහා බෝට්ටු සේවාවක් පවත්වාගෙන යන එකම ස්ථානයයි.
දිනපතා සේනානායක සමුද්‍ර ජලාශයේ මෝටර් බෝට්ටු දෙකක් (2) ක‍්‍රියාත්මක වන අතර එකවර සංචාරකයින් (10) දස දෙනෙකුට බෝට්ටුවක යා හැකිය. අය කිරීම අයකුට වරුවකට රු: 350/- බැගිනි. සේවා ගාස්තුව මුළු කණ්ඩායමට රු: 400/-කි. ඉඟිණියාගල වැව් බැම්මෙන් ගමන් ආරම්භ කොට මග පෙන්වන්නා විසින් අලින් විවිධ පක්ෂීන් උද්‍යානයේ දැකුම්කළු ස්ථාන පෙන්වා පැය දෙකක (2) සංචාරයෙන් පසු ගමන අවසන් කෙරේ. මුලූ දවසේ සංචාරයක් නම් ගාස්තුව අයකුට රු: 650කි.

ජීප් සහ වෑන් රථ වලින් යන අය සඳහා උද්‍යානය තුළ කි.මී. තිස් පහක මාර්ග පද්ධතියක් නඩත්තු කෙරේ. සවස් කාලයේ වැව් තීරය සමීපයට ළඟා වන සංචාරකයින් හට තණකොළ බුදින හා පිපාසය සංසිඳුවාගන්නා අලි රංචු දැකිය හැකිය. මේ සඳහා ඉඟිණියාගල උද්‍යාන කාර්යාලයෙන් මුදල් ගෙවා බලපත‍්‍රයක් ලබා ගත යුතුවේ.

රාත‍්‍රී නවාතැන් ගැනීම සඳහා ඇති එකම සංචාරක බංගලාව එක්ගල්ඔය (Ekgaloya)  ඉඟිණියාගල සිට කි.මී. විස්සක් දුරින් පිහිටා ඇත. එය වෙන් කරවා ගැනීම බත්තරමුල්ල වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තු (දුරකථනය - 0112888585) කාර්යාලය සහ ඉඟිණියාගල කාර්යාලය (0632242002) හරහා සිදු කර ගත හැකිය.
එළිමහනේ කූඩාරම්වල රාත‍්‍රී ගත කිරීම සඳහා උද්‍යානය තුළ කොස්සපොළ මකරය, ඩ‍්‍රැකියුලා දුපත, නිල්ගල මකරය පාරේ මග දොරොව්ව සහ පරිවියන් ආර නමින් කූඩාරම් පොළවල් (Camp Sites) පහක් (5) තිබෙන අතර ඒවායේ නතර වීම සඳහා අවශ්‍ය උපකරණ සියල්ල සංචාරකයින් විසින් රැගෙන යා යුතු වේ.
ශ්‍රී ලංකා ජල ජීවි වගා සංවර්ධන අධිකාරිය ඉඟිණියාගල වැව් බැම්ම සමීපයේ සංචාරක බංගලාවක් පවත්වාගෙන (දුරකථනය - 0632242084, 0112675316) යන අතර, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සහ ලංකා විදුලි බල මණ්ඩලයේ සංචාරක බංගලා අම්පාර නගරයේ සහ ඊට නුදුරුව පිහිටා ඇත.
 


මතු සම්බන්ධයි

 

 



අදහස් (0)

අසිරිමත් ගල්ඔය

සුමුදු Tuesday, 09 April 2013 03:36 AM

මනකල්ය ඔබ ලියු නිසල් ගල්ඔය හසුන්. (නි)

:       0       0

දුමින්ද Tuesday, 09 April 2013 06:35 AM

පරිසර හිතකාමී සංචාරක ව්‍යාපාරයට සහයෝගය දක්වමු. (නි)

:       0       0

දයා Tuesday, 09 April 2013 11:50 AM

සැබෑ ලෙසම ලස්සනක් මෙහි තිබේ. (නි)

:       0       0

නොඑල් Tuesday, 09 April 2013 03:15 PM

ලංකාවේ සුන්දරත්වය, අපිට ආඩම්බරයක් ! විදේශිකයෝ අපිට වඩා ලංකාවේ සුන්දරත්වය විඳිනවා. (ස)

:       0       0

විභූති Tuesday, 09 April 2013 05:59 PM

ඔබගේ අත්දැකීම් අප සමග බෙදාගත්තාට ස්තූතියි! (නි)

:       0       0

සුමන සමන්දූව Tuesday, 09 April 2013 08:44 PM

අසිරිමත් ගල්ඔය ලිපිය කියවනවිට හරිම හිතට සතුටක් දැනෙනවා. එත්,වාරිමාර්ග දෙපාර්මේන්තුව හා විදුලිබල මණ්ඩලයේ බංගලානම් මහාජනයාට වෙන්කරගන්න අනුමත නොකරනෙක තමයි ප්‍රශ්නේ (අ)

:       0       0

නිලන්ති Wednesday, 10 April 2013 09:10 AM

ඉඟිනියාගල කියන්නේ මගේ උපන් ගම. මම දැන් ඉන්නේ කොළඹ. මගේ කුඩා කාලේ මම දුටුව ඉඟිනියාගල හරිම ලස්සන ගමක්. කලක් යනකොට එය අභාවයට ගියා. (නදී)

:       0       0

රීටා Wednesday, 10 April 2013 01:00 PM

ලංකාවේ මේ වගේ අප්‍රසිද්ධ ලස්සන ස්ථාන ගැන ජනතාවට තොරතුරු ලබාදීම ගැන ලංකාදීප පුවත්පතට ස්තුතියි. දුර ඉඳන් එන අයට නවතින්න ඉඟිනියාගල තානායම වගේ තැන් වලින්ම පහසුකම් දියුණු කරනවා නම් වඩාත් සාර්ථකයි (නි)

:       0       0

කුමාර Friday, 12 April 2013 06:37 PM

ඉගිනියාගල දැන් පරිසර හිතකාමී අවන්හලකුත් තිබෙනවා නේද? (නි)

:       0       0

සම්පත් Wednesday, 17 April 2013 11:57 AM

නිල්ගල මකරේ සහ ලුණුගල ගැනත් ලියන්නකෝ.(නදී)

:       0       0

මොහිදීන් Thursday, 18 April 2013 02:50 PM

ඇත්ත රීටා. එහෙත් සමහර කට්ටිය ඇවිල්ලා වනසලා යනවනේ. කොහේ හරි ලස්සන තැනක් තියනවා නම් සෙට් වෙන්නේ එතනනේ (නි)

:       0       0

ප්‍රසාද් Friday, 19 April 2013 12:46 PM

පින්වත් ඩී.එස් සේනානායක උත්තමයට පින් සිද්ද වෙන්ට තමා මේ හැම දෙයක්ම දිගාමඩුල්ලට ලැබුනේ. ඒ උත්තමයාට අපි සදා ණයගැතියි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site