X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 12 වන බ්‍රහස්පතින්දා


අසූ හතර වැනි විය සපිරූ එල්ලාවල මේධානන්ද නාහිමියෝ

පුරා විද්‍යා චක්‍රවර්තී, දේශනේතෘ ආචාර්ය එල්ලාවල මේධානන්ද නාහිමිපාණන් වහන්සේගේ අසූ හතර වැනි ජන්ම දිනය නිමිත්තෙන් පළවන ලිපියකි.

එල්ලාවල මේධානන්ද නායක හාමුදුරුවන් වහන්සේගේ ජීවිතයේ වැඩි කාලයක් ගත වූයේ මහා වනාන්තරවලය. වන වැදුණු ඒ කාලයේ රට පුරා මහා භයානක ත්‍රස්තවාදයක් ක්‍රියාත්මක විය. ගමන් බිමන්, නවාතැන්, සන්නිවේදන පහසුකම් අද මෙන් සුලභ නැති ජීවිත අවදානම පිරුණු කාලයකදීය.

උන්වහන්සේ මෙරට ඓතිහාසික ගවේෂණය සඳහා වන වැදී එම මහා කැපකිරීම් සිදුකරන ලද්දේ කිසිදු ලාභයක් අපේක්ෂාවෙන් නොවේ. දෙවුන්දර තුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා පැතිරුණු මෙරට භූමියේ ඇති සියලු මහා වනාන්තරවල උන්වහන්සේගේ පා සටහන් වැදී ඇත. ඒ සෑම වනාන්තරයකම සැඟවුණු පුරාවිද්‍යා උරුමය, ශිලා ලිපි ආදිය උන්වහන්සේගේ නෙතට හසුවන්නට ඇත. විටෙක මුලතිව්හිය. විටෙක පානම්පත්තුවේය. තවත් විටෙක කුමන මහ වනයේය. නැතහොත් නැගෙනහිර පළාතේ වනාන්තර තුළය. ගස් උඩ සහ ගස් මුල්හි ද ගල් තලා ද ඒ ගමන්වලදී නවාතැන්ය. රොටියක්, කහට කෝප්පයක් කුස ගිනි නිවුමට දායක වූ බව මම හොඳින් දනිමි.

දේශනේතෘ එල්ලාවල මේධානන්ද ස්වාමින්ද්‍රයන් වහන්සේ ශ්‍රී ලංකාවේ පුරා විද්‍යා හා ඉතිහාස විෂය ක්ෂේත්‍රයට සපයා දුන් නව දත්ත එකිනෙක මෙහිදී හඳුන්වාදීම කිසිසේත්ම කළ නොහැක්කකි. කළ හැකිව පවතින්නේ එම අප්‍රමාණ කැපකිරීමෙන් බිඳක් සිහිපත් කරදීම පමණි. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර පළාත්වලින් බොහොමයක් එතෙක් කිසිදු පර්​ෙය්ෂණයකට හෝ අධ්‍යයනයකට ලක් නොවූ අභාවයට යමින් කාලයේ වැලි තලාව විසින් සඳහටම වසා ගනිමින් තිබුණු ඒවාය. යුද්ධය පැවැති කාලවලදීත් ඊට පෙර හා පසුවත් උක්ත ප්‍රදේශවල අපේ මේධානන්ද නායක හාමුදුරුවන් වහන්සේ සිදුකළ පුරාවිද්‍යා වැඩකටයුතුවලදී ජීවිත තර්ජන ද බොහෝ විය.

යුද්ධය දරුණු ලෙස ඇවිළෙමින් තිබුණු කාලයේ එල්ලාවල හාමුදුරුවන් වහන්සේ එම පළාතේදී මුහුණ දුන් අවදානම් සහගත සිද්ධියක් මෙසේය.

උන්වහන්සේ ගවේෂණ කටයුතුවලට නැගෙනහිර පළාතට ගොස් සිටියදී කොස්ගොල්ල ප්‍රදේශයේදී අතරමංව සිටියහ. ඒ අවස්ථාවේ පිල්ලුමලේ එල්.ටී.ටී.ඊ. කඳවුරේ නායකයා විසින් මුන් වහන්සේ යතුරුපැදියක නංවා ගෙන ආසන්නතම ජනාවාසයට ගෙනවුත් ඇරලවා ඇත. වන මැද බිහිසුණු අත්දැකීම් තවත් බොහෝ වූ බව පමණක් මෙහිදි කීමට කැමතිය.

උතුරු නැගෙනහිර ඓතිහාසික බෞද්ධ අනන්‍යතා ලක්ෂණ ප්‍රකට කරන පුරාවිද්‍යා ක්ෂේත්‍ර යටපත් කරමින් ඒවා මත වෙනත් නූතන සංස්කෘතික අනන්‍යතා ගොඩනැගීමේ ප්‍රජාතන්ත්‍ර විරෝධී, ශිෂ්ටාචාර විරෝධී මෙන්ම දේශයේ ජන කණ්ඩායම්හි හොඳ හිත පලුදු වන කටයුතුවලට විරුද්ධව උන්වහන්සේ කරුණු සහිතව, සාක්ෂි ඉදිරිපත් කරමින් වඩාත් ප්‍රශස්ත මාර්ගයක වැඩ හිඳිමින් තම විරෝධය පළ කළහ. ඒ හරහා උතුරු නැගෙනහිර බෞද්ධ නටබුන්හි රැකවරණය පිණිස සුවිශාල අරගලයක් කළහ. අද පවත්නා තත්ත්වයට හෝ ඒ පළාත්හි පුරා විද්‍යා ස්ථාන ආරක්ෂා වූයේ උන්වහන්සේගේ ගවේෂණ හා වාර්තාකරණය නිසා යැයි කීම අතිශයෝක්තියක් නොවේ.

‘“පාචීන පස්ස – උත්තර පස්ස – නැගෙනහිර පළාතේ හා උතුරු පළාතේ සිංහල බෞද්ධ උරුමය” පිටු 540කින් පමණ සමන්විත අගනා දත්ත වාර්තාකරණයකි. එය ආචාර්ය එල්ලාවල මේධානන්ද නාහිමියන්ගේ සිය ගණනක් කෘති අතුරින් 1ක් පමණි. පසු කාලයකදී එය ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය විය. එක්සත් ජාතීන්ගේ සංවිධානය එම ඉංග්‍රීසි පිටපත කෙරේ සැලකිලිමත් වීම දෙමළ ඊළාම් නිජබිම සංකල්පය වැපිරූ උදවියට මරු පහරකි. එතෙක් එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් ජාත්‍යන්තරය තුළ වපුරවනු ලබමින් සිටි සිංහල – බෞද්ධ විරෝධී මිථ්‍යා මත ප්‍රචාරණයට මේධානන්ද හිමියන්ගේ මෙම පුරාවිද්‍යා වාර්තාවේ ඉංග්‍රීසි පිටපත විශාල බාධාවක් විය.

පුරාවිද්‍යා චක්‍රවර්තී එල්ලාවල මේධානන්ද නාහිමිපාණන් වහන්සේ ශ්‍රී ලංකාවේ ජාතික සමගිය සංස්ථාපනය වන ආකාරයට තම ජීවිතයේ වැඩි කාලයක් කැප කරමින් සොයා ගැනුණු තොරතුරු ග්‍රන්ථ සියයකට ආසන්න ප්‍රමාණයක් ලියා තැබූහ. පුවත්පත්වල පළවූ ලිපි විශාල සංඛ්‍යාවකි. විශ්වවිද්‍යාල, විවිධ ආයතන හා උත්සව සභාවල මෙරට ජාතික උරුමය පිළිබඳව පැවැත්වූ දේශන දහස් ගණනකි. විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයකු, අධ්‍යාපන අමාත්‍යාංශ උපදේශකවරයකු හා පිරිවෙන් ආචාර්යවරයකු හැටියට වචනයට පෙරළිය නොහැකි අනර්ඝ සේවාවක් කළ මුන්වහන්සේගේ වටිනා පොත්පත් අතර “සිංහල උරුමය, නැගෙනහිර හා උතුරු පළාතේ සිංහල බෞද්ධ උරුමය, අප්‍රකට බ්‍රාහ්මී ලෙන් ලිපි, මාගම රාජධානිය/ රුහුණේ යටගියාව හා සෙල්ලිපි, නවතම ශිලාලිපි ගවේෂණ, උතුරු නැගෙනහිර වනගත බොදු උරුමය, බුද්ධංගල තපෝවනය, ඓතිහාසික කුඩුම්බිගල” යනාදිය වේ.

එල්ලාවල මේධානන්ද නාහිමියන්ගේ අත්‍යුදාර, අසහාය සේවාව අගයමින් වර්ෂ 2002දී මල්වතු මහා විහාරයීය ගරුතර කාරක මහා සංඝ සභාවෙන් පුරාවිද්‍යා පර් යේෂණසූරී ගෞරව නාමයද, අමරපුර චූලවංශික නිකායෙන් පුරාවිද්‍යා සාහිත්‍යසූරී ශාසනජෝති ගරු නාමයද 2005දී සංස්කෘතික අමාත්‍යාංශය මගින් දේශනේතෘ සම්මානයද 2003 අමද්‍යප රණ මයුර සම්මානයද පිරිනමනු ලැබූහ. සිදුකරන ලද අප්‍රමාණ සේවාව අගයමින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් පුරා විද්‍යා චක්‍රවර්තී ගෞරව නාමයද උන්වහන්සේ වෙත ප්‍රදානය කරන ලදී.

ශ්‍රී ලංකාවේ ජාතික සංඝ සම්මේලනයේ සභාපතිත්වය උසුලමින් මෙරට ත්‍රෛනිකායික භික්ෂුන්ට නායකත්වය දෙමින් රටේ දේශපාලන නායකත්වයට අවශ්‍ය කාලෝචිත මාර්ගෝපදේශනයන් ලබාදීමෙහිද එල්ලාවල නාහිමියෝ ප්‍රෝත්සාහි වූහ.

අසූ හතරවිය සැපිරූ අපේ එල්ලාවල මේධානන්ද නායක ස්වාමින්ද්‍රයාණන් වහන්සේට ශත වර්ෂාධික කාලයක් නිදුක්ව නිරෝගීව වැඩ සිටීමට සියලු ආශිර්වාද වේවායි ප්‍රාර්ථනා කරමු.


(***)
මල්වතු මහා විහාරවාසී,
පුරා විද්‍යා විශේෂවේදී,
මැදමහනුවර ධම්මසිරි හිමි

 



අදහස් (3)

අසූ හතර වැනි විය සපිරූ එල්ලාවල මේධානන්ද නාහිමියෝ

Athula k Wednesday, 03 February 2021 02:00 PM

උන්වහන්සේට දීර්ඝායුෂ ලැබේවා...!!! 

:       1       32

Raveendra Wednesday, 03 February 2021 02:21 PM

ඔබ වහන්සේට දිර්ඝායුෂ ලැබේවා...!!!

:       1       31

Senarath Thursday, 04 February 2021 03:21 AM

ඔබවහන්සේට නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site