X Advertisement
IMG-LOGO

2025 මැයි මස 17 වන සෙනසුරාදා


අහෝ! කඳ ඇතත් හිස නැති මාලිංග

 

ලසිත් මාලිංග සම්බන්ධයෙන් ලියැවෙන මෙම සටහන සුසන්තිකා ජයසිංහගෙන් ආරම්භ කිරීම වැදගත්ය.

සුසන්තිකාගේ විවාහ මංගල්‍ය යෙදුණේ 2000 වසරේදීය. ඒ වනවිට ඇය සිඞ්නි ඔලිම්පික් උළෙලේදී ‘‘රිදී පදක්කමක්’’ දිනා එම හපන්කම පෑ ශ්‍රී ලාංකික පළමු කී‍්‍රඩිකාව ලෙස ඉතිහාස ගතව සිටියාය. කිසිවකු හෝ ගණන් නොගෙන සිටීමට තරමට එම ජයග‍්‍රහණය බල සම්පන්න වී තිබිණි. එහෙත් ඇය සිය විවාහ මංගල්‍යයට සහභාගි වන ලෙස මාධ්‍යවේදීන්ට ආරාධනා කළාය. සෑම මාධ්‍ය ආයතනයකටම පැමිණ මංගල ආරාධනා පත‍්‍රය සිය දෝතින්ම පිළිගැන්වීමට තරම් ඇය නිහතමානී වූවාය.

රට වෙනුවෙන් ලබාගත් අනගිතම ජයග‍්‍රහණයේදී මේ රටේ මාධ්‍ය ඇයට දුන් දිරියට බලයට ඇය පෙරළා කෘතගුණ දැක්වූයේ එසේය.
දැන් ලසිත් මාලිංග ගැන කතා කරමු!

ඔහු මාධ්‍යයට ප‍්‍රතිචාර දැක්වූ ආකාරය මුළු රටම දුටුවේය. එය ‘‘බුරා පැනීමකින්’’ කිසි ලෙසකින්වත් වෙනස් නොවේ. එබඳු අශ්ලීල, අශිෂ්ඨ, අවිනීත, හැසිරීමක් එතෙක් මෙතෙක් කිසිදු ක‍්‍රීඩකයකු වෙතින් ප‍්‍රදර්ශනය නොවු බවද ඒකාන්ත සත්‍යයකි. මාලිංගගෙන් ප‍්‍රදර්ශනය වූයේ රත්ගම වැල්ලේ රස්තියාදුකාර මදාවියෙකුගේ හැසිරීමකි. එහෙයින් ඒ පිළිබඳව කතා කිරීමේ අයිතියක් අප සතුය.
මෙම සටහන සමඟ පළවන මාලිංගගේ මුල් කාලයේ ඡායාරූපය මාලිංගට මතක ඇතැයි අපි සිතමු. එම ඡායාරූපය ගනු ලැබුවේ ඉරිදා ලංකාදීප කර්තෘ මණ්ඩලයේදී සඳුන් ගමගේය. ක‍්‍රිකට් පුහුණුවෙන් පසුව බසයෙන් රත්ගම බලා යාමට පෙර ඇඳුම් බෑගය ද කරේ එල්ලාගෙන ඔබ ඉරිදා ලංකාදීපයට ආවේය. ඔබ පිළිබඳ මුල්ම ලිපිය මෙම පිටුවේම පළවූයේ මෙම ඡායාරූපය ද සමගිනි.

මේ ඉතිහාසය මෙහි සටහන් කළේ ඔබට නිගරු කිරීමට නොවේ. ඔබ මාධ්‍යයට ‘‘බුරා පනින’’ අයුරු දැකීමෙන් හටගත් සංවේගයෙනි.
ඔබ දක්‍ෂයෙකි. අසාමාන්‍ය දක්‍ෂයෙකි. ඒ සම්බන්ධයෙන් විවාදයක් නැත. ඔබ ජගත් ක‍්‍රිකට් පිටිය පුරා අණසක පතුරුවා හැරියේ ඒ

මාලිංග එදා

දක්‍ෂතාවයේ ආනුභාවයෙනි. පත්තර පිටු ගණනින් ඔබ වෙනුවෙන් වෙන්වූයේ ද ඒ දක්‍ෂතාවය නිසාය. සහස් සුවහස් ක‍්‍රිකට් පේ‍්‍රමීන් තුළ ඔබ සදාතනික වීරයකු ලෙස ගොඩ නැගුණේ ජන මාධ්‍ය කළ ඒ මෙහෙවර වෙනුවෙනි. ඔබ බුරා පැන්නේ ඒ ජනමාධ්‍යයටය.
ක‍්‍රීඩාවෙන් ක‍්‍රීඩකයකු තුළ ගොඩනැගිය යුතු මූලිකම යහගුණය වන්නේ විනයයි. විනයක් නොමැතිනම් කෙතරම් දක්‍ෂයකු වුවද ඔහු විශිෂ්ටයකු වන්නේ නැත. ඔබ ක‍්‍රිඩා කරන්නේ රට වෙනුවෙනි. ඔබ රට නියෝජනය කරන්නෙකි. රට සම්බන්ධ අත්නොහළ වගකීමක් ඔබට තිබේ. රට තුළදී ඔබේ හැසිරීම මෙබඳු නම් පිටරටකදී ඔබ කෙසේ හැසිරෙනු ඇද්ද? ඔබේ හැසිරීම අපට ප‍්‍රශ්නයක් වන්නේ ඒ අර්ථයෙනි.

ධනය මෙන්ම බලය ද පිරුවට හා සමානය. ඒවා අහිමි වන මොහොත කිව නොහැකිය. ධන කාමයෙන් දෑස නිලංකාර කරගත් බොහෝ දෙනකුට මේ පරම සත්‍ය අවබෝධ කර ගත නොහැකිය. එහෙයින් ඔවුහු උඩඟුවෙති. ලජ්ජා බයෙන් තොර වෙති. අවසානයේදී තමා කවුදැයි තමාටම අමතක වෙයි.

ඉතින් ලසිත් මාලිංග !
ඔබ වැන්නකුට ලිවීමත් එක්තරා ආකාරයකින් අපරාධයකි.

එහෙත් ඔබට සිහිපත් කළ යුතු කියමනක් තිබේ. එනම් ‘‘ඔබ ඉහළට යනවිට අතරමගදී හමුවන අයට ආචාර කරන්න. මන්දයත් පහළට බසින විටදී ඔබට ඔවුන් නැවත හමුවන හෙයිනි’’ මිනිසකුට අධ්‍යාපනයක් අවශ්‍ය වන්නේ මේවා ඉගෙන ගැනීමටය. අහෝ මාලිංග! අපට කීමට තිබෙන්නේ එපමණකි!

 

 

සටහන - ප‍්‍රසන්න සංජීව

 



අදහස් (0)

අහෝ! කඳ ඇතත් හිස නැති මාලිංග

කුමාර Wednesday, 13 March 2013 10:04 AM

උපන් ‍ගෙයි ගතිය බලි ඇරියත් නෑරේ උඩගුකම විනාශය ට මුල ය මේ ගැන අහන විට සිහිවන්නේ ඒ කියමන් ය (ස)

:       0       0

දේවි Thursday, 14 March 2013 08:42 PM

දීමනා කපලා කොටලා යක්ෂයා ආරෑඩ වෙලා ඉන්නකොට මාධ්‍ය එක්ත් පෙනිල තියෙන්නේ හොල්මන් වගේ (අ)

:       0       0

චන්දන Thursday, 14 March 2013 04:56 PM

ටෙනිස් ගහපු උයට ලෙදර් ගහපුවාහම ඔහොම තමයි. සල්ලි නිසා මිනිස්කම නැති කරගෙන (අ)

:       0       0

නිත්‍යා Thursday, 14 March 2013 03:40 PM

චචනයටක කොතරම් දෙයක් කල හැකි දැයි මෙම සිද්ධියෙන් වැටහුණා.(ස)

:       0       0

තුෂාර Thursday, 14 March 2013 11:12 AM

රත්ගම මෙතනට අදාල නෑ (ස)

:       0       0

කලන Wednesday, 13 March 2013 11:15 PM

ඔබ විසින්ම ඔබ විනාශ කරගත්ත වගේ වැඩක් (දී)

:       0       0

අජන්ත Wednesday, 13 March 2013 08:43 PM

මාව දැකලා නැද්ද මනුස්සයෝ (දී)

:       0       0

මීනු Wednesday, 13 March 2013 07:35 PM

මාලිංග, ඔබ අපට තවමත් වීරයෙකි. (නි)

:       0       0

රනිල් Wednesday, 13 March 2013 07:26 PM

මාලිංග, ඔයා ගමේ නම ඉදිරියටම ගෙනියන්න. සුභ පැතුම්! (නි)

:       0       0

දිනේෂ් Friday, 15 March 2013 05:52 AM

මාලිංග ඒ තැනට ආවේ ඔහුගේ දක්ෂතාවය නිසයි. (නි)

:       0       0

මලිත් Wednesday, 13 March 2013 08:51 AM

මාලිගා ... පුතා මොකද සද්දේ නැත්තේ (දී)

:       0       0

විකුම් Wednesday, 13 March 2013 07:51 AM

උඹ මේවායින් වැටෙන්න එපා මාලිංග. (නි)

:       0       0

සහන් Tuesday, 12 March 2013 08:33 PM

මෙහෙමත් ලැජ්ජාවක් (දී)

:       0       0

සමන් Tuesday, 12 March 2013 05:36 PM

ඇති දක්ෂ ඔබ මොකක්ද මේ කර ගත්ත? (දී)

:       0       0

පාලිත Tuesday, 12 March 2013 02:48 PM

මාලිංග පුතා මොකද කරන්නේ (දී)

:       0       0

බණ්ඩාර Tuesday, 12 March 2013 01:04 PM

මාලිංගට ඇග තිබ්බට මොකද්ද නැත්තේ (දී)

:       0       0

මාධව Tuesday, 12 March 2013 12:53 PM

ඔවු මාලිංග වැරදි තමයි. ඒත් ඇයි මීටවැඩිය වැරදි කරන දේශපාලුවන්ට දඩුවම් නොකරන්නේ? (නි)

:       0       0

හේමවංශ Friday, 15 March 2013 02:32 PM

මාලිංග, මීට වැඩිය හිතන්න ඕනෑ. (නි)

:       0       0

අජිත් Monday, 22 April 2013 02:38 PM

රටට ආදරය නොකරන්නා (අ)

:       0       0

අශෝක Sunday, 17 March 2013 01:21 PM

මල්ලි මාලිංග ඔයා නියම දකුණේ අපේ එඩිතර කොල්ලෙක්!(නදී)

:       0       0

සුමිත් Sunday, 17 March 2013 01:50 AM

ඉස්සර තමයි රට වෙනුවෙන් සෙල්ලම් කළේ. (නි)

:       0       0

කුමාර Saturday, 16 March 2013 06:11 PM

මාලිංග මොකද උනේ ඔයාට

:       0       0

සුමිත් Saturday, 16 March 2013 02:24 PM

මාලිංග තවමත් ප්‍රමාද නැහැ. වෙච්ච වැරැද්දට සමාව ඉල්ලන්න. (ස)

:       0       0

සමන්ත Saturday, 16 March 2013 10:34 AM

මාධ්‍යයේ පිහිටෙන් ප්‍රසිද්ධිය ලැබූ ඔබ මාධ්‍යයට ගරු කිරීමට මීටවඩා සිතට ගතයුතුය. (නි)

:       0       0

රන්දික Saturday, 16 March 2013 09:19 AM

සල්ලි වැඩි වීමේ ප්‍රතිඵල තමයි ඔය (ස)

:       0       0

නිමල් Saturday, 16 March 2013 02:39 AM

කෙස් ඇත. ඔළුව ඇත. නමුත් මොළය නැත. (නි)

:       0       0

පාලිත Tuesday, 12 March 2013 12:50 PM

තමන්ගේ ගෙදරත් ඔහොම්මද දන්නෙ නැහැ. (නි)

:       0       0

නිල්මිණි Friday, 15 March 2013 01:36 PM

අහෝ! කඳ ඇතත් හිස නැති මාලිංග (දී)

:       0       0

පද්මිණි Friday, 15 March 2013 01:36 PM

මාලංග මමනම් ලිදේ පනිනවා මේ කියන කතා වලට (දී)

:       0       0

සදුන් Friday, 15 March 2013 01:36 PM

මාලිංගට අහන් ඉන්න බැරිව ඇති මේ කියන කතා (දී)

:       0       0

ප්‍රේමදාස Friday, 15 March 2013 01:42 PM

මාලිංග.......... (දී)

:       0       0

දමිත් Friday, 15 March 2013 01:36 PM

ගණන් ගන්න එපා මාලිංග. මිනිස්සු කියන කතා (දී)

:       0       0

ගාමිණි Friday, 15 March 2013 01:42 PM

මොකද කට වැහිලා මෙච්චර බනින එකේ මොනවා හරි කියන්නකෝ (දී)

:       0       0

මැණික් Friday, 15 March 2013 10:50 AM

ඒ දවස් වල මාලිංග අදට වැඩිය ලස්සනයි. (නි)

:       0       0

සෙනරත් Monday, 11 March 2013 04:13 AM

අපෝ! මට නම් මෙයාව ඔය කියන තරම් දක්ෂයෙක් නෙමෙයි. (නි)

:       0       0

රොහාන් Monday, 11 March 2013 02:43 PM

මාලිංගට ජයවේවා (දී)

:       0       0

නිශාන්ත Monday, 11 March 2013 11:23 AM

මාලිංග ලජ්ජා ඇතිනම් කතා කරන්නේ නැහැ (දී)

:       0       0

ලංකා Monday, 11 March 2013 11:16 AM

මාලිංග ඉල්ලා අස් වෙන්න (දී)

:       0       0

යොහාන් Monday, 11 March 2013 09:14 AM

අනේ මගේ මාලිංග! (නි)

:       0       0

ප්‍රියා Monday, 11 March 2013 09:09 AM

මාලිංගටම බැණලා වැඩක් නැහැ.මේවා ලොකු තැන්වල ඉන්න අය දැනගන්න ඕනෑ. (නි)

:       0       0

පාල Monday, 11 March 2013 08:40 AM

හැමෝම ගමේ ක්‍රිකට් දියුණු කරන්න කියලා කෑගහනවා. ඉතින් කොහොමද කරන්නේ? (නි)

:       0       0

යොහාන් Monday, 11 March 2013 07:28 AM

මොහුගේ වරදට රත්ගම ගම පළි නැත. රත්ගම යනු හොද මිනිසුන් සිටින ගමකි. (නි)

:       0       0

විල්ෆ්‍රඩ් Monday, 11 March 2013 06:14 AM

මාලිංග දැන් ඉන්නේ අංක බිංදුවේ. (නි)

:       0       0

නලින් Monday, 11 March 2013 03:36 PM

අහෝ! මාලිංග (දී)

:       0       0

ගාමිණී Monday, 11 March 2013 12:14 AM

මාලිංග, දැන් ඔබ කළ වරදට සමාව ගැනීමට ඔබට කළ හැකි හොඳම දෙය ඔබ මෙම පින්තුරයේ සිටින අයුරින් නැවත ඔබේ කොණ්ඩය කපා ගෙන ජනතාව අතරට එන්න. එවිට මුළු රටම ඔබට සමාව දෙනු ඇත. මොකද ඔබ අද ඉන්න ස්වරූපය ඔබට ඔබව අමතක කිරීමට තරම් හේතුවී ඇති බව අපේ අදහසය. (නි)

:       0       0

කෝලිත Sunday, 10 March 2013 10:13 PM

මාලිංග හිතනවා ඇති එයා වීරයෙක් කියලා. (නි)

:       0       0

සුනිල් Sunday, 10 March 2013 09:49 PM

අයියෝ මාලිංග (දී)

:       0       0

නිශාන්ත පෙරේරා Sunday, 10 March 2013 08:48 PM

බලන්නාට දකින්නට අශෝභන හැසීමට කණගාටුයි ඔබ ගැන (අ)

:       0       0

පාලිත Sunday, 10 March 2013 06:19 PM

මාලින්ග ගේ පොඩි ඒ දවස්වල (දී)

:       0       0

චන්ද්‍රා Sunday, 10 March 2013 05:07 PM

මාලිංග මේ කතා අහ අහ තවත් කණ්ඩායම තුල ඉන්නේ කොහොමද (දී)

:       0       0

නීල් Sunday, 10 March 2013 03:49 PM

අපි මේ සිද්දිය අයි. සි.සි. එකට යවමුද (දී)

:       0       0

නිරෝෂණ Sunday, 10 March 2013 02:22 PM

මාලිංගට දුන්නු මාරු පහරක් (දී)

:       0       0

ගාමිනි Monday, 11 March 2013 03:39 PM

මාලිංගට සමාජයේ හැසිරෙන්න උගන්නන්න (දී)

:       0       0

හේරත් Monday, 11 March 2013 04:14 PM

මාලිංග දැන් වත් හැදෙන්න (දී)

:       0       0

සිල්වා Monday, 11 March 2013 04:30 PM

දැන් ඇති..දැන් ඇති..බැන්නා (දී)

:       0       0

දුෂාන්ත Monday, 11 March 2013 06:02 PM

මාලිංග තවත් කණ්ඩායමේ ඉන්නවාද (දී)

:       0       0

සනත් Monday, 11 March 2013 07:31 PM

මාලිංග තවමත් ප්‍රමාද නැහැ. වෙච්ච වැරැද්දට සමාව ඉල්ලන්න.අපි ඔබට ආදරෙයි.මනුස්ස ගතියට වඩා දේව ගතිය පෙන්වන්න. (නි)

:       0       0

පාලිත Monday, 11 March 2013 09:30 PM

මාලිංග මොකද්ද මේ නැහැ කියන්නේ (දී)

:       0       0

සේකර Monday, 11 March 2013 09:30 PM

මාලිංගට කියන්න තියෙන එකනම් කියලා තියෙනවා, නියමයි (දී)

:       0       0

ආනන්ද Monday, 11 March 2013 11:49 PM

මාලිංග මටනම් ඔයා ගැන ලැජ්ජයි (දී)

:       0       0

හර්බට් Tuesday, 12 March 2013 01:08 AM

නුසුදුස්සන් ඉවත් කළ හැකිනම් එය ඉතා සුභදායක වේවි. (නි)

:       0       0

නිලන්ත Tuesday, 12 March 2013 03:42 AM

ඇයි ඔච්චර බණින්නේ? රටේ දේශපාලඥයෝ කොච්චර නරක වැඩ කරනවද? (නි)

:       0       0

චන්දන Tuesday, 12 March 2013 04:48 AM

පුහුණු වැඩමුළු වලට ක්‍රිකට් වලට අමතරව හැසිරීම, ඉංග්‍රීසි, රටේ ඉතිහාසය, ..ඇතුළත් කරන්න. ගමෙන් එන දක්ෂ, ඒත් එතරම් ඉගෙනගෙන නොමැති අය හදාගැනීම ක්‍රීඩා පාලකයන්ගේ වගකීමයි. (නි)

:       0       0

කිත්සිරි Tuesday, 12 March 2013 07:58 AM

මාලිංග කැපිලි කෙටිලි සුලභ ක්ෂේත්‍රයක තම දක්ෂතාවය නිසාම ඉදිරියට පැමිණියෙකි. (නි)

:       0       0

දේනුක වීරසිංහ Tuesday, 12 March 2013 09:42 AM

මාලිංග සමාව ගත යුතුය (දී)

:       0       0

ජර්මා Tuesday, 12 March 2013 11:33 AM

දැන් ක්‍රිකට් ගැහුවා ඇති මාලිංග. දැන් ඔයා බොදු බල සේනාවට එකතු වෙන්න. (නි)

:       0       0

චානක Tuesday, 12 March 2013 11:52 AM

මාලිංග, නොසැළී ඉදිරියටම යන්න. ඔබ සැබෑ ක්‍රිකට් විරුවෙකි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site