X Advertisement
IMG-LOGO

2025 මැයි මස 24 වන සෙනසුරාදා


ආණ්ඩුවේ කල්මැරීම

(සටහන - චමින්ද මුණසිංහ)

වත්මන් ආණ්ඩුව බලයට පත්වූ මුල් දිනවල සහ ඒ සමීප කාලයේදී නොයෙක් දේ සිදුවුණි. ජනතාවට දුන් පොරොන්දු ඉටුකරන දිශාවට යන ආකාරයක් දැක ගැනීමට හැකි වුණි. කලින් තිබූ ඒකාධිපති ස්වරූපය නැති කළේය. කතා කිරීමට, බියකින් තොරව විවේචන කිරීමට ජනතාවට නිදහස ලැබුණි. ඒ තත්ත්වය ආරම්භයේ සිට මේ දක්වාම පවත්වාගෙන යමින් තිබේ.

ඒ පසුබිම යටතේ නිදහස් සංස්කෘතියක් රටේ නිර්මාණය වුණි. රටේ නායකයන් පවා විවේචනය කිරීමට මේ ඔස්සේ අවකාශ සැලසී තිබේ.

එහෙත් මේ ආණ්ඩුව බලයට ඒමේදී පොරොන්දු වූ වැදගත් කාරණා තවමත් ඉටුවී නැත. එසේ නොවන්නේ නම් ඒවා ඉටුවීමේ ප‍්‍රමාදයක් තිබේ. 2015 ජනවාරි 08 වෙනස ආරම්භ වූයේ මාදුළුවාවේ සෝභිත හිමි ආරම්භ කළ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය මූලික වී ඉදිරිපත් කළ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම සහ මැතිවරණ ක‍්‍රමය වෙනස් කිරීම යන කරුණු පදනම්වය. මේ අදහස ජනතාව අතරට ගෙනයාම හරහා වූයේ වෙනසකට ජනතාව සූදානම් කිරීමය. එහෙත් ජනවාරි අට වෙනසට සහයෝගය දුන් කොටස් සහ ඡුන්දය දුන් ජනතාව ජනාධිපති හෝ අගමැති පත්කිරීම පමණක් බලාපොරොත්තු වූයේ නැත. මේ පත්කිරීම් මාර්ගයෙන් පාලන තන්ත‍්‍රයේ වෙනසක් නැතිනම් ”සිස්ටම් චේන්ජ්” එකක් ඔවුහු බලාපොරොත්තු වූහ.

ඇතැම් කාරණා සිදුවුණි. විධායක ජනාධිපතිවරයාගේ බලතල 19 වැනි සංශෝධනය හරහා අඩු කිරීම මෙයට එක් උදාහරණයකි. ස්වාධීන කොමිෂන් සභා පත් කිරීමද සිදුවුණි. තොරතුරු දැනගැනීමේ පනතද සම්මත කර ක‍්‍රියාත්මක කර තිබේ. මෙවන් යහපත් පියවරද ගෙවුණු වසර දෙකහමාරක පමණ කාලයේදී දැක ගන්නට පුළුවන. එහෙත් මූලිකම කාරණය වූ විධායක ජනාධිපතිධුරය වෙනස් කිරීමේ කටයුත්ත තවම ඉටුවී නැත. දැනට වසර දෙක හමාරක් ගෙවී ගොසිනි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව්‍යුහයක් තුළ ව්‍යවස්ථාවක් වෙනස් කිරීම පෑන් පහරකින් කළ හැකි දෙයක් නොවේ. ජනතා අදහස් ලබා ගැනීම ආදිය අවශ්‍යයි. යම් ක‍්‍රමවේදයක් ඔස්සේ ජනතා අදහස් ලබාගැනීමද සිදු වුණි. එහෙත් මේවායේ ප‍්‍රතිඵල ප‍්‍රමාද වී තිබේ. එනිසා මේ ක‍්‍රියාවලිය කඩිනම් කිරීමේ අවශ්‍යතාවක් තිබේ. මේ වසරේදී එම කටයුතු කඩිනමින් අවසන් නොකළහොත් තවදුරටත් එය සිදු කෙරේද යන්න සම්බන්ධයෙන් මතුවන්නේ සැකයකි. එයට හේතුව නව ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට ජනතා සහාය අවශ්‍ය වීමය.

විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම සහ අනෙක් කාරණා සම්බන්ධයෙන් ජනමත විචාරණයකට යා යුතුය. ජනමත විචාරණයකට ගිය විට ජනතාව බලන්නේ ව්‍යවස්ථාවේ අඩංගු කරුණු දෙස පමණක් නොවේ. තමන්ගේ ආර්ථික ප‍්‍රශ්න විසඳුණාද, අනෙක් ප‍්‍රශ්නවලට වූයේ කුමක්ද යනාදී අංශ රාශියක් කෙරෙහි ජනතාව සිත් යොමනු ඇත. කාලයක් යනවිට  ඕනෑම ආණ්ඩුවක් සම්බන්ධයෙන් ජනතාවට කලකිරීම් ඇතිවීම ස්වභාවිකය. එම කලකිරීම ජනමත විචාරණයට ඇතුළු වුවොත් ආණ්ඩු වෙනසින් බලාපොරොත්තු වූ අරමුණු ඉටුවන්නේ නැත. ගෙවුණු කාලය සම්බන්ධව දැන් ගතහැකි පියවරක් නැත. එනිසා දැන්වත් මේ වෙනස්කම් කිරීමට ආණ්ඩුව කඩිනමින් පියවර ගත යුතුය.

විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම කාලයක් තිස්සේ සාකච්ඡා වී වර්ධනය වූවකි. එහෙට මෙහෙට තර්ක හුවමාරු වී මේ සම්බන්ධයෙන් රටේ සංවාදයක් ඇතිවී තිබුණි. විධායක ජනාධිපතිධුරය අහෝසි කරන ලෙස මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන්ද ඉල්ලා සිටියේය. අවාසනාවකට එවැන්නක් වූයේ නැත. එහෙත් එ.ජා.පයත් ශ්‍රී.ල.නි.ප මෛත‍්‍රී පාර්ශවයත් මේ වෙනස කිරීමට එකඟත්වයක් ඇති කරගෙන තිබේ. ජනාධිපතිගේ වැඩ පිළිවෙළට සම්බන්ධ නැති ඔහුට විරුද්ධව වැඩ කළ සමහර ශ්‍රී.ල.නි.ප අය මේ ආණ්ඩුවේද ඇමැතිවරුය. ඒ අය සිටින්නේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරනවාට විරුද්ධ මතයකය. ජනාධිපතිවරයා මේ අයගේ මතයට අනුව ක‍්‍රියා කළොත් එය ඔහුගේ දේශපාලන චරිතයට, නාමයට කැළලකි. එය ඔහුට හානියකි. ජනාධිපතිවරයා බොරුකාරයකු වන්නට පුළුවන. මේ කණ්ඩායම ක‍්‍රියාකරන ආකාරයේ අවසන් ප‍්‍රතිඵලය වන්නේ ඔවුන් සම්බන්ධ නොවූ වැඩ පිළිවෙළක් අසාර්ථක කිරීමය. එනිසා විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට තමන් කටයුතු කරන බව ජනාධිපතිවරයා පැහැදිලිව රටට ප‍්‍රකාශ කළ යුතුය. තිබෙන තොරතුරු අනුව ජනාධිපතිවරයා තවම සිටින්නේ ඔහු මුල සිටි ස්ථාවරයේමය. එහෙත් ශ්‍රී.ල.නි.ප මධ්‍යම කාරක සභාව ගන්නා තීරණය ක‍්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයාට සිදුවන බව ශ්‍රී.ල.නි.ප ඇමතිවරු යම් යම් අවස්ථාවල ප‍්‍රකාශ කර තිබුණහ.

එවැන්නක් විශ්වාස කළ නොහැක. මධ්‍යම කාරක සභාව ගන්නා තීරණය ක‍්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයාට සිදුවනවා නම් විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීමේ ප‍්‍රතිපත්තිය කුමක්ද යන්න පැහැදිලි කරදී මධ්‍යම කාරක සභාවට නායකත්වය දීමට ජනාධිපතිවරයා යොමුවිය යුතුය. මේ මධ්‍යම කාරක සභාවේ අදහස්වලට එදා ජනපති මහින්ද යටත්වූයේ නැත. ඒකාලයේ ශ්‍රී.ල.නි.ප මධ්‍යම කාරක සභාව කළේ මහින්ද රාජපක්ෂ කියූ දේය. දැන් කවුරු මොනවා කීවත් විධායක ජනාධිපතික‍්‍රමය අහෝසි කිරීමට වත්මන් පාලකයන් ජනතාව සමඟ සම්මුතියකට පැමිණ සිටින බව අමතක නොකළ යුතුය. ඒ සම්මුතිය බිඳ දැමීමට ශ්‍රී.ල.නි.ප මධ්‍යම කාරක සභාවට හෝ වෙනත් කෙනෙකුට බිඳ දැමිය නොහැක. එනිසා මේ ක‍්‍රියාවලිය ශක්තිමත්ව ඉදිරියට ගෙනයාමේ අවශ්‍යතාව දැඩිව මතුව තිබේ.

ආණ්ඩුව කරන හොඳ වැඩ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට තරම් ශක්තිමත් ප‍්‍රචාරණ යාන්ත‍්‍රණයක් ආණ්ඩුවට නැත. ඒකාබද්ධ විපක්ෂයෙන් ආණ්ඩුවට එල්ලවන විවේචනවලට නිසි පිළිතුරු සැපයීමක්ද නැත. අලූත් ව්‍යවස්ථාව මර උගුලක් බවට ප‍්‍රචාරය කෙරුණි. එක් මන්ත‍්‍රීවරයකු මල්වතු මහ නා හිමියන්ට මේ බව කියා සිටි විට අලූත් ව්‍යවස්ථාව දැක නැතිව එසේ කියන්නේ කෙසේදැයි උන්වහන්සේ ප‍්‍රශ්න කළහ. එහෙත් මේ පණිවුඩය ජනතාව අතරට ගෙන යාමට ආණ්ඩුව පියවර ගත්තේ නැත.

ජාතීන් අතර තිබූ බැඳීම යුද්ධය හේතුවෙන් ඈත් වුණි. ඉතිහාසය දෙස බැලූවහොත් ලංකාව මුළු ලෝකයටම සහජීවනයේ සංකේතයකි. යුද්ධය හේතුවෙන් යම් සැකයක් ජාතීන් අතර වර්ධනය වුණි. අද එම සැකය යොදාගෙන ආණ්ඩුවේ කකුලෙන් ඇදීමට ඒකාබද්ධයේ ඇතැම් මන්ත‍්‍රීවරු උත්සාහ ගන්නා බවක් පෙනෙන්නට තිබේ. එසේ වුවත් රටේ සංහිඳියාව ඇති කිරීමට බලය බෙදීමකට මේ ආණ්ඩුව බැඳී සිටින බවද කිව යුතුය. එම බලය බෙදෙන්නේ කවරාකාරයටද යන්න තවම නිසිලෙස සාකච්ඡා වී නැත. මේ සම්බන්ධ යම් එකඟතාවලට පසුබිම සකස් වෙමින් තිබේ. එසේ වුවත් මේ සම්බන්ධයෙන්ද බොරු මත ප‍්‍රචාරය කරමින් කල් මැරීමේ සූදානමක් තිබේද යන සැකය තිබේ. ශ්‍රී.ල.නි.ප කොටස් මෙහිදී විශේෂිතය. ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට ලබාදී ඇති තැන කිසි ලෙසකින්වත් වෙනස් නොවන බව ජනාධිපතිවරයා ප‍්‍රකාශ කර තිබේ. එහෙත් ඒකාබද්ධ විපක්ෂ මන්ත‍්‍රීවරු මෙයට විරුද්ධව මත පළකරමින් සිටිති. ඒවාට පිළිතුරු ආණ්ඩුවෙන් ලැබෙන්නේ නැත.

බලය බෙදීම පිළිබඳ හොඳ තැනකට පැමිණ තිබේ. රටම පිළිගන්නා විසඳුමක් අවශ්‍ය බව සම්පන්දන් මහතාගේ අදහස වී තිබේ. එය මුලින් දැරූ ස්ථාවරයට වඩා බෙහෙවින් පහළට යාමකි. අලූත් ව්‍යවස්ථාව හා බොහෝ සමීපව යන තත්ත්වයක් එම ස්ථාවරයේ දැකගන්නට පුළුවන. මේ අවස්ථාව පාවිච්චි කළ යුතුය. සම්පන්දන් මහතාගේ නායකත්වය තිබෙන තාක් මේ කටයුත්ත කරගත හැකිය. ඔහුගෙන් පසුව කුමක් වේදැයි කිව නොහැක. එයට හේතුව ඔවුන්ගේ පාර්ශවයේද දැඩි මතධාරීන් සිටීමය. නැතිනම් අන්තවාදී අදහස් ඇති අය සිටීමය. එනිසා මේ අංශයෙන්ද ඉක්මන් විය යුතුය.

ජාතික සංහිඳියා ප‍්‍රශ්නය අනෙක් කරුණය.

මුස්ලිම් ජනයාට එරෙහිව වැඩ පිළිවෙළක් 2012 දී පමණ ආරම්භ වුණි. බොදුබල සේනා, සිංහල රාවය, රාවණා බලය යනාදී සංවිධාන වෙත මෙහිදී ඇඟිල්ල දිගුවුණි. මේවා විසඳීමට පසුගිය ආණ්ඩුව පියවර ගත්තේ නැත. එපමණක් නොව සමහර අවස්ථාවලදී ආණ්ඩුව මේ සංවිධානවලට අනුබල දුන් බවට මතයක් වර්ධනය වුණි. මේ නිසා සාමාන්‍ය මුස්ලිම් ජනයා කලකිරී වත්මන් ජනාධිපතිවරයාට ඡුන්දය ප‍්‍රකාශ කළහ. මේ සංවිධානවල ක‍්‍රියාකලාපය හේතුවෙන් මුස්ලිම් ජනයා තමන්ගෙන් ඈත්වූ බව මහින්ද රාජපක්ෂ මහතාද පසුව පිළිගත් කරුණකි. කෙසේ වෙතත් වත්මන් පාලනය බලයට පත්වූ පසු එකී තත්ත්වය යටපත් වුවද මෑත කාලයේදී යළිත් මේ බලවේග සක‍්‍රීය වී ඇති ස්වභාවයක් දැක ගන්නට පුළුවන. දැනට තිබෙන නිදහස අනිසි ලෙස පාවිච්චි කර මුලින් කී සංවිධානවලට අමතරව තවත් එවැනි සංවිධාන කීපයක්ද අලූතෙන් බිහිවී තිබේ. මෙයින් පෙනෙන්නේ ලබාදී තිබෙන නිදහස අනිසි ලෙස පාවිච්චි කරන බවය. යම් ජන කොටසකට ප‍්‍රශ්න තිබෙනවා නම් සාකච්ඡා කර, ආණ්ඩුව සමඟ ගනුදෙනුවකට ගොස් විසඳුම් ලබාගැනීම ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයකි. එහෙත් පාරට බැස තවත් ජාතියකට නින්දිත ලෙස කතා කිරීම ආගමික නිර්මාතෘවරුන්ට අපහාස කිරීම කිසිසේත් අනුමත කළ නොහැක. මෙවැනි ක‍්‍රියා ජාතික සංහිඳියාවට බාධාවකි. ජාතිය ගොඩනැඟීමට බාධාවකි.

ජාතික සංහිඳියාවක් ඇති කිරීමේ අවශ්‍යතාව තම සිතිවිල්ල බව නායක දෙපළ පෙන්වාදී තිබේ. එය සිතිවිලි ලෙස පැවතීම පමණක් ප‍්‍රමාණවත් නැත. ක‍්‍රියාවේ යෙදවීමද අවශ්‍යය. කෙසේ වෙතත් පසුගිය කෙටි කාලයකදී සිදුවූ යම් යම් සිද්ධි හරහා මුස්ලිම් ජනයා අතර කලකිරීමක් වර්ධනය වී තිබේ. ඒ කලකිරීම නැති කිරීමට ආණ්ඩුව ක‍්‍රියා කළ යුතුය. පොලිසියේ ප‍්‍රතිසංස්කරණ රාශියක් විය යුතු බවද අමතක නොකළ යුතුය. ආණ්ඩුවේ තිබෙන දුර්වලතා නැති නම් කල් මැරීම නිසා නිර්මාණය වන්නේ වෙනස් ප‍්‍රශ්නයකි. එය ඉදිරි ඡුන්ද පරාජයට හේතුවීමට ඉඩ තිබේ. එනිසා කඩිනම් පියවර ගැනීම අවශ්‍යයි.

ප‍්‍රධාන කාරණය එනම් විධායක ජනාධිපති ක‍්‍රමය ජනමත විචාරණයකට නොගොස් සංශෝධනය කළ යුතු බවට මතයක් තිබේ. ජනමත විචාරණයකට යාමට බිය වන්නේ ඇයි? මේ නොයෙක් මත ගෙනෙන අය නොකියා කියන්නේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන්න එපා කියාය. අලූත් ව්‍යවස්ථාවකට ජනමත විචාරණයකින් ජනමතය ලැබීම වඩා හොඳය. එවිට එම ව්‍යවස්ථාවත් කල් පවතිනු ඇත. ජනමත විචාරණය වෙනම කරුණකි. අපට අවශ්‍ය ව්‍යවස්ථාවේ පවතික අඩුපාඩු සකසා රටේ ඉදිරි ගමනට සුදුසු ව්‍යවස්ථාවක් හැදීමය. එසේ නොකර කුඩා කුඩා නෙස්කම් කිරීමෙන් පලක් වන්නේ නැත. එවිට සෝභිත හිමිගේ සිහිනය ද බොඳවනු ඇත. ඒ වගේම ජනාධිපතිවරයා සහ අගමැතිවරයා රටට වී ඇති පොරොන්දු කඩ වනු ඇත. එනිසා ජනමත විචාරණයකට යාමට පසුබට නොවිය යුතුය.

සමහර කණ්ඩායම් බලන්නේ නැති තත්ත්වයක් මතුකිරීමටය. මේවා එන්නේ ජාතිවාදය දේශපාලන ස්වරූපයක් ගැනීමේ ප‍්‍රතිඵලයක් වශයෙනි. මේවායෙන් අවසානයේ සිදුවන්නේ රට අස්ථාවර වීමකි. ඒ වගේම ආණ්ඩුවද අස්ථාවර වීමකි. ආණ්ඩුව අස්ථාවර වූවොත් එහි වාසිය ලැබෙන්නේ විපක්ෂ බලවේගවලටය. සෑම දෙයක්ම යොදා ගන්නේ ආණ්ඩුවේ කකුලෙන් ඇදීමටය. ඒ වගේම ආණ්ඩුවේ අඩුපාඩු ප‍්‍රමාදවීම් සහ අවිනිශ්චිතතාවලින් ඒකාබද්ධ විපක්ෂයට ඔක්සිජන් සපයන ආකාරයක් දැක ගන්නට පුළුවන.



අදහස් (0)

ආණ්ඩුවේ කල්මැරීම

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site