X Advertisement
IMG-LOGO

2025 මැයි මස 29 වන බ්‍රහස්පතින්දා


ආණ්ඩුවේ බල පෙරැළිය ව්‍යවස්ථාවට සීයට සීයක් එකඟයි

ඩලස් අලහප්පෙරුමගේ විග්‍රහය මෙසේ විවර කරමු.

ප්‍රශ්නය:- ශ්‍රී.ල.නි.ප. ආණ්ඩුවෙන් ඉවත් වුණේ ඇයි?

පිළිතුර:- ඒක එම පක්ෂයෙන් ඇසිය යුතු ප්‍රශ්නයක්. එහෙත් අගමැති ප්‍රමුඛ එජාපය ඔවුන්ගේම න්‍යාය පත්‍රයකට ශ්‍රීලනිප නොසලකා ජනාධිපතිවරයාගේ මතවාද නොසලකා හිතුවක්කාරී තනි ගමනක් යන්නට ගත් වෑයමත් ජනාධිපතිවරයා ඝාතන කුමන්ත්‍රණය ගැන එජාපයේ වැඩපිළිවෙළත් මත පදනම්වී මේ හදිසි තීන්දුව ගත් බව මගේ විශ්වාසයයි.

ප්‍රශ්නය:- ශ්‍රීලනිප ආණ්ඩුවෙන් ඉවත්වී ඒකාබද්ධය පැත්තෙන් අගමැති පත්කරන්නේ පරණ ඩීල් එකක් හැටියට ද?

පිළිතුර:- ස්ථිර වශයෙන්ම නැහැ. ශ්‍රීලනිපයට ඉන්නේ මන්ත්‍රීවරු 26යි. ඒකාබද්ධය වටා 69 දෙනකු ගොනුවී සිටිනවා. මේ 69දෙනා නැතුව කිසිවක් කළ හැකි තැනක නැහැ. එජනිස හැටියට සියලුදෙනා තිබූ පරස්පරතා පසෙකින් තබා කටයුතු කළා කියා මම විශ්වාස කරනවා.

ප්‍රශ්නය:- නව අගමැතිවරයා පත්කිරීම නීති විරෝධී ක්‍රියාවක් නේද?

පිළිතුර:- නීති විරෝධී කියන්නේ මොකක්ද? ව්‍යවස්ථා විරෝධී නම් ව්‍යවස්ථාවේ උල්ලංඝනය වෙච්ච තැන් කියන්නට ඕන. අධිකරණයට යන්න ඕන. එහෙම කිසිම දෙයක් නැහැ. මේක නීති විරෝධී නම් ඒක දිට්ඨධම්මවේදනීය කර්මය කියන්නත් පුළුවන්. 2015දී මන්ත්‍රී 44ක් සිටි එජාප නායකයාට අගමැතිකම ප්‍රදානය වුණා. ඒ වෙලාවේ ඔය කිසිම අඩුපාඩුවක් දැක්නේ නැහැ. 19 වැනි සංශෝධනය අනුව ජාතික ආණ්ඩුව අහෝසි වීමත් සමඟ ඇමැති මණ්ඩලයත් අහෝසි වෙනවා. අැමැති ධූර 50 සිට 30ට බසිනවා. එසේවීම අගමැතිගේ නික්මයාමට හේතුවක් වන බව ව්‍යවස්ථාවේ පැහැදිලිව දක්වා තිබෙනවා. එවිට නව අගමැතිවරයකු පත් කිරීමට ජනාධිපතිට අවස්ථාව ලැබෙනවා. එතුමා ඒක පාවිච්චි කළා.

ප්‍රශ්නය:- මේ ක්‍රියාවලිය ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් බවයි එජාපය නම් කියන්නේ?

පිළිතුර:- එජාපය ඉන්නේ වික්ෂිප්ත වෙච්ච තත්ත්වයක. එනිසා විවිධ ප්‍රකාශ කරනවා. කුමන්ත්‍රණ කතා කියන්නේ බටහිර ජාතීන් මේකට පලටවා ගැනීමේ වුවමනාවෙන් පාව්චිචි කරනවා මිස වෙන දෙයක් එතන නැහැ. මේ ව්‍යවස්ථා විරෝධී නොවන බව නීති විශාරදයන් පෝලිමේ කියනවා. ඕක එජාපයේම නිර්මාණයක් පමණයි.

ජනතාව මේ ගැන දරන අදහසත් වැදගත්. අලුත් අගමැතිතුමා පත්වුණාම 2009 මැයි 19 වැනිදා කොටින්ගෙන් රට බේරාගත් දවසේ ජනතාව ලැබුවා හා සමාන සතුටක් මේ වේලාවේ රනිල්ගෙන් රට බේරාගත්තාමත් ජනතාව ලැබුවා. 2015 පරාජය වුණාම මහින්ද මහත්තයා සොයාගෙන ජනතාව මැදමුලනට ගියා. මහින්ද මහත්තයත් ජනතාව අතරට ගියා. ඒත් මෙවර එජාප නායකයා සොයාගෙන ජනතාව ආවේ නෑ. එතුමා ජනතාව අතරට යනවා වෙනුවට බටහිර රටවල තානාපතිවරු කැඳෙව්වා. ඒකෙන්ම මෙතැන තිබෙන වෙනස තේරුම් ගන්න පුළුවන්.

ප්‍රශ්නය:- මුලින් පාර්ලිමේන්තුවේ විශ්වාසය, බහුතරය නොපෙන්වා අගමැති පත් කළ හැකි ද?

පිළිතුර:- ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ කිසිම අදාළත්වයක් එතැනට නැහැ. මෙය ව්‍යවස්ථානුකූල හෝ නීත්‍යනුකූල නෙමෙයි නම් එජාපයට පියවර දෙකක් ගන්න පුළුවන්. අධිකරණයට යාම එයින් එකක්. අගමැතිට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගේන්න පුළුවන්. එමගින් 113 නැති බව ඔප්පු කරන්න පෙන්නුවාම ප්‍රශ්නය ඉවරයි. මේ ක්‍රියාමාර්ග දෙකටම නොගොස් බලහත්කාරයෙන් අරලියගහ මන්දිරයේ රැඳී ඉන්න බලනවා. 2015 ජනවාරි 09 වැනිදා ශ්‍රීලනිප මන්ත්‍රී 126ක් නියෝජනය කළ දි.මු. ජයරත්න අගමැති ඉවත් කර 44ක් සිටි එජාප නායකයා අගමැති වුණා. එජාපයට යම් බලයක් තැනීමට, ඡන්ද කල් දැමීමට රාජ්‍ය සම්පත් කුණු කොල්ලයට විකිණීමට, රාජ්‍ය ආරක්ෂාව අතනතුරට හෙළීමට තමයි එම ධුරය පාවිච්චි කළේ.

ප්‍රශ්නය:- මේ ක්‍රියාවලිය යහපාලන ජනවරමට පටහැනි වූවක් නොවේද?

පිළිතුර:- කිසිමසේත්ම නැහැ. එහෙම නම් සිතන්න ඕන ආසන්නම ජනවරම වන පෙබරවාරි 10 ජනවරම ගැනයි. එතැනදී දැන් අරලියගහ මන්දිරය අත්හරින්න මැලිකමක් දක්වන සියලු දෙනාටම ලැබුණේ සියයට 34ක වරමක් පමණයි. විශ්වාසභංගයේදී අගමැති රැකුණේ දෙමළ සන්ධානයේ ආධාරයෙන්. පසුගිය කාලයේ සියල්ල වුණේ අත්තනෝමතික ආකාරයෙන්. ඒ අය වපුරගත්ත දේවල්වල අස්වනු නෙළන කාලයයි මේ. මහ මැතිවරණයකින් රාජ්‍ය බලය ලබාගත යුතුය යන මතයේ මමත් තව බොහෝ මන්ත්‍රීවරු පෞද්ගලිකව සිටියා. එහෙත් රට විනාශ කරමින් අත්තනෝමතිකව රටේ සම්පත් විකුණමින් යන ගමන වෙනස් කිරීමේ දැඩි වුවමනාව මත එම මතය අපි මොහොතකට වෙනස් කර ගනිමින් පොදු තැනකට ආවා.

ප්‍රශ්නය:- පාර්ලිමේන්තුව කල් දැම්මේ බහුතරය පෙන්නන්න බැරි නිසා නේද?

පිළිතුර:- ඒක එජාපය මතු කළ ඉතා බොළඳ තර්කයක්. ඊළඟ පාර්ලිමේන්තු දවස වෙන්කර තිබෙන්නේ අයවැයට. දැන් ඒ මුදල් ඇමැති අහෝසියි. එනිසා නව අයවැයක් ඉදිරිපත් කරන්න ඕන. අතුරු සම්මත ගිණුමක් හැදීමත් ලොකු අභ්‍යාසයක්. කාලය ගත්තේ ඒකටයි. එහෙම නැතුව බහුතරයේ ප්‍රශ්නයක් නෙමෙයි.

ප්‍රශ්නය:- පාර්ලිමේන්තුව රැස්කරන විට විශ්වාසභංගයේදී ගත් ජයට වඩා වැඩි ජයක් එජාපය ගන්න බව කියනවා නේද?

පිළිතුර:- එහෙම බලය පෙන්නුවොත් අගමැතිකම ඔවුන්ට ලැබෙනවා. එච්චරයි. අගමැති කාර්යාලයේ කටයුතුත් පෙරේදා හවස මහින්ද අගමැතිතුමාට බාර දුන්නා. මේ අය අරලියගහ මන්දිරේ බලෙන් රැඳී සිටිනවා. වෙන කිසිම රාජ්‍ය ආයතනයක් මේ අයට නැහැ. පස්වතාවක් විපක්ෂ නායක වීමේ ලෝක වාර්තාව තබන්නයි මේ සූදානම. හැබැයි විපක්ෂ නායක ධුරය දීමත් ගැටලුවක් වේවි. එතුමාලම දීපු පූර්වාදර්ශයක් තමයි විපක්ෂයේ ප්‍රධාන කණ්ඩායමට නායක ධුරය නොදී දෙමළ සන්ධානයට එය දීම. ප්‍රජාතන්ත්‍රවාදයට කැපූ වළේ එජාපය වැටිලා. දෙමළ සන්ධානයෙන් අරන් එජාපයට විපක්ෂ නායකකම දෙන්නේ කොහොමද? තමන් නිර්මාණය කරගත් දේශපාලන ඛේදවාචකයකට එජාපය ලක්ව සිටිනවා.

ප්‍රශ්නය:- ශ්‍රිලනිප පමණක් නෙමෙයි, පොදුජන පෙරමුණෙනුත් මන්ත්‍රීවරු අරගෙන එජාපෙ ආණ්ඩුවක් හදන බව කියනවා නේද?

පිළිතුර:- පැහැදිලිවම නෑ. පසුගිය දින දෙකේ මන්ත්‍රීවරු 50ක් එකතු කර ගන්න එජාපයට බැරි වුණා. එජාප මන්ත්‍රීවරු තුන්දෙනෙක් පෙරේදා සාකච්ඡාවට ආවා. ඒ නිසා නායයාම වළක්වන්න බැහැ. අවාසනාවකට එජාපයට මේක තේරෙන්නේ නැහැ. අපි මේ පසු කරන්නේ අපේම වූ බලසම්පන්න ආණ්ඩුවක් ගොඩනැගීමේ එක සැතපුම් කණුවක්.

ප්‍රශ්නය:- රටේ ජනතාව මුහුණදෙන ඔබලා පසුගිය කාලයේ කියූ ප්‍රශ්නවලට ඉදිරියේදී ස්ථිරසාර විසඳුම් ලැබෙයිද?

පිළිතුර:- අනිවාර්යයෙන්ම දෙන්න වෙනවා. නැතිනම් අපි දේශපාලන වංචනිකයන් බවට පත්වේවි. නව වැඩපිළිවෙළ යටතේ ප්‍රධාන ප්‍රශ්න විසඳේවි. රටට අහිතකරව ගෙන ඇති සියලු ප්‍රශ්න මේ ආණ්ඩුවෙන් විසඳේවි. පාතාලය මතුවීම නවතීවි. එවන් ප්‍රතිඵල රාශියක් ජනතාවට ලැබේවි.

ප්‍රශ්නය:- අලුත් ආණ්ඩුවේ අධ්‍යාපන ඇමැති ඔබද?

පිළිතුර:- නෑ. මේ අන්තර්වාර ආණ්ඩුවේ කිසිම තනතුරක් නොගෙන ආදර්ශවත්ව වැඩ කරන්න මම සූදානම්. ඒ වගේම අපේ බොහෝ ජ්‍යෙෂ්ඨයන් රට වෙනුවෙන් එවන් කැප කිරීමකින් කටයුතු කරන්න සූදානමින් සිටිනවා.

සාකච්ඡා කළේ  - චමින්ද මුණසිංහ



අදහස් (5)

ආණ්ඩුවේ බල පෙරැළිය ව්‍යවස්ථාවට සීයට සීයක් එකඟයි

rocky Tuesday, 30 October 2018 04:34 AM

ඒ ඔබට පෙනෙන හැටි! අපට නම් එහෙම පෙනෙන්නේ නැහැ.

:       11       122

perera Tuesday, 30 October 2018 08:24 AM

සම්මත ගිනුම් හදන්න ඉස්සෙල්ලා මෙ ජාතික අර්බුදයට විසඳුමක් හොයන්න පාර්ලිමේන්තු රැසක් කරන්න එපැයි මෙ වෙලා වේ නැති පාර්ලිමේන්තු මොකටද

:       0       0

Nalaka Tuesday, 30 October 2018 04:11 PM

මෙයාලා ඔක්කොම මිනිස්සුන්ට බොරු කරනවා. 2015 තිබුනේ 18 වැනි සංශෝධනය. එකේ හැටියට ජනාධිපතිට කැමති කෙනෙක් අගමැති කරන්න පුළුවන්. නමුත් දැන් තියෙන්නේ 19 වැනි සංශෝධනය. ඒකේ සිටින අගමැති ඉවත් කරන හැටි පැහැදිලිව දක්වා ඇත.

:       0       76

RNG Wednesday, 31 October 2018 03:44 AM

මේ ඔයා නීති විශාරද කෙනෙක්ද..?ඔය කියන විදියට මේ පත්වීම ව්‍යවස්ථා විරෝධී නම් ඇයි නීති මාර්ගයෙන් කටයුතු කරන්න බැරි ..?

:       95       120

Saththaya Wednesday, 31 October 2018 01:19 AM

ෂහා .....මම ගිය ඉස්කොලෙටත් වස ලැජ්ජාව .

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site