අද මුළු ක්‍රිකට් ලෝකයේම අවධානය නතුව ඇත්තේ ඔහු වෙතය. ඒ ඔහු පන්දුව දමා ගසනවා යැයි එංගලන්තය කළ චෝදනා නිසාය. එංගලන්තය මෙසේ ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව හමුවේ එක් දින තරගාවලිය පරාජය වීමත් සමගය. එම තරගාවලිය ශ්‍රී ලංකාව ජය ගැනීම වෙනුවෙන් තාරුණ්‍යයේ මේ හැඩකාර ක්‍රීඩකයා වෙතින් ලැබුණේ මහඟු මෙහෙවරකි. අවසන් එක් දින තරගයේ දී ලකුණු 15කට අඩු සංඛ්‍යාවක දී එංගලන්ත පිලේ කඩුළු 4ක්ම දවා ගැනීමට මේ අපූරු දක්ෂයාට හැකි විණි.
සුද්දන් මේ ක්‍රීඩකයා සමග උරණ වීමට එය නිසැකවම බලපාන්නට ඇත. පරාජය ඉවසා දරා ගැනීමට නොහැකි වූ මහන්තන්ත සුද්දන් සචිත්ර සේනානායක පන්දුව දමා ගසන්නේ යැයි චෝදනා කළේ එනිසාම වන්නට ඇත. කෙසේ වෙතත් මෙලෙසින් ලෝකයේම අවධානය අපේ සචිත්ර සේනානායක වෙත නතුව තිබෙන මොහොතක අප මේ සූදානම් වන්නේ ඔහුගේ යටගියාව ගැන මව ශීලා සේනානායකගෙන් විමසීමටය.
සචිත්ර කොහොම කෙනෙක් ද?
දරුවා නිසා කියනවා නෙවෙයි, ඇත්තටම එයා හොඳ දරුවෙක්. හරි ගුණවත් වගේම පිංවන්ත දරුවෙක්.
ඇයි එහෙම කියන්නෙ?
මෙයාගෙ ගතිගුණ හොඳ නිසයි.
සිහිපත් කළොත් එයාගේ ළදරු අවදිය ගැන?
මෙයා පවුලේ තුන් වැනියා. ලොකු පුතා පළවැනියා. දෙවැනියට දුව. මෙයා උපන්නෙ කොළඹදීයි. උපදින්න හිටපු කාලයේ දී ලෙහෙසියට අපි කොළඹ ඇවිත් නතර වුණා. ජී.එච්. බුද්ධදාස මහත්තයා අපේ මහත්තයාගේ හොඳම යාළුවෙක්. ඉතින් අපි ලෙහෙසියට නතර වෙලා හිටියෙ එහේ. එයාලා අපට හරියට උදව් කළා. සචිත්ර උපදින්නට පෙර මම ගොඩාක් සුබ සිහින දැක්කා. මෙයා උපන්නට පස්සෙ නර්ස්ලා මෙන්න ඔයාට තවත් කොළු පැටියෙක් කියලා මගේ ළඟින් ගෙනැත් තිබ්බා. ළමයෙක් උපන්න හැටියෙ කිරි පොවන්න හරි අමාරුයිනෙ. ඒත් මෙයා හරියට හොඳට පුරුදුයි වගේ කිරි බීලා හොඳ නින්දක් නිදා ගත්තා. අපි ඔක්කොමලා පුදුම වුණා. ඒ වෙලාවෙ එතැන හිටපු බුද්ධදාස මහත්මිය කිව්වෙ මෙයාගෙ තාත්තා වගේ මෙයත් කවදා හරි ප්‍රසිද්ධ වෙන්නෙ නැතෑ කියලයි.
සචිත්‍රගෙ තාත්තා මොනවද කළේ?
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සේවය කළේ. කරුණාරත්න අබේසේකර මහතා යටතේ සේවය කළා. අමරපාල සේනානායක මහත්තයගෙ නමයි.
සචිත්‍රගෙ කේන්දරයෙ මොනවද ලියැවෙලා තියෙන්නෙ?
මෙයා මාලවි යෝගයෙන් උපන්න දරුවෙක්. දෙස් විදෙස් සුපතල චරිතයක් වන බව සඳහන් වෙලා තිබුණා. බලවත් කේන්දරයක් නිසා මේ දරුවා හරියට ආරක්ෂා කරගන්න කියලා කිව්වා. ඒ පාර අපි අනෙක් දරු දෙන්නා වගේම මේ දරුවාවත් ඖෂධ වර්ග ගල්වලා නැහැව්වා. තවත් පුද පූජා එහෙමත් කළා. දවසක් අපි පූජාවකට ගිහින් හිටියා. ඒ පූජාව අංගසම්පූර්ණව කරන්න නම් මල් වර්ගයක් ඕනෑ වුණා. ඒත් ඒ මල් අපට සොයා ගන්න බැරි වුණා. නමුත් කවුදෝ නාඳුනන කෙනෙක් ඇවිත් අපට ඒ මල් දීලා ගියා. ඉතින් එය අංගසම්පූර්ණ පූජාවක් වුණා. ඒ සිදු වීම අදටත් අපට හරි පුදුම දෙයක්.
ළමා වියේ කොහොමද හැසිරීම එහෙම?
හරිම දඟයා. වැඩි හරියක්ම දඟ වැඩ කළේ ක්‍රිකට් ක්‍රීඩා කරන්න ගිහිල්ලයි. කුඩා කාලයේ දී උපන් දිනයකට අපි බයිසිකලයක් අරන් දුන්නා. ඒත් එයාට ලැබුණ තෑගි අතරින් ක්‍රිකට් පිත්ත සහ බෝලය තමයි තෝරා ගත්තෙ. මේ බෝලය සහ පිත්ත අරගෙන මෙයා ගෙදර බිත්තියකට නිතරම ගැහුවා. කොච්චර සැරයක් එය කළාද කිව්වොත් ඒ බිත්තිය බොල් වෙලා. අදටත් තීන්ත ආලේප කළත් ඒ බිත්තිය බොල් වෙච්ච තැන දැක ගන්න පුළුවනි. පාසලේ හතර වසරේ විතර ඉඳලා ක්‍රිකට් ගහන්න පටන් ගත්තා. මම කටයුතු කළේ ගුරුවරියක ලෙසයි. බණ්ඩාරවත්ත පරාක්‍රම විද්‍යාලයට මුලින්ම ගියේ. මෙයා ක්‍රීඩාවට ගොඩාක් දක්ෂ වුණා. ඉගෙනීමටත් දක්ෂ වුණා. ඒ නිසා කොළඹ ආනන්දයට ඇතුළත් වෙන්න ලැබුණා. මුලින්ම කළේ මලල ක්‍රීඩා. හැබැයි මලල ක්‍රීඩා කරන අතරේ දී මෙයා ක්‍රිකට් බෝලය ග්රවුන්ඞ් එකේ ඈතට විසි කරලා ඒ දිහා බලා ඉන්නවලූ. ඒ පාර වීරසූරිය සර් කිව්වෙ මට පේන්නෙ මෙයා මලල ක්‍රීඩා අත් හැරලා ක්‍රිකට් ගහන්න හදනවා වගෙයි කියලයි.
ඒ පාර ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වුණා ද?
දවසක් මලල ක්‍රීඩා කරන අතරේ මෙයා මගේ ළඟට ඇවිත් -”ඇයි අම්මට බැරිද මාව ක්‍රිකට්වලට දාන්න” කියලා දඟකාරකමට ඇහුවා. සර්ට තිබුණු බය නිසා අපි එක පාරටම අහන්න ගියේ නැහැ. ඒත් මෙයා ප්‍රධාන ශිෂ්‍ය නායකයට කියලා, අයියෙ මාව ක්‍රිකට් සර්ව මුණගස්වන්න කියලා. ඊට පස්සෙ ක්‍රිකට් සර් ළඟට එක්කගෙන ගියාම එයා කිව්වෙ මෙයා ක්‍රිකට්වලටම උපන් දරුවෙක් කියලයි. ඒ තාක්ෂණය දැනුම ඔක්කෝම තියෙන බව කිව්වා. ඒ විදියට මෙයා තමුන්ගෙ අරමුණ වෙනුවෙන් යන්න පැකිළුණෙත් නැහැ.
ක්‍රිකට් ගහන්න ගිහින් වෙච්ච සිදු වීම් එහෙමත් ඇති නේද?
ගොඩාක් තියෙනවා. දවසක් ආනන්දයේ දී බෝලය වැදිලා ලේ පෙරාගෙන දත් දෙකකට විතර හානි වෙලා ඇක්සිඩන්ට් වෝඞ් එකට ගෙනිච්චා. එදා නම් මම පුදුම විදියට බය වුණා. දවසක් ගෙදර බෝල ගගහා ඉඳලා බෝලය සීලිමට ගියාම මෙයා එය අරගන්න වහලයට නැගලා එදා අත කපා ගෙන ලේ පෙරා ගෙන ආවා. ඇවිත් අත වසාගෙන ඉඳලා -අම්මා මගෙන් දවසක් රුපියල් හතරක් ගත්තා නේද? මට දැන් ඒක දෙන්න කීවා”. අපෝ මෙයාගෙ මහ ලොකු රුපියල් හතර කියලා මම ඒක දුන්නා. මෙයා එයින් ප්ලාස්ටර් දෙකක් අරගෙන අපට හොරෙන් දාගෙන සැටියට වෙලා හිටියා. දන්නෙම නැතුව මිනිහට නින්දකුත් ගිහින්. අපට හරියට දුක හිතුණා.
"මාස්ටර්" කියලා මෙයාට නමක් පටබැඳිලා තිබුණ ද?
තාත්තා තමයි එයාට එහෙම කිව්වෙ. තාත්තා මෙයාට ගොඩාක් ආදරෙයි. ඒ නිසා තමයි ආදරයට එහෙම කිව්වෙ.
පාසලේදීත් නමක් පටබැඳිලා තිබුණලූ නේද?
පාසලේ දී මෙයා ගොඩාක් ජනප්‍රිය වෙලා හිටියෙ -ජොන්ටි” කියලයි. ජොන්ටි රෝඞ්ස් වගේ දක්ෂ විදියට පන්දු රකින නිසා ඒ නම මෙයාට පටබැඳිලා. වෝල්ටර් පෙරේරා සහ පොලොන්නෝවිට මහතා පවා මෙයාට කතා කරලා තියෙන්නෙ ඒ නමින්. මේ නම කොච්චර පටබැඳිලා තිබුණද කිව්වොත් දවසක් මම මෙයාගෙ කෑම පැකට් එකේ සචිත්ර කියලා නම ලියලා ගේට්ටුවට දීලා ගියා. ඒත් ඒක හම්බ වෙලා තිබුණෙ නැහැ. මොකද සචිත්ර කියන්නෙ කවුද කියලා කවුරුවත් දැනගෙන ඉඳලා නැහැ. පසුව හැමෝම කිව්වෙ අයියෝ ජොන්ටි කියලා ලියලා එවන්න මීට පස්සෙ කියලයි.
අයියා සහ අක්කා එක්ක සචිත්ර හරි එකතු ද?
පුදුම විදියට එකතුයි. ඒ දවස්වල මහත්තයා මිය යන්නට පෙර පුරුද්දක් තිබුණා. ඒ තමයි දරුවෝ තුන් දෙනාට එක බත් පිඟානක් බෙදාගෙන ඇවිත් කවපු එක. මම මෙහෙම කරන්නෙ හැමදාම ඔය තුන් දෙනා මේ විදියට ශක්තිමත්ව මැරෙන කල්ම ඉන්න ඕනෑ නිසයි කියලා මහත්තයා මෙයාලාට කිව්වා. අපරාදෙ කියන්න නරකයි, දරුවො තුන් දෙනා හරි එකතුයි. තාත්තා නැති වුණාම සචිත්‍රට තාත්තා වුණේ අයියා. අදටත් කොහේ ගියත් අයියට කියලා තමයි මේ මල්ලි යන්නේ. අක්කාටත් හරිම ආදරෙයි. එච්චරටම බැඳීමක් තියෙන්නෙ. වාසනාවට සචිත්ර විවාහ වෙච්ච දුවත් හරිම හොඳයි. අපේ පවුලටම ගැලපෙන හොඳ දරුවෙක්.
බිස්කට් කෑමට හරි කැමැතියි කියන්නෙ ඇත්ත ද?
ඒ කතාව සම්පූර්ණ ඇත්ත. මාරි බිස්කට් කන්න හරි ආසයි. බිස්කට් පැකට් එකක් අරන් දුන්නාම බොරුවට අපෙන් ඇහුවෙ එකක් ඕනෑද කියලයි. එහෙම ඇහුවට ඒක දෙන්න ලෝභ බව අපි දැනගෙන හිටියා. අදටත් මේ බිස්කට් කන පුරුද්ද තියෙනවා. ඒ විතරක් නෙවෙයි, ඉස්සර කවුරු හරි ගෙදරට ආවාම මෙයා දුවගෙන ඇවිත් අම්මෙ කිරි තේ හදමු නේද කියලා යෝජනා කළා. මොකද මෙයා හරිම ආසයි කිරි තේවලට. එයාට කිරි තේ බොන්න ඕනෑ නිසා තමයි එහෙම කළේ.
ක්‍රිකට් ක්‍රීඩා නොකළා නම් සචිත්ර මොන වගේ තැනක සිටීවි ද?
කතා දෙකක් නැහැ. එහෙනම් ගායනය, සංගීතය පැත්තෙන් ඉදිරියට යන්න ඉඩ තිබුණා. සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතා යටතේ සංගීතය ඉගෙන ගත්ත හොඳ ගෝලයෙක්. එතුමා මෙයාට හරි ආදරෙයි. ගායනයටත් හරි දක්ෂයි.
සචිත්‍රගෙ ප්‍රියතම ක්‍රීඩකයා වුණේ කවු ද?
සනත් ජයසූරිය එයාගේ වීරයා වුණා. සනත්ගෙ ක්‍රිකට් ගැන ඕනෑම දෙයක් මෙයාගෙන් අහන්න. මෙයා ළඟ තොරතුරු විස්තර ඡුායාරූප එකතු කරලා තියෙනවා. සනත්ට පුදුම විදියට ආසා කළා.
කුඩා කාලයේ -කම්පන” බලන්න ගිහින් අපූරු සිද්ධියක් වුණාලූ නේද?
මෙයා සංගීතයට ආසා නිසා කට ඇරගෙන -”කම්පන” නරඹමින් හිටියෙ. අතේ ටොෆි අහුරක් තිබුණා. මෙයා කොච්චර දුරට සංගීතයට සමවැදිලා හිටියද කිව්වොත් අර ටොෆි ඔක්කෝම එහා කෙනාගෙ ඔඩොක්කුවට වැටිලා. ආයෙත් දවසක මහත්තයගෙ යාළුවෝ වන ලූෂන් බුලත්සිංහල සහ අනුලා බුලත්සිංහල ගම්පහ -”තාරාවෝ ඉගිලෙති” පෙන්වන්න ආ දවසක අපේ ගෙදර ඇවිත් හිටියා. අපේ කතාවට මෙයා සවන් දිදී ඉඳලා දන්නෙම නැතිව අතේ තිබුණු වීදුරුව හප හපා හිටපු මෙයාගෙ කටේ එය හිර වෙලා. අනුලා මහත්මිය එය දැකලා වහාම මෙයාව මුනින් අතට තබා වීදුරුව ඉවත් කරලා. නැත්නම් එදා ලොකු ප්‍රශ්නයක් වෙන්න තිබුණෙ. වාසනාවට අනුලා අක්කා එය දැකලා තිබුණා.
සචිත්‍රට ලොතරැයි දිනුමකුත් ඇදුණලූ නේද?
ඒක වුණේ මෙහෙමයි. දවසක් පැන්ෂන් පඩි ගන්න මම බැංකුවට ගියා. එදා මෙයාවත් එක්කගෙන ගියේ. රිදී රේඛා ගන්න කියලා එදා එක් මහත්මියක් බල කළා. බැරිම තැන මම සචිත්‍රගෙ නමට රිදී රේඛා ගත්තා. මෙයාගෙ නමට ගත්ත රිදී රේඛා නිසා තවත් අවුරුදු කීපයකට පස්සෙ පළමු ත්‍යාගය ලෙස ලක්ෂ 25ක් ලැබුණා. ඒත් දරුවා එය ලැබුණාම අම්මනෙ ඒවා ගත්තෙ අම්මම ඒ සල්ලි තියා ගන්න කියලා මට කීවා. ඒ වගේ හරි ගුණවත් දරුවෙක්. කාටවත් කරදරයක් වෙනවට අකැමැති හොඳ පුද්ගලයෙක්.
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ආනන්දෙදි බෝලෙ වැදිලා කටින් ලේ පෙරාගෙන ආවා
අජිත් Thursday, 26 June 2014 07:48 PM
අපට ඔබ ගැන බොහොම ආඩම්බරෛ, ඔබට දිගු ගමනක් යන්න වාසනාව ශක්තිය ධෛරයය ලැබේවා. (අ)
පුසුබන් Saturday, 28 June 2014 05:19 AM
මගේ රත්තරන් පුතේ පුතාලට මම හරි ආදරෙයි. ඒත් සෙල්ලම් කරන විට හරක් වගේ චුවින්ගම් හපන්න එපා. හරිම කැතයි බලන අපිට හරි අප්පිරියි .එම නිසා කට වගෙනෙ හපන්න. අනිත් අයටත් කියන්න බුදු සරණයි (නදී)
සුනිල් පෙරේරා Sunday, 29 June 2014 01:06 PM
එංගලන්තේ සුද්දන්ගේ හුලන් බහිනකොට ඔබේ දක්ෂතාවයට ඉරිසියා කිරීමේ වරදට ක්‍රීඩා තුනෙන්ම පරා ද උන නිසා ඔබ අපේ රටට වාසනාව ගෙනා ක්‍රීඩකයා කියල ඔප්පු කරලා තියෙනවා .(දී)
සෝමා Monday, 30 June 2014 06:06 PM
අනේ ඔව් අර හපන ඒවා හපන්න හොරෙන්,(දී)
ටෙනිසන් Wednesday, 02 July 2014 04:50 AM
හරිම දඟකාර දරුවෙක්නේ මෙයා බලනකොට (නි)
බ්රිආන් Wednesday, 02 July 2014 09:22 AM
මතිවුස් කොලුවට පින් දෙන්න (දී)
ජයශ්‍රී Wednesday, 02 July 2014 02:49 PM
හොද කොල්ලෙක් බොරු චෝදෙනා වලට නොසැලෙන්න මුළු ලෝකයේ සිටින ලාංකිකයින් ඔබසමග (දී)
පන්සිළු Sunday, 06 July 2014 08:24 AM
ශ්‍රී ලංකා කොල්ලෝ වසයි.... (නි)
හාමිඩ් හස්සන් Friday, 11 July 2014 06:44 PM
නියම කොල්ලෙක්නේ... (නි)