ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට බඳවාගත් නිලධාරීන් හත් දෙනකුට ලක්ෂ ගණනින් සුපිරි වැටුප් ගෙවන බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) මගින් පසුගියදා හෙළිකරගෙන තිබිණි. මෙම බඳවා ගැනීම් සිදුකර ඇත්තේ කැබිනට් මණ්ඩලයේ ඇස් වසමින් බවද මේ ආකාරයේ සුපිරි වැටුප්ලාභීන් 29 දෙනකුම බඳවා ගැනීමට අනුමැතිය ලබාගෙන තිබූ බවද එහිදී සඳහන් විය.
රුපියල් ලක්ෂ 9කට ආසන්න මාසික වැටුප් ලබන නිලධාරීන් සිටින අපේ රට මේ වනවිට පරිප්පු ටිකත් පිටරටින් ගෙන්වා ගැනීමට නොහැකි තරමට ආර්ථිකය කඩාවැටී ඇතැයි කීම විශ්වාස කළ හැකිද? නැත. එහෙත් එය විශ්වාස කිරීමට සිදුව තිබේ. කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා එම කමිටුවේදී ප්‍රකාශ කර තිබුණේ රටේ විශාල ආර්ථික ප්‍රශ්නයක් තිබියදී මේ ආකාරයට වැටුප් ගෙවීම බරපතළ ගැටලුවක් බවය. මේ පිළිබඳව වහාම සොයාබැලිය යුතු බවය.
කෝප් කමිටුව මේ පිළිබඳව කරුණු විමර්ශනය කළ අවස්ථාවට ආයෝජන මණ්ඩල සභාපතිවරයාද සහභාගි වී සිටි බවද සඳහන් වෙයි. ආයතනයේ බඳවා ගැනීමේ පටිපාටියට පරිබාහිරව මෙසේ කැබිනට් අනුමැතිය ලබාගෙන විශාල වැටුපකට 07 දෙනකු බඳවා ගැනීම සම්බන්ධයෙන් ඒ මහතා ලබාදුන් පිළිතුර කුමක්දැයි අපි නොදනිමු. එහෙත් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන් වශයෙන් බඳවාගත් හත් දෙනකුට මාසිකව රුපියල් ලක්ෂ 09ක වැටුපක්ද විධායක අධ්‍යක්ෂවරුන් සිවු දෙනකුට මාසිකව රුපියල් ලක්ෂ 08ක් බැගින් වන වැටුපක්ද ගෙවා ඇති බව හෙළි වී තිබේ.
එසේම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයකු බඳවාගෙන ඇත්තේ රුපියල් අට ලක්ෂ විසි දහසක වැටුපකට බවද ආයෝජන මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරියකට රුපියල් දස ලක්ෂයක මාසික වැටුපක් ගෙවා උපදේශක තනතුරකට බඳවාගෙන ඇති බවද වාර්තා වී තිබේ. මේ වියදම් කිරීම් සම්බන්ධ වගකීම භාරගත යුතු වන්නේ ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා මිස වෙනත් අයෙක් නොවේ. මේ නිසා ඔහු මේ වැටුප් ගෙවීම් සම්බන්ධයෙන් ලබාදෙන පිළිතුර ඉතා වැදගත් බව කිව යුතුය.
කන්න බොන්න හිඟ වී, අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අහස උසට නැග තිබියදී රටේ ජනතාව දැඩි ලෙස පීඩා විඳින තත්ත්වයක් තුළ ආයෝජන මණ්ඩලයේ කිහිප දෙනකුට තම රැකියා සියලු සැප සම්පත් ලබාදෙන කප්රුකක් වී තිබෙන බව පැහැදිලිය. ආයෝජන මණ්ඩලය වැනි ආයතනයකට විශේෂඥ දැනුමැති පළපුරුදුකම් සහිත වෘත්තිකයන්ගේ සේවය අවශ්‍ය බවත් එවැනි පුද්ගලයන්ගේ සේවය ලබා ගැනීමට විශාල වැටුප් ගෙවිය යුතු බවත් අපි දනිමු. එහෙත් එවැනි විකල්පයකට යා යුතු වන්නේ ආයෝජන මණ්ඩලය තුළ එවැනි විශේෂඥ දැනුමැති පිරිසක් නොමැති නම් පමණි.
එහෙත් එවැනි බඳවා ගැනීමකදී වුවද මේ ආකාරයට මිලියන ගණන් වැටුප් ගෙවීම නම් ජාතික අපරාධයකි. එසේම හිටපු නිලධාරිනියක් උපදේශක මට්ටමින් යළි බඳවාගෙන මිලියනය බැගින් මාසික වැටුප් ගෙවීම ආයෝජන මණ්ඩලය තුළ දැන් සේවයේ යෙදී සිටින විශේෂඥ දැනුමැති පුද්ගලයන්ගේ වෘත්තීය ගරුත්වය හෑල්ලු කිරීමකි. ආයතනයේ අභ්‍යන්තර ගැටුම් ඇති කිරීමට පවා මෙවැනි පත්කිරීම් හේතු විය හැකි බවද කෝප් කමිටු සභාපතිවරයා පෙන්වා දී තිබිණි.
මෙවැනි සුපිරි වැටුප් හිමිකරුවන්ට ආයෝජන මණ්ඩලය තුළ මැජික් පෙන්විය හැකිදැයි අපි නොදනිමු. අද මේ රට මුහුණදෙමින් සිටින දැවැන්ත ආර්ථික අර්බුදය හමුවේ මෙය හඳුන්වා දිය යුත්තේ නාස්තිකාර ක්‍රියාවක් වශයෙනි. මෙවැනි නාස්තිකාර වැඩට ආධාර සහ අනුබල දුන් සියලුදෙනා මීට වගකිව යුත්තෝ වෙති. අඩුම තරමින් මේ සුපිරි වැටුප්ධාරීන් ආයෝජන මණ්ඩලය හරහා රට වෙනුවෙන් කර ඇති කාර්යභාරය හෝ රට හමුවේ තැබීමට එහි සභාපතිවරයාට හැකි නම් එය යම් තරමක කරුණු පැහැදිලි කිරීමක් වනු ඇත. අඩුම තරමින් ගෙවූ වැටුපට සරිලන ‘‘විශේෂඥ’’ සේවාවක් ඔවුන් අතින් ඉටුවීදැයි මැන බැලීමට එය අවස්ථාවක් කරගත හැකිය.
රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩලවල විශේෂඥ සේවය සඳහා සාමාන්‍ය ක්‍රමවේදයට පරිබාහිරව බඳවා ගැනීම් සිදුකිරීමේදී ස්ථිර ප්‍රතිපත්තියක් නොතිබීම අඩුපාඩුවක් බවද මෙහිදී පෙන්වා දිය යුතුය. එවැනි ප්‍රතිපත්තියක් තිබේ නම් ලොකු ලොක්කන්ට අවශ්‍ය පරිදි හිතුමතේ නාස්තිකාර බඳවා ගැනීම් සිදුකිරීමට තිබෙන ඉඩකඩ ඇහිරෙයි. එසේ නොවීම දැනුමින් පරිපූර්ණ විද්වතුන් වෙනුවට තමන්ගේ ගජමිතුරු හාල්පාරු කෑලිවලට ලක්ෂ ගණනින් වැටුප් ගෙවා බඳවා ගැනීම් සිදුකිරීමට දොරටු විවෘත කර දීමකි.
මොන අතකින් බැලුවත් වර්තමානයේ රටේ පවතින තත්ත්වය අනුව ලක්ෂ ගණන් වැටුප් ලබාදී උපදේශකවරුන් බඳවා ගැනීම කළ නොහැක්කකි. එහෙත් මෙහිදී පෙනීයන්නේ එම නොකළ හැකි වැඩේ සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමේදී කොළේ වසා ගැහිල්ලක් සිදුවී ඇති බවය. මුලින් ඒ පිළිබඳව සොයාබැලිය යුතුය. දෙවැනුව කිසියම් හෝ අයථා ක්‍රියාවක් සිදුවී ඇත්නම් එයට වගකිවයුත්තන්ට දඬුවම් පැමිණවිය යුතුය. මේ දෙකම සිදුනොවන්නේ නම් අනාගතයේදීත් මෙවැනි සුපිරි වැටුප්ධාරීන් බිහිවීම වැළැක්විය නොහැක.
(***)
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ආයෝජන මණ්ඩලයත් කැබිනට්ටුව නොමඟ යැව්වාද