X Advertisement
IMG-LOGO

2025 මැයි මස 07 වන බදාදා


ආර්ථික අර්බුදයෙන් මිරිකෙන ශ්‍රී ලංකා ජනතාව

ලංකාවේ ආර්ථික අර්බුදය පිළිබඳ විවිධ අර්ථකථන ඉදිරිපත් වෙමින් තිබේ. ඇතැම්විට දේශීය වශයෙන් ද ඊළඟට ජාත්‍යන්තර වශයෙන් ද මේ අදහස් ඉදිරිපත් වෙයි. කොටින්ම ලංකාවේ ආර්ථික අර්බුදයත් එහි ප්‍රතිඵල වශයෙන් රටේ ජනතාවට මුහුණ දීමට සිදුව තිබෙන දැඩි පීඩාකාරී තත්ත්වයත් දැන් ජාත්‍යන්තරයේ මාතෘකාවක් බවට හැරවී තිබේ.

මෙවැනි තත්ත්වයකට රටක් ඇදවැටෙන විට ඒ පිළිබඳ ජාත්‍යන්තරය දැනුම්වත් කරන ප්‍රධානම ආයතනය වන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයයි. එහි විවිධ අනුබද්ධ ආයතන රටේ ප්‍රධාන ගැටලු‍ පිළිබඳ ලොව දැනුම්වත් කරමින් සිටී.

ඒ අනුව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල මගින් පසුගිය දිනවල මෙරට ළමා පරපුර මුහුණපා සිටින උග්‍ර ආහාර හිඟයත් එයින් මතුවන මන්දපෝෂණ තත්ත්වයේ බරපතළ ප්‍රතිවිපාක ගැනත් වාර්තා නිකුත් කර තිබිණි. එහි ඇතැම් සංඛ්‍යා ලේඛන නිවැරදි නොවන බවට සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේය.

එම වාර්තාවේ සත්‍ය තත්ත්වය කුමක් වුවද මතුව තිබෙන ආහාර අර්බුදයේ කම්පනය දරුවන්ගේ පෝෂණයට ඇතිකර තිබෙන දැඩි බලපෑම සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කළ පමණින් අහෝසි වන්නේ නැත. දිළිඳුම මට්ටමේ සිටින පවුල්වල දරුවන්ට මේ වනවිට එක වේලක් හෝ පෝෂ්‍යදායී මට්ටමින් ලබාගැනීමේ දුෂ්කරතාව අවබෝධ කර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට හැකි විය යුතුය.

එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන පසුගියදා අලු‍තින්ම නිකුත් කළ ශ්‍රී ලංකාවේ ජනතාවගේ ආහාර අර්බුදය පිළිබඳ වාර්තාව ද පෙන්වා දෙන්නේ රටේ සමස්ත ජනතාව මුහුණ දී සිටින අර්බුදයේ බරපතළකමය. ඔවුන්ගේ වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය බලපෑමෙන් ඇතිව තිබෙන දුෂ්කරතා හේතුවෙන් ලක්ෂ 63ක ජනතාවක් දැඩි ආහාර අර්බුදයක ගිලී සිටිති. සෑම පවුල් 05කින් 04ක්ම සිටින්නේ ආහාර වේලක් මගහරින තත්ත්වයකය. එසේම ගන්නා ආහාර ප්‍රමාණය අඩු කිරීමට ද ඔවුහු පුරුදු වී සිටිති.

මෙය රටේ අර්බුදයේ බරපතළකම පිළිබඳ ප්‍රබල සාක්ෂියකි. අර්බුදයේ දිග පළල හඳුනා ගැනීමට නොහැකිව සිටින ඇතැම් දේශපාලනඥයන්ට මේ වාර්තා වහ කදුරු විය හැකි වුවද මෙය යථාර්ථයට බෙහෙවින් ආසන්න වාර්තාවක් බව හඳුනා ගැනීම අපහසු නොවේ.

ලෝක ආහාර වැඩසටහන නිකුත් කළ එම අලු‍ත්ම වාර්තාවට අනුව කොළඹ නගරය හා ඒ අවට ප්‍රදේශවල අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ගණන් තවමත් පවතින්නේ ඉහළ මට්ටමකය. මේ බව සනථ කිරීමට වෙනත් සාක්ෂි අවශ්‍ය නැත. ජනතාව ප්‍රධාන ආහාර වේල් සඳහා සහල් හැරුණුවිට වැඩි වශයෙන් පරිභෝජනය කරන පාන් පිටි මිල ඉහළ නැග තිබෙන ප්‍රමාණය සලකා බැලීම පමණක් ප්‍රමාණවත්ය.

මාස කිහිපයකට පෙර රුපියල් 185ක්ව තිබූ පාන් පිටි කිලෝවක මිල මේ වනවිට රුපියල් 420 සිට 485 දක්වා ඉහළ නැග තිබේ. මේ හේතුවෙන් පාන් ගෙඩියක මිල රුපියල් 300 දක්වා වැඩි විය හැකි බවට බේකරි හිමියන්ගේ සංගමය ප්‍රකාශ කර තිබේ. පාන් පිටි ආශ්‍රිත ආහාර ද්‍රව්‍ය අලෙවි කරන ව්‍යාපාරිකයන් ප්‍රකාශ කරන්නේ තම ව්‍යාපාරය මේ මිල ගණන් යටතේ පවත්වාගෙන යාම අසීරු බවය.

එහෙත් වෙළෙඳ අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ පාන් පිටි මිල එතරම් ඉහළ නැගීමට හේතුවක් නැති බවත් වැඩි මිලට පාන් පිටි අලෙවි කරන සමාගම් පිළිබඳ සොයා බලන බවත්ය. එය අමාත්‍යවරයාගේ නිලධාරීන් විසින් දුන් ලණුවක් දැයි අප දන්නේ නැත. එහෙත් සැබෑ පාන් පිටි මිල දැන ගැනීමට අමාත්‍යවරයාට අවශ්‍ය නම් කළ යුත්තේ යන එන අතරමග වෙළෙඳසලකට ගොඩවීම පමණි. පාන් පිටි පමණක් නොව වෙනත් අත්‍යාවශ්‍ය ආහාරවල තරු පෙනෙන මිල ගණන් ද එවිට අමාත්‍යවරයාටම බලාගත හැකිවනු ඇත.

කොළඹ පාරිභෝගික මිල දර්ශනයට අනුව ජූලි මාසයේ සියයට 60.8ක් වූ උද්ධමනය අගෝස්තු මාසයේ දී සියයට 64.3ක් දක්වා ඉහළ නැග තිබෙන්නේ ශීඝ්‍රයෙන් වැඩිවන අත්‍යාවශ්‍ය ආහාර මිල ගණන් හේතුවෙන් බව පැහැදිලිය.

සැප්තැම්බර් 01 වැනිදා සිට ක්‍රියාත්මක කෙරෙන වැට් බදු ඉහළ දැමීමත් සමඟ මේ මිල ගණන් වැඩි වී උද්ධමනය තවදුරටත් ඉහළ යනු ඇති බවත් එයින් ජනතාව දැනට ද මුහුණදෙන පීඩාකාරී තත්ත්වය උග්‍ර වනු ඇති බවත් පෙන්වා දිය යුතුය.

ලෝක ආහාර වැඩසටහනේ වාර්තාවෙන් තවදුරටත් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව තවත් නරක අතට පත්වේ යැයි බියක් තිබෙන බවකි. එම බිය යථාර්ථයක් බවට පත්වීමෙන් වළක්වා ආහාර සංචිත ගොඩනංවා ගැනීම ආණ්ඩුවේ ප්‍රමුඛ කාර්යයක් වීම අවශ්‍යය.

ආණ්ඩුවේ මැති ඇමැතිවරු තම තමන්ගේ වරප්‍රසාද සහ වරදාන ලබාගැනීමට දරන උත්සාහය අතරේ ලක්ෂ 63ක් ජනතාව කුසගින්නෙන් ගලවා ගැනීම කෙරෙහි ද යන්තමින් හෝ අවධානය යොමු කරන්නැයි අපි ඉල්ලා සිටිමු.

(***)



අදහස් (3)

ආර්ථික අර්බුදයෙන් මිරිකෙන ශ්‍රී ලංකා ජනතාව

AB Friday, 16 September 2022 07:49 AM

මේවනවිට ආර්ථික අරබුයකට සහ ආහාර අර්බුදයකට මුහුණදී සිටින ශ්‍රී ලාංකිකයන්ගේ සහ වෙනත් seniors homes, children’s orphanage, disability homes සදහා විදුලි, ගෑස්, ජල බිල්පත් ගෙවීමට නොහැකිනම් QR code ( quick response code ) යොදාගනිමින් අවශ්‍ය data ඇතුලත්කර ලෝකයේ වෙනත් රටවල සිටිනා වූ ශ්‍රී ලාංකිකයන් හට බිල්පත් US dollars සහ වෙනත් currencies වෙතින් ගෙවීමට අවස්තවක් උද කල හැකිද ? එසේ $ වලින් ගෙවන්නේනම් vat නොමැතිව ලබාදීමටද අවස්තවක් ලබාදෙන්න. ශ්‍රී ලාංකිකයන්ගේ විදෙස්ගත ඥාතීන්, මිතුරන් හෝ කණ්ඩායම් වසයෙන් එක්ව හෝ seniors homes, children’s orphanage, disability homes සදහා විදුලි, ගෑස්, ජල බිල්පත් ගෙවීමට අවස්තවක් ලබා දෙන්න

:       0       2

බද්රානි Tuesday, 20 September 2022 02:10 PM

ඒ රටවල් වලින් හම්බ කරලා අනුන්ගේ රටක බිල් ගෙවනවාට ඒ අය කැමැති වෙයිද? ඒ රටවල මුදල් පිටරටවලට යැවීමේ පහසුකම් දීලා තියනවානේ. ලංකාවේ පිටරටක ඉගෙන ගන්නා දරුවෙකුටවත් මුදලක් යවාගන්න බැහැ. එතකොට කියන්නේ රටේ ඩොලර් පිටට යනවා කියලා. පහුගිය කාලේ මියන්මාරයේ රෝහීන්ග්‍යා සරණාගතයින් මෙරටට පැමිණි විට, අපේ රට අල්ලගන්න ආවයි කියලා රෙදි උස්සාගෙන අපේ රටේ සමහරක් උඩ පන්නා මතකයිද? ලංකාවේ මිනිස්සු තරම් ආත්මාර්ථකාමී ජනතාවක් ලොවෙත් නැහැ. ජාත්‍යන්තර වෙළඳාම තුළ ආනයන නවත්වා අපනයනය පමණක් කළ හැකියි කියා සිතන මොංගල් කාරයින් ජීවත් වෙන රටක්නේ මේක. ඒ රටවල රජයන් කීයක් හෝ හම්බ කරගෙන කාලා තමන්ගේ රටටත් මුදල් එවන්න ඉඩකඩ සලසා තියෙද්දී, "බාගෙන කන්න තියන වල ඉහගෙනත් කාලා, කන්න දීපු ඇත්ත හපා කන්නද "මේ හදන්නේ..?

:       0       1

ganegoda Saturday, 17 September 2022 04:06 PM

මේ පින්තූරයේ ඊතලයෙන් පෙන්වන විදිහට, තව චුට්ටකින් ආර්ථික අර්බුදය සිංහයාගේ කකුල් දෙක අස්සෙන් ගිහිල්ලා පස්ස පැත්තෙන් එළියට විසිවෙන්නයි යන්නේ. හොඳට බලාගෙන ඉන්න.

:       0       2

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site