X Advertisement
IMG-LOGO

2025 මැයි මස 07 වන බදාදා


ආර්ථික අර්බුදයෙන් රට මුදාගන්න ක්‍රමයක් නැද්ද?

2020 වසර මැද හරිය වනවිට ආර්ථික අර්බුදය උත්සන්න වී රටේ විදේශ සංචිත සිඳී ගොස් ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කර ගන්නට නොහැකි වූයේය. ප්‍රවාහනය අඩාල විය. විදුලි බල සැපයුම් අඩාල විය. එදිනෙදා ඉවුම් පිහුම් කරගන්නට ගෑස් පවා සපයාගත නොහැකි විය. මේ සියල්ල සිදු වුණේ ආහාර මිල දරාගත නොහැකි අයුරින් දිනෙන් දින ඉහළ යන පසුබිමකය. හිරිහැර ඉවසාගත නොහැකි වූ ජනතාව පාරට බැස උද්ඝෝෂණ කළහ. අරගලයට මොනයම් අර්ථකථන දුන්නද එය නතර වූයේ රටේ දේශපාලන නායකත්වයේ වෙනසක් සිදු වීමෙන් අනතුරුවය.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන තවමත් ඇත්තේ දෙකට දෙවාරනේය. එකී වැඩසටහනේ යෝජිත ප්‍රමුඛතාවක් වන්නේ මධ්‍යම ආණ්ඩුව විසින් විදේශවලින් ණයට ගත් ඩොලර් බිලියන 33ක පමණ ණය මුදලක් නැවත ගෙවීම සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීමය. එසේ වුවද සමස්ත රාජ්‍ය ණය (පළාත් සභා ඇතුළු සියලු රාජ්‍ය ආයතන විසින් ගෙවිය යුතු ණය) ඩොලර් බිලියන 80ක් පමණ වන බව මෑතකදී අනාවරණය විය.

අපගේ විදේශ ණයවලින් සියයට 50කට වැඩි කොටසක ණය හිමියා වූ චීනය මෙතෙක් කිසිදු ණය ප්‍රතිශතයක් කපා හැරීමට හෝ ණය ගෙවීමේ සහන කාලයක් පිළිබඳ එකඟතාවකට එන්නට සූදානම් නැති සෙයක් පෙනේ. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ එකඟතාවක් සිදු වන්නේ නැතිනම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් අපට ලැබෙන්නේ නැත. විස්තීර්ණ ණය පහසුකම් යටතේ අපට දීමට යෝජිත ණය මුදල ඩොලර් බිලියන 2.9කි. එය ලැබෙන්නේද අපට ණය ගෙවාගත හැකි බව සනාථ වුවහොත් පමණකි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අවුරුද්දකට ඩොලර් මිලියන 725 ගානේ මාස 48ක් පුරා එම ඩොලර් බිලියන 2.9 ලැබීමට යෝජිතය. ගෙවිය යුතු ණය කන්දරාව අභියස විස්තීර්ණ ණය පහසුකම් ඔස්සේ ලැබෙන මුදල කූඹියකුටත් වඩා කුඩාය. ඒ අතර ඉදිරි වසරවල ඉන්ධන සඳහා ඩොලර් බිලියන තුන හතරක්ද, ණය පොලී හා වාරික උදෙසා තවත් බිලියන 5 බැගින් ද ගෙවිය යුතුව තිබේ. දැන් රටේ ආර්ථිකය පවතින්නේ එවැනි තැනකය.

ආර්ථිකය මෙවැනි අවදානම් තත්ත්වයක තිබියදී දූෂණයේද අඩුවක් සිදුවී නොමැති බවට විපක්ෂය චෝදනා කරයි. මේ සියලු ඉන්ධන අර්බුද හමුවේ තෙල් ප්‍රසම්පාදනයේ අක්‍රමිකතා සිදුවී ඇති බවට චෝදනා නැගේ. රාජය තුන්වැනි පාර්ශ්වයකගෙන් රුසියානු තෙල් ඉහළ මිලකට ගත්තේ (රුසියාවෙන් ඍජුව අඩු මිලකට ගත හැකිව තිබියදී) මන්දැයි විපක්ෂය චෝදනා කරයි. මේ වසර මැද සියලු සමාජ අසහනයන්ට බලපෑ ඉන්ධන අර්බුද හමුවේ ඉන්ධන ආනයනයෙන් ගසා කෑම නැවතී නැත්තා සේය. ගල් අඟුරු ආනයනයේදී ද අක්‍රමිකතා සිදු වී ඇති බවට චෝදනා නැගේ. පෞද්ගලික වාසිය තකා නුසුදුසු බොරතෙල් ආනයනය කර ඇති බවටද චෝදනා එල්ල වී ඇත.

ට්‍රාන්ස්පේරන්සි ආයතනය විසින් කරනු ලැබූ (2021) ලෝක දූෂණ ශ්‍රේණිගත කිරීම්වලදී අපට හිමි වුණේ ලකුණු සියයෙන් 37ක් පමණි. අඩුම ලකුණ ලැබූ සූඩානය ලැබුවේ ලකුණු 11කි. එතැන ඇත්තේ 26ක වෙනසක් පමණි. රටවල් 180කින් දූෂණය අතින් අප ඉන්නේ 102 වැනි ස්ථානයේය. (අවම දූෂණ ඇති රට පළමු ස්ථානයට පැමිණේ).

අප රාජ්‍ය ණය ලෙස ලබාගෙන ඇති බිලියන 80න් කෙතරම් ප්‍රමාණයක් යටි මඩි ගසා ඇත්තේද යන්න එම දර්ශකයට අනුව සිතාගත හැකිය. රටේ අර්බුදයට දූෂණය කෙතරම් දුරට වගකිව යුතුද යන්න මෙහිදී සිතා බලනු වටී.

වරින් වර වාර්තා වූ සීනි වංචා, සුදු ලූනු වංචා ආදිය සම්බන්ධයෙන් නීතිය කොතෙක් දුරට ඉටු වී දැයි දැනගන්නට නැත.

එක් අතකින් රට ණය බරෙන් පෙළෙන අතර රට තුළට ගලා එන ධනයද දූෂණයට ලක්වන විට රට කෙතරම් කාලකන්නි තත්ත්වයකට ඇද වැටේද? මේ සියලු බර අවසානයේ උසුලන්නේ රටේ දුප්පත් මහජනතාවය. දැන් කිසිවක් සිදු නොවූවා සේය. රටේ පැවති මහජන කැළඹිලි දැන් අමතකය. ආණ්ඩු පක්ෂයට රිසි පරිදි දැන් ඇමැතිකම් ප්‍රදානය කෙරේ. ව්‍යවස්ථා සංශෝධනය ගැන ඇති උනන්දුව දිය වී ගොස් දැයි මහජනයා අසන තරමට ඒ ගැන කතා නැත. රටේ ආර්ථික අර්බුදය විසඳා ගන්නා ක්‍රමෝපාය ගැන සාකච්ඡා ඇසෙන්නේම නැත. හෙට දවසට අත්‍යවශ්‍ය ඉන්ධන, ආහාර, ඖෂධ ආනයනය කර ගන්නා හැටි ගැන සාකච්ඡාවක් නැත. ආහාර උද්ධමනය අතින් නම් දැන් අපි ඉහළින් වැජඹෙන්නෙමු. අපනයන වර්ධනය කිරීම සම්බන්ධයෙන් යොමු වෙන වැඩපිළිවෙළක් නැති තරම්ය. අපි හෙට දවසට මීට වඩා සැලකිල්ලෙන් මුහුණ දිය යුතු නොවෙමුද?

(***)



අදහස් (2)

ආර්ථික අර්බුදයෙන් රට මුදාගන්න ක්‍රමයක් නැද්ද?

fairoos Wednesday, 05 October 2022 07:52 PM

එකම ක්‍රමය තමයි නන්දසේන එළෙව්වා වගේ 225ම එළවන්න ඕනෑ..

:       0       2

samaadi Friday, 07 October 2022 11:15 AM

අපේ රටේ පාලනය හොර, බොරු, වංචාකාරයින්ගෙන් මුදවාගන්න...! එතකොට අපේ රටත් ජීවත් වෙන්න පුළුවන් රටක් වෙයි...!

:       0       1

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site