X Advertisement
IMG-LOGO

2025 මැයි මස 16 වන සිකුරාදා


ආසියාව යටත් කිරීමේ ඇමෙරිකානු මෙහෙයුම

ඇමෙරිකාවේ දැන උගත් ජනතාව අන්දුන් කුන්දුන් කරමින් 2012 මාර්තු 16 වැනිදා ඉතා වැදගත් ලේඛනයකට ඒ රටේ ජනාධිපති බරක් ඔබාමා විසින් අස්සන් තැබිණි. එම ලේඛනය හැඳින්වෙන්නේ ”විධායක නියෝගය” යන තාක්‍ෂණික නාමයෙනි. ඒ මගින් ඔහුගේ බලයලත් ලේකම්වරුන්ට සමස්ථ රටම යුද වාතාවරණයක තැබීම සඳහා අවශ්‍ය සියලූ බලතල ලබාදී ඇත. ඒ අනුව අනාගතයේදී  ඕනෑම දවසක ඇමෙරිකාවේ රාජ්‍ය සහ පෞද්ගලික සමාගම් සතු දේපල සහ මහජනයා සතු දේපල මෙන්ම රටේ පොදු සම්පත් යුද්ධයක් සඳහා යොදාගන්නවාට අමතරව පොදු ජනයාද බලහත්කාරයෙන් හමුදාවට බඳවාගත හැකිය. මේ විධායක නියෝගය නාමිකව යුද්ධමය වාතාවරණයක් සඳහා යොදාගන්නක් වුවත් ඇමෙරිකාව තුළ සාමකාමී වාතාවරණයක් තිබුණත් බලපැවැත්විය හැකිය. ඒ අනුව එසේ ඇමෙරිකාව සූදානම් වන්නේ ලෝකයේ වෙනත් භූමිවල හෝ සාගර මැද කෙරෙන යුද්ධයක් සඳහා බව ඉතා පැහැදිලිය. ඇමෙරිකානු ජනාධිපතිවරයා එවැනි බරපතල විධායක නියෝග නිකුත් කරන්නේ 1950 තරම් ඈත කාලයේදී සම්මත කළ ආරක්‍ෂක කටයුතු පණතක් උපයෝගී කොටගෙනය. බොහෝ ඇමෙරිකානු විද්වතුන් පවසන්නේ එම නියෝග මගින් ඇමෙරිකානු ව්‍යවස්ථාව පමණක් නොව එරට ජනතාවගේ මානව හිමිකම්ද බරපතල ලෙස උල්ලංඝනය වන බවය. බ‍්‍රැඞ්මන් ටර්බෙවිල් නැමැති ඇමෙරිකානු විශ්ලේෂකයාට අනුව බරක් ඔබාමා මේ අස්සන් කර ඇත්තේ ලෝකයේ බහුතරයක් ජනතාවගේ හංස ගීතය බවයි. ඔහුගේ උපකල්පනවලට අනුව ඇමෙරිකාව මේ සැරසෙන්නේ ඉරානයට සහ සිරියාවට පහරදීම හරහා තුන්වන ලෝක යුද්ධයකට සමස්ථ ලෝකයම තල්ලූ කිරීමටය. එහි අවසාන අරමුණ මේ වන විට ලෝක ආධිපත්‍යය ධ‍්‍රැවිකරණයේදී බලවත් ලෙස නැගී සිටින චීනය සහ රුසියාව මට්ටුකර නැවත වතාවක් ඒක ධ‍්‍රැවීය ලෝකයක් නිර්මාණය කිරීමය. නමුත් ඒ ඒක ධ‍්‍රැවීය ලෝකයේ මිනිසුන්ට ඊළඟ යුද්ධය කරන්නට සිදුවන්නේ ගල් යුගයේ ආයුධවලින් බව බලකාමී, අධිපරිභෝජනවාදි, මජර ඇමෙරිකානු ධනපති පන්තිය තේරුම්ගෙන ඇත්ද? මේ උපකල්පනය තවත් තහවුරු වන්නේ ඉහත නියෝගයට දළ වශයෙන් මසකට පසුව පෙන්ටගනය විසින් එෆ්-35 නවීන යුද යානා 2443ක් ලොක් හීඞ් මාටින් සමාගමෙන් ඇනවුම් කිරීමයි. මෙම ප‍්‍රහාරක යානා අයත් වන්නේ සමූල ඝාතන යුද උපකරණ ගණයටය. එහි අන්වර්ථ නාමය ”මිනීමරණ මැෂිම” යන්නයි. මහාචාර්ය මිචෙල් චොසුඩොවිස්කිට අනුව ඒ ආකාරයට ඉතිහාසයේ විශාලතම ප‍්‍රහාරක ගුවන් යානා තොගය මිලදී ගන්නේ චීනය, රුසියාව, උතුරු කොරියාව සහ ඉරානය ඉලක්ක කරගත් ලෝක යුද්ධයක් සඳහාය. මේ මහා ප‍්‍රහාරක හැකියාව ඇමෙරිකානු ගුවන් සහ නාවික හමුදාවලට ලබාදීම සඳහා වැයකෙරෙන මුදල ඩොලර් ටි‍්‍රලියන 1.5 කි. ඒ ආකාරයට ඇමෙරිකාව තම යුද ශක්තිය වර්ධනය කිරීමේ දැවැන්ත මෙහෙයුමට සමගාමීව එක්සත් රාජධානිය, ඉතාලිය, කැනඩාව, නෙදර්ලන්තය, නෝර්වේ, තුර්කිය සහ ඊශ‍්‍රායලය යන රවටල්ද එෆ්-35 අති භයානක යානා මිලදී ගැනීමට ඉල්ලූම් කර ඇත. ඒ අනුව කැනඩාව එවැනි යානා 65ක් මිලදී ගනු ඇත. මේ ආකාරයට ලෝක යුද්ධයට අවශ්‍ය පෙරනිමිති ඇමෙරිකාව සකස් කරමින් සිටින්නේ වසර 10ක පමණ කාලයක සිටය. එහි ආරම්භය ඉරාක ආක‍්‍රමණයයි. ඇමෙරිකාව ප‍්‍රමුඛ නේටෝවේ මේ ලෝක යුද්ධ සූදානම කිසිදු ආපදාවකින්, උපද්‍රවයකින් හෝ බාධාවකින් තොරව ඉදිරියට ගමන් කරන බව මතුපිටින් පෙනෙන්නට ඇත. එසේම ඉන්දියාව වැනි ප‍්‍රබල රටවල් පවා ඇමෙරිකාවේ කීකරු කුක්කන්ගේ භූමිකාව රඟපාන බවද පෙනෙන්නට ඇත. එහිදී පාකිස්ථානයට වරින් වර යුදමය කෙවිටෙන් තැළීම මගින් ඉන්දියානු කුක්කා ඇමෙරිකාව විසින් චූන් කරන ආකාරයද පෙනෙන්නට ඇත. එහෙත් මෙම කි‍්‍රයාවලියට එරෙහිව ප‍්‍රති කි‍්‍රයාවලියක්ද ආරම්භ වී ඇත. එය ඉතා පැහැදිලිව මතුපිටින් නොපෙනුනත් ඇමෙරිකානු යුද උන්මාදය පරාජය කිරීමේ උපාය මාර්ගික විභවය සහිත කි‍්‍රයාවලියක් බවට පෙරළෙමින් ඇත. පළමුවෙන්ම යුරෝපයේ සහ ඇමෙරිකාවේ සංවේදී මහජනතාව තම රටවල යුදවාදී දේශපාලනයට සහ යුදමය ආර්ථිකයට එරෙහිව දැඩි ප‍්‍රතිචාර දක්වමින් ඇත. මේ ප‍්‍රතිචාර යම් පමණකට දැනුවත් යුද විරෝධී ප‍්‍රතිචාර වන අතර අනෙක් පැත්තෙන් යුද අය වැය නිසා ආර්ථික වශයෙන් පීඩාවට පත්වන ජනතාවගේ විරෝධය ලෙසද හඳුනාගත හැක. අද වන විට ඇමෙරිකාව ප‍්‍රමුඛ යුරෝපීය රටවල් මුහුණ දී සිටින ආර්ථික අර්බුදය හමුවේ යුදවාදය මගින් තවදුරටත් ඒ රටවල ආර්ථික ආර්බුද තීව‍්‍ර කරන බටව සැකයක් නැත. ඒ අනුව මහජන විරෝධයද උත්සන්න වනවා මිස සමනය වීමේ ප‍්‍රවනතාවක් පෙන්වීමට ඉඩක් නැත. ඒ සියළු කාරණාවලට වඩා ඉතා සුවිශේෂී ලෙස පසුගිය දශකය තුළ චීනය සහ රුසියාව ඇමෙරිකානු බලයට ප‍්‍රති බලයක් ලෙස වර්ධනය වී ඇත. ඒ වර්ධනය ආර්ථික සහ යුදමය ශක්තිය අතින් වන වර්ධනයකට අමතරව ඇමෙරිකානු බලහත්කාරයට විරුද්ධ මතවාදී වර්ධනයක් බවටද පත්වී ඇත. සීතල යුද්ධය නිමාවීමත් සමග යම් හීලෑ වීමක ලකුණු පෙන්වූ මෙම රටවල් අද වන විට ඇමෙරිකාව ප‍්‍රමුඛ නේටෝවේ යුද බලයට ඍජුව අභියෝග කරන ස්ථාවරයකට පැමිණ ඇත. ජාත්‍යන්තර ඉකොනොමිස්ට් සඟරාවේ උපකල්පන අනුව චීනය ආර්ථිකයේ විශාලත්වය අතින් ඇමෙරිකාව පසු කිරීමට ගතවන්නේ තව වසර 6ක් පමණි. (2018 දී) ඒ ආර්ථික වර්ධන වේගයට සාපේක්‍ෂවය. නමුත් ණයගැති භාවය, විදේශ ආයෝජන සහ වෙනත් බොහෝ ආර්ථික සහ මානව දර්ශකවලට අනුව චීනය දැනටමත් ඇමෙරිකාව පසුකර ගොස් ඇති බව බොහෝ විද්වතුන්ගේ මතයයි. මහාචාර්ය මාර්ටින් ජැක්ගේ මතය අනුව චීනය එසේ ශක්තිමත් රාජ්‍යයක් ලෙස නැගී සිටින්නේ රටවල් කොල්ලකෑමෙන් (ආක‍්‍රමණය කිරීමෙන්) උපයාගත් ධනයෙන් නොවන බවයි. ඔහුට අනුව ඒ නැගීමේ රහස ධනපති ක‍්‍රමය නැගී සිටීමට බොහෝ කලෙකට පෙර සිට චීනය ශිෂ්ඨාචාරයෙන්ම ජාතික රාජ්‍යයක් ලෙස නැගී සිටීමයි. මේ වන විටත් චීනය ලෝකයේ ප‍්‍රමුඛතම කාර්මික නිෂ්පාදන නිපදවන සහ වෙළෙඳාම් කරන රාජ්‍යය බවට පත්වී ඇත. චීනය එම නිර්ණායකයට අනුව ඇමෙරිකාව පරාජය කළේ 2011 දීය. 2010 වන විට ජපානය, දකුණු අපි‍්‍රකාව, චිලිය, බ‍්‍රසීලය, ඉන්දියාව, පාකිස්ථානය, ඇමෙරිකාව, ඊජිප්තුව යන රටවල ප‍්‍රධාන වෙළෙඳ ගනුදෙනුකරු බවට පත්වන්නේ චීනයයි. අද වන විට චීනය තනි රටක් ලෙස ලෝකයේ දියුණු වන රාජ්‍යවලට ලබාදෙන ණය ප‍්‍රමාණය ලෝක බැංකුව විසින් ලබාදෙන ණය ප‍්‍රමාණය ඉක්මවා ගොස් ඇත. එපමණක් නොව හොංකාං ඇන්ඞ් ෂැංහයි බැංකුවේ ඇස්තමේන්තුවලට අනුව 2013 වන විට දියුණුවන ලෝකයේ වෙළෙඳ ගනුදෙනු සඳහා කරනු ලබන ගෙවීම්වලින් 50% සිදුකෙරෙන්නේ චීනයේ යුවාන් මුදල් ඒකකයෙනි. (ජාත්‍යන්තරව රෙන්බින්බි). මේ වන විට චීනය සහ ජපානය යුවාන් සහ යෙන්වලින් ඍජුව වෙළෙඳ ගනුදෙනු කිරීමට එකඟවී ඇත. ඊට අමතරව ඉරානය සහ චීනය ඩොලර් වෙනුවට යුවාන්වලින් ගෙවීම් කර ඉරානයෙන් තෙල් මිලදී ගැනීමටද එකඟවී ඇත. ඒ සියලූ ප‍්‍රවනතාවලින් පෙන්නුම් කරන්නේ ඩොලරයට අභියෝග කරමින් යුවාන් මුදල් ඒකකය ශක්තිමත්ව නැගී සිටින බවයි. ඊට අමතරව චීනය සහ රුසියාව බල ශක්ති සහ ඛනිජ තෙල් ක්‍ෂේත‍්‍රයේ ආධිපත්‍යයක් ක‍්‍රමයෙන් ගොඩ නගිමින් පවතින අතර එම රටවල් දෙක අතර ප‍්‍රබල ආර්ථික සහ දේශපාලන සහයෝගිතාවක්ද ගොඩනැගෙමින් ඇත. ඉතා දැඩි මතධාරී වැලසීමීර් පුටින් රුසියාවේ ජනාධිපති ලෙස තහවුරු වීම සමග චීනය සමග සහයෝගීතාව තව තවත් වර්ධනය වෙමින් ඇත. එය ඉතා පැහැදිලි උපායමාර්ගික අවශ්‍යතාවකි. මේ වන විට චීනය සහ රුසියාව එක්ව සිරියාවට එරෙහි ඇමෙරිකානු ආක‍්‍රමණ යෝජනාව ඉතා ප‍්‍රබල ලෙස ප‍්‍රතික්ෂේප කොට ඇත. ඒ නිසා ඇමෙරිකාව එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ ලිබියාවට එරෙහිව දියත් කළ ආකාරයේ කූඨ මෙහෙයුමක් සිරියාවට එරෙහිව දියත් කිරීමට ඉඩ ලැබී නැත. පසුගිය දිනවල රුසියා ටුඬේ ප‍්‍රවෘත්ති සේවයට සම්මුඛ සාකච්ඡාවක් ලබාදුන් හිටපු ඇමෙරිකානු සෙනෙට් සභික කි‍්‍රස් ඩොඞ් පවසා සිටියේ ඇමෙරිකාව සිරියාවට පහරදීම අත්හැරීමට සිදුව ඇත්තේ රුසියාව සහ චීනය තදින් සිටීම නිසා බවය. කි‍්‍රස් ඩොඞ් කියන්නේ දැන් ඇමෙරිකාව යම් පමණකට හති වැටී ඇති බවයි. ඔහුට අනුව සෙනෙට් සභිකයන් විසින් සිරියාවේ විපක්‍ෂයට ඍජුව ආයුද දීමට බල කරනු ලබද්දී ජනාධිපති ඔබාමා පසුබසින්නේ මේ යථාර්ථයට සාපේක්‍ෂවය. ඔහු කියන්නේ දැන් වසර 10ක් තිස්සේ පවත්වාගෙන පැමිණි යුද්ධය තවදුරටත් පවත්වාගෙන යාම අසීරු බවයි. ඔහුට අනුව ඇෆ්ගනිස්ථානයන් කලින් හමුදා ඉවත් කර ගන්නේත් ඒ අමාරුව නිසාය. තවදුරටත් ඔහු කියා සිටින්නේ ලිබියාවේදී කලා මෙන් සිරියාවේ විපක්‍ෂයට ආයුධ සපයමින් සිරියානු හමුදාවලට පහර දෙමින් ඍජු මැදිහත්වීමකට ඇමෙරිකාව කැමැති වුවත් ප‍්‍රායෝගිකව එසේ කිරීම අමාරු බවයි. ඒ අනුව එෆ්-35 යානා දහස් ගණනින් ඇනවුම් කළත් ඒවාට මුදල් ගෙවීම සඳහා ණය ගැනීම හෝ මහජනයාට බදු ගැසීම සිදු කළත් ප‍්‍රායෝගිකව ඒවා යොදාගැනීම සඳහා වාසිදායක ජාත්‍යන්තර දේශපාලන තත්වයක් ගොඩනැගෙන්නේ නැති බව පැහැදිලිව පෙනේ. අනෙක් කාරණය ආර්ථික අර්බුද හමුවේ ඒ ඇනවුම්වලට මුදල් ගෙවීමද සරල යථාර්ථයක් නොවන බව පැහැදිලිය. රුසියාව සහ චීනය ලිබියානු නායකයා අත් හැරියත් සිරියානු සහ ඉරාන නායකයන් අත් නොහැරීමට හේතු රාශියක් ඇත. ලිබියානු නායකයා චීනය විසින් ලිබියාවේ ඩොලර් මිලියන 800ක වටිනා සාපේක්‍ෂව සුළු ව්‍යාපාරයක් අත්පත් කර ගැනීම පවා වැළැක්විය. නමුත් ඉරානය සහ සිරියාව චීනය සහ රුසියාව සමග ප‍්‍රබල ආර්ථික සම්බන්ධකම් ගොඩනගාගෙන ඇත. ඊට අමතරව රුසියානු නාවික කඳවුරක්ද සිරියාවේ පිහිටුවා ඇත. එසේම එම රටවල පාලකයන් ඇමෙරිකානු සහ බටහිර අධිරාජ්‍යවාදයට එරෙහිව ඍජුව දෙපයින් නැගී සිටින බැවින් ඔවුන් අත්හැරීමේ දේශපාලන උපාය මාර්ගික ගැටලූවක්ද ඇත. ඒ සියල්ලටම වඩා මිතුරු බව ඇඟෙන්ම පෙන්වන මිතුරන්ගේ දුකේදී සැබෑ මිතුරන්ට පිටු පෑ නොහැකි බව ජාත්‍යන්තර දේශපාලන සබඳතා පිළිබඳ ඉතිහාසය විසින් නැවත නැවත ඔප්පු කොට ඇත. ලිබියාවට වැරදුනේ එසේ සැබෑ මිතුරන්ට ඇඟෙන්ම නොසැලකීම නිසාය. ඒ අත්දැකීම ශ්‍රී ලංකාවටද ඉතා ප‍්‍රයෝජනවත් වනු ඇත. ඒ බොහෝ විට අප ඉන්දියාව සහ ඇමෙරිකාව අසතුටු වේ යයි යන බිය නිසා චීනයට සහ රුසියාවට නරකට සලකන අවස්ථා එමට තිබෙන බැවිනි. චීනය සහ රුසියාව අප රටේ ඛනිජ තෙල් කැනීමට මෙන්ම පිරිපහදුවටද උනන්දුව පෙන්වා ඇතත් අප අඩියක් පෙරට තබා ඔවුන් කැඳවා ගැනීමට අත වනන්නේ නැත. පාරවල් හැදීමට කොන්ත‍්‍රාත් දීමෙන් පමණක් දීර්ඝ කාලීනව රැඳී සිට අප රැකීමේ උනන්දුව ඔවුනට ඇතිවන්නේ නැත. කෙසේ වෙතත් මේ වන විට සිරියාවට එරෙහි ඇමෙරිකානු මෙහෙයුම් මුල්කොටගෙන රුසියාව තම තද ස්ථාවරය ලෝකයටම පේනවීමට පටන්ගෙන ඇත. රුසියාව බොහෝ කලකට පෙර සිරියාවට විකිණූ හෙලිකොප්ටර් යානා ප‍්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කළේය. ඊට අදාළව හිලරි ක්ලින්ටන් විරෝධය පළකිරීමේදී රුසියාවද තවද වචන පාවිච්චි කළේය. ඒ අතර රුසියාව තම නාවික හමුදා යාත‍්‍රා සිරියාවේ ටාර්වස් වරායට යැවීමටද කටයුතු කොට ඇත. පුටින් ජනාධිපතිවරයා මැක්සිකෝවේ G-20 සමුළුවේදී බරක් ඔබාමා මුණගැසුනු අවස්ථාවේ ප‍්‍රකාශකර සිටියේ තමා සිවිල් වැසියන්ට පහර දෙන ආයුධ සිරියාවට ලබා නොදෙන නමුත් බාහිර ආක‍්‍රමණවලින් ආරක්‍ෂා වීම සඳහා අවශ්‍ය යුදමය සහය ලබාදෙන බවයි. මේ අනුව සිරියාවට එරෙහි ඇමෙරිකානු මෙහෙයුම මුල්කොටගෙන චීනය සහ රුසියාව දැන් ඉවසුවා හොඳටම ඇති යන සංඥාව ලෝකයට ලබාදී ඇත. ඒ සංඥාව සමස්ථ ලෝකයේම වසන ඇමෙරිකාව ප‍්‍රමුඛ නේටෝ රටවල් ලෝකය පුරා කරන යුදමය මැදිහත්වීම්වලට විරුද්ධ ජනතාවට දුන් ප‍්‍රබල පණිවිඩයකි. ඒ අනුව සාමයට ලැදි ලෝක ප‍්‍රජාව ඊට ධනාත්මකව ප‍්‍රතිචාර දැක්වුවහොත් එය අනාගත ලෝක යුද්ධයක් වැළැක්වීම සඳහා ප‍්‍රබල පියවරක් ලෙස සැලකිය හැකිය. ශ්‍රී ලංකාව මේ ජාත්‍යන්තර ප‍්‍රවනතාවට අනුව කෙසේ හැසිරෙනවාද යන්න සමස්ථ ලෝකයටම විශාල ආදර්ශයක් සපයනු ඇත. එසේ වන්නේ අද වන විට ශ්‍රී ලංකාව ඇමෙරිකාව ප‍්‍රමුඛ නේටෝ බලහත්කාරයේ ප‍්‍රධාන ගොදුරක් බවට පත්වී සිටින නිසාය. නමුත් අප රටේ සමහර විද්වතුන් ශ්‍රී ලංකාවට එරෙහි ජාත්‍යන්තර කුමන්ත‍්‍රණය සහ ලෝක පරිමාන යුද සූදානම යනු එකම කි‍්‍රයාවලියක් ලෙස දකින්නේ නැත. ඔවුන් කල්පනා කරන්නේ ඇමෙරිකාව ලෝක යුද්ධයකට පැටළුනහොත් අපට එරෙහිව තද කරන අඬුව බුරුල් වනු ඇති බවය. නමුත් සත්‍ය ඊට වඩා හාත්පසින්ම වෙනස් වනු ඇත. ඇත්ත වශයෙන්ම ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර බලවේගවලට ශ්‍රී ලංකාව බෙදා වෙන් කිරීමට, දුර්වල කිරීමට සහ යටත් කිරීමට අවශ්‍ය වන්නේ ලෝක යුද ආධිපත්‍ය ගොඩ නැගීම සඳහා ශ්‍රී ලංකාව භූදේශපාලනිකව සහ යුද්ධමය වශයෙන් ඉතා වැදගත් වන නිසාය. ඒ නිසා ඇමෙරිකානු යුද උන්මාදය වර්ධනය වන ප‍්‍රමාණයට සාපේක්‍ෂව ඔවුන් අපට එරෙහිව අටවා ඇති උගුලද තද කරනු ඇත. ඒ යුද උන්මාදයට පහර වදින සහ අභියෝග කෙරෙන ප‍්‍රමාණයට සාපේක්‍ෂව අපට එරෙහිව අටවා ඇති උගුල බුරුල් කෙරෙනු ඇත. ඒ නිසා මේ රළු යථාර්තයට පිටුපාමින් ශ්‍රී ලංකාවේ අපට දේශපාලන තීන්දු ගැනීමට ඉඩක් නැති බව දැන්වත් මේ අවසන පැයේදීවත් ජාතියක් ලෙස අප තේරුම් ගත යුතුව ඇත. ඒ තේරුම් ගැනීම පෙන්වන ප‍්‍රධාන සලකුන වන්නේ ඉන්දියානු හිවලාගේ බස්වලට තවදුරටත් රැවටීම නැවැත්වීමය. ඉතා සරලව කියනවා නම් අද ඉතා පැහැදිලිව ඇමෙරිකානු උපාංගයක් ලෙස කි‍්‍රයාකරන ඉන්දියාවේ සහාය මත ගොඩ ඒමට අල්පමාත‍්‍ර හෝ සි හිනයක් ඇත්නම් අප ඉන් කඩිනමින් අවදිවිය යුතුය. ඉන්දියාව විසින් තව තවත් අප බටහිර උගුලට තල්ලූ කරනවා විනා ඉන් ගලවා ගැනීමට උදව් නොකරන බව මේ වන විට ඉතා පැහැදිලිව ඔප්පු කොට ඇත. ඒ නිසා ඉතා අමුවට සහ විවෘත ලෙස කියනවා නම් අද යුගයේ අපගේ අති ජාත මිතුරන් ලෙස චීනය සහ රුසියාව පිළිගැනීමට අපට තත්ව විසින් බලකෙරෙමින් ඇත. මිතුරන් දිනා ගැනීමට නම් මිතුරන්ගේ ඇඟට දැනෙන ලෙස මිතුරන් සේ හැසිරිය යුතුය. අද අප චීනය සහ රුසියාව සමග එසේ හැසිරෙනවාද යන්න පමා නොවී විමසා බැලීම ප‍්‍රමුඛතම දේශාපලන න්‍යායාත්මක විවාදයක් බවට පත්කර ගත යුතුව ඇත. පසුගිය දින ඒසියන් ටි‍්‍රබියුන් වෙබ් අඩවිය වාර්තා කර තිබූ ආකාරයට ශ්‍රී ලංකාව ගමන් කරමින් සිටින්නේ ඊට ප‍්‍රතිවිරුද්ධ දේශපාලන දිශාවකටය. එනම් ඉන්දියානු සහ ඇමෙරිකානු කපටි ආරක්‍ෂකයන්ගේ වචන විශ්වාස කරන දිශාවකටය. අප බොහෝ පමා වුවහොත් ඒ වරද නිවැරදි කිරීමට ඉතිහාසය අපට කිසිදු ඉඩක් ලබානොදෙන බව සහතිකය.

වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර - මහ ලේකම් දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය



අදහස් (0)

ආසියාව යටත් කිරීමේ ඇමෙරිකානු මෙහෙයුම

චූටි බබා Tuesday, 26 June 2012 11:26 PM

බලල මල්ලෙන් පැනල හුගක් කල් .දැනටමත් ඇමෙරිකන් කට්ටිය සැලසුම බාගෙට ක්‍රියාත්මක කරලා ඉවරයි .මේවට යුරෝපා රටවල් මෙන්ම ආසියාවේ සමහර රටවල්ද උදව් කරනවා .අවසාන යුද්දය අතළඟ .

:       0       0

සමන් රොහාන් රණසිංහ Monday, 13 August 2012 02:28 AM

ස්වභාවිකව තම තමන්ගේ මවු රටේ,තමන්ගේ පවුල් ආරක්ෂා කරගත්තා නම් ඉබේම තමන්ගේ රට ආරක්ෂා වෙනවා. ඒ වගේම අනිත් රට රටවලුත් ආරක්ෂා වෙනවා. (නි)

:       0       0

ලලිත් Friday, 29 June 2012 02:28 PM

ඇමෙරිකාවේ කාලේ ඉවර වීගෙන යනවා

:       0       0

ලලිත් Friday, 29 June 2012 03:06 PM

ඇමෙරිකාවේ කාලේ ඉවර වේගෙන යනවා වගේ

:       0       0

ජයන්ත Thursday, 28 June 2012 11:50 PM

මොකා වුණත් හොදයි

:       0       0

සුපුන් Thursday, 28 June 2012 09:14 PM

ඇමරිකාව පාලනය කරන්නේ ඔබාමා නෙවෙයි

:       0       0

සුරාජ් Thursday, 28 June 2012 06:25 PM

තවම ලංකාවෙ හමුදාව ගැන දන්නේ නැතිව ඇති කරට කර ආවොත් දුවන්න පාරවල් හොයාගන්න අමාරැවෙයි.. බයට.. ඇමරිකා‍නුවො එන්නෙ එකට සීය අනුපාතෙට....

:       0       0

ෂිෆ්රන් Thursday, 28 June 2012 04:14 PM

අපි දන්නෙ කතා කර කර ඉන්න විතරයි...!!

:       0       0

පුංචා Thursday, 28 June 2012 12:42 PM

ඇත්තමයි නියම ලිපියක්..

:       0       0

ඩැනියෙල් Thursday, 28 June 2012 09:24 AM

ඔවුන් කවදා හෝ අපේ දෑත් වලින් විනාශ වේවි.එදාට ඔවුන් අපේ තරම තේරුම් ගනීවි

:       0       0

ජයේ Wednesday, 27 June 2012 10:26 PM

නියම මහත්තයෝ .... මිනිස්සු මේ ගෙන දැනුවත් වෙන කොට පාලකයන්ට වැරදි කරන්න බැරුව යනවා .

:       0       0

අසින්ත Sunday, 24 June 2012 01:21 PM

සම්පූර්ණ ඇත්ත....

:       0       0

පෙරේරා Tuesday, 26 June 2012 08:15 AM

ඇමරිකාවට ඔවුනගේ නවීන යුධ උපකරණ අළෙවි කර ගැනීමට දැන් අවශ්‍ය වෙලා තියෙන්නේ යුද්ධයක්.සමස්තයක් ලෙස ගත්කළ ලෝකයේ බොහෝ රටවල් ඇමරිකාවට කැමති නෑ

:       0       0

ශිරාන් Tuesday, 26 June 2012 01:08 AM

Dr. වසන්ත, ඔයා ඇත්තටම ඇමරිකාව ගැන දන්නේ මොනවද?

:       0       0

සුජිත්-muscat Monday, 25 June 2012 02:06 PM

අපේ ඉහළ පාලකයො මේ ලිපිය කියවයි මගේ හිතේ

:       0       0

ගාමිණී Monday, 25 June 2012 08:31 AM

කකුල් දෙක බෝට්ටු දෙකක තියාගත්තොත් මිනිහා වතුරේ...

:       0       0

මහින්ද Sunday, 24 June 2012 06:34 PM

මම මේක දැනගෙන ගොඩක් කල්

:       0       0

ශාන් සෞදි අරාබි Sunday, 24 June 2012 06:34 PM

මෛත්‍රී ...පරගැති නවන්න එපා,,, මේ වගේ මෙහෙයුමකට ආසියාවෙන් ඉඩක් ලැබෙන එකක් නැහැ

:       0       0

සංජීව Sunday, 24 June 2012 03:38 PM

මේ වගේ මෙහෙයුමකට ආසියාවෙන් ඉඩක් ලැබෙන එකක් නැහැ .

:       0       0

rajh Sunday, 24 June 2012 03:50 PM

මේ වටිනා ලිපිය පාලකයන්ගේ ඇස ගැටේවා !

:       0       0

මෛත්‍රී Sunday, 24 June 2012 03:20 PM

මේ ලිපිය ඉංග්‍රීසියෙන් පල කරනවානම් එය ගොඩක් වැදගත්

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site