X Advertisement
IMG-LOGO

2025 මැයි මස 18 වන ඉරිදා


ඇගේ නමින් නැවක්...

කේ‍්‍රම්බි‍්‍රජ් හි ආදිපාදවරිය වන කේට් මිඞ්ල්ටන් වෙනුවෙන් ”රෝයල් ප‍්‍රින්සස්” නමින්  නැවක් භෞතිස්ම කිරීමේ උළෙල පසුගියදා සැම්ප්ටන්හි සාගර වේදිකාවක්  මතදී උත්සවශ්‍රීයෙන් පැවැත්විණි. මෙම නැව භෞතිස්ම කිරීම සිදුකෙරුණේ කේට් මිඞ්ල්ටන්ගේ ප‍්‍රධානත්වයෙනි.

රෝයල් ප‍්‍රින්සස් නෞකාව
නැව දියත් කළ මොහොතට එක්වූ කේට් කුමරිය

කේට් කුමරිය ජූලි මාසයේදී කුළුඳුල් දරු උපත බලාපොරොත්තුවෙන් සිටින්නීය. ඊට පෙර ඇය තනිව සහභාගි වන ප‍්‍රසිද්ධ උත්සවය එය බැව් රාජකීය ප‍්‍රකාශකයෙක් පැවසීය.

1984 දී කේට් ගේ නැන්දම්මා වූ ඩයනා කුමරිය විසින් රෝයල් ප‍්‍රින්සස් නමින් නැවක්  භෞතීස්ම කරන ලද්දේ ද එම ස්ථානයේදීම ය.

මේ අවස්ථාවේ කේට් කුමරිය හැඳ සිටියේ පවුම් 169 ක් වටිනා ඩැල්මේෂන් මෝස්තරයක් සහිත කබායකි. ඇය විසින් පවුම් 1250 ක් වටිනා ෂැම්පේන් බෝතලයක් සම්ප‍්‍රදායානුකූලව බිඳ දැමීමෙන් අනතුරුව නැව දියත් කරනු ලැබිණි. ඉන් අනතුරුව ඇය නැවේ කාර්ය මණ්ඩලය ද හමු වී ඔවුන් සමග සුහදව කතාබහ කළාය. එහි කපිතාන් ලෙස සේවය කළේ ටෝනි ඩ‍්‍රැපර් නමැත්තෙකි.

ඔහු සමග සුහදව කතා බස් කළ කේට් ආදිපාදවරිය දෙදහ වසරේ යෙදුණු මුහුදු සවාරියක මතකයද සිහිපත් කළාය.

රෝයල් පි‍්‍රන්සස් නෞකාව සිය මංගල ගමන ගියේ බාසිලෝනාවටය.

මම මීට කලින් සැම්ප්ටන් වරායට ගිහින් තිබුණත් මේ වගේ නැවකින් එහි ආ පළමු අවස්ථාවයි.

සෑම්ප්ටන්හිදී වරාය අධ්‍යක්‍ෂ මොරිසන් හමුවූ මොහොතේ දී කේට් ආදිපාදවරිය පැවසුවාය.

රෝයල් ප‍්‍රින්සස් නම් වූ මෙකී නෞකාව අඩි 1082 ක් දිග වන අතර මගීන් 3600 ට ගමන් කළ හැකියි. කී‍්‍රඩාගාර, කැසිනෝ කාමර, ස්පා ආදියෙන්ද සමන්විත මෙම නෞකාව තුළ අඩි 28 ක් දිග වීදුරු පතුලක්ද තිබේ. ඉන් මුහුදු පත්ල නැරඹීමට ලැබීම සංචාරකයකුට ලැබෙන අපූරුතම අවස්ථාවකි.

 

 

ශාන්ත කුමාර විතාන

 

නැවේ ඇතුළත...

 

නැවේ අවන්හල

 

නැවේ කාර්ය මණ්ඩලය හමුවී...


 

කපිතාන් සමග

 



අදහස් (0)

ඇගේ නමින් නැවක්...

පැන්ටා Thursday, 04 July 2013 10:39 AM

අපෝ මෙයා මාත් එක්ක අවුරුදු තුනකට කලින් දවසට පැය හතර පහක් ඔන්ලිනේ චැට් කරලා හොදට විනෝද වුන කෙල්ලෙක්නේ.(නදී)

:       0       0

ගයාන් Thursday, 11 July 2013 07:39 AM

අනේ මම මොකද කරන්නේ මට දුක හිතනවා අප්පා! (නි)

:       0       0

දීපානන්ද හාමුදුරුවෝ දික්වැල්ල Saturday, 06 July 2013 05:15 PM

මිථ්‍යදෘෂ්ටික උනත් සත්වයන්ට පින් විපාක දෙනකොට මෙහෙම තමයි. සියල්ල නිත්‍ය වුණා නමි මේවා කරන එකේ වරදක් නෑ.(නදී)

:       0       0

මංජු Saturday, 06 July 2013 02:22 AM

අනුන්ගේ දේවල් අපිට මොකටද ? (නි)

:       0       0

සරත් Friday, 05 July 2013 11:49 PM

ඔය 77 ක ආච්චි කෙනෙකුත් කසාද බදින්න හොයන කාලේ, හොද නැද්ද ,කල්පනාට එඩින්බරෝ ආධිපාදව පොඩ්ඩක් හදුන්වලා දුන්නොත්! (නි)

:       0       0

ගිම්හාණි Friday, 05 July 2013 09:26 PM

ඔබ රටට වාසනාවක් දෙවි පිහිටයි.(නදී)

:       0       0

කල්පනා Friday, 05 July 2013 09:20 PM

අනුන්ගේ දේවල් අපිට මොකටද ? තමන්ගේ වැඩක් බලා ගනිල්ලා.(නදී)

:       0       0

කේට් Friday, 05 July 2013 03:15 PM

සිතාරා ඔබට තියෙන්නේ ඊර්ෂ්‍යාවක්..... මම විලියොන්ගේ ඇගේ එල්ලිච්ච නිසා..... මට ඊර්ෂ්‍යා නොකර ඔබ හැරියාව අල්ලා ගන්න.... බැරි වුනොත් අපේ මාමන්ඩියා චාර්ස්ව උනත් කමක් නැහැ..... (අ)

:       0       0

විලියොන් Friday, 05 July 2013 03:09 PM

සිතාරාගේ කොමෙන්ට් එක දැකලා කේට්ට හොදටම දුක හිතිලා.... කේට් කියනවළු මහා රැජීන අකමැති වුනත් කමක් නැහැ සීතාරා එයාට අකමැති වෙච්ච එකට දුකයි කියලා......(අ)

:       0       0

වීනාවි Friday, 05 July 2013 10:03 AM

කෙනෙක් ඇතුව උපදින්නත් තව කෙනෙක් නැතුව උපදින්නත් පෙර කළ කර්මය බලපානවා. අපි සැවොම බුදු දහමට අනුව හැසිරිය යුතුයි (නි)

:       0       0

සරත් Thursday, 04 July 2013 03:18 PM

පැන්ටාට රජකුමාරයෙක් බැඳගන්න බැරි උනානේ!(නදී)

:       0       0

වාසල Sunday, 30 June 2013 05:28 PM

පව්, නැවක් විතරද නම් කලේ, අපේ රටේ නම් රජ කෙනෙකුට තමන් කැමති ඔනේ දෙයක් කිසිම අපහසුවකින් තොරව නම් කරගන්න පුලුවන්.(නදී)

:       0       0

සංජීව Thursday, 04 July 2013 02:34 AM

දැක්කද ලංකාවේ මැණික් ගල දාපු මුද්ද. මෙයා ඒක වැදගත් උත්සව වලට දානවා.(නදී)

:       0       0

සරත් Wednesday, 03 July 2013 11:21 PM

ඔව් මමත් සිතාරාට වැඩිය කැමති නැහැ.(නදී)

:       0       0

සිතාරා Tuesday, 02 July 2013 06:07 PM

මම නම් මෙයාට වැඩිය කැමති නැහැ. (දී)

:       0       0

සංජීව Tuesday, 02 July 2013 12:17 PM

අනේ මේ උපුල් , අනුන්ගේ පට්ටන්දර හොයන්නේ නැතුව තමුසෙගෙ පව්ලේ දෙයක් බල ගන්නවා (අ)

:       0       0

නිලු Tuesday, 02 July 2013 11:26 AM

ඩයනා ඇන්ටි තරම් ෆන් ගත්ත කෙල්ලෙක් කොහෙද වෙන රජ පව්ලේ ඉන්නේ ? (අ)

:       0       0

ස්ටුගේ Tuesday, 02 July 2013 09:50 AM

අපෝ නැවක් විතරද නම් කලේ? මෙහේ නම් වරායවල්, රගහලවල්, මාවත්, තොටුපල්වල් ඕනෑතරම් තිබෙනවා, එක එක්කෙනාගේ නමින් (නි)

:       0       0

ඩී.උපුල් Monday, 01 July 2013 03:08 PM

ඩයනාට කව්ද පව් කියන්නේ? එයා රජ පවුලට නොගැලපෙන මොන තරම් නොහොබිනා දේවල් කළාද? (දී)

:       0       0

අචිනි Monday, 01 July 2013 01:04 PM

අපෝ මෙයාට නැවක් විතරයිනේ තියෙන්නේ. අපේ අයට නම් හැමදේම තියනවා (දී)

:       0       0

ශශිනි Monday, 01 July 2013 09:56 AM

කේට් හරිම වාසනාවන්තයි. ‍ඒත් ඩයනා කුමරිය පවු (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site