ඇන්ටිගේ බෝඩිමෙන් මේ පාර අපි ගියේ රාජගිරිය පැත්තට. ඈත දුර පළාත්වලින් කොළඹට එන ගොඩක් දෙනෙකුගේ තාවකාලික නවාතැන වෙලා තියෙන තවත් ප්‍රදේශයක් විදිහට හඳුන්වන්න පුළුවන්.
ගතවූ සති කිහිපයේම කොළඹ අවට බෝඩිම් ජීවිත ගැන කතා කළා වගේම ඒවා ඇතුලේ සිද්ධ වෙන අමුතු අමුතු සෙල්ලම් ගැනත් කිව්වා මතක ඇතිනේ. ඒ අමුතු සෙල්ලම් ගැන අපි දන්නේ බොහෝම ටිකයි. මේ බෝඩිං ඇන්ටිලා අංකල්ලාගේ අමුතු ගැටවලට අහුවෙලා ජීවිතේ ලෙල්ලම් කර ගත්ත අයත් ඕනෑ තරම් ඉන්නවා. හැබැයි මේ වෙන දේවල් කවුරුත් එළිපිට කියන්නේ නැහැ. මොකද ඒක ඇයගේ හෝ ඔහුගේ ආත්මගරුත්වය පිළිබඳ ප්‍රශ්නයක්.
විශේෂයෙන් කොළඹ වගේ නාගරික පැත්තක රස්සාවකට හරි අධ්‍යාපනයට හරි එන ගොඩක් උදවියට මේ බෝඩිම් කට්ට අනිවාර්යයෙන්ම උරුම වෙන දෙයක්. කොළඹ කට්ට කන උදවියට හවසට ඕනෑ ඕනෑ වෙලාවට යන්න, හිතේ හැටියට අතපය දිගහැරලා නිදාගන්න ස්විට් හොම් නම් මේ කොළඹ නැහැ. තමන්ගෙයි කියලා දුවිලි පොදක්වත් නැතුව, කොළඹ ගෙන්දගම් පොළවේ අඩිය තියන උදවියට වැටෙන්න තියෙන බෝඩිම් කාමරෙත් රාජමාලිගාවල් වෙන වෙලාවලුත් තියෙනවා.
කොහොම වුණත් බෝඩිමක් සොයන්න කලින් අපේ කට්ටිය කීයක් නම් දේවල් හොයනවාද? ගෙදර සුඛෝපභෝගීද? ටයිල් කරපු බාත්රූම්ද මේවාගේ තව තව දේවල් ගොඩයි.
ඒත් මොන තරාතිරමේ හිටියත් බෝඩිම් ජීවිතේ සැප සොයනවා කියන්නෙ කළුනික සොයනවා වගේ වැඩක්. ඒකේ කතා දෙකක් නැහැ. හැබැයි ඒ කට්ටෙ රහ දන්නේ කාපු එකෙක්ම තමයි.
කතාවෙන් කතාව බෝඩිම දිහාවට ලඟා වුණා. රාජගිරිය කියන්නේ මොනවගේ පැත්තක්ද කියලා කොළඹ උදවියටනම් ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. පැත්ත හොඳ වගේම තමයි නරකත්. පිටපළාත්වලින් බෝඩිම්වලට එන ගෑණු ළමයින්ට පාරේ තොටේ බෝඩිම්වල අත්විදින්න සිද්ධ වෙන දේවල් ඒ හිත්වලම යටපත් වෙලා යනවා. මම එහෙම කිව්වෙ පසුගිය දවසක අපේ ඇන්ටිගේ බෝඩිම බලලා කන්තෝරුවට දුරකථන ඇමතුමක් ආවා. නම කියන්න අකමැති වුණත් අපේ කතාව පත්තරේට ලියන්න කියලා පුංචි ඉල්ලීමක් කළා.
අලුත් බෝඩිමට යන්න කලින් මේ කතාව කියලා හිටියොත් හොඳයි කියලා හිතුනා. මාගේ ගම මාතර. ගමේ ඉඳන් කොළඹ ආවේ රැකියාවට. මම පෞද්ගලික හෙදියක් විදිහට පෞද්ගලික රෝහලක වැඩ කරනවා. නතර වෙලා හිටියේ රාජගිරියේ බෝඩිමක. බෝඩිම සොයාගත්තේ පත්තරේ දැන්වීමකින්. ගෙදරිනුත් ඇවිල්ලා මාව බෝඩිමක නතර කරලා තාත්තා ගමේ ගියා. ඒ ගෙදර ඇන්ටි බෝඩිම බලන්න ගියහම නම් කිව්වේ පිරිමි කෙනෙකුට ඉන්නේ ඒ ඇන්ටිගේ මහත්තයා විතරයි. ගෙදර වෙන කවුරුත් නැහැ කියලා. ඒ ඇන්ටිලට දරුවො නැහැ. අංකලුත් රස්සාවක් කරනවා කිව්වා. බයක් දැනුනේ නැහැ.
තැන හොඳ නිසා තාත්තත් මාව නතර කරලා ගියා. සති දෙකක් විතර බොහොම හොඳට ඇන්ටිත් කතාකළා. මටත් ටික ටික හිතේ බය නැති වෙලා ගියා. දවස් දෙකක් විතර මම වැඩ ඇරිලා එනකොට ඇන්ටි ගෙදර හිටියේ නැහැ. අංකල් විතරක් හිටියා. එදා පුංචි බයකුත් දැනුනා. මම ගිය ගමන් කාමරේ දොර වහගෙන ඇන්ටිට කතා කරහම කිව්වා මම එනවා එනකොට ටිකක් රෑ වේවි කියලා. උදේ මම නැගිටලා සුපුරුදු විදිහට වැඩට ගියා. එදා රෑ එළිවෙනකම් මට නින්ද ගියේ නැහැ. දෙවෙනි දවසෙත් මම එනකොට ඇන්ටි ගෙදර හිටියේ නැහැ. එදත් ඇන්ටිට කෝල් කරහම කිව්වෙ නෑදෑ ගෙදරක ඇවිත් ඉන්නේ රෑ වෙලා එනවා, අංකල් ඉන්න නිසා බය වෙන්න එපා කියලා කිව්වා. කඩෙන් අරන් ආපු කෑම එකත් කාලා ඇඳට වැටුණම මහන්සියට මට නින්ද ගියා. රෑ මැද මට දැණුනා කාමරේට කවුදෝ එනවා වගේ. කෑ ගහන්න හදනකොටම මගේ කට තද කරලා කවුදෝ අල්ලගත්තා විතරයි මට මතක. මට සිහිය නැතිවුණා වගේ වුණා. ඒ වෙන කවුරුවත් නෙමෙයි ගෙදර අංකල්. ගෙදර අංකල් මට එදා රෑ හරියට කරදර කළා. අවනත නොවුනොත් මරනවා කිව්වා. ඊට පසුවෙනිදා මම වැඩට ගියෙත් නැහැ හොඳටම ඇඬුවා. ඒ අංකල් ඇන්ටි එක්ක නිතර රණ්ඩු කරනවලු දරුවෝ නැති නිසා. ඇන්ටි ඒ දවස් දෙකෙත් ගෙදර ඇවිත් නැත්තේ රණ්ඩුවෙලා ගෙදරින් ගිය නිසා. ඇන්ටි නෑදැ ගෙදරක ගියා කියලා මට කියලා තියෙන්නේ බොරු. වුණු දේවල් කාටවත් කියන්න බැහැ ලැජ්ජයි. මම ගෙදරට බොරු කිව්වා. කොළඹ ඉන්න බැහැ ආයෙම මම ගෙදර එනවා කියලා. මම ආයෙම බඩු අරගෙන ගමේ ආවා. මට වුණ සිදුවීම නිතරම මැවි මැවී පේනවා. මම තවම විවාහ වෙලා නැහැ. මර උගුලකින් ගැලවුණා වගේ සැනසීමක් දැණුනා ආයෙම ගමට ආපු දවසේ.
මම මගේ කතාව කිව්වේ බොහොම කෙටියෙන්. මට හිතුණා කාටවත් කියන්න බැරි මගේ කතාව පත්තරේට කියන්න. ගම්වලින් යන නංගිලාට කියන්නේ යාළුවෙකුගේ මාර්ගයෙන් බෝඩිමකට යනවා ඇරෙන්න පත්තවලින් බලලා නම් යන්න එපා. නොදන්න පළාතක, නොදන්න මිනිසුන් ගොඩක් මැද්දේ අපි අසරණ වුණොත් අපිව බේරගන්න කවුරුත් එන්නේ නැහැ. සමහර විට මට වුණ දේට වඩා ලොකු විනාශයක් වෙන්නත් පුළුවන්. ඒක කොතැනද කොයි මොහොතෙද කියලා කියන්න බැහැ. කපුටෙක්වත් විශ්වාස කරන්න බැරි කොළඹ මනුෂ්‍යයෙක් විශ්වාස කරන්නේ කොහොමද?
ගෑණු අපි කොතැන ගියත් හරි අසරණයි. මම ගමේ ආවේ කොළඹ බලාගෙන බත්වත් කරන්නේ නැහැ කියලා. බෝඩිම් ගෑණුන්ගේ ගැටවලට නම් අහුවෙන්න එපා. මම බෝඩිමේ ඉඳපු සති තුනට ජීවිතේ කියන්නේ මොකද්ද කියලා ඕනෑවටත් වඩා ඉගෙන ගත්තා. ඒ සිදුවීමත් එක්ක මැරෙනකම්ම මම හරි මැරී ජීවත් වෙනවා. ඒ මනුස්සයා මගේ තාත්තාගේ විතර වයස මනුස්සයෙක්. මම එයාගේ දුවක් වගේ. ඒ වගේ තිරිසන් හිත් තියෙන මිනිස්සු අතරේ කාත් කවුරුත් නැති අපි දුක කියන්නේ කාටද?
මගේ කතාව වගේ තවත් ඕනෑ තරම් සිද්ධි සිදුවෙලා ඇති. ඒත් අපි දන්නා දේවල්වලට වඩා නොදන්න දේවල් මේ සමාජයේ වැඩියි.
කොළඹ බෝඩිම් නරකයි කියනවා නොමෙයි. හොඳට සොයන්නේ බලන්නේ නැතුව ඉන්නම් වාලේ නතර වෙන්න යන්න එපා. උඩින් පේන හොඳ මේ බෝඩිම් ඇතුළේ නැහැ.
මේ සිද්ධියෙන් පස්සේ මොකද වුණේ.
අඩුම තරමේ මට වුණු කරදරය මගේ හොඳම යාළුවටවත් කිව්වේ නැහැ. දවස් දෙකක් මම වැඩට ගියේ නැහැ. මට ඒ සිදුවීම මතක් වෙන හැම තත්පරයකම කෑ ගහලා අඬන්න හිතුනා. ගෙදර ආවත් මම කාටවත් නොපනෙන්න ඕනෑ තරම් අඬලා ඇති. මට ඒ වෙලාවේ පොලිසි යන්නත් හිතුනා. ඒත් සිද්ධ වුණ දේවල් මට පොලිසියට කියන්න තරම් ආත්ම ශක්තියක් තිබුණේ නැහැ. මම රෙදි ටික අරගෙන ආපු දවසේ ගෙදර කවුරුවත්ම හිටියේ නැහැ. ඇන්ටි ඔය සිද්ධිය වෙලා සතියක් ගියත් ගෙදර ආවේ නැහැ. මම කතාකරලා කිව්වාම ඇන්ටි විශ්වාස කළේ නැහැ. එයා එනකම් යන්න එපා කියලා මාත් එක්ක රණ්ඩු වුණා. නැති අතරේ ගියොත් ගෙදර බඩු නැති වුණා කියලා මට විරුද්ධව පොලිසි යනවා කිව්වා. මට වුණු දේ දන්නේ මම විතරයි. මම යාළුවට කිව්ව බෝඩිමේ ඉන්න බැහැ කරදරයි. ඒ යාළුවගේ බෝඩිමට දවස් දෙකකට මගේ බඩු ටික දාන්නද කියලා. මට ඒ යාළුවා උදව් කළා. මම එදාම හවස ගෙදර ගියා. බඩු ටික ගන්න ගියේ ඊට දවස් තුනකට විතර පස්සේ. ඒත් අද වෙනකම් ඒ ගෙදර ඇන්ටිවත්, අංකල්වත් මට කතාකරලා කිසිම දෙයක් ඇහුවේ නැහැ.
ඒ තැන මොනවගේ නරකාදියක්ද කියලා මට කියන්න තේරෙන්නේ නැහැ. මහ අමුතු තැනක්. මිනිස්සු තේරුම්ගන්න හරිම අමාරුයි. මම එදා පොලිසි ගියානම් අද මට පාරේ බැහැලා යන්නත් බැහැ. හැමෝම දැනගනීවි. මිනිස්සු මං දිහා වපර ඇහෙන් බලාවි. ඒකයි මම මේ සිද්ධිය කාටවත් නොකියා රහසක් විදිහට තියාගත්තේ.
මට වුණ මේ දේ තව කෙනෙකුට වුණොත් කියලා මට හිතුනා මගේ කතාව පත්තරේට කියන්න. ඒත් බෝඩිම්වල නතර වෙද්දී හොඳට හිතලා හොඳට සොයලා බලලා නතර වෙන්න.
මේ බෝඩිම් ජීවිතේ සිද්ධ වුණු තවත් එක කතාවක් විතරයි. කාටවත් නොකීව අපට කතා කරලා කියපු ඇගේ කතාව ඔයාලට කියන්න හිතුනේ කොළඹට අඩිය කියන ඔයාට ඉගෙනගත යුතු පාඩම් ඇගේ කතාවෙත් තියේවි කියලා. මෙවැනි සිදුවීම් මේ සමාජයේ කොයිතරම් සිද්ධවුණත් අපට අහන්න දකින්න ලැබෙන්නේ හරිම අඩුවෙන් ඒත් මෙවැනි ශෝකාන්තයන් අඩු නැතුව මේ සමාජයේ සිදුවනවාය කියලා හොඳට මතක තියාගෙන කටයුතු කරොත් හොඳයි. මොකද කොළඹ කියන්නේ තේරුම් ගන්න අසීරු සමාජයක්.
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඇන්ටි නැති අතරේ අංකල්ගෙන් කරදරයක්
නිමාලි Wednesday, 11 January 2017 06:39 AM
පවු දෙවියනේ මේ අහිංසක ජීවිත! (නි)
රිතික් Saturday, 14 January 2017 04:33 AM
මම එහෙම බෝඩිමක නැවතිලා හිටියා නම් බලාගන්න තිබුනා මම කරන දේ (නි)
ලංකා Wednesday, 18 January 2017 01:14 AM
රිතික්, ඔයා ඉන්දියන් එක්කෙනෙක්ද? ඔයා බෝඩිමේ නැවතිලා හිටියා නම් මොනවා කරන්නද? ඔයා මහ ලොකු චණ්ඩියෙක්ද? විශේෂයෙන්ම මේ හැම බෝඩිමකම ලියාපදිංචියක් හෝ ආරක්ෂිතබව තහවුරු කිරීමට පොලිසිය සම්බන්ධ කිරීමට ක්‍රමවේදයක් මෙන්ම රජයේ ලියාපදිංචි බවට සහතිකයක් සහ එමඟින් මෙය රැකිය අවස්ථාවක් මෙන්ම රජයට බදු අයකරගනිමින් ආරක්ෂිතව බව සුරකිමින් කරගෙන යාම තමයි කරන්න ඕනෑ (නි)
සම්පත් Tuesday, 31 January 2017 03:53 AM
දැන් බලන් ගියහම කොල්ලන්ගෙන් බේරුනහැකි නාකින්ගෙන්නෙ බේරෙන්න බැරි (ම)