මාස දහයක් තුළ අවුරුදු දහයක වැඩ කරන්නට සියලුම නිලධාරීන් සූදානම් වන්නැයි නිවාස හා ඉදිකිරීම් සහ සංස්කෘතික ඇමති සජිත් ප්‍රේමදාස මහතා පැවසූ බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. අභිනව අමාත්‍ය ධුරයේ දිවුරුම් දී එදිනම අමාත්‍යාංශයට පැමිණ වැඩ බාරගනිමින් නිලධාරීන් අමතා ඇමතිවරයා එසේ ප්‍රකාශ කිරීම ද විශේෂත්වයකි.
තෙමසක් කල් රට එකතැන නතර වී තිබුණේය. මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති මෙන්ම මධ්‍යම පරිමාණ සංවර්ධන ව්‍යාපෘති ද නතර විය. එම කාලය තුළ පාරට තාර දැමීම් වැනි කටයුත්තක් හෝ සිදුවීද යන්න සැක සහිතය. රාජ්‍ය සේවකයෝ පැමිණීම සලකුණු කර නිශ්චිත රාජකාරියක් නොමැති හෙයින් අල්ලාප සල්ලාපයෙහි යෙදෙමින් කාලය ගෙවා දැමූහ. “අාර්ථික නියෝග ක්‍රියාත්මක කළහොත් ඉදිරියේදී නඩු හබවලට මුහුණපෑමට සිදුවීම නියතයි” යනුවෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් කළ අනතුරු ඇඟවීම් රාජ්‍ය නිලධාරීන්ගේ තියුණු අවධානයට යොමු වූවා සේය. රටේ ප්‍රධානම රාජ්‍ය නිලධාරියා වන ජනාධිපති ලේකම් ද හිරේ විලංගුවේ වැටුණ පරිසරයක රාජ්‍ය නිලධාරීන්ගේ තිගැස්ම එක් අතකින් ස්වාභාවිකය.
දින පනහක අස්වැන්න එපරිදිය. තෙමසකට අාසන්න කාලයක් රාජ්‍ය පරිපාලනය අකර්මණ්‍ය වීම යනු රටට ඉතා තීරණාත්මක ලෙස බලපාන්නකි. ඒ මාස තුන යනු අවුරුදු තුනක් නොව තිහක් ලෙස ගණනය කළ ද එය වැරැදි නැත. රටකට අදාළව ගණනය කළ යුත්තේ ද එසේමය. ආයෝජකයන් රට හැරයාම, ආයෝජනය කර තිබූ මුදල් නැවත ගැනීම මෙන්ම සංචාරකයන්ගේ නොපැමිණීම ආදී කාරණා හරහා ද අවධාරණය කෙරෙන්නේ එම තත්ත්වයමය.
ඇමති සජිත් ප්‍රේමදාස මහතාගේ “මාස 10ක් තුළ වසර 10ක වැඩ කරන්න ලෑස්ති වෙන්න” යනුවෙන් කළ ප්‍රකාශය වඩාත් වැදගත් වන්නේ ඉහත පරිසරය තුළය.
‘වචනයට වඩා ආදර්ශය උතුම්ය’ යන්න ප්‍රකාශනයක් නොව ජීවමාන යථාර්ථයකි. ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා ඇමැතිවරයකු වශයෙන් ආදර්ශයක් සපයා තිබේ. එනම් මාස 10ක් තුළ වසර 10ක වැඩ කරන්නැයි ඇමැතිවරයා නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ ඇමැති ධුරයේ දිවුරුම් දී දෙතුන් පැයක් ඉක්ම යාමට මත්තෙනි. එයද මෙරට චිරාත් කාලයක් පුරා ක්‍රියාත්මක වෙමින් තිබෙන දේශපාලන සංස්කෘතිය සහ සම්ප්‍රදාය කණපිට හැරවීමකි.
ශ්‍රී ලාංකේය පොදු ජනයාගේ අත්දැකීමට අනුව ඇමැතිවරයා දිවුරුම් දුන් පසුව වැඩ බාර ගැනීමට සුදුසු නැකතක් එනතුරු බලා සිටී. අැතැම් විට එයට දෙතුන් සතියක් වුවද ගත විය හැකිය. එයට අමතරව අමාත්‍යාංශය නවීකරණය කිරීමට, වැසිකිළි උපකරණ අලුතෙන් සවි කිරීමට තව කාලයක් ගත වේ. ඔය අතරවාරයේ පිළිගැනීම් උත්සව මාලාවකි. සියල්ලෙන් අනතුරුව අමාත්‍යාංශයට ගොස් වැඩ බාර ගැනීමට සෑහෙන තරම් කාලයක් ගත වේ.
මේ රට ‘මෙහෙම’ වීමට ඉහත තත්ත්වය ද බලපා තිබේ. බාහිර ඔපය සම්බන්ධයෙන් සැලකිලිමත්වීම බොහෝ දේශපාලනඥයන්ගේ සිරිතය. අමාත්‍යාංශයට පැමිණ වැඩ බාරගත්ත ද පළමු රාජකාරිය වන්නේ සිය අමාත්‍යාංශයේ රාජකාරි ඉටු කිරීම නොවේ. නිල රථ ඇතුළු පහසුකම් සලසා ගැනීමය. සිය බිරිය, දරුවන් ඇතුළු පරපුරේ ඥාති හිතමිත්‍රාදීන්ට සිය අමාත්‍යාංශය තුළ රැකියා සොයා දීමය. ඒ සියල්ලෙන් අනතුරුව අමාත්‍යාංශයේ වගකීම් ඉටුකිරීම ආරම්භ කිරීමට සෑහෙන තරම් කාලයක් ගතවේ.
තෙමසකට ආසන්න කාලයක් පුරා පැවැති දේශපාලන කුණාටුව පහව ගොස් අලුත් ආණ්ඩුවක් රටට ලැබී තිබේ. මේ ආණ්ඩුවට ඇත්තේ සීමිත මාස ගණනකි. එක් අතකින් තව මාස 13කින් පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයා අතට පත්වේ. එසේ නොවුණ ද 2020 අගෝස්තු මාසය වනවිට මෙම පාර්ලිමේන්තුව ඉබේ විසිර යන්නේය. මාස ගණනින් ආයු කාලය කිව හැකි පාර්ලිමේන්තුවක සහ ආණ්ඩුවක නියෝජිතයන්ගේ වගකීම වන්නේ ‘කාලය රන් හා සමානය’ යනුවෙන් සිතමින් එම අදහසින් කාලයට වඩා වේගයෙන් වැඩ කිරීමය.
ආණ්ඩුවක් සම්බන්ධයෙන් පොදු මහජනයා තැබූ බලාපොරොත්තුවක් තිබේ. ආණ්ඩුවක පරම වගකීම වන්නේ එම බලාපොරොත්තු ඉටු කිරීමය. ඒවා ඉටු නොකර විවිධ හේතු දක්වමින් කල් ගෙවීම ආණ්ඩුවකට තරම් නොවේ. සිය වගකීම කොයිලෙසකින් හෝ ඉටු කළ යුතුය. එසේ ඉටු කළ හැකි වන්නේ නැවත සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරන ආකාරයටම ‘මාස 10ක් තුළ වසර 10ක වැඩ කිරීම’ හරහා පමණි.
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඇමැති සජිත්ගේ කතාවේ යථාර්ථය