X Advertisement
IMG-LOGO

2025 මැයි මස 17 වන සෙනසුරාදා


ඇමෙරිකා නිළියගේ වළව්වේ හොල්මන් කරන වතු අධිකාරී

ඔබේසේකර පරපුරට අයත් නිට්ටඹුව පස්යාල නුගේදොල වතුයායේ පිහිටි පිළිමතැන්න වලව්වට ඒ නම ලැබුණේ ද පෞරාණික පිළිම රැසකින් සමන්විත කුඩා කෞතුකාගාරයක් එහි තිබූ නිසාය. අක්කර එක්දහස් තුන්සිය ගණනක් විශාල වූ නුගේදොල වතු යාය හෙක්ටර් කොබ්බෑකඩුව කෘෂිකර්ම ඇමැතිවරයාගේ ඉඩම් ප‍්‍රතිසංස්කරණ පනතින් අනතුරුව අක්කර පනහකට සීමා විය. මෙම අක්කර පනහේ සීමාවට පිළිමතැන්න වලව්වද අයත් වූ අතර එහි හිමිකරු වූයේ හිල්ඩා ඔබේසේකර මැතිණියගේ හා අධිකරණ විනිසුරු පෝල් ඊ. පීරිස් මහතාගේ පුත‍්‍රයා වූ ජස්ටින් පීරිස්ය. අනතුරුව මීට වසර කිහිපයකට පෙර මෙම වලව්ව මිලදී ගත්තේ සුප‍්‍රකට ඇමරිකානු නිළියක වන ගිලියන් ඇන්ඩ‍්‍රසන්ය. විශාල මන්දිරයක් ලෙස ගොඩනගා ඇති මෙම වලව්වේ මහල් දෙකකි. බිම් මහලේ තවත් කාමර කිහිපයක් පිහිටා තිබේ. අක්කර පනහක වත්තේ වතු අධිකාරිවරයා ලෙස කටයුතු කළ තැනැත්තා 1988-89 භීෂණ කාලයේදී නාඳුනන තුවක්කුකරුවකුගේ වෙඩි පහරට ලක්වූයේ වලව්ව අසලදීමය. වත්තේ සේවයට පැමිණෙන කම්කරුවකු සේ පැමිණි නාඳුනන තුවක්කුකරුවා විසින් වතු අධිකාරිවරයා සේවයට පැමිණෙද්දීම වෙඩිතබා මරා දමන ලදී. ඒ ආසන්න දිනකදීම ඔහුගේ ඥාති පුත‍්‍රයකුද නාඳුනන තුවක්කුකරුවකුට බිලි විය. වලව්ව අසළදීම ඝාතනය කරන ලද වතු අධිකාරිගේ අවතාරය වලව්ව තුළත් ඒ අසළ ඇති ”පුවක් අරඹ” තුළත් සැරිසරන බව කියති. වලව්වට ආසන්නයේ ඇති ”පුවක් අරඹ” පුවක් ගස් දහස් ගණනකින් සමන්විත ස්ථානයකි. පසුකලෙක මේ ස්ථානයේ පුවක් කඩන්නට ගිය පුද්ගලයෙකු මහත් අභිරහස් අන්දමින් මිය ගියේය. පුවක් ගසට නගිමින් සිටි එම පුද්ගලයා මිය ගියේ එක්වරම දෙකට පැලූණු පුවක් ගසේ දෙබලට ඔහුගේ ලිංගේන්ද්‍රිය ආශි‍්‍රත ප‍්‍රදේශය සිරවීමෙනි. පුවක් අරඹ තුළ වැටී තිබූ ඔහුගේ මළ සිරුර සොයාගනු ලැබුවේ ද දින කීපයකට පසුවය. තවත් දිනක් පස්යාල ප‍්‍රදේශයේ ”අමරේ” නම් පුද්ගලයෙකු පුවක් අහුලන්නට ”පුවක් අරඹට” ගියේය. පුවක් අහුලමින් සිටි ඔහු එක්වරම තිගැස්සී සිටියේ අසළ වූ කොස් ගසකින් කොස් ගෙඩියක් බිමට වැටීම නිසාය. ඔහු එක්වරම උඩ බැලූවේය. ගසේ සිටියේ ඔහු හඳුනන අයෙකි.” ”අනේ බං මටත් හොඳ කොස් ගෙඩියක් කඩල දාපං” කීවා පමණි. ගසේ සිටි පුද්ගලයා ගස් වැල් පෙරලාගෙන උඩින්ම ගොස් අතුරුදන් විය. පුවක් අහුලමින් සිටි අමරේ බියවී පැන දිව්වේය. නමුත් පසුව ඔහු දැඩි සේ රෝගාතුර වී අංශභාග රෝගයට ගොදුරු විය. තවත් බොහෝ දෙනකුට මෙම පුවක් අරඹ තුළින් කෙඳිරිලි හඬ නිතර ඇසෙන බවද පැවසේ. පුවක් කඩන්නට ගසට යද්දී ගසට හිරවී මිය ගිය අයගේ කෙඳිරිලි හඬ දිවා කාලයට පවා ඇසෙන බව මෙම වතුයායේ සේවය කරන්නෝ අප හා කීහ. පස්යාල-අත්තනගල්ල මාර්ගයේ ඇල්ල මුල්ලෙන් හැරී කිලෝ මීටර් දෙක තුනක් පමණ වලව්ව වෙත යා යුත්තේ කැලෑබද දුෂ්කර මාර්ගයකිනි. දැඩි අව්රශ්මිය ඇති අවස්ථාවල පවා බිමට හිරුඑළිය පතිත නොවන තරමට ගස්වලින් සෙවන සපයන මාර්ගය ඉතා ගුප්ත ස්වභාවයක් පෙන්නුම් කරයි. ඇමරිකානු නිළි ගිලියන් ඇන්ඩ‍්‍රසන් විසින් මෙම වලව්ව මිලදී ගැනීමෙන් අනතුරුව එහි භාරකරු ලෙස කි‍්‍රයා කළ ශ්‍රී ලාංකික පුද්ගලයාට එරෙහිව රුපියල් කෝටි ගණනක වංචා චෝදනා මතුවීමෙන් පසු වලව්ව අවට දැඩි මුරකාවල් යොදා තිබේ. පුද්ගලික ආරක්ෂක නිලධාරීන්ට අමතරව රජයේ ආරක්ෂක අංශයේ යැයි සිතිය හැකි සිවිල් ඇඳුම් හැඳගත් කිහිප දෙනෙක් වලව්වට ඇතුල්වන ස්ථානයේ සිටිති. එතැනින් ඔබ්බට ඇතුල්වීමට නම් අහවල් නිලධාරියාගේ අවසරය ලබාගත යුතු බව කියමින් ඔවුහු බස්නාහිර පළාතේ උසස් පොලිස් නිලධාරියකුගේ නම සඳහන් කළහ. කෙසේ වෙතත් වලව්ව දෙසට ගමන් කිරීමට ඇති මෙම ගුප්ත මාවතේ වතු අධිකාරිවරයා ගේ අවතාරය මහ දවාලේ පවා හොල්මන් කරන බව ප‍්‍රදේශවාසීන් ගේ මතයයි. එම නිසා ඔවුහු කිසිදු මොහොතක තනිවම මෙම මාර්ගයේ ගමන් කිරීමට කැමැති නොවෙති. අමානුෂික ලෙස ඝාතනය කරන ලද වතු අධිකාරිගේත්, ඥාති පුත‍්‍රයාගේත් අවතාර මිනිස් බිලි සොයා සක්මන් කරන බව පවසමින් ජනතාව මර බියෙන් කල්ගත කරති. පිළිමතැන්න වලව්ව තුළද හොල්මන් අවතාර සක්මන් කරන බව පැවැසේ. එහෙත් එම වලව්වේ වසර හතළිහකට වැඩි කාලයක් සේවය කළ ඒ.ඒ. පියසේන (84) මහතා ප‍්‍රකාශ කළේ ජස්ටින් පීරිස් හාමුට අයත්ව තිබූ කෞතුකාගාරයේ වටිනා කෞතුක භාණ්ඩ ආරක්ෂා කර ගැනීමේ අරමුණින් වලව්වේ හොල්මන්-අවතාර ඇතැයි යන කථාව පතුරුවා හළ බවය. වලව්වේ හිමිකරු වූ ජස්ටින් පීරිස් මහතා වෘත්තියෙන් වෛද්‍යවරයෙකි. චිත‍්‍ර ඇඳීමේ හැකියාව ඔහු තුළ පැවැති බවත් ඔහු ඇඳි චිත‍්‍ර ඇමරිකාව වැනි රටවලට ඉතා විශාල මිල ගණනකට අලෙවි කළ බවද පියසේන මහතා කීය. හරක් අණකින් කපන ලද කාන්තා රූපයක් එවකට රුපියල් ලක්ෂ හතරකට පමණ අලෙවි කර තිබූ බවද කියැවේ. ජස්ටින් පීරිස් මහතා විසින් වලව්වේ පවත්වාගෙන ගිය කෞතුකාගාරයේ පැරැණි ප‍්‍රතිමාවලට අමතරව අලින්ගේ ඔළු, හකු, කිඹුලන්ගේ ශරීර කොටස් ආදිය ද තිබී ඇත. නමුත් පසුකාලීනව වලව්ව අනාරක්ෂිත තත්ත්වයට පත් වීමත් සමග සොරුන් විසින් ඉන් බොහෝ දේ රැුගෙන ගොස් ඇත. වලව්වේ වත්මන් හිමිකාරිය වන ඇමරිකානු නිළි ගිලියන් ඇන්ඩ‍්‍රසන් මහත්මිය යටතේ මේ වනවිට පිළිමතැන්න සුපිරි හෝටලයක් බවට පත්වෙමින් පවතින බවද පැවසේ.

දොම්පේ - අජිත් මදුරප්පෙරුම
පිළිමතැන්න වලව්වේ පිටුපස කොටස කේ.කේ. පියසේන වලව්වේ භූමියට ඇතුල්වන තැන වලව්වට යන මාර්ගය ගිලියන් ඇන්ඩ‍්‍රසන්



අදහස් (0)

ඇමෙරිකා නිළියගේ වළව්වේ හොල්මන් කරන වතු අධිකාරී

සරා Wednesday, 14 November 2012 10:58 PM

කවුරු මොනවා කිව්වත් මට පුළුවන් දවසක් තනියම මේ වලව්වේ ඉන්න (ස)

:       0       0

රත්නායක Friday, 23 November 2012 02:21 PM

හොල්මන් කියන්නේ ඇස රැවටීමක් විතරයි (දී)

:       0       0

චන්ද්‍රසිරි Friday, 23 November 2012 01:40 PM

‍ඓතිහාසික උරුමයක් (ස)

:       0       0

මධුශාන් Friday, 23 November 2012 10:40 AM

මාරයි (ස)

:       0       0

ආරි Friday, 23 November 2012 10:33 AM

මාරයි. මම කැමතියි මේකට (ස)

:       0       0

නවෝදා Friday, 23 November 2012 10:25 AM

බය නැද්ද ඒ කාන්තාවට (දී)

:       0       0

සරත් Tuesday, 20 November 2012 12:45 PM

මම නම් හොල්මන් වලට බයයි

:       0       0

කුමාර Monday, 19 November 2012 08:18 PM

ඕක විසදන්න පරීක්ෂකයෙක් පත් කරලද ?? (ස)

:       0       0

ඩීජේ Monday, 19 November 2012 08:10 PM

ඕක විසදන්න අපිට දුන්නනම් හරිනේ. (නි)

:       0       0

භාතිය Monday, 19 November 2012 12:31 AM

වතු අධිකාරීවරයාට වැඩිය දරුණු විදියට මියගිහිල්ලා තියෙන්නේ ගහට අහුවෙලා මැරුණු කෙනයි. (නි)

:       0       0

සුහද Sunday, 18 November 2012 08:39 AM

නියමයි. ප්‍රශ්නය විසදලා හෝටලය ළගදිම විවෘත කරන්න. (නි)

:       0       0

රුපවති Friday, 16 November 2012 08:54 PM

මාර කතාවක්නේ

:       0       0

චාමිකර Thursday, 15 November 2012 06:53 AM

මෙච්චර වටිනා දේශීය උරුමයක් ඇයි විදේශයකට හිමිකර දුන්නේ? (නි)

:       0       0

මිතුන් Thursday, 15 November 2012 02:21 AM

මම නම් හොල්මන් කියන දේවල් සතේකටවත් ගණන් ගන්නෙ නැහැ. (නි)

:       0       0

සෙනෙරත් Monday, 05 November 2012 11:39 PM

හෝටලේ නම එක්ස් ෆයිල්ද ?.(ස)

:       0       0

වසන්ත Tuesday, 13 November 2012 03:30 PM

වලව්වේ ඉදිරිපස කොටස කඩා වැටිලද ?? (ස)

:       0       0

වසන්ත Tuesday, 13 November 2012 03:28 PM

වටිනා කියන දේ සුද්දට විකිණිය යුතුය රටේ (ස)

:       0       0

චරිත් Monday, 12 November 2012 12:03 PM

ස්කැලි අභිරහස විසඳයි නේද ? (ස)

:       0       0

නිෂාධි Saturday, 10 November 2012 11:03 PM

ඇත්තටම කවුද මේ? (නි)

:       0       0

ගාමිණි Saturday, 10 November 2012 06:18 PM

හොල්මන් කතාව පිටින්දාල වෙන සෙල්ලමක් මේකේ වෙනවා ඇත්තේ (ස)

:       0       0

පබා Saturday, 10 November 2012 09:54 AM

ඉතින් බය නැද්ද බොරුද කොහෙද

:       0       0

සිංහ Friday, 09 November 2012 08:14 PM

මෝහිනීත් ඉන්නවද දන්නෙ නැහැ. (නි)

:       0       0

ෂෙරීෆ් Thursday, 08 November 2012 10:55 PM

ඇත්තටම බය හිතෙනවා මේ කතාව කියවනකොට. (නි)

:       0       0

නන්දන Thursday, 08 November 2012 02:50 PM

විශ්වාස කල නොහැක (දී)

:       0       0

රොහාන් Thursday, 08 November 2012 08:05 AM

එතකොට ගිලියන්ට හොල්මන් පෙනෙන්නේ නැද්ද? (නි)

:       0       0

රෝහිත Tuesday, 06 November 2012 06:35 PM

අම්මෝ! (නි)

:       0       0

සමන් Tuesday, 06 November 2012 01:41 PM

මෝල්ඩර්ටත් කෝල් කරල ගෙන්නගෙන මේ එක්ස් ෆයිල් එක විසදන්න ස්කලී .(ස)

:       0       0

ශලිනි Tuesday, 06 November 2012 09:42 AM

එක්ස්-ෆයිල්ස් වලට හොඳ කතාවක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site