X Advertisement
IMG-LOGO

2025 මැයි මස 12 වන සඳුදා


ඇමෙරිකාවෙන් තෙරපීමක් ජාත්‍යන්තරය සීරුවෙන්

”ඇයි ක්ලින්ටන් නෝන අර විදියෙ ලියුමක් අපට එව්වේ?” ”අර විදිය කිව්වේ?” ”ඇයි දන්නෙ නැද්ද?” ”අපට විරුද්ධව මානව හිමිකම් කවුන්සලේ යෝජනාවක් ගේනවලූ.” ”ඒක ඇමරිකාවලූ ගේන්නෙ. මේක බරපතළ විදියට අපේ අභ්‍යන්තර ප‍්‍රශ්නවලට අතදැමීමක්. ස්වාධීනත්වයට පහරක්.” ”ඒ ගොල්ලො එහෙම තමයි.” ”ඇයි දන්නෙ නැද්ද බලහත්කාරයෙන් පාකිස්තානයට ඇතුල්වෙලා සියලූ රාජ්‍ය තාන්ති‍්‍රක බැඳීම් කඩලනෙ බිල්ලාඩන් මරා දැම්මේ.” ”ඒ වෙලාවෙ තමුසෙ දන්නවද ඔබාමා කිව්ව උජාරු කතාව අපට  ඕනෑ නම්  ඕනෑ තැනකට යන්න පුළුවන් කිව්වා.” ”ඉරාකෙට කළෙත් ඒ වැඬේමනෙ.” ”මේක මහ හැබිචෝල් ක‍්‍රමයක්නෙ.” ”ඔව් හැමදාම එ් ගොල්ලො හැසිරුණේ එහෙම තමයි.” ”පොඩි එවුන්ට මානව හිමිකම්. ලොකු එවුන්ට බලහත්කාරකම්. පුදුම ලෝකයක්නෙ.” සමහරුන්ට නම් මේවා ගැන වගේ වගක් නැත. තවත් අය සිටින්නේ කීයක් හෝ ගතමනාවක් මොනම ක‍්‍රමයකින් හෝ සාක්කුවේ දාගන්නා තැනකය. ඔවුනට ආණ්ඩුවක් අවශ්‍යව තිබෙන්නේ ඒ සඳහාය. එහෙම කල්පනා කරන සියල්ලම දැන් වැඩිපුරම සිටින්නේ ආණ්ඩුව පැත්තේ දැයි කියන්න දන්නේ නැත. එහෙත් දේශපාලනය ගැන කතාබහ කරන අවංක අය අතර මේ දිනවල යම් දේශපාලන සංවාදයක් පවතී. ඊටත් අලූතින්ම එක් වී තිබෙන්නේ ඇමරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් මේ මෑතකදී ශී‍්‍ර ලංකාවේ විදේශ ඇමැතිවරයාට එවූ ලිපියයි. ඉහත සඳහන් වන්නේ ඒ පිළිබඳ කෙරෙන සංවාදයක දෙබසකි. ”ඒත් හිලරිගෙ ලිපිය රාජ්‍ය තාන්ති‍්‍රක සීමාවන් ඉක්මවා ගිය ලිපියක් නේද?” ”ඔව්.” ඉතින් එහෙම කරන්න පුළුවන්ද? පොතේ හැටියට නම් බැරිය. පාසලේදී උගත් පාඩම්වලට අනුව නම් බැරිය. එහෙත් සිදුවෙමින් පවතින්නේ එයමය. පාරට බැහැලා පෙළපාළි යන්න, ඩෙඟා නටන්න, උපවාස කරන්න රටට ආදරය බව පෙන්වමින් ලකුණු ටිකක් දාගන්න නම් හිලරිගේ ලිපිය වුව ද ප‍්‍රමාණවත්ය. එහෙත් වාසනාවකට කිසිවෙක් ඇමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිටට ගියේ නැත. වෙනත් සෙල්ලමකට සූදානම් වුණේද නැත. එය යහපත්ය. ඉන් අදහස් වන්නේ ලෝකයේ වර්තමානයේ සිදුවන දෑ ගැන අපේ අයගේ දැනුවත් භාවය මිස යටහත් පහත් භාවය නොවේය. වෙනදා නම් සමහරු ඇමෙරිකාවට උත්තර දෙන්නේ රෙද්ද උස්සාගෙන හිලරිගේ දෙමවුපියන්ද සිහිපත් කරමින්ය.  ඔවුන් සිතාගෙන සිටින්නේ ලෝකය තිබෙන්නේ ශී‍්‍ර ලංකාව ඇතුළේ කියලාය. එහෙත් ශී‍්‍ර ලංකාව පිහිටියේ සද්දන්ත ලෝක ගෝලයේ පොඩි තිතක් වන් කොටසක බව සමහරු තවමත් පිළිගන්නා පාටක් නැත. පිළිගත්තත් නොදන්නවා වාගේය. ශී‍්‍ර ලංකාව ලෝක ගෝලයේ පොඩි තිතක් නම් මේ රටේ අභ්‍යන්තර කාරණා සම්බන්ධයෙන් මහා බලවතුන්ට මෙරතම් රුදාවක් ඇති වී තිබෙන්නේ ඇයි? විශේෂයෙන්ම ඛනිජ තෙල්, ගෑස්, ගල් අඟුරු, රත‍්‍රං, මිනිරන්, දියමන්ති වැනි ස්වභාවික සම්පත් නොමැති මෙවන් රටක් වෙනුවෙන් උනන්දු වන්නේ මන්ද? ති‍්‍රකුණාමල වරායේද වටිනාකමක් දැන් පෙර මෙන් නැත. ඇමෙරිකාවට අවශ්‍ය නම්  ඕනෑම කාර්යයක් සඳහා දියාගෝ ගාෂියා යුද කඳවුර තිබේ. මේ වන විට ඉන්දියාවත්, පාකිස්තානයටත් වඩා හොඳින් ඇමෙරිකාවට සමීපව සිටී. එවන් පසුබිමක ශී‍්‍ර ලංකාව ගැන උනන්දු වන්නේ ඇයි? එකක් දූපතක් ලෙස මේ රට තුළ ඇති භූගෝලීය පිහිටීමය. දෙවැන්න මානව හිමිකම් ක්ෂේත‍්‍රය වෙනදාට වඩා ලෝකය පුරා අවධානයට ලක් වූ තලයකට පැමිණ සිටීමය. තුන්වැන්න දකුණ පිළිගත හැකි නායකයකු වන ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මාර්ගයෙන්ම දෙමළ ජනයා වෙනුවෙන් කෙසේ හෝ දේශපාලන යෝජනාවක් කි‍්‍රයාත්මක කරලීමට මාන බැලීමය. හැමදාම මහ එවුන් බැලූවේ තමන් ළඟ නැති සුචරිතය පොඩි එවුන් ලවා ඉටුකරවා ගැනීමටයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය, යහපාලනය හා මානව හිමිකම් සම්බන්ධයෙන් මහා බලවතුන් කි‍්‍රයාකරන්නේ ද මේ නියාම ධර්මයට අනුවය. අපට රටවල් පාලනය කිරීමට සිදු වී තිබෙන්නේ හාල්මැස්සන්ට අවාසිදායක තෝරුන්ට වාසිදායක ලෝකයක බව නොදන්නවා නම් ඔහු ලෝක දේශපාලනයේ ”අ” යන්නවත් ඉගෙන ගෙන නැත. දේශපාලනය කරනවා නම් මේ යථාර්ථය හා උපක‍්‍රමික සම්‍යප‍්‍රයෝග හැදෑරිය යුතුය. එය යටත්වීමක් නොවේ. ගැලරිය පිනවීමෙන් තොරව ගනු ලබන ප‍්‍රශස්ත කි‍්‍රයාදාමයකි. විදේශ ඇමති මහාචාර්ය ජී.එල්. පීරිස් සමග ඉහළ පෙළේ නියෝජිත කණ්ඩායමක් ඇමෙරිකාවට යැවීමට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ තීරණය කර තිබෙන්නේ ඒ නිසා විය හැකිය. ”එහෙම කොහොමද ඇමෙරිකාවට පුළුවන්ද අපෙන් ප‍්‍රශ්න කරන්න? ඒ අයගෙ මානව හිමිකම් කැරැට්ටුව කොහොමද?” මෙහෙම කල්පනා කර පාරට බැසීමට සූදානම් අයද ආණ්ඩුවේ සිටිය හැක. මෙවර ඒ අයට ලෝක යථාර්ථය වටහාදීමට ජනාධිපති මහින්ද රාජපක්‍ෂම මැදිහත් වෙලා වාගේය. ඒ කියන්නේ ආණ්ඩුව ජාත්‍යන්තරයට පැවසීමට සූදානම් වන්නේ පියවරෙන් පියවර ප‍්‍රශ්න විසඳා ගනිමින් සිටින බවද? උගත් පාඩම් හා ප‍්‍රතිසංවිධාන කොමිසමේ නිර්දේශ කි‍්‍රයාත්මක කිරීමටත්, පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් හරහා දේශපාලන විසඳුමක් සොයාගැනීමට යෑමෙන් පැවසෙන්නේ එම සූදානම බව පෙනේ. එය පිළිගැනීමට නම් ඒ සඳහා කි‍්‍රයාකාරී සැලැස්ම කුමක්දැයි ජාත්‍යන්තරය ප‍්‍රශ්න කළොත් දෙන පිළිතුර කුමක්ද? ඒ ගැන නම් කියන්න දන්නේ නැත. ඇයි උන්ට ඔය විදියට උත්තර බඳින්නෙ? මෙහෙම සිතන අයත් නොසිිටිනවා නොවේ. දැන් නම් ආණ්ඩුව එරිලා අපේ කල්ල මරේ. විපක්ෂය එහෙමත් කල්පනා කිරීමට ඉඩ තිබේ.  ඕනෑම කෙනකුට එහෙම කල්පනා කිරීමට ද හැකිය. එහෙත් එවන් කල්පනාවලින් රටක් නම් ගොඩයන්නේ නැත. මේවාට විසඳුම් සොයාගැනීමට ජාත්‍යන්තර දේශපාලනයේ එදා මෙදාතුර වෙනස්වීම් කල්පනා කිරීම වැඩදායකය. 1988, 89 ද මේ රටේ භීෂණ යුගයක් පැවතිණ. එදා සිදු වූයේ ද සුපුරුදු පරිදි ත‍්‍රස්තවාදය මර්දනය කර රජය ජය ගැනීමයි. එහෙත් එම කැරැල්ල මැඩපැවැත්වීමෙන් පසු වාර්තා වූ අතුරුදන් වූවන්ගේ ගණන 30,000 ඉක්ම වූ බව පැවසේ. පසු කලෙක මේ සම්බන්ධයෙන් පත්කළ අතුරුදන් වූවන් පිළිබඳ සොයාබැලීමේ කොමිෂන් සභා එදා පැවති පොදු පෙරමුණු රජයට වාර්තා කළේ එහෙමය. මේ කැරැල්ලේ දී දෙපාර්ශ්වයෙන්ම මානව හිමිකම් උල්ලංඝනය වුණි. නාඳුනන හා හඳුනන තුවක්කුකරුවන් සියල්ලෝම මීට වගකිව යුතුය. එදා පසුගිය ඊලාම් යුද්ධයේ දී මුහුණට මුහුණ සටන් කරන ත‍්‍රස්තවාදීන් බර අවිවලින් පහරදෙන යුද්ධයක් නොතිබුණි. ඒ අතින් සිව්වැනි ඊලාම් යුද්ධය බිහිසුණු සටනකි. එහෙත් එදා (88, 89, භීෂණයේ දී) 30,000කට වඩා අතුරුදන් වීම් සම්බන්ධයෙන් ඇමෙරිකාවවත්, යුරෝපයවත් ආණ්ඩුවෙන් රාජ්‍ය මට්ටමින් කරුණු විමසුවේ නැත. ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන පවා සිය විරෝධය ප‍්‍රකාශනවලට සීමා කෙරිණ. මේ විදියේ සොයා බැලීමකට ගියේ නැත. ඊට හේතුව එදා ජාත්‍යන්තරය සිටියේ එවකට සිටි ආණ්ඩුව සමගය. මානව හිමිකම් සම්බන්ධයෙන් මේ තරම් අවධානයක් ලොවේ පැවතුණේත් නැත. එහෙත් ත‍්‍රස්තවාදීන් සමග මුහුණට මුහුණ සටනක් කළ පසුගිය සිව්වැනි ඊලාම් යුද්ධයේ දී අතුරුදන් වූවන්ගේ සංඛ්‍යාව 500 ක් ඉක්මවන්නේ නැතැයි පැවසේ. මහාචාර්ය මයිකල් රොබ්ට් වැනි ලොව පිළිගත් මධ්‍යස්ථ බුද්ධිමතකුගේ ස්වාධීන තක්සේරුවට අනුව මියගිය සංඛ්‍යාව සිවිල් වැසියන්, එල්.ටි.ටී.ඊ. සන්නද්ධ ත‍්‍රස්තවාදීන්, අතුරුදන් වූවන් ඇතුළු සියල්ලම 10,000 ක් වත් වන්නේ නැත. මෙය ස්වාධීන නිගමනයකි. ලෝකය පිළිගත් මධ්‍යස්ථ බුද්ධිමතකුගේ පිළිගැනීමකි. එවන් සංඛ්‍යාවක් මෙවන් යුද්ධයක පිළිගත හැකි සාමාන්‍ය ගාණකි. මෙය මහාචාර්ය මයිකල් රොබට් පමණක් සඳහන් කරන මතයක් නොවේ. මෙවැනි තවත් ස්වාධීන බුද්ධිමතුන් දෙදෙනෙක් ද යුද්ධය සම්බන්ධයෙන් මීට ආසන්න ගණන් හිලව්වල සිටිති. එක් අයෙක් ඇමෙරිකානු මහාචාර්යවරයෙකි. මේවා සම්බන්ධයෙන් විධිමත් සොයාබැලීමක් ඊට අදාළ අමාත්‍යංශය පැත්තෙන්වත් මෙතෙක් සිදු නොවූ ගානය. එහෙම සිදු වුණා නම් ආණ්ඩුව ජාත්‍යන්තරය තුළ මෙතරම් පරිප්පු කන්නේ නැත. 1971 කැරැල්ලෙන් 20,000 ක් පමණ තරුණ ජීවිත ඝාතනය වූ බවක් ජාත්‍යන්තර ක්ෂමා ආයතනය ඒ යුගයේ පැවසීය. එම ආයතනයේම ගණන් හිලව්වලට අනුව 88, 89 සිදු වූ ඝාතන සංඛ්‍යාව 40,000කි. එහෙත් බිහිසුණු යුද්ධයක් අවසානේ සිදු වූ මරණ සංඛ්‍යාව ත‍්‍රස්තවාදීන් ද ඇතුළුව 88, 89 සිදු වූ ප‍්‍රමාණයෙන් හතරෙන් එකක් පමණ නම් එදා නැති ජාත්‍යන්තර බලපෑමක් අද ඇති වී තිබෙන්නේ ඇයි ද? ඊට එක් හේතුවක් වන්නේ සමස්තය සම්බන්ධයෙන් නිවැරැදි පැහැදිලි කිරීමක් නොතිබීමයි. ජාත්‍යන්තර යුද විශේෂඥයකු වූ මහාචාර්ය රොහාන් ගුණරත්න පවසන පරිදි යුද්ධය සම්බන්ධයෙන් සකස් වූ ධවල පති‍්‍රකාවක් අපට නොතිබුණි. උගත් පාඩම් කොමිෂන් වාර්තාව වුව ද නිකුත් වන්නේ ද සිව්වැනි ඊලාම් යුද්ධයෙන් වසර දෙකකට පසුවය. මේ වන විට ජාත්‍යන්තරය ද ඔවුන්ට ආවේණික සැහැසි මතය දෙමළ ඩයස්පෝරාවේ ආධාරයෙන් ගොඩනඟාගෙන අවසානය. වරක් මහාචාර්ය රොහාන් ගුණරත්න සඳහන් කළේ දෙමළ ඩයස්පෝරාව ප‍්‍රභාකරන් ජීවතුන් අතර සිටි යුගයට වඩා දැන් දසගුණයකින් පමණ ප‍්‍රබල වී සිටින බවයි. ජාත්‍යන්තර මතය ශී‍්‍ර ලංකාවට එරෙහිව ගොඩනැඟෙමින් පවතින්නේ මෙවන් සාධක හරහාය. ඊට අපේ නොහැකියාව ද හේතු වී තිබේ. අනවබෝධය නිසා හෝ මානව හිමිකම් ක්ෂේත‍්‍රයේ නව ප‍්‍රවණතා නිසා හෝ ජාත්‍යන්තරය ශී‍්‍ර ලංකාව සම්බන්ධයෙන් 1971 හා 88, 89 සිටි ස්ථාවරයට වඩා වෙනස් මතයක සිටී. එසේම සිවිල් යුද්ධයකින් පසුව සාමාන්‍යයෙන් ගැටුමකට හේතු වූ කාරණා සමාලෝචනය කර කඩිනමින් දේශපාලන විසඳුමකට යෑමේ කි‍්‍රයාවලි ශී‍්‍ර ලංකාව තුළ ප‍්‍රමාද වී ඇතැයි යන කල්පනාවක් ද ඔවුනට ඇත. උදාහරණ ලෙස ඉන්දියාව නාගලන්ත ගරිල්ලන්ගේ ප‍්‍රශ්නයේ දී හා පිලිපීනය අචේ ගරිල්ලන්ගේ ප‍්‍රශ්නයේ දී ගැටුම් අවසානේ කටයුතු කළ ආකාරය මීට වඩා වේගවත්ය. ශී‍්‍ර ලංකාවේ වත්මන් රාජ්‍ය නායකත්වය සම්බන්ධයෙන් ජාත්‍යන්තරය කල්පනා කරන මතය ද මේ බලපෑමට හේතු වී තිබේ. ඔවුන් කල්පනා කරන්නේ උතුරට විසඳුමක් දීමේ දී එය දකුණට පැහැදිලි කළ හැකි මට්ටමේ නායකයකු ශී‍්‍ර ලංකාවට අද පහළ වී සිටින බවයි. දකුණ පිළිගන්නේ නැති විසඳුමක් උතුරට ලබාදීමෙන් යළිත් සිදුවන්නේ දකුණ හරහා රටම නොසන්සුන් වීමයි. ඊට පිළියම දකුණ පිළිගන්නා ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ රජය මාර්ගයෙන්ම විසඳුම් යෝජනාවක් උතුරට ගෙන ඒ මය. ඒ සඳහා හොඳම ක‍්‍රමය වත්මන් රජයට යම් තෙරපීමක් එල්ල කිරීමය. හිලරි ක්ලින්ටන්ලා ඇතුළු බටහිර ජාත්‍යන්තරය සූදානම් වන්නේ ඒ සඳහාය. ඒ පිළිබඳව අවබෝධයකින් දේශපාලනය කිරීම වැදගත්ය. එසේම ජාත්‍යන්තරයට සිව්වැනි ඊලාම් යුද්ධයේ සැබෑ තොරතුරු මධ්‍යස්ථ ක‍්‍රමයකට ලබා නොදීම නිසා ඇති වූ පසුබෑම දැන්වත් මගහරවා ගැනීමට කටයුතු කිරීමද වැදගත්ය. මෙතැන් සිටවත් ප‍්‍රශස්තව ඉදිරියට යෑම යහපත්ය.

වසන්තප‍්‍රිය රාමනායක



අදහස් (0)

ඇමෙරිකාවෙන් තෙරපීමක් ජාත්‍යන්තරය සීරුවෙන්

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site