X Advertisement
IMG-LOGO

2025 මැයි මස 17 වන සෙනසුරාදා


ඇමෙරිකාවේ බුරුවා සහ අලියාගේ සටන

හරියටම තව දින 16 කින් එනම් නොවැම්බර් මස 6 වැනි අඟහරුවාදා කෝටි 32 ක් පමණ වූ ඇමෙරිකාවේ ජනතාව තම 45 වැනි ජනාධිපතිවරයා තෝරා ගැනීමට නියමිතය. නැතහොත් ලෝකයේ ඊලඟ මහ බලවතා පත් කරගන්නේ තව සති 2 කිනි. ඊළඟ ලෝක පොලිස්කාරයා කවුදැයි ලොව ජනතාව දැනගන්නේ තව සති 2 කිනි. කොටින්ම කියනවා නම් මහා ඡන්දයට මුළු ඇමෙරිකාවම සූදානම්ය. එහෙත් ලොව බොහෝ රටවල් ඇමෙරිකාවේ මෙම මහා ඡන්දය සත පහකට මායිම් නොකරයි. ඇමෙරිකාවේ දිනන්නේ බූරුවාද? අලියාද? මේ ජනාධිපතිවරණයෙන් දිනන්නේ බරාක් ඔබාමාද? මිට් රොම්නිද? නැතහොත් ඊළඟ වසර 4 තුළ ඇමෙරිකාවේ සුක්කානම කරකවන්නේ ඩිමොක‍්‍රටික් පක්ෂයද? රිපබ්ලිකන් පක්ෂයද? කොටින්ම කියනවා නම් තව දින 16 කින් ඇමෙරිකාවේ දිනන්නේ බූරුවාද? අලියාද? බූරුවා ඔබාමාගේ ඩිමොක‍්‍රටික් පක්ෂයේ ලාංඡනයයි. අලියා මිට් රොමිනියෝ රිපබ්ලිකන් පක්ෂයේ ලාංඡනයයි. ලංකාවේ නම් අලියා පිට පිට පරාජයට පත්වූ බව කියනු ලැබේ. ඇමෙරිකාවට නිදහස ලැබී ගතවී ඇත්තේ හරියටම වසර 236 කි. 1776 ජූලි 4 වැනිදා ඇමෙරිකාව මහා බි‍්‍රතාන්‍යයෙන් නිදහස ලබා ගත්තේය. මේ වසර 236 තුළ ජනාධිපතිවරුන් 44 දෙනෙකු ඇමෙරිකාව පාලනය කළහ. මේ වසර 236 තුළ මහා බි‍්‍රතාන්‍යයට වඩා ඇමෙරිකාව අසීමිත දියුණුවක් ලබා ගත්තේය. ඇමෙරිකාව නිදහස ලබාගෙන හරියටම අවුරුදු 13 කින් එනම් 1789 දී ජෙනරාල් ජෝර්ජ් වොෂින්ටන් ඇමෙරිකාවේ ප‍්‍රථම ජනාධිපතිවරයා බවට පත්විය. ඔහුගෙන් පසු 1797 දී ඇමෙරිකාවේ මුල් පුටුවට පත්වූයේ එහි නිදහස් සටනට උරදුන් ජෝන් ඇඩම්ස්ය. ඇමෙරිකාවේ ප‍්‍රථම ජනාධිපතිවරයා වූ ජෝර්ජ් වොෂින්ටන් 1789 අපේ‍්‍රල් 30 වැනිදා මේ බලවත් රාජ්‍යයේ ප‍්‍රථම ජනාධිපතිවරයා වශයෙන් දිව්රුම් දුන්නේ ඇමෙරිකාවේ අගනුවර වූ වොෂින්ටන් නුවරදී නොවේ. නිව්යෝර්ක් පුරයේ නගර ශාලාවේදීය. මෙම නගර ශාලාව පිහිටා තිබෙන්නේ නිව්යෝර්ක්හි මගේ නිවසට සැතපුම් 4 ක් පමණ දුරිනි. ලොව බොහෝ රටවල පාලකයින්ට ඇමෙරිකාවෙන් පාඩමක් ලොව බොහෝ රටවල පාලකයන්ගේ හිතු මනාපයට තම වාසිය තකා විවිධ මැතිවරණ පවත්වන දින වකවානු වෙනස් කරනු ලබයි. එහෙත් සෑම වසර 4 කට වරක් නොවැම්බර් මස 2 වැනි සතියේ 1වැනි අඟහරුවාදා දිනය ඇමෙරිකාවේ ජනාධිපතිවරණ ප‍්‍රමුඛ මහා ඡන්දය පවත්වන දිනය වශයෙන් එහි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගින් ප‍්‍රකාශයට පත්කර තිබේ. දින දර්ශනයෙහි පවා මෙම දිනය වෙන්කර ඇත. ඇමෙරිකාව ඉතිහාසයෙහි මෙතෙක් එරට පාලනය කළ කිසිදු පාලකයෙක් කිසිදු හේතුවක් නිසා මෙම දිනය වෙනස් කිරීමට ක‍්‍රියා නොකළහ. ගතවූ අවුරුදු 236 ක කාලසීමාව තුළදී ඇමෙරිකාවේ ජනාධිපතිවරුන් 4 දෙනකු ඝාතනය කරනු ලැබ ඇත. වොෂින්ටන්හි සිනමා ශාලාවක් තුළදී ඝාතනය කරනු ලැබූ මුල්ම ඇමෙරිකා ජනාධිපතිවරයා වන්නේ ඒබ‍්‍රහම් ලින්කන්ය. ඔහු ඇමෙරිකාවේ 16 වැනි ජනාධිපතිවරයා විය. එම ඝාතනය සිදුවූයේ 1865 අපේ‍්‍රල් 15 දාය. ඇමෙරිකාවේ 22 වැනි ජනාධිපතිවරයා වූයේ ජේම්ස් රැඩොල්ෆ් ගාර්ෆීල්ඞ්ය. ඔහු ජනපති පදවිය දැරුවේ දින 200 ක් පමණකි. නිව්යෝර්ක්හිදී ඔහු වෙඩි තබා මරා දමන ලද්දේ 1881 සැප් 19 දාය. විලියම් මැකින්ලි 1843 සිට 1901 දක්වා ඇමෙරිකාව පාලනය කළ එහි 25 වැනි ජනාධිපතිවරයාය. 1901 සැප් 14 දා ඔහු ඝාතනය කරනු ලැබීය. මුළු ලොවම කම්පාවට පත්වූයේ 1963 නොවැ. 22 වැනිදා ටෙක්සාස් හිදී ඔලාස් නගරයේදී ඇමෙරිකාවේ 35 වැනි ජනාධිපති වූ ජෝන් එෆ්. කෙනඩි ඝාතනය කළ අවස්ථාවේදීය. ඔහු ඇමෙරිකාව පාලනය කළේ හරියටම අවුරුදු 2 යි මාස 10 යි දින 2 ක කාල සීමාවක් පමණකි. මෙන්න ඇමෙරිකාවේ දේශපාලන පක්ෂවල පැටිකිරිය අද ඇමෙරිකාවේ දේශපාලන කටයුතුවල නිරත වන්නේ ප‍්‍රධාන දේශපාලන පක්ෂ 5 ක් පමණකි. නමට පමණක් සීමාවූ තවත් දේශපාලන පක්ෂ 33 ක් ඇමෙරිකාවේ ක‍්‍රියාත්මකව පවතී. මේ සියළුම දේශපාලන පක්ෂ වලින් පෙරමුණේ සිටින්නේ ඩිමොක‍්‍රටික් පක්ෂය සහ රිපබ්ලිකන් පක්ෂයයි. ඩිමොක‍්‍රටික් පක්ෂය පිහිටුවන ලද්දේ 1828 වර්ෂයේදීය. රිපබ්ලිකන් පක්ෂය පිහිටුවා ගත්තේ 1854 වර්ෂයේදීය. ඇමෙරිකාවේ සහ ලංකාවේ අලියා කොයිබටද? ඒබ‍්‍රහම් ලින්කන්ගේ සිට (1861-1865) ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් (2001-2009) දක්වා රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපතිවරු 18 දෙනෙකු ඇමෙරිකාව පාලනය කළහ. 1829 දී පත්වූ ප‍්‍රථම ඩිමොක‍්‍රටික් පක්ෂයේ ජනාධිපතිවරයා ඇන්ඩෲ ජොන්සන්ය. ඔහුගේ සිට බරක් ඔබාමා දක්වා ඩිමොක‍්‍රටික් පක්ෂයේ ජනාධිපතිවරු 16 දෙනෙකු ඇමෙරිකාව පාලනය කළහ. මේ අනුව ඇමෙරිකාව මෙතෙක් පාලනය කළ ජනාධිපතිවරුන්ගෙන් වැඩි පිරිස අලියා ලකුණෙන් ඉදිරිපත් වූ අයයි. ලංකාවේද නිදහස ලබා ගැනීමෙන් පසුව වැඩිපුරම පාලනය කර ඇත්තේ අලියා ලකුණෙන් ඉදිරිපත් වූ අයයි. ඇමෙරිකාවේ පොදු මහ ජනතාවගේ සිත් සතන් තුළට එක්තරා මතයක් කාවැදී ඇති බව මගේ ඇමෙරිකා අත්දැකීම් තුළින් මෙහිදී හුවා දැක්වීම කාලෝචිතය. එනම් බූරුවා ලකුණෙන් ජනතාව ඉදිරියට යන ඩිමොක‍්‍රටික් පක්ෂය දුප්පත් ජනතාව නියෝජනය කරන බවයි. අලියා ලකුණෙන් තරඟ වදින රිපබ්ලිකන් පක්ෂය ධනවතුන් නියෝජනය කරන බවයි. ලංකාවේද අත හා අලියා නියෝජනය කරන දේශපාලන පක්ෂ දෙකටද මෙම අර්ථ නිරූපණය ජනතාව විසින්ම ලබාදී ඇතැයි මට හැෙඟ්. බූරුවා සහ අලියා ඉතා ඉවසිලිසම්පන්න සිව්පාවුන් දෙදෙනෙකු බවද මෙහිදී සඳහන් කළ යුතුමය. මිනීමැරුම් කෝලාහල නැති මැතිවරණයක් 1988 දෙසැම්බර් 7 වැනි බදාදා එනම් මීට වසර 24 කට පෙර මා දවස පත‍්‍රයට ලියූ ලිපියක් දැන් මා ඉදිරියේ ඇත. දවස ප‍්‍රධාන කර්තෘ රෝහණ ගමගේ ශූරීන්ගේ කාරුණික අනුග‍්‍රහයෙන් එම ලිපිය පළවිය. ඇමෙරිකාවේ සිට මා ලියූ එම ලිපියේ සිරස්තලය වූයේ මිනීමැරුම් කෝලාහල නොතිබූ මැතිවරණයක් යන්නයි. මෙම ලිපිය මම අවසන් කළේ මෙසේය. ”අද ශ්‍රී ලංකාවේ සියළුම ගම් පිල්වලට බෙදී අවසන්ය. එකම පවුලේ සහෝදර සහෝදරියන්ද වෙන් වෙන් වශයෙන් පිල්වලට බෙදී හමාරය. වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, පලිගැනීම, දුෂණය ආදී විනාශකාරී සියළු ලක්ෂණ අද ශ්‍රී ලංකාවේ සියළු ගම් බිම් කරා ගලාවිත් ඇති බව පෙනේ. මෙවැනි දේ ඇමෙරිකා සමාජය තුළ දක්නට නොලැබේ. සමගිය නොමැති තැන දියුණුවක් නැත. ඇමෙරිකාවේ සමගිය දැඩිව පවතී. මේ නිසා මේ රට දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත්වෙමින් පවතී.” එදා මෙදා ඇමෙරිකාව 1988 නොවැම්බර් 8 වැනි අඟහරුවාදා මධ්‍යම රාත‍්‍රියේ ඇමෙරිකාවේ ජනාධිපතිවරණයේ ප‍්‍රතිඵල ප‍්‍රකාශයට පත් කිරීමෙන් පසු යුද විරුවෙකු වූ ජෝර්ජ් බුෂ් මයිකල් ඩුකාකිස් පරදවමින් ජනපති පදවියට පත්වූ අයුරු මෙම ලිපියෙන් මම එදා විග‍්‍රහ කළෙමි. එදාත් අදත් ඇමෙරිකාවේ සිදුවන්නේ එකම ක‍්‍රියාදාමයකි. ඇමෙරිකාවේ මහා ඡුන්දයක් තිබේදැයි එහි ජනතාව අතර කිසිදු කලබැගෑනියක් නැත. ශබ්ද විකාශන කන් කරච්චලය එහි නැත. වසර 32 ක් තිස්සේ ඇමෙරිකාවේ මහ ඡන්ද 8 ක් පැවැත්වූ අයුරු මම දැක ඇත්තෙමි. ඡුන්දය අනුසාරයෙන් ඇමෙරිකාවේ මිනීමැරුම් කෝලාහල ඡුන්ද මගෝඩි පෝස්ටර් විප්ලව මනාප පොර නැත. ඡුන්ද සමය මෙහි ඉතා සාමකාමීය. මෙහි මැතිවරණ ව්‍යාපාර පැවැත්වෙන්නේ ප‍්‍රතිපත්ති උඩ මිස කාගේවත් පෞද්ගලික ජීවිත වලට හානිවන අයුරින් නොවේ. මෙහි ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඉහළින්ම ක‍්‍රියාත්මකව පවතී. අධිකරණයට, විධායකය කිසිදු ඇඟිලි ගැසීමක් සිදු නොකරයි. පවුල් බලය තහවුරු කර ගැනීමට ඇමෙරිකාවේ කිසිදු පාලකයකු මෙතෙක් ක‍්‍රියා කර නැත. ඇමෙරිකන් සිහිනය සැබෑ කරගත් ඔබාමාට කුමක්වෙයිද? 2009 නොවැම්බර් මාසයේ මා ඉරිදා ලංකාදීපයට ලියූ ලිපියක සිරස්තලය වූයේ ඇමෙරිකන් සිහිනය සැබෑකරගත් ඔබාමා යන්නයි. දකුණු අප‍්‍රිකාවේ කෙන්යාව නැමති රටේ සිට පැමිණ ඇමෙරිකාවේ ටික කලක් ජීවත්වූ කළු ජාතිකයෙකුට දාව සුදු ජාතික කාන්තාවක් බිහිකළ බරාක් ඔබාමා වැනි පුද්ගලයෙකුට ඇමෙරිකාවේ ජනපති තනතුර ලබා ගැනීම තුළින් දිස්වන්නේ ඇමෙරිකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ක‍්‍රියාත්මක වන බව නොවන්නේද? ඇමෙරිකාවට එරෙහි බක පණ්ඩිතයින් කියන බණවලට මෙය හොඳම පිළිතුරක් නොවන්නේද? ඇමෙරිකාවේ මේ මහ මැතිවරණයේදී මිට් රොම්නි ගේ රිපබ්ලිකන් පක්ෂය හෙවත් අලියා පෙරමුණේ සිටින බව එහි ජනමාධ්‍යයන්හි බහුතරයගේ මතයයි. ඔබාමාගේ ඩිමොක‍්‍රටික් පක්ෂය අභිබවමින් මිට් රොම්නිගේ රිපබ්ලිකන් පක්ෂය දැන් පෙරමුණේ සිටින බව විවිධ මාධ්‍යයන් සඳහන් කරයි. කෙසේ වෙතත් නොවැම්බර් මුල් සතිය වන විට මෙම තත්ත්වය බොහෝදුරට වෙනස්වනු ඇතැයි යන්න විවිධ ජන මාධ්‍යයන්හි මතයයි.ඔබාමා කතාවට දක්ෂද? වැඩ බැරිද? බරාක් ඔබාමා චතුර කථිකයෙකි. කතාවට දක්ෂ වුවත් ඔහු ක‍්‍රියාවට දක්ෂ නැති බව ඇමෙරිකාවේ බහුතර ජනතාව දරන මතයකි. කතාව එහෙමයි. කෙරුවාව මෙහෙමයි. යන්න ඔවුන් කියති. කතා කෙරුවාට වැඩ බැහැ යන්න ඔබාමාට එරෙහිවූවන් දරන ආකල්පයයි. මීට වසර 112 කට පෙර එනම් 1900 වර්ෂයේදී ඇමෙරිකාවේ දෙකෝටි හතලිස් අටලක්ෂ හැත්තෑ දහස් අටසිය හැත්තෑ තුන් දෙනෙකුවූ (2,48,709,873* ජනගහණය ඊට වසර 112 කට පසු එනම් 2012 වර්ෂයේදී කෝටි 32 දක්වා වැඩිවූයේ ලෝකයේ රටවල් 210 කට වැඩි සංඛ්‍යාවක පුද්ගලයින් ඇමෙරිකාවට සංක‍්‍රමණයවී එහි පුරවැසි භාවය ලබා ගැනීම නිසාය. මේ අනුව මෙහිදී මා යමක් සඳහන් කළ යුතුමය. ඇමෙරිකාව වූ කලී මුළු ලෝකයේම ජනතාව නියෝජනය කරන රටක් යන්නය. දිනන්නේ බරාක් ඔබාමාද? මිට් රොම්නිද? අප මේ ලියන්නේ ඇමෙරිකාවේ තව දින 16 කින් පැවැත්වෙන මහා මැතිවරණය ගැනය. නැතහොත් ජනාධිපතිවරණය ගැනය. බරාක් ඔබාමා සහ මිට් රොම්නි අතර දැන් පවතින්නේ කරට කර තරඟයකි. 2009 වර්ෂයේ ඔබාමා ජනපති පදවියට පත්වූයේ පොරොන්දු රාශියක් ජනතාවට ලබාදෙමිනි. ඔහු දුන් පොරොන්දු වලින් ඉටු කළේ ඉරාකයෙන් ඇමෙරිකා හමුදාව ඉවත් කර ගැනීම පමණකි. එහෙත් ඇෆ්ගනිස්ථානයෙන් ඇමෙරිකා හමුදාව ඉවත් කරගැනීමට ක‍්‍රියා කරනවා වෙනුවට ඇෆ්ගනිස්ථානයේ ඇමෙරිකා හමුදා ශක්තිය වර්ධනය කිරීමට ඔහු ක‍්‍රියා කළේය. ඔහු ඇමෙරිකාවේ වසන නීති විරෝධී සංක‍්‍රමණිකයින්ට නීත්‍යානුකූල තත්ත්වය ලබා දෙන බවට පොරොන්දු වූවත් එය ඉටු කළේ නැත. ඔහුගේ පාලන කාලය තුළ ඇමෙරිකාවේ කෝටි 2 කට අධික පිරිසකට රැුකියා අහිමිවිය. ඇමෙරිකා ඩොලරය අඩපණ විය. ඇමෙරිකා ජාතිකයින් කෝටි 5 කට පමණ නිවාස ණය ගෙවීමට නොහැකිව ගෙවල් අහිමිවිය. විරැුකියාව ණය බර එන්න එන්නම උග‍්‍රවිය. ඔසාමා බින් ලාඩන් එලොව යැවීම තුළින් ඔහුට ජනප‍්‍රියත්වයක් ලැබුණු නමුත් ඇමෙරිකාව ආර්ථික ප‍්‍රපාතයෙන් මුදවා ගැනීමට ක‍්‍රියා නොකිරීම ඔහුගේ විරුද්ධවාදීන්ට ඔහුට එරෙහිව යුද වැදීමට හොඳ ආයුධයක් විය. ලංකාවේ කෝටි 2 ක ජනතාව නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් සංඛ්‍යාව 225 කි. ඇමෙරිකාවේ කෝටි 32 ක් ජනතාව නියෝජනය කරන්නේ මන්ත‍්‍රීවරුන් 435 කි.මෙන්න ඇමෙරිකාවේ කෙරුවාවේ තරම ඇමෙරිකාව පුරා ඇති රූපවාහිනී මාධ්‍ය ආයතන සංඛ්‍යාව 2218 කි. එහි ගුවන් විදුලි විකාශනාගාර 13,476 ක් ඇත. දිනකට මෙහි පුවත්පත් 7675 ක් මුද්‍රණය කර ජනතාව අතර බෙදා හරිනු ලබයි. ඇමෙරිකාවේ ත‍්‍රිවිධ හමුදාවන්හි සේවයෙහි නියුතු මුළු භට පිරිස විසිහය ලක්ෂ අසූ හතර දහස් හයසිය පනස් අටදෙනෙකි. (26,84,658) ගුවන් හමුදාව සතු ප‍්‍රහාරක යාත‍්‍රා සංඛ්‍යාව 38,000 ඉක්මවයි. මුළු ලොවටම ගුවන් යානා, නැව්, මුහුදු යාත‍්‍රා, ඖෂධ නිපදවීමේ ප‍්‍රමුඛයා ඇමෙරිකාවය. වසරකට එහි නිපදවන මෝටර් රථ සංඛ්‍යාව කෝටි 3 ඉක්මවයි. ඇමෙරිකාව වැටී ඇතැයි බොහෝ රටවල පාලකයින් පුරසාරම් දෙඩුවත් මේ ඇමෙරිකාව තවමත් වැටී නැත. මෙහිදී එක්තරා සත්‍යයක් සඳහන් කළ යුතුමය. එනම් ඇමෙරිකාවේ ස්වාධීන අධිකරණ පද්ධතියක් විරාජමානව ක‍්‍රියාත්මකව පවතින බවය. ඔක්තෝබර් 16 දා නිව්යෝර්ක් හොෆ්ස්ටාර් විශ්ව විද්‍යාලයේ පැවැත්වූ විවාදයේදී බරාක් ඔබාමා සහ මිට් රොම්නි කරට කර සිටි බව දක්නට ලැබුණි. මේ දෙදෙනාගේ අවසාන විවාදය තව සතියකින් ෆ්ලොරිඩාහිදී පැවැත්වේ. තව දින 16 කින් පැවැත්වෙන ඇමෙරිකාවේ මහා ඡන්දයේදී දිනන්නේ බරාක් ඔබාමාද මිට් රොම්නිද යන්න විසඳන්නේ ඇමෙරිකාවේ පොදු මහ ජනතාවය. ඇමෙරිකාවේ ඡුන්ද ක‍්‍රමයද අනිකුත් කිසිදු රටක මැතිවරණ ක‍්‍රමය හා සංසන්දනය කිරීම අපහසුය. මෙහි ප‍්‍රාන්ත රාජ්‍ය 50 ක වැඩිපුරම නියෝජිත ඡන්ද ලබාගන්නා පුද්ගලයාට ඇමෙරිකාවේ සුක්කානම හිමිවේ. මෙම නියෝජිත ඡන්ද සංඛ්‍යාව 538 කි. මෙම නියෝජිත ඡන්ද 271 ක් ලබාගන්නා පුද්ගලයා තව දින 16 කින් ඇමෙරිකාවේ මුල් පුටුවට තේරී පත්වනු ඇත. අද ඇමෙරිකාවේ මුල් පුටුවට තරඟ වදින්නේ 51 හැවිරිදි බරාක් හුසේන් ඔබාමා සහ 65 හැවිරිදි මිට් රොම්නිය. මිට් රොම්නි මැසචූසෙට් ප‍්‍රාන්තයේ 70 වෙනි ආණ්ඩුකාරවරයාය. 1994 දී මැසචුසෙට් ප‍්‍රාන්තයේ සෙනෙට් සභික ධුරය ලබා ගැනීම සඳහා තරඟ වැදී ටෙඩි කෙනඩිට පරාද වූයේ ඔහුය. පුත‍්‍රයින් 5 දෙනෙකුගේ පියෙකුවූ මිට් රොම්නි කෝටිපති ව්‍යාපාරිකයෙකි. මොහුගේ සීයා මැක්සිකෝවේ සිට ඇමෙරිකාවට පැමිණ ඇමෙරිකාවේ ස්ථිර පදිංචියට පත් සංක‍්‍රමණිකයෙකි.

සිරී හීන් පැල්ල නිව්යෝර්ක් නුවර සිට ලියයි
ඩිමොක‍්‍රටික් පක්ෂයේ ලාංඡනය බූරුවා රිපබ්ලිකන් පක්ෂයේ ලාංඡනය අලියා ඔබාමා සහ රොම්නි ඔබාමා බිරිඳ හා දියණියන් දෙදෙනා සමග මිට් රොම්නි තම බිරිඳ හා පුත‍්‍රයින් 5 දෙනා සමග  



අදහස් (0)

ඇමෙරිකාවේ බුරුවා සහ අලියාගේ සටන

දයා-සවුදි Sunday, 21 October 2012 03:51 PM

බරැක් ඔබාමා නැවතත් කිරුළ හිමිකර ගනීවි. (නි)

:       0       0

සේනානායක Monday, 22 October 2012 11:40 PM

ඔබාමාට බැහැ බැහැමයි. (නි)

:       0       0

කාන්ස්බෝයි Tuesday, 23 October 2012 05:39 AM

යන්න දයා යන්න. ඔයා සන්න ඔබාමා.

:       0       0

සුමිත් Tuesday, 23 October 2012 12:42 PM

ඔබාමා හොදයි ඒත් මේ සැරේ ගෙදර යන්න වෙනවා..!(නු)

:       0       0

ශිෆාන් Wednesday, 24 October 2012 10:08 AM

සත්‍යය ඇත්තේ එතැනයි. (නි)

:       0       0

අශාන් Thursday, 25 October 2012 02:12 AM

ඔබාමා ඉතින් සෞදි රජාට ඔලුව නමපු එකත් කළානේ. (නි)

:       0       0

ප්‍රසන්න Thursday, 25 October 2012 11:37 AM

මා දකින සාර්ථක ලිපියක් (ස)

:       0       0

සුසන්ත Thursday, 25 October 2012 08:07 PM

ප්‍රසන්න, ඔබ හරි. (නි)

:       0       0

ගාල්ලගේ Sunday, 28 October 2012 12:58 PM

එකම කාසියේ දෙපැත්ත වගෙයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site