හිරාන් ප්‍රියංකර ජයසිංහ
කලපුවේ පතුල හාරමින් ජීවත් වීමට මට්ටි සොයමින් දුක්ඛිත ජිවිතයක් ගත කරන ලදුන් පිරිසක් පිළිබඳව කල්පිටිය කන්දකුලිය ප්‍රදේශයේ දී දැකගත හැකි විණි.
ජූනි මාසයේ ආරම්භ වන වාරකන් සමය දෙසැම්බර් දක්වා පුත්තලම සිට මන්නාරම හරහා මුහුදු කලාපයට දැඩි ලෙස බලපාන්නේ මුහුදේ රළු වීමත් සමඟය.
මේ කාලය තුළ ධීවරයින් මුහුදු යාම යම් තරමින් නවතා දමන අතර ඒ හේතුවෙන් බොහෝ පිරිසකට තමන් දෛනිකව උපයා ගත් ආදායම සම්පුර්ණයෙන් අහිමි වී ධීවර රස්සාවෙන් ජීවත් වු පිරිස් වෙනත් විකල්ප රැකියාවන් සොයමින් විවිධ ප්‍රදේශ වෙත යාම සිදුවෙයි. මෙය සෑම වසරකම පවතින තත්වයයි.
මේ තත්වය කන්දකුලියේ ධීවර රස්සාවේ නිරත වුවන්ටද පොදුය. මේ නිසාම කන්දකුලියේ ධීවර කාන්තාවන්ට එකම පිහිටට ඇත්තේ ඉච්චන්කාඩු කලපුව පමණි. ඉච්චන්කාඩු කලපුව වපසරියෙන් හෙක්ටයාර් 25 කට වැඩි විශාල නොමැති පුංචි කලපුවක් වන අතර මෙය කන්දකුලිය ධීවර ගම්මානයේ සිය කන්දකුලිය මෝය දක්වා කිලෝමිටර් දෙකකට වැඩිදුරක් ඇදී යයි. එසේම මෙහි පළල මීටර් 500 කට ද වැඩි නැත .
මේ කලපුවේ මට්ටි සොයමින් ජීවිකාව කරගෙන යන පවුල් ප්‍රමාණය 100 කට ආසන්නය . තම දරුවන් පාසල් වෙත යවා උදෑසනම කලපුවට පැමිණෙන ධීවර කාන්තාවන් සවස් වන තුරුම කලපුවේ බැස මට්ටි සොයමින් ජීවත් වීම සඳහා දැවැන්ත අරගලයක නිරතව සිටින ආකාරය දුක්මුසුය. මේ ඒ පිළිබඳව අදහස් දක්වන එම කාන්තාවන්ය.
මේරි මංගලිකා මහත්මිය තමන් කලපුවේ පතුල හාරමින් මට්ටි සොයන අතර තුර මෙසේ කථාබහට එක්විය.
“ මේ බලන්න මහත්තයේ අපේ අත් ඇගිලි පුරුක් ගෙවිලා ගිහින් කලපුව හාරලාම . මේ කලපුවත් නැත්නම් අපි හාමතේ මැරිලා යනවා ඒ තරමට අපි අසරණයි . අපි උදේම ඇවිත් මට්ටි සොයමින් කලපුව හාරනවා. ඒ මට්ටි භාජනවලට දාලා තම්බලා මස් කිලෝව රුපියල් 350 ත් 400 ත් අතර මුදලට දෙනවා දවසම මහන්සි වුණත් කිලෝ දෙකක් විතර තමා හොයා ගන්න පුළුවන් ඒ ලැබෙන මුදලින් තමයි මේ කාලයේ පවුල් ආරක්ෂා කර ගන්නේ දරුවෝ පාසල් යවා ගන්නත් ඕනෑ. ඒ මුදලින් මොනවා කරන්නද අපි අන්ත අසරණයි ඇය දැස් වලින් ගලා ආ කදුළු බිදු පිස දමමින් පැවසීය.
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඉච්චන්කාඩු කලපුවෙන් මට්ටි සොයා ජිවිතය යදින්නියෝ
Jay Friday, 20 July 2018 05:15 AM
මේ අහිංසක මිනිස්සුත් හැම දෙකටම බදු ගෙවනවා. අපේ දොස්තරලා ටිකට බදු ගෙවන්න බෑ. රටක් කියන්නේ හම්බන්තොටවත්, පොලොන්නරුවෙවත්, කොළඹ වත් ඉන්න මිනිස්සු විතරක නෙමෙයි. රටක සංවර්දනය කියන්නේ පුරවැසියාගේ සංවර්ධනය. නැතුව පාලම් බෝක්කු නෙමෙයි.
සංජුTuesday, 24 July 2018 11:43 AM
පාලම් බෝක්කු කියන්නේ යටිතල පහසුකම් යටිතල පහසුකම් නැතුව ගමක් රටක් දියුණු කරන්න බැහැ. එහෙම නැතුව ඒ සල්ලි ආදාර විදිහට බෙදලා බැහැ. ඒවාට විකල්ප ක්‍රමවේදයක් ඕනේ, නැතුව පාලම් බෝක්කු හදනවට බොරුවට බැනල වැඩක් නෑ.
ReksSunday, 29 July 2018 03:23 AM
එතකොට මහත්තයෝ ඔහේට පේන්නේ නැද්ද දේශපාලකයෝ බිලියන ගණනින් ගහගෙන ගිහිල්ලා...