X Advertisement
IMG-LOGO

2025 මැයි මස 07 වන බදාදා


ඉතිහාසගත වැදි උපවාසය

උපවාස කරන්නේ යමකුට අසාධාරණයක් වූ විට සාධාරණ විසඳුමක් ලබාගැනීමට වගකිවයුත්තන්ගේ අවධානය යොමු කරවීම සඳහාය. තනි තනිව හෝ කණ්ඩායම් වශයෙන් මෙසේ උපවාසයන් කළ මිනිසුන් පිළිබඳව නොයෙකුත් කතා අප අසා ඇත. වරෙක මේ රටේ ගොවීන් උපවාස කරන ලද්දේ වී අස්වැන්නට ඉහළ සාධාරණ මිලක් ඉල්ලමිනි. තවත් වරෙක ඔවුන් උපවාස කළේ අර්තාපල් ආනයනය සීමා කර අර්තාපල් ගොවියා රැුක දෙන ලෙස බල කරමිනි. වෘත්තීය අයිතිවාසිකම් ඉල්ලා උපවාස කළ අය මෙන්ම හාම්පුතුන්ගේ පලිගැනීම්වලට ලක්ව ඊට විරෝධය පා උපවාසය කළ අය ද සිටිති. විශ්වවිද්‍යාල සිසුන්ගේ උපවාස ද අපේ රටේ උපවාස අතර කැපී පෙනේ. අධ්‍යාපන කප්පාදුවලට එරෙහිව හා අධ්‍යාපන අයිතිවාසිකම් ඉල්ලා ඔවුහු උපවාස කළහ. ‘උපවාස’ අපහාසයට ලක්වන අයුරින් ජනමාධ්‍ය ඔස්සේ ජනපි‍්‍රයවීමට උපවාසය කළ දේශපාලනඥයන් පිළිබඳව ද පසුගිය කාලයේ අසන්නට දකින්නට ලැබිණි. මේ උපවාසය ඒ හැමටම වඩා වෙනස් එකකි. ඉතිහාසයේ ප‍්‍රථම වරට අපේ රටේ වැදි ජනයා පාරම්පරික උරුමය ඉල්ලා මෙසේ  උපවාසය කළෝය. එසේ කළේ හිටපු වැදිනායක ඌරුවරිගේ තිසාහාමි ඇත්තන් හා රැුහේ පිරිසකි. හිටපු වැදිනායක ඌරුවරිගේ තිසාහාමි, ඔහුගේ පුතුන් වන ඌරුවරිගේ වන්නියා, ඌරුවරිගේ කෙන්දා සහ ඌනපාන කරිල් සුදුබණ්ඩියා ද තලාවරිගේ උක්කු බණ්ඩියා ද මේ පිරිසට ඇතුළත් වූහ. දිනය 1992 මැයි මස 16 වැනිදාය. මේ පිරිස හිමිදිරි පාන්දරම දඹානේ සිට මහියංගණයට පැමිණ මහියංගණය ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සිමෙන්ති පොළවේ ඉඳගෙන, උපවාසය ආරම්භ කළෝය. වනජීවි දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් වැදිනායකයාගේ මුුණුබුරන් වන ඌරුවරිගේ ආරියදාස සහ ඌරුවරිගේ අබේරත්න යන කැකුළන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබීමට විරෝධය පා ඔවුන් වහාම මුදාහරින ලෙස ඉල්ලා මෙම උපවාසය පටන් ගත්හ. වැදිනායක තිසාහාමි ඇත්තන්් මෙහිදී පැවසුවේ තම පැල්කොටයට නුදුරු වනබිමේ දී මේ දෙදෙනා අත්අඩංගුවට ගත් බවය. වනජීවි නිලධාරීන් පැවසුවේ අභය භූමි සීමාවේ දඩයම් කළ නිසා මොවුන් අත්අඩංගුවට ගත් බවයි. අත්අඩංගුවට ගත් කැකුළන්ට අමානුෂික ලෙස පහර දී ඇතැයි ද වැදි නායකයා චෝදනා කළේය. එහෙත් නීතිය අවඥාවට ලක් නොකිරීමටද ඔහු වග බලා ගත්තේය. නීතිමය කටයුතු සඳහා අවශ්‍ය වන අවස්ථාවක ඉදිරිපත් කිරීමේ පොරොන්දුව මත තරුණයන් මුදා හරින්නැයි ඔහු ඉල්ලා සිටියේය. ඊට අමතරව වැදි ජනයාගේ ජිවිතවලට එල්ලවිය හැකි තර්ජන දුරුකර ජනාධිපති පේ‍්‍රමදාස මහතා පොරොන්දු වූ පරිදි වැදිපරපුරේ අයට කිසිම කරදරයකින් තොරව වනබිමේ ජීවත්වීමට ඉඩ සලසා දෙන ලෙස උපවාසකරුවෝ ඉල්ලා සිටියහ. 1992 අපේ‍්‍රල් මාසයේ වනජීවි නිලධාරීහු වැදි පිරිසකට වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අදාළ නිලධාරීන්ට දන්වා ඇතත්, ඒ පිළිබඳව විධිමත් පරීක්‍ෂණයක් සිදුනොවූ බවත් වැද්දෝ කියා සිටියහ. ආදිවාසී නායකයා ජනමාධ්‍යවේදීන්ට මෙසේ ද කීවේය. වැදි පරපුරේ සංස්කෘතිය ආරක්‍ෂා කර ගැනීම සඳහා සුදුසු පරිදි වනාන්තරය ලබා දීමට පේ‍්‍රමදාස ජනාධිපතිතුමා පොරොන්දු වී තිබෙනවා. නමුත් ඒවා ඉටු වුණේ නැහැ. තිසාහාමි දිගින් දිගටම කියාගෙන ගියේය. එවකට බදුල්ල දිස්ති‍්‍රක්ක (I) සහකාර පොලිස් අධිකාරිවරයා වූයේ ඇල්ෆ‍්‍රඞ් විජේවර්ධන මහතාය. ගුවන්විදුලිය ඔස්සේ මේ සිද්ධිය දැනගත් ඔහු වහාම මහියංගනයට පැමිණියේය. තම ඉල්ලීම සඳහන් කර ජනාධිපතිතුමාට ලියූ සන්දේශයක පිටපතක් වැදිනායකයා ඔහුට ඉදිරිපත් කළේය. සහකාර පොලිස් අධිකාරී විජේවර්ධන මහතා තිසාහාමි සමග සාකච්ඡුා කර උපවාසය නතරකරවා ගැනීමට දැඩි උත්සාහයක යෙදුණේය. බොහෝ වේලාවක් කී කරුණු සාවධානව අසා සිටි වැදිනායක තිසාහාමි, ”ලොකු හූරලා හැමදාම සීනිබෝල් දෙනවා දැයි විමසුවේය. ජනාධිපතිතුමා හෝ ප‍්‍රධාන ඇමතිවරයා සමග සාකච්ඡුා කර විසඳුමක් ලැබෙනතුරු උපවාසය අත් නොහරින බවද වැදිනායකයා නොපැකිළිව කියා සිටියේය. එදින රැය පහන්වන තුරු නිරාහාරව උපවාසය කළ වැදි පිරිස පසුදින වනවිට තරමක් අඩපණව සිටියහ. එහෙත් ඔවුන්ගේ ඉල්ලීම්වලට නව ප‍්‍රාණයක් ලැබී තිබිණි. අත්අඩංගුවට ගත් තරුණයන් දෙදෙනා මුදාහැරීම සඳහා එම ස්ථානයට රැගෙන ආහ. ඌරුවරිගේ අබේරත්න සිය අප්පිල ඇත්තෝ වන ඌරුවරිගේ සුදු බණ්ඩාටත් ඌරුවරිගේ ආරියදාස සිය අප්පිල ඇත්තන් වන ඌරුවරිගේ කෙන්දාටත් වැඳ වැටුණාහ. පිය පුතු සෙනෙහස උතුරා යමින් ගිලිහුණු කඳුළු කැට සිමෙන්ති පොළවට පතිත විය. දුටුවන්ගේ දෙනෙත් ද කඳුළින් තෙත්විය. එවකට මහියංගනය ප‍්‍රාදේශීය ලේකම්වරයාව සිටි ආර්.ඩබ්ලිව්. ගුණරත්න, පළාත් සභා මන්තී‍්‍ර සුනිල් ශාන්ත උල්හිටිය, වනජීවි නිලධාරී වයි.ජී.පී. කරුණාරත්න, බදුල්ල දිස්ති‍්‍රක් (I) සහකාර පොලිස් අධිකාරී ඇල්ෆ‍්‍රඞ් විජේවර්ධන, නීතිඥ පරාක‍්‍රම සිගේරා යන මහත්වරුද මාවරගල ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය මීගහකිවුලේ සුගතවංශ හිමි යන කණ්ඩායම තිසාහාමි සමග ඊළඟ ඉල්ලීම් පිළිබඳව සාකච්ඡා කළහ. එවකට ඌව ප‍්‍රධාන ඇමැතිවරයාව සිටි පර්සි සමරවීර මහතා නියෝජනය කරමින් එවකට පළාත් සභා මන්තී‍්‍රව සිටි සුනිල් ශාන්ත මහතා සහභාගී විය. දඹානේ වැදි ජනතාව ඉල්ලා සිටින පරිදි බාධාවකින් තොරව නිදහසේ ජීවත්වීම සඳහා අවශ්‍ය වාතාවරණය ඇති කිරීමට හා වැදි පිරිසකට වෙඩි තැබූවේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අපක්‍ෂපාතී පරීක්‍ෂණයක් පැවැත්වීමට ප‍්‍රධාන ඇමැතිවරයා පොරොන්දු වූ බව, සුනිල් ශාන්ත මහතා වැදි නායක තිසාහාමි ඇත්තන්ට දැනුම් දුන්නේය. වැදි ජනයා ඉල්ලා සිටින ගම්මාන 5 ඇතුළත් වන සේ වනබිමේ අක්කර 1500ක් ලබාදීම ගැන අවධානය යොමු කිරීමටත් ඊට වඩා වෙනසක් වුවහොත් ජනාධිපතිතුමා සමග සාකච්ඡුා කර තීරණයක් ගැනීමටත් ප‍්‍රධාන ඇමතිතුමා බලාපොරොත්තු වන බවද සුනිල් ශාන්ත මහතා දන්වා සිටියේය. ”මට ඔය පොරොන්දුවලින් වැඩක් නැහැ, ඒවා ලිඛිතව දෙන්නැ” යි තිසාහාමි ඉල්ලා සිටියේය. ඒ අනුව යතුරුලියනය කළ පහත සඳහන් පොරොන්දුව ප‍්‍රාදේශීය ලේකම්තුමාගේ අත්සනින් යුතුව තිසාහාමිට ලබා දුන්නේය. තිසාහාමිට ලබාදුන් ලිපිය වන්නියලැ ඇත්තන්ගේ අභය භූමිය සඳහා අක්කර 1500ක් වෙන්කිරීම මා මගින් ජනාධිපතිතුමා ඇමතූ ඔබේ දින රහිත සන්දේශය හා බැඳේ. අතිගරු ජනාධිපතිතුමාගේ නියෝගය අනුව ඔබ ඇතුළු වැදි පිරිස වෙනුවෙන් වෙන්කර ඇති 1500ක බිම් ප‍්‍රමාණය 1992.6.4 වැනි දින ක්‍ෂේත‍්‍ර පරීක්‍ෂා කිරීමෙන් අනතුරුව පහත සඳහන් කුඩාතලා පෝරුගම්පොජ්ජ, බුලූගහතැන්න පෝරුගම් පෝජ්ජ, කන්දේගම්වල පෝරුගම් පොජ්ජ, කෑරගොඩ පෝරුගම් පොජ්ජ, කොටබකිනිය පෝරුගම් පොජ්ජ යන බිම් කොටස් ඇතුළත් වන සේ ලබාදීම සම්බන්ධයෙන් කටයුතු කරන බව කරුණාවෙන් දන්වා සිටිමි. මෙම ලිඛිත පොරොන්දුවෙන් පසු ඉතිහාසයේ ප‍්‍රථම වරට ආදිවාසීන් කරන ලද උපවාසය අවසන් විය. මාවරගල ආරණ්‍ය සේනාධිපති මීගහකිවුලේ සුගතවංශ හිමියෝ නිරාහාරව සිටි උපවාසකරුවන්ට කුරුම්බා ගෙඩි කීපයක් කපා බොන්නට දුන්හ. එහෙත් ආදීවාසීන්ගේ උරුමය ගැන දුන් පොරොන්දු තිසාහාමි ඇත්තන් මියයන තෙක්ම රැහේ ජනතාවට ඉටු වී නැත. වත්මන් වැදිනායක ඌරුවරිගේ වන්නියලැඇත්තන් එම අරගලය ඉදිරියටම ගෙන යමින් සිටියි. එහෙත් තවමත් වගකිව යුත්තන් දෙසවන් වසාගෙන ඇතැයි වන්නියලැ ඇත්තෝ අප‍්‍රසාදය පළ කරති. බදුල්ලේ පාලිත ආරියවංශ වැදි රැහේ ජීවිතය-1 වැදි රැහේ ජීවිතය-2 වැදි රැහේ ජීවිතය-3 වැදි රැහේ ජීවිතය-4 වැදි රැහේ ජීවිතය-5 වැදි රැහේ ජීවිතය-6 හිටපු වැදිනායක තිසාහාමි ඇත්තන් ප‍්‍රමුඛ රැහේ ඇත්තෝ උපවාසයේ යෙදී.. උපවාසයේ යෙදී සිටි තිසාහාමි ඇත්තන් සමග මීගහකිවුලේ සුගතවංශ හිමියෝ සාකච්ඡා කරමින්... හිටපු ඌව ප‍්‍රධාන අමාත්‍ය පර්සි සමරවීර මහතා



අදහස් (0)

ඉතිහාසගත වැදි උපවාසය

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site