මීට සතියකට පමණ පෙර, ඉන්දියාවේ මුම්බායි නුවරදී 23 හැවිරිදි ඡුායාරූප මාධ්‍යවේදිනියක සමූහ දුෂණයට ලක්විණි. එම අපරාධය කළ සිව්දෙනා මේ වනවිට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇති අතර, රෝහල් ගත කළ තරුණියගේ තත්ත්වය යහපත් බව ඉන්දීය පුවත් සේවා වාර්තා කර තිබේ.
ඉකුත් වසරේ දෙසැම්බර් 16 වැනිදා, මුම්බායි නුවරදී සරසවි සිසුවියක ඉතා කුරිරු ආකාරයට සමූහ දුෂණයට ලක්වීමත්, පසුව ඇය මිය යෑමේ සිදුවීමෙනුත් පසු, ඡායාරූප මාධ්‍යවේදිනිය සමූහ දුෂණයට ලක්වීම, යළිත් වරක් ඉන්දියාව කැළැඹීමට සමත් විය.
ඉන්දියාවේ මේ අයුරින් ස්තී‍්‍ර දුෂණ ඉහළ යෑම කනගාටුවට කරුණක් බවත් එවැනි දේ සිදුනොවීමට වගබලා ගත යුතු බවත් බොලිවුඞ් සුපිරි නළු අමිතාබ් බච්චන් ඉතා හැඟීම්බරව මාධ්‍යවේදීන් හමුවූ අවස්ථාවකදී කීවේය. රටේ කාන්තාවන් ආරක්ෂා කිරීමට ඉන්දීය මධ්‍යම රජයට නොහැකි යැයි යළිත් වරක් චෝදනා එල්ල වන්නට විය.
ඉකුත් වසරේ සරසවි සිසුවිය සමූහ දුෂණයට ලක් වූ අවස්ථාවේදී, ඉන්දීය සමාජය පිරිහීමට හේතුව ඇතැම් බොලිවුඞ් සිනමා නිර්මාණ යැයි ද චෝදනා නැගෙන්නට විය. ඒ අතරින් ප්‍රධාන තැනක් ගත් බොලිවුඞ් චිත්‍රපටයක් වූයේ ‘ජිසම් 2’ ය. ‘ජිසම් 2’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කළ නිළිය සනී ලියොන්ට ද දොස් අහන්න සිදුවිය. සනී ලියොන් ඉන්දියාවට ගෙන්වා ගැනීම අනුවණ කි‍්‍රයාවකැයි ඇතැම්හු චෝදනා කරන්න වූහ.
ඉන්දීය සම්භවයක් සහිත සනී ලියොන් යනු කැනේඩියානු ජාතික ‘නිල් චිත්‍රපට’ නිළියකි. අද ඇය බොලිවුඞ් නිළියක ලෙස ප්‍රසිද්ධියට පත් වී සිටියත් ඇය ලොව කාගේත් අවධානය දිනා ගත්තේ නිල් චිත්‍රපට සුරූපිනියක ලෙසිනි. එක රැයින් ඉන්දියාව කැළැඹීමට සමත් වූ ඇය, ඉන්දීය දේශපාලන කරළියේ ද කතාබහට ද ලක් වූ තැනැත්තික වූවාය.
සනී ලියොන් උපන්නේ කරන්ජිත් කෝර් වොහ්රා යන නමිනි. ඒ, 1981 වසරේ මැයි 13 වැනිදා ය. ඇය උපත ලැබුවේ කැනඩාවේ ඔන්ටාරියෝ නුවරදීය. ඇගේ මවත් පියාත් කැනඩාවේ පදිංචියට ගොස් සිටි සීක් යුවළකි. සනීගේ පියා ටිබෙට් ජාතිකයකු වන අතර ඔහු ඉන්දියාවේ නවදිල්ලි නුවර පදිංචිව සිට පසුව කැනඩාවට ආ අයෙකි. සනී ලියොන්ගේ මව ඉන්දියාවේ හිමාචල් ප්‍රාන්තයේ සර්මූර් නුවර උපත ලැබූ තැනැත්තියකි. මේ වනවිට මොවුන් දෙදෙනාම ජීවතුන් අතර නැත.
සීක් පවුලක දැරියක වුවත් සනී අධ්‍යාපනය ලැබුවේ කතෝලික පාසලකිනි. කුඩා කාලයේ සිටම ඇය දඟකාරය. කී‍්‍රඩාවට දක්ෂය. හොකී, බාස්කට් බෝල් ඒ අතරින් කැපී පෙනෙයි. ඇය සෙල්ලම් කිරීමට පි‍්‍රය කළේ ඇගේ වයසේ කෙල්ලන් සමඟ නොව කොල්ලන් සමඟය.
උසස් අධ්‍යාපනය අවසන් කර, උපාධිධාරිණියක ලෙස සනී සරසවියෙන් පිටවූයේ 1999 වසරේදීය. ඒ වනවිට ඇයට පෙම්වතුන් කිහිප දෙනකු සිටි බව ඇය පසු කලෙකදී කියා තිබුණි. ඇගේ පළමු පෙම්වතා ඇයට හමුවී ඇත්තේ වයස අවුරුදු 16 දී බවත් ඔහු ඇය අධ්‍යාපනය ලැබූ පාසලේ පැසිපන්දු කී‍්‍රඩකයකු බවත් ඇය වරෙක පවසා තිබුණි.
සනී ලියොන්ට නිරූපිකාවක හෝ නිළියක හෝ වීමේ ආසාවක් තිබුණේ නැත. ගිණුම් අංශයෙන් ඇය දස්කම් දැක් වූ නිසා ඇය ගිණුම් ආයතනයකත් පසුව බේකරියකත් සේවයට ගියාය. ඒ, 2000 වසරේදීය. එම වසර අවසානයේදී, ඇය හෙදියක් වීමේ අපේක්ෂාවෙන් හෙද පාඨමාලාවක් හැදෑරීම ආරම්භ කළාය.
හෙදියක් වීමට පුහුණු වෙද්දී ඇයට හමුවුණු යෙහෙළියක ඇය ජෝන් ස්ටීවන්ස් නමැති නිරූපණ ශිල්පීන් සැපැයීමේ ආයතනයක ඒජන්තවරයකුට හඳුන්වා දුන්නාය. සුරූපිනියක වූ නිසාත් මනබඳනා සිරුරකට හිමිකම් කී නිසාත්, සනී ලියොන්ට නිරූපිකාවක වීමට අවස්ථාවක් උදා විය.
සනී ලියොන් නිරූපිකාවක ලෙස කැනඩාවේ ප්‍රසිද්ධියට පත් වූයේ 2001 වසර මැද සිටය. 2002 වසර අවසන් වෙද්දී ඇය ලෝ පුරා ප්‍රසිද්ධ නිරූපිකාවක් වූවාය. ඒ වනවිට ඇගේ අසැබි වීඩියෝ පට සියයකට ආසන්න ප්‍රමාණයක් ප්‍රසිද්ධියට පත් වී තිබුණි.
කැනඩාවේ පදිංචි වී සිටියත් තමා ඉන්දියානුවකු යැයි පැවැසීමට සනී ලියොන් පි‍්‍රය කළාය. ඇය එසේ කීවේ ඉමහත් ආඩම්බරයෙනි. ඇය ඉන්දියාවට යෑමට ආශා කළත්, ඒ සඳහා ඇයට අවස්ථාවක් උදා වූයේ නැත. ඉන්දියාවට ඒමට සනීට අවස්ථාව උදා වූයේ 2011 වසරේදීය. මේ වනවිට ඇය විවාහක කාන්තාවක ද වූවාය. ඇය ඉන්දියාවට පැමිණියේ සැමියා ඩැනියෙල් වෙබර් ද සමඟය.
ඇය ඉන්දියාවට පැමිණියේ විශේෂ ආරාධනාවකිනි. ඒ, කලර්ස් නැමැති ඉන්දීය රූපවාහිනී නාළිකාව නිෂ්පාදනය කළ, 2011 වසරේ දී තිරගත වූ ‘බිග් බොස්’ රියැලිටි වැඩසටහන් මාලාවට සම්බන්ධවීමටය. ඒ වනවිට මුළු ලොව පමණක් නොව, ඉන්දියානුවන් ද දැන සිටියේ සනී ලියොන් බ්ලූ ෆිල්ම් නිළියක එසේත් නැතිනම් නිල් චිත්‍රපට නිළියක ලෙසය. ‘බිග් බොස්’ වැඩසටහනේ මෙහෙයවීම් කළේ බොලිවුඞ් නළු සන්ජේ දත් ය.
සනී ලියොන් එම රියැලිටි වැඩසටහනට සම්බන්ධවීමත් සමඟ, එම වැඩසටහන එක රැයින් අතිශයින් ජනපි‍්‍රය විය. සනී ලියොන් ගැන මුළු ඉන්දියාවම කතා කරන්න පටන් ගත්තේ ඒ අනුවය. මේ අතර නිල් චිත්‍රපට නිළියක ‘බිග් බොස්’ වැඩසටහනට සම්බන්ධ කර ගැනීම බොහෝදෙනාගේ විරෝධයට ද හේතුවක් විය. ඉන්දීය තොරතුරු තාක්ෂණ සහ විකාශන අමත්‍යාංශයට දිගට හරහට පැමිණිලි ලැබෙන්න විය. ඉන්දීය පාර්ලිමේන්තුවේදී පවා සනී ලියොන් ගැන වාද විවාද ඇති විය.
‘බිග් බොස්’ වැඩසටහට සම්බන්ධ වී සිටිද්දී, ජනපි‍්‍රය මෙන්ම සම්මානනීය බොලිවුඞ් අධ්‍යක්ෂකවරයකු වන මහේෂ් භාත්, සනී හමුවීමට පැමිණියේය. ඔහු සනීට ඇරැුයුමක් ද කළාය. ඒ, ‘ජිසම්’ චිත්‍රපටයේ දෙවැනි කොටසේ ප්‍රධාන නිළිය ලෙස රඟපෑමට එක් වන ලෙසටය. ඇය එක පයින් එම ආරාධනාව පිළිගත්තාය. මේ වනවිට සනී ලියොන් බටහිර චිත්‍රපට කිහිපයක සුළු චරිතවලට සම්බන්ධ වී තිබුණි. ඒ අනුව රංගනය ඇයට අලූත් දෙයක් නොවිණි.
‘ජිසම් 2’ චිත්‍රපටයේ ඇය සරාගී චරිතයකට පණ පෙව්වාය. ඇගේ අඩ නිරුවත් ඡුායාරූප රැගත් පෝස්ටර චිත්‍රපටය එළිදැක්වීමට පෙර සිට, පමණ ඉක්මවා විශාල ප්‍රසිද්ධියක් ලබා ගෙන දුන්නේය. ජිසම් 2 චිත්‍රපටයේ රූගත කිරීම් ශී‍්‍ර ලංකාවේදී ද සිදුවූ අතර සනී ලියොන් මෙරටට ද පැමිණියාය. ඇය මෙරටට පැමිණියේ ද ඇගේ සැමියා සමඟය.
ජිසම් 2 චිත්‍රපටය සාර්ථක නොවුණු නමුත් එය සනී ලියොන් බොලිවුඞ් නිළියක කිරීමට සමත් වූවාය. බොහෝ තරුණයන් චිත්‍රපටය නැරැඹුවේ සනීගේ අඩ නිරුවත් සිරුර දැකීමේ ආසාවෙන් යැයි ද ඉන්දීය සිනමා විචාරකයෝ පැවැසූහ.
2006 වසරේ දී, සනී ලියොන්ට කැනඩාවේ පමණක් නොව ඇමෙරිකාවේ ද පුරවැසිභාවය හිමිවිය. කෙසේ නමුත් ඇය වැඩිපුර පි‍්‍රය කළේ කැනඩාවේ වාසය කිරීමටය. ‘ජිසම් 2’ චිත්‍රපටය තිරගතවීමත් සමඟ 2012 වසරේ අපේ‍්‍රල් 14 වැනිදා, බොලිවුඞ් සිනමාවට පිවිසෙමින් සනී ලියොන් ෆිල්ම්ෆෙයාර් සඟරාවට කියා තිබුණේ, ඇය දැන් ඉන්දියාවේ පදිංචිකාරියක කියාය.
ඉන්දියාවේ ‘නිව් ඉන්දියන් එක්ස්ප්‍රෙස්’ පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් ඇය කියා හිටියේ කුමන රටේ සිටියත් ඇය සැමදාම ඉන්දියානුවකු කියා ය. ඊට හේතුව ඇගේ මව සැබෑ ඉන්දියානුවක යැයි ඇය පැහැදිලි කර තිබුණි.
විවේකීව සිටිද්දී, චිත්‍ර ඇඳීම, අශ්වයන් පිට යෑම, පොත් කියැවීම, පරිගණක කී‍්‍රඩා කිරීම, සිම්ප්සන්ස් කාටූන් කතා මාලාව සහ ඩිස්කවරි නාළිකාව නැරැුඹීමට තමා පි‍්‍රය කරන බව සනී පවසා ඇත.
කැලිෆෝනියාවේ කාන්තා පා පන්දු කී‍්‍රඩා සමාජයක සාමාජිකාවක ද වන ඇය හැකි සෑම අවස්ථාවකදීම පා පන්දු කී‍්‍රඩා කිරීමට ද කැමැත්තක් දක්වන්නීය. නිවාඩු ගත කිරීමට ඇය සෑම විටම තෝරා ගන්නේ හවායි දුපතේ නිවාඩු නිකේතනය. ඇගේ පි‍්‍රයතම කෑම වර්ගය ඉතාලි කෑම වට්ටෝරුය.
‘ජිසම් 2’ චිත්‍රපටයෙන් පසු, සනී ලියොන්ගේ දෙවැනි බොලිවුඞ් චිත්‍රපටය වූයේ ‘ෂූට් අවුට් ඇට් වඩාලා’ චිත්‍රපටයයි. මේ වසරේ ඔත්තෝබරයේ තිරගත වීමට නියමිත ‘රාගිනී එම්.එම්.එස්’ චිත්‍රපටයටත් ‘ජැක්පොට්’ චිත්‍රපටයටත් ඇය රංගනයෙන් එක් වී සිටින්නීය.
හොලිවුඞ් සරාගිනිය මේගන් ෆොක්ස්
පිළිකාව පරදා රිදී තිරය ජයගත් මෙක්සිකෝ සුරූපිනිය බාබරා මෝරි
ඩයනා කුමරියට පණදෙන නයෝමි වොට්ස්
ඇමෙරිකන් රියැලිටි වැඩසටහන් හරහා ජනප්‍රිය වූ සරාගිනිය ජොඈනා කෲපා
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඉන්දියාව කැළැඹූ කැනේඩියානු සුරූපිනිය සනී ලියොන්
සෙනරත් Sunday, 01 September 2013 10:37 AM
මෙයාව දැක්කම පිස්සු හැදී නො ඉඳීද,ලෙඩක් දුකක් නැතිව දිගු කල් ජීවත්වෙන්න වාසනා වෙන්න ඕන (දී)
සාමා Sunday, 01 September 2013 01:06 PM
අනේ මෙයට වැඩිය අපේ මාලනී පොන්සේකා ලස්සනයි (දී)
අනුර Monday, 02 September 2013 06:01 PM
පිස්සු හැදෙන සඳ... සඳේ කොහෙද ලප... (නි)
රන්ජන් Monday, 02 September 2013 09:42 PM
නියමයිනේ. පිස්සු හැදෙයි. සද බැබළෙයි කිවුවලු (නි)
හේමාල් Tuesday, 03 September 2013 08:41 AM
මටනම් නිකන් පිස්සු වගේ අනේ ..... (දී)
දයා අලහකෝන් Tuesday, 03 September 2013 12:26 PM
අල වගේද, ගෝවා. (ස)
කුමාර Wednesday, 04 September 2013 08:12 AM
කාමුක හගීම්, අසහනය වපුරන ,නිල් චිත්‍රපට වල රගපාන්න පුලුවන්නම් ඒකත් මුදල් නොලැබුන රග පෑමක් විතරයි. මේ ගැන කලබල විය යුත්තේ මේ වගේම මුදලට විකිනෙන නිලියන්මය. මේ පින්තූර දක්කම මටත් මොකක් ද මොකක්ද . අයියෝ සල්ලි.(නදී)
සමනලී Wednesday, 04 September 2013 08:37 PM
ගින්දර වගේ (දී)
නිමල් Tuesday, 10 September 2013 08:37 AM
වැඩක් නැහැ දකුණු කකුලේ දනියේ ලපයක් තියනවනේ.(අ)
දුෂ්මන්ත Wednesday, 02 April 2014 12:21 PM
මට නම් එයාටත් වඩා ලස්සන කෙනෙක් අපේ කාර්යාලයේ ඉන්නවා. (නි)