X Advertisement
IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


ඉන්ධන පෝලිම් අස්සේ ජාවාරම්

“රස්සාවට ඉන්ධන ගන්න අය සිටින තුරු රස්සාවලට යන මිනිසුන්ට ඉන්ධන ගන්න ලැබෙන්නේ නෑ.” මේ ඉන්ධන පෝලිම්වලින් ඇසෙන කතාවකි. එය ඒකාන්ත සත්‍යයකි. ඇතැම් ඉන්ධන පිරවුම්හල් අයිතිකාරයෝ ද කළමනාකරුවෝ ද දැන් ජාවාරම්වල යෙදෙති. ඔවුහු ඉන්ධන සඟවති. ඊට පසු වැඩි මිලට විකුණති. එවැනි ජාවාරම්කාර ඉන්ධන පිරවුම්හල් කළමනාකරුවකු පිළිබඳව අප පුවත්පත ඊයේ වාර්තා කළේය.

ඉන්ධන තොග තිබියදී සුපර් ඩීසල් ලීටර් 5,813ක් ද පෙට්‍රල් ලීටර් 1,540ක් ද සඟවාගෙන පාරිභෝගික ජනතාවට ඉන්ධන නැතැයි අසත්‍ය ප්‍රකාශ කර තමන් සතුව තිබූ ඉන්ධන අලෙවි නොකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ චෝදනා ලබා සිටි ඉන්ධන පිරවුම්හලක කළමනාකරුවකුට එකී චෝදනාවට වරද පිළිගත් පසුව ඔහුට මාස තුනක සිරදඬුවමක් නියම කළ අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් රුද්‍රිකා ද සිල්වා හේවාවසම් මහත්මිය එම සිරදඬුවම වසර තුනකට අත්හිටවූ බව අප ප්‍රවෘත්තියෙහි සඳහන්ය. ඊට අමතරව ඉන්ධන පිරවුම්හල් හිමියාට ද මුදලින් රුපියල් දසදහසක දඩයක් නියම කර යළි මෙවැනි වැරැදි නොකරන ලෙසටත්, යළිත් එසේ වැරැදි කළ බවට අධිකරණයට වාර්තා වුවහොත් ඒ සම්බන්ධයෙන් අධිකරණය දැඩිව ක්‍රියා කරන බවටත් අතිරේක මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කළ බව ද ප්‍රවෘත්තියෙහි වැඩිදුරටත් සඳහන්ය.

රට මානව ආපදාවකට ගොදුරු වී තිබේ. තුන් වසරක් පුරා කොවිඩ් මාරක වසංගතයෙන් ද ඩොලර් අහේනියෙන් ද ජනයා අප්‍රමාණ ලෙස පීඩා විඳිති. මෙවන් ශාපලත් පරිසරයකදී අවුළුවාගත් මහා මිනිස් අනුරාගයෙන් පණ පෙවී අවදි කරගත් සාමූහික විචාර බුද්ධියෙන් යුතුව කටයුතු කළ යුතු වුව ද ඇතැමකුගෙන් එවැන්නක් මතු නොවේ. අනුරාධපුර ගුවන්තොටුපොළ පාරේ පිහිටි ඉන්ධන පිරවුම්හලේ හිමිකරුගෙන් මෙන්ම කළමනාකරුගෙන් ප්‍රකාශයට පත් වූයේ එයය. මේ එවැනි සිද්ධි වාර්තා වූ පළමු අවස්ථාව නොවේ. රට පුරාම මෙබඳු සිදුවීම් වාර්තා විය. ඉන්ධන පිරවුම්හල් අසල නන්දිකඩාල් පන්නයේ සටන් ඇවිළී යාමට මෙයත් එක් හේතුවකි.

ඇතැමෙක් තමන්ගේ සුපුරුදු රාජකාරියට නොයා ඉන්ධන එකතු කිරීම කරති. ඇතැම් ත්‍රිරෝද රථ රියැදුරෝ මෙහි පෙරමුණේම සිටිති. වාහනයට ගසා ගන්නා ඉන්ධන පිටතට ගෙන බෝතල්වලට පුරවා එක් බෝතලයක් රුපියල් තුන් හාර දහසට විකුණති. එබඳු දවසේ ආදායමක් විසි හතර පැය පුරා ‘හයර්’ දිව්ව ද ඔවුන්ට උපයාගත නොහැකි බව ඔවුහු දනිති. “මිල කීය වුවත් ඉන්ධන ලාභයි” යැයි සිතන්නෝ ද ඒවා මිලදී ගනිති. සමාජ ආපදාවක් ගසාකන්නන්ගේ ජාවාරම්කාරයන්ගේ ග්‍රහණයට හසු වී තිබෙන්නේ එසේය.

මෙයට පෙර ද අවධාරණය කර ඇති පරිදි මෙම ඉන්ධන අර්බුදය නිසා පාසල් අධ්‍යාපනය කඩා වැටී තිබේ. එහි වන්දිය ගෙවීමට සිදුවන්නේ මුළු මහත් ජාතියටමය. රජයේ කාර්යාලවලට නිලධාරීන් කැඳවීම සීමා කිරීම තවත් මසකින් දීර්ඝ කරමින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයා නව චක්‍රලේඛයක් නිකුත් කර ඇති බව අප පුවත්පත වාර්තා කළේය. මෙම තත්ත්වය අප රටේ ආර්ථිකයට ඇති කරන බරපතළ බලපෑම සුළුපටු නොවේ. ඉන්ධන සමග නිර්මාණය වන ජාවාරම් සම්බන්ධයෙන් ද අවධානය යොමු කළ යුතුය. මන්දයත් වැඩි මිලට ඉන්ධන විකුණා උපයා සපයා ගන්නා මහා ධන නිධානය වියදම් කිරීමට රටක් ඉතිරි නොවනු ඇති හෙයිනි.

“නොදන්නාකම විනාශයන් නොවළක්වන බව” ඒකාන්ත සත්‍යයකි. අපට දැන් කොවිඩ් මාරක වසංගතය මතක නැත. ඉන්ධන පෝලිම්වල සිටින බොහෝ දෙනකු ළඟ මුව ආවරණ නැත. මීටරේ පරතරය තබා සෙන්ටි මීටරයක පරතරයක් ද නැත. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරන්නේ ඉදිරියේදී මතු විය හැකි කොවිඩ් අවදානමෙන් මිදීම සඳහා මුව ආවරණ පැළඳීම අනිවාර්ය කරන්නැයි සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවය. මේ වන විට කොවිඩ් ආසාදිතයන් හමු වීම සියයට 10කින් පමණ වැඩි වී ඇති බවත්, තත්ත්වය පාලනය නොකළහොත් සැප්තැම්බරය වන විට යළිත් කොවිඩ් රැල්ලක් මතු විය හැකි බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවයි.

මෙම අනතුරු ඇඟවීම් නොතකා කටයුතු කළහොත් ජීවිතවලින් වන්දි ගෙවීමට සිදුවන්නේ තම තමන්ටමය. එහෙයින් ජාවාරම් සඳහා ඉන්ධන එකතු කරන්නන් කාරුණිකව එම ජාවාරම්වලින් ඉවත් වුවහොත් ඉන්ධන පෝලිම් ඉතා අඩුවනු ඇත. මෙයට පෙරත් අවධාරණය කළ පරිදි ඉන්ධන සුලභ කිරීම මෙම ප්‍රශ්නයට ඇති නොවරදින පිළියම වේ. එහෙයින් සියලු කටයුතු පසෙකලා එයට මුල් තැන දීම බලධාරීන්ගේ වගකීමය.

(***)



අදහස් (3)

ඉන්ධන පෝලිම් අස්සේ ජාවාරම්

Nihal Padmasiri Wednesday, 27 July 2022 09:28 PM

මේ ඉන්ධන ජාවාරම් කරන අය තමයි පෝලිම් වල මුලට ඉන්නේ. එකම සෙට් එකක් පෝලිමේ මුලට ඉඳගෙන මේ ජාවාරම කරනවා. සමහර පොලිස් නිලධාරීනුත් හවුල්. QR එකෙන් මේ තත්ත්වය නැතිවෙයි කියලා මම සිතනවා.

:       0       0

Santhu Thursday, 28 July 2022 10:04 AM

තල්මසෙක් මැරූ වරදට, දඞුවම ලෙස හාල් මැස්සෙක් ගෙවීම...!

:       0       0

wicky Friday, 29 July 2022 05:31 PM

පෑලියගොඩ ශෙඩ් එක, ගමේ කට්ටිය ගහනවා..., බනිනවා, ආපහු එනවා. අපරාදෙ ගමේ කට්ටියට ඩොලර්වලට නැවක්ම ගෙන්නලා දුන්නා නම් හරි. ඒත් මදිවේවි. හුණුපිටිය පාරේ දලුගම ශෙඩ් එක, පොර සල්ලි ගෙවලා ගේන්නේ, (ඩොලර් වෙන්න ඕනෑ...) පොලිසියට කියලා වැඩක් නැහැ... අපි ඉද්දී... පොලිසිය වාහන ගෙනැල්ලා ගහනවා. පෝලිමේ හිටිය කාර් සහ ට්‍රක් 85යි, බයික් 200යි ගැහැව්වේ. හැබැයි එතැන රජයේ ලිමිට් එකට ගැහැව්වේ නැහැ. තෙල් ලොකු ප්‍රමාණයක් හැංගුවේ නැ. නමුත් සේවකයෝ ගාන කඩනවා... හැබැයි අනිවාර්යයෙන් තෙල් ඉතුරු කරගත්තා. මොකද පොලිසිය කෙලින්ම ගියා යන්න... කිසිම කතාවක් නැහැ.

:       2       1

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site