X Advertisement
IMG-LOGO

2025 මැයි මස 28 වන බදාදා


ඉහළම නීතිඥයකුගෙන් භයානක හෙළිදරව්වක්

සභාග රජයේ ප‍්‍රධාන පාර්ශවයන් ද්විත්වය වන ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය පසුගිය සතිය ගෙවා දැමූයේ අලූතින්ම මතුව තිබූ ගැටළු මධ්‍යයේය. 

දෙපාර්ශවය අතර කලක සිට පවතින අර්බුදය නව මානයක් කරා ගොස් තිබූ අතර, මෙවර නැගී තිබූ චෝදනාව වූයේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රතිපත්ති සියල්ලම අමතක කර දමා එක්සත් ජාතික පක්ෂය ඔවුන්ගේ ප‍්‍රතිපත්ති පමණක් කි‍්‍රයාත්මක කරමින් සිටින බවය. පසුගිය බ‍්‍රහස්පතින්දා රැුයේ කොටුව ජනපති මන්දිරයේ දී පැවැති ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ උණුසුම් මාතෘකාව වූයේ මෙයයි. 

එම රැුස්වීම මුලසුන හෙබවූයේ ජනපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාය. ධීවර අමාත්‍ය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුත් ඉහළ කමිටුවක් ගෙවුනු වසර 3 ක කාලයේ දෙපාර්ශවය අතර සම්බන්ධතාවය අධ්‍යනය කිරීම සදහා පත්කිරීමට මෙහි දී තීරණය විය. සභාග රජයක් ලෙස කටයුතු කිරීමට අවබෝධතා ගිවිසුම අත්සන් තැබුණු දිනයේ සිට මේ දක්වා ගෙවී තිබෙන කාලයේ පක්ෂයක් ලෙස අත්පත් කරගෙන තිබෙන ජයග‍්‍රහණයන් හදුනාගැනීමත්, අනෙක් පසින් තමන්ගේ ප‍්‍රතිපත්ති පසෙක තබා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාරව කටයුතු කිරීමට එක්සත් ජාතික පක්ෂය කොපමණ දුරකට කටයුතු කර ඇතිදැයි යන්නත්, සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම මෙම කමිටුවේ වගකීම වනු ඇත. 

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පැවසූ ආකාරයට සභාග රජයේ පැවැත්ම දැඩිව සාකච්ඡුාවට ගැනෙනු ඇත. කරුණු 3ක් වටා මෙම කටයුතු සිදුවනු ඇති බව පැවසූ ඔහුට අනුව එම කරුණු 3 වන්නේ,

1. ඇතැම් කාරණා සම්බන්ධයෙන් එක්ව කටයුතු කළ යුතු වන ආකාරය පිළිබදව එක`ගතාවයකට පැමිණීමට දෙපාර්ශවයට සිදුවනු ඇත
2. සැළසුම් සාකච්ඡුාවට ගත යුතුව ඇත
3. සහයෝගීතාවය පවත්වාගැනීමේ ක‍්‍රමවේදයන් සංවර්ධනය කළ යුතුව ඇත

මෙසේ කටයුතු කිරීමේ අරමුණ වන්නේ සහපැවැත්ම නම්, අතීතය විමසා බලන විමර්ශනයකින් නැවත ගොඩට ගැනෙනු ඇති දෙපාර්ශවය අතර පැවැති ගැටලූ හමුවේ, ඉදිරියට යාම තවත් දුෂ්කර වනු ඇත. 

ජනපතිවරණයක් ළග ළගම එමින් තිබෙන අවස්ථාවක එකදු පාර්ශවයක් හෝ පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට එකගතාවයක් ඇති කරගැනීමට කැමැත්ත දක්වනු ඇතැයි කිසිසේත්ම සිතිය නොහැකිය. පැවැත්මක් ඇති එකගතාවයක් ඇතිකර ගැනීමට නම් එම කාරණය සම්බන්ධයෙන් දෙපාර්ශවයේ යම් එක`ගත්වයක් පැවැතීමට අවශ්‍යය. නමුත් දැනටමත් ජනපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මෙන්ම එක්සත් ජාතික පක්ෂ නායක අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාද, ඔවුනොවුන්ගේ පක්ෂවල ජනපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන්නේ තමන් බව පැහැදිලි ලෙසම ප‍්‍රකාශ කර තිබේ.

මෙම තත්ත්වය හමුවේ එක් අයෙකු, අනෙකා වෙත, ජනපති අපේක්ෂකත්වය ලබාදීමක් බලාපොරොත්තුවීමට තිබෙන හැකියාව ඉතාම අල්පය. නොඑසේනම් එවැන්නක් කිසිසේත්ම සිදුනොවනු ඇත. 

විවිධ ගැටලූ අරභයා දෙදෙනා අතර දිනෙන් දිනම වර්ධනය වෙමින් තිබෙන අවිශ්වාසය හමුවේ දෙදෙන තව තවත් එකිනෙකාගෙන් දුරස් වෙමින් සිටින බව ද මෙහි දී සිහියේ තබාගත යුතුය.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සිදුකිරීමට යන මෙම කාර්යසාධන විමසුමට තවත් වැදගත් බවක් ආරූඪ වන්නේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ලබන නොවැම්බර් මස 5 වැනිදා ඔහුගේ දෙවැනි අයවැය පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින නිසාය. 

පක්ෂ නායකයන් හා කතානායක කරූ ජයසූරිය මහතා අතර පැවැති සාකච්ඡුාවකදී, දෙසැම්බර් 8 වැනිදා අවසන් මනාප විමසුම පවත්වා අයවැය විවාදය අවසන් කිරීමට තීරණය විය. මෙම වාතාවරණය යටතේ විමසුම් කමිටුවක් පත්කිරීමට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරකසභාව ගත් තීරණය, අයවැය යෝජනා ඉදිරිපත් කරන විට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සංවේදී වන කාරණා සම්බන්ධයෙන්ද දැඩි අවධානය යොමු කරන ලෙසට, එක්සත් ජාතික පක්ෂයට ලබාදෙන්නේ ප‍්‍රබල පණිවුඩයකි.

දිවයිනේ ඡුන්ද කොට්ඨාස සියයට 90 ක් පමණ ආවරණය වන පරිදි මේ වන විට පක්ෂයේ බලමණ්ඩල පිහිටුවා අවසන් බව රැුස්වීමේ දී ජනපතිවරයාට දැනුම්දෙනු ලැබිණ. සම්පූර්ණ කිරීමට ඉතිරිව ඇත්තේ තවත් සුලූ ප‍්‍රමාණයකි.

”මම මේ බල මණ්ඩලවල කි‍්‍රයාකාරීත්වය ගැන දන්නවා. මොකද මමත් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයෙක් ලෙස හිටියා” යයි ජනපති සිරිසේන මහතා පැවසුවේය.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ බලමණ්ඩල 120 ක් පවතින බව ඔහු කීවේය. දැනට බල මණ්ඩල පිහිටුවා නොමැති ප‍්‍රදේශ අතර, කුරුණෑගල (අනුර පි‍්‍රයදර්ශන යාපා සහ ටී.බී.ඒකනායක*, කඩුවෙල (සුසිල් පේ‍්‍රමජයන්ත*, හක්මන (ලක්ෂ්මන් යාපා අබේවර්ධන*, සහ රත්නපුර (ජෝන් සෙනෙවිරත්න* විය. ඔවුහු සියලූදෙන ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයෙන් වෙන්ව විපක්ෂයේ අසුන්ගත් 16 දෙනාගේ කණ්ඩායමේ සාමාජිකයෝ වෙති. 

සිකුරාදා අනුරාධපුරයේ සිටි ජනපති සිරිසේන මහතා එදින සන්ධ්‍යාවේ නැවත කොළඹට පැමිණ පක්ෂයේ බල මණ්ඩල 9ක් සදහා නව පත්වීම් ලිපි පිරිනැමීම කළේ ය. මෙය පක්ෂයේ කැරලිකාර කණ්ඩායමට එල්ල වූ දැඩි පහරක් විය. 

පසුගිය බ‍්‍රහස්පතින්දා නැකැත් දිනයක් වූ බැවින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සිටියේ විවාහ මංගලෝස්වයන් කිහිපයකම සාක්ෂිකරුවා ලෙස සහභාගීවීමට තිබූ නිසාවෙන් කාර්යබහුලවය. පළමුවැන්න මැදමුලනේ ඔහුගේ ඥාතියෙකුගේ විවාහ උත්සවයක් විය. රජයේ පාලනය අතට ගන්නට සැරසෙන්නේදැයි ඔහුගෙන් විමසනු ලැබිණ.

තවත් විවාහ උත්සවයක දී හිටපු ජනපතිවරයාගෙන් විමසනු ලැබුනේ අගමැතිවරයා ලෙස වැඩභාර ගැනීමට කටයුතු කරන්නේ කවදාද? යන්නය. පසුව කොළඹ විජේරාම පාරේ ඔහුගේ නිල නිවසේ සිට අදහස් දක්වමින් රාජපක්ෂ මහතා හිටපු අමාත්‍ය සහ කැරලිකාර කණ්ඩායමේ සාමාජිකයෙක් වන එස්.බී.දිසානායක මහතාට චෝදනා කළේය. 

”බොරු ප‍්‍රචාර ගෙනයමින් සිටිනවා” යැයි ඔහු කීවේ ය.

”අනෙක් අය වගේම එස්.බීත් මම එක්ක හැමවෙලාවකම වගේ අදහස් හුවමාරු කරගන්නවා. කියන ගොඩක් දේවල්වල කිසිම තේරුමක් නැහැ. ඒ නිසාම මම එයා කියන දේවල් එක්ක එක`ගවෙලාවත්, පොරොන්දු දීලවත් නැහැ” යයි ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණේ හිතවතුන් කිහිපදෙනෙකු හමුවේ හිටපු ජනපතිවරයා පැවසුවේය. 

රාජපක්ෂ මහතා මෙසේ අදහස් දක්වා තිබෙන්නේ හේතුවක් නොමැතිව බව කියා සිටීමට නොහැක්කේ ඔහු දිසානායකව ප‍්‍රසිද්ධියේම විවේචනය කිරීම නිසාවෙන්ය. හිටපු ජනපතිවරයා මෙසේ කටයුතු කරමින් සිටින්නේ, දිසානායක මහතා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ තමන් එකතු කිරීමේ වෑයමක නිරතව සිටින්නේයැයි දැඩිව මුල්බැස තිබෙන මතයක් පවතින වාතාවරණයකය.

දැන් ජනපති සිරිසේන මහතා මෙන්ම මහින්ද රාජපක්ෂ මහතාද, 16 දෙනාගේ කණ්ඩායමට ප‍්‍රහාර එල්ල කර ඇත. ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණේ නායකයින් බොහෝ දෙනෙකුගේ ප‍්‍රසාදයද ඔවුන් වෙත හිමි නැත. ජනපතිවරයා සහ හිටපු ජනපතිවරයා අතර සමගි සන්ධානය ද මෙයත් සමග වැළලී ගොස්ය. නැතහොත් එවැන්නක් ඇති කිරීමට ගැනුනු අසාර්ථක උත්සාහයන් ගණනාවකින් පසුව අනුගමනය කෙරෙන නවතම උපාය වන්නේ මෙය ද?

රටේ දේශපාලන ක්ෂේත‍්‍රය පිළිබද දැනුම්වත් ආරංචි මාර්ගයක් පවසන ආකාරයට ජනපති සිරිසේන හා අගමැති වික‍්‍රමසිංහ අතර සම්බන්ධතාවයද පසුගිය සති කිහිපයේ දී ඉතා දැඩිව දෙදරුම් කා තිබේ. පසුගිය අගහරුවාදා පැවැති කැබිනට් රැුස්වීමේ දී අතිශය කණගාටුවෙන් අදහස් දක්වා ඇති ජනපතිවරයා පවසා ඇත්තේ ජීවන වියදම දැනෙන ලෙසටම ඉහළ ගොස් තිබෙන නිසා ජනතාව ඒ පිළිබද පැමිණිලි කරමින් සිටින බවය.

තවත් අවස්ථාවක දී දැනට පැවැත්වෙමින තිබෙන ප‍්‍රමුඛ පෙලේ විමර්ශනයකට අදාළව රටේ ඉහළම තලයේ සිටින නීතිඥයෙක් භයානක හෙළිදරව්වක් කළේය. එනම් අදාළ විමර්ශනයට තුඩු දී තිබෙන කටයුතුවලට හවුල්වී ඇතැයි හදුනාගෙන සිටින එක්තරා පුද්ගලයකුගෙන්, (අති විශේෂ පුද්ගලයකු ඇතුළුව* තවත් පුද්ගලයින් දෙදෙනෙකුට ඔහු අතිවිශාල මුදලක් ලබාදුන් බවට දිව්රුම් ප‍්‍රකාශයක් ලබාගැනීමට උත්සාහ කර තිබෙන බවයි. 

නීතිඥවරයාගේ ඉල්ලීම ප‍්‍රතික්ෂේප කර තිබෙන මෙම පුද්ගලයා එයට හේතුව ලෙස දක්වා තිබෙන්නේ එසේ කළහොත් අදාළ පුද්ගලයින් තිදෙනාගෙන් එක් අයකුට එය දේශපාලනික වශයෙන් ඛේදවාචකයක් වනු ඇති බව පෙන්වා දෙමිනි. අතිශය සංවේදී යැයි මෙම විමර්ශනය හදුන්වාදුන් එම තැනැත්තා වැඩිදුර තොරතුරු දීම ප‍්‍රතික්ෂේප කළේ ය.

(පරිවර්තනය කෝවිද ගුණසේකර)

 



අදහස් (4)

ඉහළම නීතිඥයකුගෙන් භයානක හෙළිදරව්වක්

maheshika Monday, 24 September 2018 08:07 AM

ජනාධිපති පුටුවට එන්න නටපු පිස්සුව නොවෙන්න අප මේ වනවිටත් සැහෙන ඉදිරියෙන්.

:       7       53

suranga Friday, 28 September 2018 09:53 AM

මෙවැනි දක්ෂ තරුණයින්ට දුම්රිය රියදුරු පුහුණුව ලබාදී රියදුරු හා කාර්මික සංචිතයක් ඇති කර අවශ්‍යවිට ලක්ෂ 2ක පමණ වැටුපක් දී සේවය ලබාගැනීම කරන්න ඕනෑ. මේ අය දුම්රිය සේවයට බඳවාගන්න හොඳ නෑ.. එතකොට මේ ළමයි ටික වෘත්තිය සමිති කාරයෝ විනාශ කරනවා.

:       5       8

චමිල Sunday, 30 September 2018 08:44 AM

මේ අයගේ තියෙන ප්‍රතිපත්ති මොනවද, හැම පක්ෂ එකම බලය ගන්න හදන්නේ තමුන්ගේ බඩ වඩා ගන්න,

:       1       14

athula Monday, 01 October 2018 11:45 AM

මේ යක්කු මේ මොනවද කතා කරන්නේ? අද රටේ දූෂණය අල්ලනවා කියපු කඹ හොරු තාජුදීන් මරපු අය එක්නැලිගොඩ මරපු අය කෝ ඇල්ලුවද? එම මරණයන් විකුණා බලයට ආ අය ආරක්ෂා කරමින් කරන දේ අපිට පෙනෙනවා. දෙන්නම එකයි. අද ඒ අය එළියේ ඉඳගෙන ඒවා සොයපු අය දඩයම් කරන්න මන බලනවා. කෝ හොරු ඇල්ලුවද කියා රටම විකුණපු අය කෝචක් කරනවා. කෝ බැසිල් අද කොහොමද මෙහෙම එළියේ ඉන්නේ? එයාර් පොර්ට් වැහුවද?

:       0       56

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site