X Advertisement
IMG-LOGO

2025 මැයි මස 17 වන සෙනසුරාදා


උඩවලවේ වන පෙතේ දවසක්

ඇත් රැලක්. අම්මා තම සුරතල් ඇත්පැටවා හංඟාගෙන ඉන්නා අන්දම

 

මුවන් - ගෝණුන් - මී හරකුන් නිදැල්ලේ හැසිරෙමින් - සැරිසරමින් - සතුටු වන්නා වූ තැනක්...!
මා සිතට වද දෙන්නා වූ වදන් නො  - ඇසෙනා තැනක්...!
මගේ මනසේ සතුට දෝර ගලායන එමෙන්ම උනන්දුව
ඇති කරන්නා වූ තැනක්...!
වැහිබර නොවන දීප්තිමත් දිනයක් !
එමෙන්ම, නිදහස් සුවය විඳින්නට හැකියාව ඇති
නිවහනක් පරිසරයක් මා හට ලබාදෙන්න...
මෙයට වසර 50කට පමණ පෙර, කොළඹ නාලන්දාවේදී ඉගෙනගත් ඉංග‍්‍රීසි කවියක කෙටි අදහසකි ඉහතින් මා දැක්වූයේ. එම කවිය මෙසේය. මේ කවිය මා හිතට ආවේ උඩවලව ජාතික වනෝද්‍යානයට පිවිසුණු විටදීය.

Give me a home,
Where the Buffaloes roam,
The Deer and the Antelopes play,
Where never is heard,
A discouraging word,
And the sky are not cloudy all day !


‘‘අලි බැලිල්ලත්, බලි බැලිල්ලත් එපා නොවේ’’ යැයි කියමනක් මම අසා ඇත්තෙමි. අලි බැලිල්ල කෙසේ වෙතත්, ‘‘බලි’’ බැලිල්ල නම් මා දැක නොමැත.
අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහි දෝෂාභියෝග විවාදයේ තීරණාත්මක දිනය නිසා, එදින මුළු කොළඹම ගිනියම් වී, රත් වී, උණුසුම් වී තිබුණ අතර, ශ්‍රී ලංකාවේ පන්දු යවන්නන්ට මෙල්බර්න්හිදී  ඕස්ටේ‍්‍රලියානු පිතිකරුවන් දිගට හරහට බැට දුන්න දවසකි එය. දිනය - 2013 ජනවාරි 11 වැනිදාය. දේශපාලනයෙන් හා ක‍්‍රිකට් ක‍්‍රීඩාවෙන් මිදී, උඩවලව ජාතික වනෝද්‍යානයේ සිවුපාවුන්, පක්ෂීන් හා උරගුන් සමඟ එම නිහඬ, සොඳුරු, සුන්දර ජාතික පරිසරයේ පහස ලබමින් එදවස මම ගත කෙරුවෙමි.
මගේ මතකය නිවැරදි නම්, ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහි දෝෂාභියෝගය ආණ්ඩුව එදා ජයගත්තේ වැඩි ඡන්ද 105 කින්ය. ශ්‍රී ලංකාව -  ඕස්ටේ‍්‍රලියාව අතින් පරාජයට පත්වූයේ වැඩි ලකුණු 106 කින්ය.

ශ්‍රී ලංකාවේදී යාල, විල්පත්තු මෙන්ම, බොට්ස්වානාහි ජාතික වනෝද්‍යානයේදීත්, දකුණු අප‍්‍රිකාවේ කෲගර් පාක් (Kruger Park)  සහ සන් සිටි හා පිලෙනේස්බර්ග් පාක් හිදීත්(Sun City - Pillenesburg Park)  අලි ඇතුන් මම දැක අත්තෙමි. ඔදවත්, තෙදවත්, ප‍්‍රතාපවත් බැවින් ‘‘අපේ අලින්ට’’ ‘‘ගහන්නටවත්’’, ‘‘අලගු තියන්නටවත්’’, දකුණු අප‍්‍රිකාවේ අලි ඇතුන්ට හැකිදැයි, මට නම් සැක සහිතය. දකුණු අප‍්‍රිකාණු ඇත්තු, අපේ ඇතුන්ට වඩා උසින් වැඩිය. එහෙත්, අපේ ශ්‍රී ලාංකික ඇතුන් ඔදවත්ය, තෙදවත්ය, අපූරු මනස්කාන්ත ප්‍රෞඩ ලක්ෂණ ඔවුනට ඇත.

අලියා පිළිබඳ වතගොත.
ගොඩබිම වසන සතුන් අතරින් විශාලම සතා අලියා ය. සත්ව විද්‍යාවේ දක්වන ක්ෂීරපායි(Mammal) සත්වයන් අතර, ‘‘ප‍්‍රබෝසීඩියා’’ Proboscidea  වර්ගයට අයත් සත්ව කොටසට අලියා ඇතුළත් වේ. ඔහු ඉතාමත් ආදරයෙන් ආරක්ෂා කරන වස්තුව හොඬවැලයි. ඉදිරියට නෙරා ඇති දළ ඔහු සතු තවත් අගනා වටිනා වස්තුවකි. හොඩවැල උපයෝගී කරගන්නේ කෑමට හා බීමටය. අලියකුගේ සාමාන්‍ය බර ප‍්‍රමාණය ටොන් අටක්, කිලෝ 7000ක් පමණය. පැයට කිලෝ මීටර් 40ක වේගයකින් දුවන්නට ද හැකියාව ඇත. අලියාගේ කන් පෙත්තක් සෙන්ටිමීටර් 100ක් පමණ වේ. ඔහුගේ ආයු කාලය අවුරුදු 60 - 70 අතර යයි විශ්වාස කෙරේ. මිහිතලයේ වෙසෙන ඉතාමත් චමත්කාර, දුටු පමණින්ම ආදරය දිනාගන්නා, ‘‘අලියා’’ සත්ව ලෝකයේ ප‍්‍රතාපවත් රජෙක් වැන්න. (දුටුගැමුණු - එළාර යුද්ධයේදී, දුටුගැමුණු රජුගේ ජයග‍්‍රහණයට කඩොල් ඇතා ප‍්‍රධාන වශයෙන් බලපෑවේය)
බුද්ධාගමට - සංස්කෘතියට සම්බන්ධයි.

 

 රැලෙන් මිදී අතරමං වෙලා උඩවලව ජලාශය අසල සිටින අන්දම

අලියා අප හදවතට ඉතාමත් කිට්ටුය. එයට ප‍්‍රධාන හේතුවක් විය හැක්කේ බුදුදහමට හා අපගේ සංස්කෘතිය පෝෂණය කරන්නට ඇත් රජුන්ගෙන් ලැබුණු දායකත්වයයි. අප තථාගත බුදුරජාණන් වහන්සේගේ චරිත කතාවලට, ඇත් පැටියා සම්බන්ධය. මහාමායා දේවීන් වහන්සේ කුස තුළ සිදුහත් කුමරු පිළිසිඳගන්නා විටදී ඇය සිහිනෙන් දුටුවේ සුදු නෙළුම් මලක් හොඬවැලේ රුවාගෙන ඇත් පැටියෙක්, මහාමායා දේවියගේ කුස තුළට පිවිසි බවයි. අපගේ බෞද්ධ සාහිත්‍යයේ සඳහන් සුප‍්‍රසිද්ධ ඇතුන් අතර පාරිලෙයිය හා නාලාගිරි ඇතුන්ටද විශේෂ තැනක් හිමි වී ඇත. පන්සිය පනස් ජාතක පොත් වහන්සේගේ ජාතක කථා අතර ඇතාට සම්බන්ධ කතා පුවත් රැසක් හමුවේ. දුම්මේද ජාතකය.
පුණ්‍යවන්ත සතා.
මෙම වාසනාවන්ත පුණ්‍යවන්ත සතා බුදුන් වහන්සේගේ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඩම කිරීමේදී දක්වන දායකත්වය, හේ සංසාරයේ කරන ලද පින් බලයක හේතුවෙන් ලබාගත් භාග්‍යයක් වන්නට ඇතැයි මට සිතේ. ශ්‍රී ලංකා මහා සංස්කෘතික සංදර්ශනයට, මහනුවර ඇසළ පෙරහරේ ශ්‍රී දළදා දන්ත ධාතූන් වහන්සේ අපගේ ජීවමාන බුදුන් කරපිට තබාගෙන යන්නා වූ අති තේජස් ගමන් විලාශය අපට අමතක නොවේ. ‘‘ගජබා වන්නම’’ මට සිහිපත් විණ.

 ඕස්ටේ‍්‍රලියා රජයේ සුප‍්‍රසිද්ධ ආයතනයන්හි ගණකාධිකාරි හා මුල්‍ය කටයුතු පිළිබඳ ඉහළ තනතුරු ලාභීන් ලෙස කටයුතු කරන අපගේ පුතු භාග්‍ය ත්, ඔහුගේ බිරිඳ සුමිදි ත්, හත් හැවිරිදි විරාත් පුතු ත්, සුමිදිගේ පියාණන් වන අබේපාල වික‍්‍රමසිංහ ත්, ඔවුන්ගේ කිට්ටු හිතවතියක් වූ  ඕලන්දයෙන් පැමිණි මානව විද්‍යාඥවරියක් වූ යෝකර් මහත්මිය ත්, මාගේ බිරින්ඳෑ වන ස්වර්ණා ත්, අප නිවසේ ධර්මවතී ත් උඩවලව චාරිකාවට සහභාගි වුණු ‘‘නඩයට’’ ඇතුළත් වූහ.
නඬේ ගුරු.
අපගේ වාහනය පැදවූ ප‍්‍රියන්ත කුමාර, මෙම වනපෙත පිළිබඳ හසල අත්දැකීම් ලද්දෙකි. සෆාරි විවෘති වාහනයක් කුලියට ගෙන, අපි ගමන ඇරඹුවෙමු. උඩවලව ජාතික වනෝද්‍යානයේ සංචාරකයන් බාර නිලධාරි කපිල පුෂ්ප කුමාර අනගි සහයෝගයක් ලබාදෙමින්, පළපුරුදු මාර්ගෝපදේශකයෙක් වන කපිල පුෂ්ප කුමාර ගේ සේවය අපට ලබා දුන්නේය. මෙම උඩවලව ජාතික වනෝද්‍යානයේ මාර්ගෝපදේශකයෝ (Guides) තිස් දෙනෙක් පමණ, සේවය කරති.
රමණීය පරිසරය.

එදා ඉතා ප‍්‍රසන්න සුවදායි දවසකි. ඈතින් දිස්වන ශ්‍රීපාද, බලන්ගොඩ, සූරියකන්ද හා හපුතලේ කඳු වළල්ල මිහිදුමෙන් වැසී ඇත. ඈත අඳුරු අහස් කුස තුළින් හිරු, එළියට එන්නට උත්සාහ දරයි. අතරින් පතර කඳු වළල්ලට හිරු රැස් සෙමින් සෙමින් ගලා ඒ. එය අපූරු සිතුවමක් වැන්න.

අපගේ විවෘත ජීප් රිය වනපෙතට ඇදී යයි. මඩ ගොහොරු වලින් පිරුණු, පාර දීගේ අපි හෙමින් සීරුවේ ගමන් කරමින් ගෝණාවිද්දගලට පැමිණියෙමු. අලි රංචුවක් අපගේ මග හරස් කරගෙන අප දෙස බලා සිටිති. සුමුදි, භාග්‍ය, අබේ, යෝකර් මේ දසුන් තම කැමරා කාච වල සටහන් කර ගනී. අපගේ වාහනයේ ශබ්දය හැර මුළු වනපෙතම නිහැඬියාවෙන් රජ කරයි. ඉඳහිට සතුන්ගේ හඬ අහස් කුසට මුසුවේ. මගේ මතකයට ආවේ වන්නියේ මහා කවියාගේ ‘‘වලස් දඩයමේ’’ එන ‘‘මෙහි ඇති හැම හඬට මගෙ හදවත ගැස්සේ’’ යන කවි පදයයි. වන පෙත ලස්සනය. එහි අගය දෙගුණ තෙුගුණ වූයේ, පක්ෂීන්, මොනරුන්, ගෝණුන්, මුවන් දකිනවිටය.

උඩවලවේ ජාතික වනෝද්‍යානයට අරක්ගත් ප‍්‍රධාන සතා අලියාය. පාර අයිනේ තේජාන්විත අන්දමින් කොළ බුදිමින්, පිඹිමින්, ආඩම්බරයෙන් හොඬවැලින් මඩ නාගන්නා අලියෙක් අප අසලම සිටී. වෙහෙරගොල්ල, තිඹිරියමංකඩ, සේනුන්ගල, පොකුණැත්තෑව ආදී ස්ථාන අපි පසු කෙරුවෙමු.

 

උඩවලව ජාතික වනෝද්‍යානය අප සතු ජාතික වස්තුවකි. ඉතා අගනා ගස් කොළන් අතර සැටින්  (Chloraxylan) ,  හල්මිල්ල (Berrya Cordifolia),  එබනි(Diospyros Ebenum), ඇහැල (Cassia Fistula),  කොලොන් (Adina Cordifolia), මිල්ල (Vitex Pinnata), කෝන්  (Schleichera),  කුණුබෙල්ල (Diospyrosovalifolia), ඉලූක් (Imperata Cylindrica), පොහොන් (Pennissetum Olystachayon), Mandorang (Hope Corditolia), Kumbuk (Near Riven) are in plenty. 

සංචාරකයන් සඳහා කඳවුරු(Camps) ස්ථානයන් දක්නට ලැබේ. ඒවා දක්නට ලැබෙන්නේ අලිමංකඩ, පිලිමද්දතර, ෆ‍්‍රන්ස්දාන, රෙනෙගල ආදි ස්ථානවලය.
ඔබ අලින්ට ආදරය කරන්නේ නම්, පරිසරය හා ස්වාභාවික සෞන්දර්යය අගය කරන රසිකයෙක් හා රසවතෙක් නම්, උඩවලවේ ජාතික වනෝද්‍යානය ඔබ නැරඹිය යුතුය.
සතා සිවුපාවුන්ට නිදහස් සුවය විඳින්න ඉඩ දෙන්න.

මෙම අගනා ජාතික සම්පතේ වෙසෙන කිසිදු සතා සිවුපාවකුට, පක්ෂි වර්ගයාට, ගස්වැල්වලට කිසිදු හානියක් නොකරන්න. විනෝද චාරිකාවේ යෙදෙන්නන්  ඕඩියෝ කැසට් හා ගුවන්විදුලි ඇසීමෙන් වැලකී සිටින්න. අලි ඇතුන්ට හා වෙනත් සතුනට ආහාර වර්ග දමන්න එපා. අපගේ වටිනාම ස්වභාවික සම්පත ආරක්ෂා කරන්නට දායක වන්න.
උඩවලව වනෝද්‍යානය පිහිටා ඇත්තේ රත්නපුර - සබරගමුව ප‍්‍රදේශයේ හා මොනරාගල ඌව ප‍්‍රදේශයේය. නැගෙනහිරින් මව් ආර ද්‍රෝණිය(Mauara Basin) පිහිටා ඇත. වලවේ නදියේ බස්නාහිර දෙසින් රත්නපුර දිස්ත‍්‍රික්කයත්, නැගෙනහිරින් මොනරාගල දිස්ත‍්‍රික්කයත් දක්නට ලැබේ. හෙක්ටාර් 3405ක් වසා පැතිරෙන අති රමණීය වලවේ මහා ජලාශය නිසා උඩවලවේ ප‍්‍රදේශයේ අගය තවත් වැඩි වේ. වෙහෙරමංකඩ හා වෙහෙරගොල්ල ස්ථානයන් හි පැරණි නටබුන් ද අපි දුටුවෙමු.

කොළඹ සිට පැමිණෙන සංචාරකයන්ට රත්නපුර - පැල්මඩුල්ල ඇඹිලිපිටිය පාර ඔස්සේ ගොස් තිඹොල්කැටිය - උඩවලව හන්දියෙන් වමට හැරී තණමල්විලට ගොස් උඩවලවේ වනෝද්‍යානයට පිවිසිය හැකිය.

මෙම ජාතික වනෝද්‍යානය සුරැකීම සඳහා කැපවී සිටින වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට, මෙකී අභයභූමිවල සේවය කරන මාර්ගෝපදේශකයන්ට, එකී ස්ථානභාර නිලධාරීන්ට, තුති මල් මිටක් පිදිය යුතුය.

උඩවලව ජාතික වනෝද්‍යානය තුළ දිනයක් ගතකිරීම ඔබගේ ජීවිතයේ අමතක නොවන අත්දැකීමක් වනවා නොඅනුමානය.

 

මොනරෙක් පිල් විදහාගෙන

 

සටහන - පේ‍්‍රමසර ඈපාසිංහ / ඡායාරූප - සුමුදි සහ භාග්‍ය ඈපාසිංහගෙනි

 

 



අදහස් (0)

උඩවලවේ වන පෙතේ දවසක්

සමන් Tuesday, 12 February 2013 05:23 PM

ළමයින්ට වැදගත් ලිපියක් (දී)

:       0       0

චරිත Wednesday, 13 February 2013 05:40 AM

පරිසරය, සතා සිවිපාවා ලෝකයේ පැවැත්මට ඉතා වැදගත් සාදකයක් බව බොහෝ දෙනෙකුට අමතක වන අවදියක මේ ලිපිය ආයෙත් ඒ බව පසක් කරාවි.(නදී)

:       0       0

කීර්ති Wednesday, 13 February 2013 07:28 PM

මගෙ ලක් මෑණියන්දෑ හරි පින්කාරි.(නදී)

:       0       0

මහා Thursday, 14 February 2013 01:02 AM

ලිපිය නම් ලස්සනයි. (නි)

:       0       0

සම්පත් Thursday, 14 February 2013 09:58 AM

අපි නොදන්නා ගොඩාක් දේවල් මේ ලිපියේ තියෙනවා (දී)

:       0       0

නිශ්ශංක Thursday, 14 February 2013 05:22 PM

හොදයි. මෙවන් ලිපි තව තවත් පළකරන්න. (නි)

:       0       0

ලලනි Saturday, 16 February 2013 11:35 AM

මේ අලි හරිම කෙට්ටුයිනේ. පවු. (නි)

:       0       0

පෙරේරා Sunday, 17 February 2013 11:48 AM

නියමයි. හොද විස්තරයක්. හැමෝම කියවන්න.(නදී)

:       0       0

චාමර Tuesday, 19 February 2013 11:41 AM

ඉතාමත් වැදගත් ලිපියක් (දී)

:       0       0

ඉෂාන් Wednesday, 20 February 2013 12:21 AM

මට නම් ඇත්තටම සතුටුයි මේවා දැක්කහම. ඒත් ඉතින් අපේ අනාගත පරමිපරාවට බලන්න වෙන්නේ පින්තූරයකින් තමයි.(නදී)

:       0       0

චාමිනී Wednesday, 20 February 2013 10:27 AM

අර උඩ පින්තූරයේ ඉන්න අලියා අතරමන් වෙලා නැහැ. එයා හැමදාම වැව අයිනේ ඉදගෙන කෑම ඉල්ලනවා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site