X Advertisement
IMG-LOGO

2025 මැයි මස 20 වන අඟහරුවාදා


උතුරේ කිසිම කඳවුරක් ඉවත් කරළත් නෑ ඉවත් කරන්නෙත් නෑ

උතුරේ හමුදා කඳවුරු ඉවත් කිරීමට යන බවට පසුගිය කාලයේ කට කතා පැතිර ගියේය. ඒ සම්බන්ධයෙන් හා මේ වන විට රටේ කතා බහට ලක්වන මාතෘකා සම්බන්ධයෙන් ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා සමඟ සාකච්ඡාවක් කළෙමු. ඔහු කීවේ හමුදා කඳවුරු ඉවත් කර නැති බවයි. කඳවුරු ඉවත් කිරීමේ අවශ්‍යතාවක් නැතැයි ද ඇමැතිවරයා අවධාරණය කෙළේය.

 

28-page14-M1-2_p


යුද්ධෙන් පසු පැවැති සුදු වෑන් සංස්කෘතිය හා දුරකථන ටැප්කර සවන්දීම දැන් සිදු නොවන බවත්, වාහන පිරිවරාගෙන මහමග ජනතාවට හිරිහැර වෙන අයුරින් ඇමැතිවරුන් යන යුගය ද අවසන් බවත්, රට වැසියන්ට නිදහසේ කටයුතු කළ හැකි බවත් විජයවර්ධන මහතා පැවසීය. මේ ඔහු සමඟ කළ සම්පූර්ණ සාකච්ඡාවයි.


button ප‍්‍රශ්නය:- - අධිආරක්ෂක කලාප සහ උතුරේ හමුදා කඳවුරු නව රජයෙන් ඉවත් කරන බව සමහරු කියනවා. එය සත්‍යයක් ද?
පිළිතුර: -
අපේ අලූත් ආණ්ඩුව උතුරේ අධිආරක්ෂක කලාප සහ කඳවුරු ඉවත් කරන බවට ජනාධිපතිවරණයෙන් පසු කටකතා පැතිරෙව්වා. ඒ නිසාම තමයි අපි ඉක්මනින් යාපනයට ගිහින් ත‍්‍රිවිධ හමුදාව සමඟ සාකච්ඡුා කළේ. අපි ඔවුන්ට කිව්වා අපේ අරමුණු කඳවුරු ඉවත් කිරීම නොව රටේ ආරක්ෂාව තවදුරටත් ශක්තිමක් කිරීම බව. එහෙම කඳවුරු ඉවත් කරන්න අපට කිසිම අවශ්‍යතාවක් නෑ. අපි දැනට කිසිම කඳවුරක් ඉවත් කරළත් නෑ. ඉවත් කරන්න බලාපොරොත්තුවකුත් නෑ.


උතුරේ ජනතාවට විවිධ අවශ්‍යතා තිබෙනවා. අපි රජයක් විදිහට ඔවුන්ගේ ප‍්‍රශ්නවලට ඇහුම්කන් දීලා ඒවාට දිගු කාලීන විසඳුම් සොයා දිය යුතුයි. ඔවුන්ට තිබුණු එක ප‍්‍රශ්නයක් තමයි ඉඩම් ප‍්‍රශ්නය. කඳවුරු ගලවන්නේ නැතිව අපට ඉඩම් ප‍්‍රශ්නය විසඳිය හැකියි. හමුදාව සමඟ සාකච්ඡුා කර හමුදාව සතු ඇතැම් ඉඩම් ලබා දීමේ හැකියාවක් තියෙනවා. ඒ ගැන ජනාධිපතිතුමා, අගමැතිතුමා ඇතුළු අපි හැමෝම සාකච්ඡුා කළා. ඒ ගැන සොයාන්න කමිටුවකුත් පත්කර තිබෙනවා. ඉදිරියේ දී උතුරේ ජනතාවට ඉඩම් ප‍්‍රශ්නයට දිගුකාලීන විසඳුමක් දෙන්න පුළුවන්.

 


button ප‍්‍රශ්නය: - කොළඹ අධි ආරක්ෂිත කලාප ලෙස තිබුණු මාර්ග කිහිපයක් යළි විවෘත කළා. මෙවැනි දේවල් කිරීම ආරක්ෂාවට තර්ජනයක් බව ඇතැම් අය චෝදනා කරනවා.?
පිළිතුර:
- නෑ, මං හිතන්නේ නෑ එහෙම කිසිම ප‍්‍රශ්නයක් තියෙනවා කියා. අලූත් ආණ්ඩුවක්  ඇවිත් තියෙන්නේ. අපි එන්නේ මේ රටට යහපාලනයක් ලබා දෙන්න. දැන් යුද්දෙ ඉවරයි. තවමත් පාරවල් වහගෙන ඇමැතිවරුන්ට වාහන දහයක් විතර තියාගෙන දුවන්න අවශ්‍ය නැහැ. දැන් නිදහසේ කිසිම බයක් නැතිව ජීවත් වෙන්න පුළුවන්.


යුද්දෙන් පස්සෙත් මේ රටේ ජනතාවට සුදු වෑන් ප‍්‍රශ්නයටයි තවත් එක එක ප‍්‍රශ්නවලටයි මුහුණ දෙන්න වුණා. බලපෑම්වලට මුහුණ දෙන්න වුණා. තමන්ගේ දුරකතනයෙන්වත් කතා කරන්න පුළුවන් කමක් තිබුණේ නෑ. ඒවත් ටැප්කරලා. ඒවත් අහගෙන ඉන්නවා කියල අපි දැනගෙන හිටියා. ඒවා සියල්ල දැන් නතර කරලයි තියෙන්නේ. මේ රටේ ජනතාවට දැන් නිදහසේ තමන්ගේ වැඩ කටයුතු කර ගන්නට ඉඩ කඩ ලබා දී තිබෙනවා.

 

button ප‍්‍රශ්නය: - උද්‍යාන අලංකරණය හා නඩත්තු කිරීම ආදියට යුද හමුදා සෙබළුන් යොදා ගැනීම ගැන ජනාධිපතිවරණ සමයේ වැඩි වශයෙන් කතා වුණා. දැන් ඔවුන් එම රාජකාරිවලින් ඉවත් කරළ ද තියෙන්නේ?
පිළිතුර: -
ඉවත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. කොළඹ තියෙන උද්‍යාන බොහොමයක් දැන් නඩත්තු වෙන්නේ සිවිල් ආරක්ෂක බළකායෙන්. හමුදාව දැන් බොහෝ දුරට එම වැඩවලින් අයින් වෙලා තියෙන්නේ. වෙනත් ක‍්‍රමවේදයක් හදනතුරු දැනට සිවිල් ආරක්ෂක බළකායේ සේවය ඉදිරියට ගෙනියනවා. දැන් එකපාරට ඔවුන් ඉවත් කළොත් මේ තියන උද්‍යාන ජරා ජීර්ණ වුණාම ජනතාව නැවත අපට චෝදනා කරනවා. ඉතා ඉක්මනින් මේ සඳහා ක‍්‍රමවේදයක් සැකසීමට අපට පුළුවන් වෙයි.

 


button ප‍්‍රශ්නය: - මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ පුත් යෝෂිත රාජපක්ෂ තවමත් නාවික හමුදා නිලධාරියෙක් ද?
පිළිතුර: -
යෝෂිත රාජපක්ෂ තවමත් නාවික හමුදා නිලධාරියෙක්. ඔහු අපේ නායකයන්ගෙන් ඉල්ලීමක් කර තිබුණා හිටපු ජනාධිපතිතුමාගේ ආරක්ෂක අංශයේ සාමාජිකයකු ලෙස කටයුතු කරන්න අවස්ථාව දෙන්න කියා. දැන් ඔහු හිටපු ජනාධිපතිගේ ආරක්ෂක අංශයේ වැඩ කරගෙන යනවා.

 


buttonප‍්‍රශ්නය: - ඔහු සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ ආරක්ෂක ලේකම්ට කළ පැමිණිල්ලට ක‍්‍රියාමාර්ගයක් ගත්තාද?
පිළිතුර: -
ඒ ගැන පරීක්ෂණයක් කරනවා. ජනතා විමුක්ති පෙරමුණ අපේ ආරක්ෂක ලේකම්ට විස්තර ලබා දී තිබුණා. නාවික හමුදාපතිතුමාගෙනුත් ඉල්ලීමක් කළා මේ විස්තර ලබාදෙන ලෙස. යම් අක‍්‍රමිකතාවක් වෙලා තිබෙනවා නම් අපි අනිවාර්යයෙන්ම ක‍්‍රියාමාර්ගයක් ගන්නවා.

 

button ප‍්‍රශ්නය: - ආරක්ෂක විද්‍යාලයේ ගැටලූව සම්බන්ධයෙන් ක‍්‍රියාමාර්ගයක් ගත්තාද?
පිළිතුර: -
ආරක්ෂක විද්‍යාලයයේ ගැටුමක් තිබ්බා. එතැන හිටපු බි‍්‍රගේඩියර් හා විදුහල්පති අතර ගැටලූවක් තිබුණා. අපි සහ අධ්‍යාපන අමාත්‍යාංශය මේ ප‍්‍රශ්නයට මැදිහත් වුණා. එතැන හිටපු බි‍්‍රගේඩියර් ඉවත්කර තිබෙනවා. වෙනත් සුදුසු නිලධාරියකු පත් කරන්න යුදහමුදාපති පියවර ගන්නවා.

 


button ප‍්‍රශ්නය: - ජනාධිපතිවරණයදා කුමන්ත‍්‍රණයක් පැවැති බවට චෝදනා එල්ල වුණා. ඒ ගැන තවම ක‍්‍රියාමාර්ගයක් අරගෙන නැහැ නේද?
පිළිතුර:-
රාජ්‍ය කුමන්ත‍්‍රණයක් ගැන පැමිණිලි ලැබිලා තිබුණා. ඒ ගැන පුළුල් පරීක්ෂණයක් පවත්වාගෙන යනවා. පොලිස්පතිතුමාට ඒ රාජකාරිය කරන්න ඉඩ දී තිබෙනවා. සතියකින් දෙකකින් ඒ පරීක්ෂණ අවසන් වෙයි. පරීක්ෂණ අවසන් වූ විට අවශ්‍ය පියවර ගැනීමට බලාපොරොත්තු වෙනවා.

 

dh

 

 

button ප‍්‍රශ්නය: - ලොකු ලොකු දූෂණ වංචා කළ මැති ඇමැතිවරුන් අල්ලන්නේ නැතිව හාල්මැස්සන් අල්ලන බවට ජනතාව චෝදනා කරනවා?
පිළිතුර: -
මං හිතන්නේ ජනතාවට ලොකු බලාපොරොත්තුවක් තියෙනවා, ජනතාව බලාගෙන ඉන්නවා ගිය ආණ්ඩුවේ දූෂණ වංචාවලට සම්බන්ධ අමැතිවරුන් ඇතුළු පිරිස ඉක්මනින් අත්අඩංගුවට ගෙන ඔවුන් සම්බන්ධයෙන් ක‍්‍රියාමාර්ගයක් ගැනීම ගැන. නමුත් ඒක ඉක්මනින් කරන්න බැහැ. ඊට කාලයක් අවශ්‍යයි. එක දවසින් ඒ වැඩ කරන්නට බැහැ. ගිය ආණ්ඩුව ජනරාල් සරත් ෆොන්සේකා මහත්මයා උස්සාගෙන ගිහින් හිරේ දැම්මා වගේ කරන්න බැහැ. මේක යහපාලන ආණ්ඩුවක්. අපි පොලිසියට බලය දීලා තියෙන්නේ අවශ්‍ය පියවර ගන්න. අපි පොලිසියට සහ උසාවියට කිසිම දේශපාලන බලපෑමක් කරන්නේ නැහැ. අද හෙටම නොවූණත් වැරදිකරුවන්ට දඬුවම් ලැබෙයි.

 


button ප‍්‍රශ්නය: - ජනතාවට දුන් පොරොන්දු ඉටු කරන්න දින සියයක් ප‍්‍රමාණවත්ද?
පිළිතුර:
- අපි ජනතාවට දුන් පොරොන්දු ගොඩක් තිබෙනවා. අපිට පුළුවන් ඉක්මනින් ඒ පොරොන්දු ඉටු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා උපරිම උත්සාහය යොදනවා.

 


button ප‍්‍රශ්නය: - සමහරුන් කියනවා අපේ‍්‍රල් මහ මැතිවරණයක් පැවැත්විය යුතු බව. ශ‍්‍රීලනිපයෙන් යෝජනාවක් ගෙනවිත් තිබුණා ඡුන්දෙට කලින් ජාතික ආණ්ඩුවකට යෑමට. ජවිපෙ කියනවා පැරදුණු සන්ධානයට ඇමැතිකම් දෙනවට විරුද්ධ බව. මේ ගැන ඔබේ අදහස කුමක්ද?
පිළිතුර: -
මගේ පෞද්ගලික අදහස නම් අනිවාර්යයෙන්ම අපේ‍්‍රල් මාසයේ මහ මැතිවරණයකට යා යුතුයි කියන එකයි. ජනාධිපතිකෙනෙක් මාරුවෙලා අලූත් ජනාධිපතිවරයෙක් සහ ආණ්ඩුවක් ඇවිත් තියෙනවා. ජනතාවගේ වරම තිබිය යුතුයි. ජනතාවගේ ඡුන්දෙන් තමයි නිෂ්චිත ආණ්ඩුවක් පත්වෙන්නේ. ඉතින් මගේ පෞද්ගලික අදහස අපේ‍්‍රල් මාසයේ මහ මැතිවරණයකට යා යුතුයි කියන එක. ඉන් පස්සේ ජනතාවගේ වරම අරගෙන, ජාතික ආණ්ඩුවකට යනවා ද නැද්ද කියන එක ඉන් පස්සේ ජනපති සහ අගමැති තීරණය කළ යුතුයි.

 

1

 

 


button ප‍්‍රශ්නය: - රණවිරු සුබසාධනයට ගන්නා ක‍්‍රියාමාර්ග මොනවා ද?
පිළිතුර: -
අපි අවධානය ඒ වෙත යොමුකර තිබෙනවා. රණවිරු සේවා අධිකාරියේ සභාපති විදියට ජනරාල් සරත් ෆොන්සේකා මහතාගේ බිරිඳ අනෝමා ෆොන්සේකා මහත්මිය පත්කර තිබෙනවා. ඇගේ අත්දැකීම් එක්ක රණවිරු සුබසාධනයට වැඩ ගොඩක් කරන්න පුළුවන් වෙයි කියා අපට විශ්වාසයක් තිබෙනවා. රණවිරු පවුල් වෙනුවෙන් රක්ෂණයක් හඳුන්වා දීමටත් යෝජනාවී තිබෙනවා.

 


button ප‍්‍රශ්නය: - ඇමැතිකම සමඟ ඔබට ලැබුණු වරප‍්‍රසාද මොනවද?
පිළිතුර: -
කිසිම වරප‍්‍රසාදයක් අරගෙන නෑ. ගන්නෙත් නෑ. ගන්න බලාපොරොත්තුවකුත් නෑ. ඇමැතිවරයකු ලෙස ආරක්ෂාවට අට දෙනකු යොමුකර තිබෙනවා. ඒ හොඳටම ඇති. මං මේ අමාත්‍යාංශයෙන් නිල නිවෙසක්, වාහනයක් අරගෙන නෑ. මම පදිංචි වෙලා ඉන්නෙ මගේ ගෙදර. මම යන්නෙ එන්නෙ මගේ පෞද්ගලික වාහනයෙන්. එය මට හො`දටම ඇති. වාහන පහක් දහයක් තියාගෙන පොලිසියත් තියාගෙන යන්න කිසිම අවශ්‍යතාවක් නෑ. දැන් යුද්ධයත් ඉවරයි. රටේ ජනතාවට කිසිම අවහිරයක් කරන්නට මට වුවමනාවක් නෑ. රටේ ජනතාවගේ මුදල් නාස්ති කරන්නටත් කිසිම අවශ්‍යතාවක් නෑ. මට දුන්නු වගකීම හරියට ඉෂ්ඨ කරන්නයි බලාපොරොත්තුව. ඔය වරප‍්‍රසාද වුවමනා නෑ මට.

 


button ප‍්‍රශ්නය: - ගම්පහ දිස්ත‍්‍රික්කයේ ඔබේ දේශපාලන කටයුතු කොහොමද?
පිළිතුර: -
ගම්පහ දිස්ත‍්‍රික්කයේ දේශපාලන වැඩකටයුතු කරගෙන යනවා. මට මේ ඇමැතිකම ලැබුණෙත් මගේ දිස්ත‍්‍රික්කයේ මගේ ආසනයේ ඉන්න ඡන්ද දායකයන් නිසයි. අලූත් ආණ්ඩුවක් ආවහම බොහෝවිට අමාත්‍යංශවලට කොටුවෙනවා. දිස්ත‍්‍රික්කයේ වැඩ කටයුතු කරන්න අවස්ථාව අඩු වෙනවා. මම එහෙම කරන්නේ නෑ. මා පාර්ලිමේන්තුවට යැව්වේ ජනතාව. ඔවුන්ට මගෙන් ඉටුවිය යුතු සේවය ලබා දෙන්නට මා බලාපොරොත්තු වෙනවා. දේශපාලනයට ආවේ නිලතල වරප‍්‍රසාද ලබා ගන්නට නොවෙයි. රට වෙනුවෙන් සේවය කරන්නයි ආවේ.

 

button ප‍්‍රශ්නය: - ආරක්ෂක රාජ්‍ය ඇමැති ලෙස ජනතාවට කීමට ඇත්තේ මොකක්ද?
පිළිතුර: -
අවසන් වශයෙන් ජනතාවට කියන්න තියෙන්නේ ටිකක් ඉවසන්න. මේක අලූත් ආණ්ඩුවක්. තවම මාස දෙකයි. එක පැත්තකින් මේක අලූත් අත්දැකීමක්. පක්ෂ ගණනාවක් එකතුවෙලා තිබෙනවා. අවුරුදු ගණනාවක සිට වෙච්ච අසාධාරණකම්වලට සාධාරණය වෙයි කියා බොහෝ දෙනෙක් බලාපොරොත්තු වුණා. අනිවාර්යයෙන්ම ඒ සාධාරණය වෙනවා. ඉවසන්න. මොකද අවුරුදු විස්සක වුණු වැරදිටික තමයි දැන් අපට හදන්න වෙලා තියෙන්නේ. ඉතින් ඒකට යම් කිසි කාලයක් යනවා. මේ රටේ ජනතාවට අනිවාර්යයෙන්ම යුක්තිය සාධාරණය ලබා දෙනවා. අපි සියලූ දෙනාගේම බලාපොරොත්තුව මේ රට හොඳ මාර්ගයට යොමු කිරීමයි.

 

m



අදහස් (0)

උතුරේ කිසිම කඳවුරක් ඉවත් කරළත් නෑ ඉවත් කරන්නෙත් නෑ

විමුක්ති Monday, 02 March 2015 12:38 PM

වැඩ ටික හොදට කරන්න සුබ පතනවා. (ර)

:       0       0

ක්‍රිෂාන්ත Monday, 02 March 2015 05:54 PM

ඔබට සුබ පතනවා! (නි)

:       0       0

තිලකසිරි Monday, 02 March 2015 06:01 PM

ඔබේ රාජකාරිය හොඳින් කරගෙනයාමට හැකිවේවා! (නි)

:       0       0

දුමින්ද Tuesday, 03 March 2015 03:52 AM

අනාගතයට රටට නායකයෙක් (නදී)

:       0       0

උක්කුන් පුතා Tuesday, 03 March 2015 09:57 AM

දැනට හමුදා කඳවුරු අඩු කරන්නේ නැතුව ටික ටික කාටත් හොරා දියකරලා හරිද මන්ද? (නදී)

:       0       0

නෙවිල් Wednesday, 04 March 2015 02:15 AM

සුබ පැතුම්! (නි)

:       0       0

සොපී Wednesday, 04 March 2015 04:08 AM

රාජකාරිය හරියටම කරයි කියල හිතෙනවා (නදී)

:       0       0

දනුෂ්ක Friday, 06 March 2015 02:36 AM

රාජකාරිය හොඳින් කරගෙනයාමට සුබ පැතුම්! (නි)

:       0       0

ලලීන් Tuesday, 10 March 2015 01:41 AM

ඔබට හිතට එකඟවම රටට සේවයක් කළහැකියි.මගේ සුබ පැතුම්! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site