තිතවන දැඩි සූර්යය රශ්මියෙන් නිපන් දූවිල්ල ලප් තැනම ලොප් කරමින් විටෙක මල් තුහීනය ඇද වැටුණ ද පඩුවස් නුවරට බොහෝ දෙනා ඇදෙන්නේ සුන්දරවූ ඉතිහාසාත්මක පේ‍්‍රම කථාවක පැමිණෙන විවාදයට තුඩු දුන් උන්මාද චිත‍්‍රාවන් විසූ එක්ටැම් මාලිගය නැරඹීමටය. සෙනරත් පරණවිතානයන් පුරාවිදු පර්යේෂණ නම් කෘතියේ පවසා ඇති පරිදි කි‍්‍රපූ හතර වැනි සියවස ලක්දිව රජු වූ පණ්ඩුවාස දේවයන්ගේ දියණිය ලෙස මහා වංශයේ කියැවෙන උන්මාද චිත‍්‍රාවන් පිළිබද කථාව ඉතිහාසයට නොව ජනකථා ගණයට වැටෙන්නකි.
පුරාවිද්‍යාත්මක හැදෑරීමක් මත සිට සෙනරත් පරණවිතානයන් පවසා ඇත්තේ උන්මාද චිත‍්‍රාවන් විසූ එක්ටැම් මාලිගයයැයි අදටත් බොහෝ දෙනා සිතන පවසන වලයාකාර මැටි පවුර එවන්නක් නොවන බවත් එය පරාක‍්‍රම බාහු රජුගේ චක‍්‍රවාල කෝට්ටය බවත්ය. දොළොස්වන සියවසේ දී ඉංදීය සංස්කෘතියේ බලපෑම් වලට හසුවූ රටවල තමන් විශ්ව පාලකයන් බව කියාපෑමට මහාමේරු පර්වත ආකෘතිය තනා ඒවාට අයිතිය කියා පෑ බව අප දනිමු. මේ කාර්යය සදහා මහා මේරුව ආකෘතියකටත් වඩා මුළු මහත් විශ්වීය ආකෘතියක් තනා ගත්තානම් වඩා ප‍්‍රයෝජන වත් වනු ඇතැයි යමකුට තර්ක කළ හැක. එනමුත් සිරිලකම විජයග‍්‍රහනය කිරීමට අර අදින නරපතියකු ලෙස පරාක‍්‍රම බාහු රජු එවැනි විශ්වීය ආකෘතියකට අයිතිකරු හෙවත් අධිපතියා වීමට මාන බැලීම පුදුමයක් ද නොවන්නේය. කෙසේ නමුත් චක‍්‍රාවාල කෝට්ටයෙන් අදහස් වූයේ එයම නම් මෙය ඉදිකරන්නට ඇත්තේ පරාක‍්‍රම බාහු රජු අණිනි.
එක්ටැම් මාළිගය යැයි වත්මනේ බොහෝ සංචාරකයන් හදුනා ගන්නා චක‍්‍රාවාල කොට්ටයේ අඩියේ පළල අඩි 66 ක් ද මුදුනේ පළල අඩි 21ක් ද සාමාන්‍යය උස අඩි 12ක් ද පමනවේ. ප‍්‍රාකාරයේ වටවූ භූමියේ විශ්කම්බය අඩි 297 කට ආසන්නය.මෙහි මැද කළ කැණීමකින් බිත්තර කටු කැබැල්ලක හැඩය දැරූ කුඩා බාන්ඩයක් හමුවූ බව සෙනරත් පරණවිතානයන් පවසා ඇත. ඒ අනුව මෙම චක‍්‍රාවාල කෝට්ටය පිළබද පුරාවිදු පරියේසන කෘතියේ පැමිනෙන්නේ මෙසේය. ”තරුණ කුමරා ශක‍්‍රදේවේන්ද්‍ර විලාසයෙන් මෙම සීමාව මැද වූ ශිලාපීටයේ අසුන්ගෙන සිටින ආකාරයත් ඒ මහේශාක්‍යය විලාසය තවත් ඔප්ගැන්වීමට බා‍්‍රහ්ණ පූජකයකු ලවා ආගමික චාරිත‍්‍ර පවත්වන්නට ඇතිආකාරයත් අපට සිතාගත හැකිය ” ලෙසය. එමෙන්ම ඔහු තවදුරටත් පවසා ඇත්තේ නූතයේ හදුන්වන පඩුවස් නුවර එදා පරාක‍්‍රමබාහු රජතුමා දක්ඛිණදේශයේ මායා රජව සිටියදී ස්වකීය පාලන මධ්‍යස්ථානය කොටගත් පරාක‍්‍රම පුරය බවයි. එකල පැවති සංකත්තලී,බදත්තලී ආදි ලෙස උප නගරයක්ව පඩුවස් නුවර පැවතින්නට ද අවකාශය ඇත.එනමුත් පරක‍්‍රමබාහු රජතුමා දක්ඛිණ දේශයේ මායා රජව සිටි සමයේදී මෙවන් වූ නිර්මාණයක් කිරීමට හැකි වපසරියක එකළ සැබෑවටම තිබුනාද යන්න නැවත විමසා බැලිය යුතුය.
ජනකතා වෙහි සදහන් වන පරිදි පඩුවස් රජතුමා නුවරක් ඉදි කළ බව කියා නැත.මහා වංස පුවතෙහි දැක්වෙන පරිදි ඔහු රට පාලනය කර ඇත්තේ උපතිස්ස ග‍්‍රාමයෙහිය. උපතිස්ස ග‍්‍රාමය වනාහි විජය රජුගේ අභාවයෙන් පසු පඩුවස් කුමරා ලක්දිවට පැමීණෙන තුරු මෙහි පාලන බලය ඉසිලූ බ‍්‍රාහ්මණයා විසින් සිය නමින් ඉදිකරවන ලද්දකි.තවද උපතිස්සගාමය අනුරාධපුරයට උතුරින් පිහිටි බවත් වංස කතාවේ (7 වැනි පරිච්ෙඡ්දයේ 43 හා 44 වැනි ගාථාවල* පැහැදිලිව සදහන් වේ. නමුත් වත්මනේ අප දන්නා පඩුවස් නුවර ඇත්තේ අනුරපුරයට උතුරින් නොවේ. මේ අනුව බලන කළ පඩුවස්නුවර උන්මාද චිත‍්‍රා කතාව හා පැමිනෙන පඩුවස්නුවර නොවේ.
එනමුත් පුරාවිද්‍යාව හා ඉතිහාසය දන්නා උගතුන් විසදාලිය යුතු ගැටලූවකි. එනම් මෙම උන්මාද චිත‍්‍රා හා බැදෙන කථාවට සම්බන්ද සියලූ සිද්ධි දාමයන්ට අදාල සාධකයන් මෙම පෙදෙසින්ම ලැබෙන බැවිනි. වයඹ පළාතේ කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ දේවමැදි හත් පත්තුවේ ගරාතලාන කෝරළයේ කන්දේ මැදගම නිකසලා නුවර රජහා විහාරය පිහිටන්නේ පඩුවස් නුවරට ආසන්න නගරයේය. එහි මැදගම කන්දේ විජ රජුගේ සොහොන වූ බව පැවසෙන අතර මුල් කාලීනව කැණීමක්ද කර අතර එහි වාර්ථාවන් හා පැහැදිළි තොරතුරු නොමැත. එමෙන්ම විජයගේ මුල් බිරිද වූ කුවේනිය හා සම්බන්ද පුවත් ගෙනෙන යක් දෙස්සාගල ඇත්තේද නිකසලාවට නුදුරෙනි. මේ අනුව බැලීමේදී එකිනෙකට ගැලපෙන සිද්ධි ධාමයක් සහ මේහා සබැදෙන හා සසැදෙන තොරතුරු මේ පෙදෙස තුළ තවමත් සැගවී ඇත. ”පුරයේ සීමා ඇතුළත ඊටත් වඩා පැරැුණි වකවානුවකට අයත් ගොඩනැගිලි කිසිවක ලකුණු අනාවරණය වි නැතත් එය අවට නම් එවැණි ලකුණු පෙනෙන්නට තිබේ. ඒ තැන් මතු දවසක කැණ බැලූ විට පරාක‍්‍රමබාහු අවදිියට පෙර අවදියක නටබුන් හෙළිවිය හැක” ලෙස සෙනරත් පරණවිතානයන්ගේ පුරාවිදු පරියේසන නම් කෘතියේම ස`දහන්කර ඇති බව අප අමතක නොකල යුතුය ..මෙබැවන් පඩුවස්නුවර ඇත්තේ සැබවින්ම උන්මාද චිත‍්‍රාවිසූ එක්ටැම් මාලිගය ද නැතිනම් චක‍්‍රාවාලකෝට්ටය ද යන්න පැවසීමට තවමත් අප ඉක්මන් වැඩිය. පුරාවිද්‍යා වපසරය කිනම් කාලයකට අත වැනුව ද උන්මාද චිත‍්‍රා විසූ එක්ටැම් මාලිගය නරඹන රිසියෙන් මෙහි පැමිණෙන සංචාරකයන්ගෙන් නම් අදටත් අඩුවක් නැත.
ඩබ්.ආර්.කසුන් රුහිරු මධුසංක, (පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයනාංශය)
ශි‍්‍ර ලංකා රජරට විශ්වවිද්‍යාලය, මිහින්තලේ.
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
උන්මාද චිත්‍රාට අසාධාරණයක්
කසුන් ධර්මවංශ Thursday, 02 July 2015 01:39 PM
නොදැන සිටි කරුණු රාශියක් තිබෙන වටිනා ලිපියක්. ස්තුතියි සහෝදරයා! (නි)
වජිරඤාණ හිමි Friday, 03 July 2015 03:27 AM
හොද වැඩක් සහෝදරයා, තව ලියන්න, මේ විදියට ලියන්න සිතීම ම වැදගත්. සුබ පැතුම්.. (ම)
අනිල් Wednesday, 03 February 2016 04:02 PM
හොඳයි (බ)