ගුණ පක්ෂය දක්වන උපසර්ගයත්, අගුණ පක්ෂය දක්වන උපසර්ගයත් දෙකම එකම පදයේ දැක්වීම වියත් වහර නොවේ.
සුනිමල - වචනයේ උප සර්ග දෙකක් යෙදේ. එහි නිමල යන පදය ඉදිරියෙන් ‘සු‘ උපසර්ගය යෙදීම නිසා නිමල යන්නෙහි අර්ථය වඩාත් තීව්‍ර කර පෙන්වයි. එහෙත් දුර්ලභ යන වචනයට මුලින් ‘සු‘ උපසර්ගය යොදන්නෝ වියත්හු නොවෙති.
දුර්ලභ වචනයේ තේරුම වඩාත් තීව්‍ර කිරීමට යෙදිය හැක්කේ ‘ඉතා‘ හෝ ‘අති‘ යන පද බවට ඕනෑ තරම් නිදසුන් දැක්විය හැකිය.
මේ ලිපිය සිංහල භාෂාවේ උපසර්ග ගැනයි.
උපසග හෙවත් උපසර්ග
සංග්‍රහ ප්‍රකෘතියක් නිපදවනු සඳහා ප්‍රකෘතියෙ කැ මුලට යොදනු ලබන්නේ උපසග හෙවත් උපසර්ග යැ .
සංග්‍රහ ප්‍රකෘතියක් නිපදවනු සඳහා අගට යොදනු ලබන්නේ ප්‍රත්‍යය යැ . ප්‍රකෘතියෙන් වෙන් වැ සිටි උපසර්ගයේ හෝ ප්‍රත්‍යයයේ හෝ අරුතක් දක්නට නො ලැබෙය් . උපසර්ගය හෝ ප්‍රත්‍යය හෝ ප්‍රකෘතියක් හා යෙදී ම අරුත් පළකරය් .
ආඛ්‍යාත ප්‍රකෘතියෙකැ මුලට උපසර්ගයක් යෙදීමෙන් උපසර්ග සංග්‍රහ ආඛ්‍යාත නිපැයේ .
"ගන් " යන මූල ධාතුවට පිළිවෙළින් උ ,ස ,නි ,අනු ,පිළි යන උපසර්ග යෙදීමෙන් සංග්‍රහ ධාතු තැනෙන සැටිය කුමරතුඟුවෝ සිය ව්‍යාකරණ විවරණයේ පහදති .
උ +ගන් =උගන් =(උගනී )(උද්ග්‍රහ කරය් )
ස +ගන්=සගන් =(සගනී )(සංග්‍රහ කරය් )
නි +ගන්=නිගන් =(නිගනී )(නිග්‍රහ කරය් )
අනු+ගන්= අනුගන්=(අනුගනී )(අනුග්‍රහ කරය් )
පිළි+ගන්= පිළිගන් = (පිළිගනී )(ප්‍රතිග්‍රහ කරය් )
මැවිසුරු ඊලියන් ද සිල්වාණන් උපසග කිරිය මුල්හි ඈඳමින් ද නම් පියෙවියෙහි ඈඳමින් ද නව වදනින් සිංහලය පොහොණි කළ සැටිය "සිංහළයෙන් සිප්යුරු වදන් " පොතින් ඉමැනැවින් දැකගත හැකි ය .
කිසි විටෙක උපසර්ග දෙකක් වුවද නාම ප්‍රකෘතියෙක මුලින් සිට අන්‍ය නාම ප්‍රකෘතියක් නිපදවන තැන් ද වෙය් ."පිරි " යන උපසගය මුලින් ඈඳුණු "සුදු " "පිරිසුදු " වෙය් . "සුදු " යන්න "සු " "පිරි " යන උපසග දෙක ම ඈඳී "සුපිරිසුදු" යැය් අනෙක් නාම ප්‍රකෘතියක් නිපදවය් .
සිංහලයේ උපසර්ග විස්සකි .
1.ප (පබඳ )
2.පර (පරදිනු)
3.අව (අවගුණ )
4.ස (සබඳ )
5.අනු (අනුබඳ )
6.ඔ (ඔවා )
7.නි (නිමල් )
8.දු (දුගඳ )
9.කු(කුකවි )
10.වි (විමල්)
11.අ (අසිඳිනු )
12.අදි (අදියර )
13.ඉ (ඉබොහෝ )
14.සු (සුදන )
15.උ (උගත් )
16.අබි (අබිදම් )
17.පිළි (පිළිගනු )
18.පස් (පසක් )
19.පිරි (පිරිසිඳි )
20.උප (උපවන)
අනුගිය යනු නුගිය යැය් ද අබිදම් යනු බිදම් යැය් ද "අ" ලොප් ව සිටි .උවසර යන තැන "උව" යනු "උප " යන්න මැ වේ.
වාසිංහලයේ මෙන් ම සංස්කෘතයේ ද උපසර්ග විස්සක් දක්නට ලැබේ.
1.ප්‍ර (ප්‍රබන්ධ )
2.පරා (පරාජය )
3.අප (අපවාද )
4.සම් (සම්පත්ති )
5.අනු (අනුරූප )
6.අව (අවවාද )
7.නිස් (නිස්සාර )
8.දුස් (දුස්කර )
9.වි (විමල )
10.ආ (ආදාන )
11.නි (නිබන්ධ )
12.අධි (අධිකාර )
13.අපි (අපිධාන )
14.අති (අතික්‍රම )
15.සු (සුගත )
16.උද් (උද්ග්‍රහණ )
17.අභි (අභිවාදන )
18.ප්‍රති (ප්‍රතික්‍රියා )
19.පරි (පරිර )
20.උප (උපකාර )
නිස් +චය =නිශ්චය
දුස් +චරිත =දුශ්චරිත
නිස් +කම්පන =නිෂ්කම්පන
නිස් +ගමන =නිර්ගමන
දුස් +ගන්ධ =දුර්ගන්ධ යන වෙනස්කම් සිදුවනුයේ සකු බසේ සන්ධි නියමය අනුව යැ .
සියලු උපසර්ග ඒ හා බැඳෙන පදයට එක් ව මැ සිටී .
සුසිරි,දුසිරි,අවගුණ ,පිළිගනි ,අනුදනී ආදිය මෙනි.
පිළිගනී,අනුදනී ආදී ක්‍රියා පදවල විරුද්ධාර්ථය පැවසිය යුතු තැන දී "නො පිළිගනී ,නො අනුදනී ඈ විසින් ලිවිම මැ නිවැරැදි වෙය් .
පිළි නො ගනී,අනු නො දනී ඈ විසින් ලිවිම වැරැදි යි.
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
උපසර්ග
ඩබ්.එම්.එල්.පද්මසිරි Sunday, 18 September 2016 02:25 PM
වඩාත් හොඳ ලිපියකි. දී ඇති උදාහරණයන්ගේ අරුත් ද ලබාදිය හැකි නම් තවදුරටත් වටියි. (නි)
Rashali Tuesday, 11 June 2019 08:05 AM
ආ... උපසර්ග කොටස්වලට බැඳෙනවා. ඒ කොටස් එක්ක උපසර්ග දාන්න. ඒක වටිනවා ගොඩාක්... මම උ/පෙළ කරන ළමයෙක්. ඔයිට වඩා තව විස්තර තියෙනවා... ඒවා දාන්න. එතකොට ගොඩක් ළමයින්ට වටිනවා.
ළමයෙක් වෙමි. Wednesday, 06 November 2019 03:27 PM
ගොඩාක් හොඳයි...
පින්සර Sunday, 10 October 2021 04:29 PM
මම 9 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙක්. මෙම ලිපියට තවත් දේවල් එකතු විය යුතුයි. මොකද ඕවාට වඩා විස්තර ඇතුළත් විය යුතුයි. මේකට තවත් කරුණු ඇතුළත් කරන්න.
භාග්‍යා Sunday, 13 November 2022 05:40 PM
ලිපිය ඉතාමත්ම වටිනවා ස්තූතියි මම 7 ශ්‍රේණියෙ ඉතින් මට මේක ගොඩක් වටිනවා