X Advertisement
IMG-LOGO

2025 මැයි මස 20 වන අඟහරුවාදා


උවදුරක් වූ මත්ද්‍ර‍ව්‍ය භාවිතය

මෙරට ඉතිහාසයේ මත්ද්‍ර‍්‍ය ගැන පැවසෙන්නේ අද ඊයේ නොවේ. බුදුන්ගේ කාලයේ පවා මත්පැන් යහමින් තිබූ බව බෞද්ධ සාහිත්‍ය කතාවන්ගේ දැක්වේ.

රජපවුලේ සුරා පානයන් හා සාද ගැන ද අපේ ඉතිහාස කතා සාක්ෂි දරයි. එසේ වුව ද මත්ද්‍ර‍්‍ය මෙරට නිතිගත වූ බවට ඇති පැරණිතම සාක්ෂි හමුවන්නේ යුරෝපීයයන්ගේ පැමිණීනෙි.

පෘතුගීසීන් විසින් අබිං කෑම ලංකාවට හදුන්වාදුන් බව පැවසේ. ඉන්පසු 1829 දී එකළ පැවති ඉංග්‍රීසි පාලනයේ දී අබං වගාව සංවර්දනයට ගොවීන් දිරිමත් කරමින් අනුබල දී ඇත. එයට හේතුවී ඇත්තේ වතුකරයේ සේවය කළ ද්‍ර‍විඩ ජනතාවගේ අවශ්‍යතාව සදහා අබිං ගෙන්වීමට සිදුවීමයි. ඔවුන්ට අබිං ඉන්දියාවෙන් ගෙන්වීමට වඩා මෙරට වගා කිරීම සුදුසුයැයි ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයාගේ තීරණය විය.

මේ වනවිට අබිං වෙළදාම ක්‍රමවත් කිරීමට බලපත්‍ර‍ලබාදීමේ ක්‍ර‍මයක් ද හදුන්වාදෙන ලදී. ඉන් රජයට විශාල ආදායමක් ලැබිණි. ක්‍ර‍යෙන් ශ්‍රී ලාංකික සමාජයේ අබිං කෑම සමාජ ප්‍ර‍්නයක් ලෙස මතුවෙන්නට ගත් අතර 1867 අංක 19 දරණ අබිං හා කංසා ආඥා පනත ගෙන එන ලද්දේ ඉන් පසුවය.

1930 පමණ වන විට ශ්‍රි ලංකාවේ වැඩියෙන්ම භාවිතා කළේ අබිං සහ ගංජාය. 1929 දී ගංජා සහ විෂ මත් වර්ග වලට අන්තරායකාරී මත් ද්‍රව්‍ය ඒකාබද්ධ පනතක් ඉදිරිපත් කළේ මේවායේ භාවිතය ක්‍රමයෙන් ඉහළ යන ප්‍රවණතාවක් තිබීම හේතුවෙනි.1948 වන විට ශ්‍රි ලංකාවට නාමික නිදහස ලබා දී තිබු නමුත් විෂ මත් ද්‍රව්‍ය සම්බන්ධයෙන් කටයුතු කිරීමට 1955 වන තෙක්ම උත්සාහ නොගෙන තිබුණි. එකල බොහෝ පිරිස් ඉන්දියාවෙන් නීති විරෝධි ලෙස අබිං ප්‍රවාහනය කොට වෙළෙඳාම් කරන ලද අතර ලංකාවේ වෙළෙඳසැල් වලින් (අනවසරයෙන්) අබිං වැඩි මිලකට මිලදී ගැනීමට හැකි විය. සිංහල ආයුර්වේද වෛද්‍යවරුන්ටද කලුකඩ තුළින් තම අවශ්‍යතාවන් සපුරා ගැනීමට සිදු විය.19 වෙනි සියවස අගදී සහ 20 වෙනි සියවස මුලදී අබිං වලට එරෙහිව ජනමතයක් ගොඩනැගීමට තරම් මෙම මත්ද්‍රව්‍ය ප්‍රශ්නය උග්‍ර විය.

1955 වර්ෂයෙන් පසු කිසිදු සංශෝධනයක් කර නොතිබුණු විෂ වර්ග අබිං සහ අන්තරායදායක ඖෂධ ආඥා පනත 1984 අංක 13 දරණ විෂ වර්ග අබිං හා අන්තරායදායක ඖෂධ වර්ග පනත මඟින් සංශෝධනය කරන ලදී.1984 අංක 11 දරණ අන්තරායදායක ඖෂධ පාලනය කිරිමේ ජාතික මණ්ඩල පනත නමින් වු පනතක් මඟින් අන්තරායකර ඖෂධ ජාතික මණ්ඩලය පිහිටුවන ලදී.
ශ්‍රී ලංකාවේ මෑතක් වන තූරුම මත් ද්‍රව්‍ය උවදුරෙහි ප්‍රධාන මත් ද්‍රව්‍ය වශයෙන් ගංජා සහ අබිං සැළකිය යුතු වුවද, 70 දශකය අවසානයේදී ඉතා ප්‍රබල හා භයානක මත් ද්‍රව්‍යයක් වන හෙරොයින් භාවිතයද ආරම්භ විය. එය ප්‍රධාන වශයෙන්ම විදේශීය සංචාරකයන් ගැවසෙන කොළඹ, හික්කඩුව වැනි ප්‍රදේශ වලට සීමා වුවද වර්තමානය වන විට මෙහි භාවිතය වර්ධනය වී අනෙක් පාරම්පරික මත් ද්‍රව්‍ය හා සම තත්වයට පත්ව ඇත.

මේ සඳහා බලපෑ ප්‍රධාන හේතුවක් ලෙස සැළකිය හැක්කේ 1978 දී හඳුන්වා දුන් විවෘත ආර්ථික ප්‍රතිපත්තියයි. මත් ද්‍රව්‍ය ප්‍රශ්නය නව මුහුණුවරකින් වර්ධනය වූයේත් තවත් ප්‍රබල සමාජ ආර්ථික ප්‍රශ්න රාශියක් හට ගත්තේත් මෙම විවෘත ආර්ථික ප්‍රතිපත්තියේ අනියම් දායාද ලෙසයි. මේ යටතේ ආනයන හා අපනයන සීමාවන් ලිහිල් කිරීම නිසා ජාත්‍යන්තර ගනුදෙනු ඉහළ යාමත්, පෞද්ගලික අංශයට ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු වලට අවසර ලැබීමත් නිසා නොයෙකුත් නීති විරෝධී ජාවාරම් මඟින් මුදල් ඉපයීමට බොහෝ අය තැත් කර ඇත

මත් ද්‍රව්‍ය ප්‍රචාරණය වීම සම්බන්ධයෙන් අපේ රටේ සංචාරක ව්‍යාපාරයද බෙහෙවින් වග කිව යුතුය. සංචාරක ව්‍යාපාරය තුළ පවතින ලි‍හිල් භාවය , එය මේ රටේ මත් ද්‍රව්‍ය භාවිතය වැඩි වීමට උපයෝගි වන මාධ්‍යයක් බඳුය. මෙම සංචාරකයෝ ජාත්‍යන්තරව මත් ද්‍රව්‍ය ප්‍රවාහකයන් ලෙස කටයුතු කිරීම නිසා පහසුවෙන් ලංකාවට මත් ද්‍රව්‍ය රැගෙන එති. ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ නාරිගම, හික්කඩුව, උනවටුන, නැගෙනහිර වෙරළේ පාසිකුඩා,කල්කුඩා,අරුගම්මේ වැනි සංචාරක ප්‍රදේශ වලත් මත් ද්‍රව්‍ය වලට යොමු වී ඇති තරුණ ‍කොටස් වල සංඛ්‍යාව සීඝ්‍රයෙන් වැඩි වී ඇත.

ජාත්‍යන්තර ගමන් බිමන් 1978න් පසු සීග්‍රයෙන් ඉහළ යාමද මෙම ප්‍රශ්නය වර්ධනය වීමට බලපා ඇති තවත් හේතුවකි. විදේශිකයන් බහුල වශයෙන් ලංකාවට පැමිණීම හා ලාංකිකයන් රැකියා අවස්ථා සඳහා විදේශ ගත වී නැවත ආපසු ඒම මෙම ගණයට වැටේ. මැද පෙරදිග සේවය කරන ඇතැම් ලාංකික කාන‍්තාවන් මත් ද්‍රව්‍ය ප්‍රවාහනයට යොදවා ගනී. ඇමෙරිකාවේ මාපියා, කටෝරා ආදී සංවිධාන ලංකාවේ මත් ද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධ බව විශ්වාස කළ හැකිය. ශ්‍රී ලංකා‍වේ පවතින ත්‍රස්වාදී කටයුතුද මෙම ප්‍රශ්නය උග්‍ර වීමට බලපා ඇත. මොවුන් ජාත්‍යන්තර ත්‍රස්වාදයට සම්බන්ධ වී නවීන අවි ආයුධ මිලයට ගැනීමටත් වෙනත් අවශ්‍යතාවන් සඳහාත් මුදල් සෙවීම සඳහා හොඳම මාර්ගය කරගෙන ඇත්තේ මත් ද්‍රවශ ජාවාරම් වල යෙදවීමයි. යුරෝපා මත් ද්‍රව්‍ය නාශක ඒජන්සිය ශ්‍රි ලංකාවට වාර්තා කර ඇති අන්දමට, 1986 අප්‍රේල්, මැයි මාස වලදී පමණක් ඩොලර් 40,000,000 වටිනා මත් ද්‍රව්‍ය තොග සමඟ ශ්‍රී ලංකා ජාතිකයින් 80 දෙනෙක් අත් අඩංගුවට ගෙන ඇත. 80 දශකය තුළ පමණක් ශ්‍රී ලංකාවේ දෙමළ 200කට මත් ද්‍රව්‍ය චෝදනා පිළිබඳ‍ව යුරෝපීය රට වලදී නඩු පවරා ඇත.

සමාජය තුළින් උපත ලබා මුලු සමාජයටම අහිතකර ලෙස බලපෑම් කරන්නා වූද, වැඩි දෙනෙක් තුළ නිරතුරු අවබෝධයක් ඇත්තා වූද, එකී අහිතකර සමාජ වාතාවරණය වෙනස් කිරී‍‍‍මේ ඕනෑකමක් ඇත්තා වූද , ගතික සිදුවීම් මාලාවක් සමාජ ප්‍රශ්නයක් වෙයි.මෙයට අනුව මත් ද්‍රව්‍ය භාවිතයද සමාජ ප්‍රශ්නයක් වී ඇත. ශ්‍රී ලංකාවේ හෙරොයින් වලට ඇබ්බැහි වූ ප්‍රමාණය 50,000ක් පමණ අධික ප්‍රමාණයක් සිටින බව පර්යේෂණ මඟින් හෙළි වී ඇත. ඉන් වැඩි ප්‍රමාණයක් අවුරුදු 18-30ත් අතර වයස් කාණ්ඩයට අයත් බව ජාතික අන්තරායක ඖෂධ පාලක මණ්ඩලය ප්‍රකාශ කරයි.

මත් ද්‍රව්‍ය භා‍විතය නිසා පැන නගින සමාජ ප්‍රශ්න අතර සිය දි‍‍වි නසා ගැනීම ප්‍රබල සංසිද්ධියක් ලෙස දැක්විය හැකිය. මත් ද්‍රව්‍ය භා‍විතයෙන් පසුව ඇතිවන මානසික විකෘති‍යෙන් පුද්ගලයා සිය දිවි නසා ගැනීමට ‍පෙළඹිය හැකිය. මත් ද්‍රව්‍ය භාවිතය නිසා මරණයට පත් වීම හෝ අකර්මණ්‍ය තත්වයට පත් වුව හොත් ප‍වුල තුළ පැන නගින ගැටලු අතිමහත්ය. මූලික පවුල යන සංස්ථාව බිඳ වැටිය හැකිය. එය පුද්ගලයාට පමණක් නොව සමස්ත සමාජයටම හානිදායි කරුණකි. එසේම වර්තමාන‍යේදී ශ්‍රී ලංකාව තුළ මත් ද්‍රව්‍ය පාවිච්චි කරන කාන්තා ප්‍රතිශතය ඉහළ යමින් පවතී. පහත සඳහන් සංඛ්‍යා ලේඛන තුළින් එය අවබෝධ කර ගත හැකිය

මෙම දත්ත ‍වලට අනුව වර්තමාන සමාජය තුළ මත්පැන් පරිභෝනය කෙතරම් ඉහළ මට්ටමකින් පවතින්නේදැයි පැහැදිලි වේ.අනෙක් අතට රටේ ජාතික ධනයෙන් විශාල ප්‍රමාණයක් මෙම මත් ද්‍රව්‍ය ගැටලුව නිසා විනාශ වී යයි. විශේෂයෙන් විදේශ විනිමය විශාල ප්‍රමාණයක් විර්ෂිකව පිටරට වලට ඇදී යයි. සිරකරුවන් සම්බන්ධයෙන් බන්ධනාගාර නඩත්තු කිරීමේ නිලධාරීන්ට වැටුප් ගෙවීම, නඩු කටයුතු සම්බන්ධ අධිකරණ වියදම් හා මත් ද්‍රව්‍ය නාශක කටයුතු සඳහා පොලීසියට හා ආරක්ෂක අංශ සඳහා වාර්ෂිකව විශාල මුදල් ප්‍රමාණයක් වැය කිරීම සමාජ ප්‍රශ්නයක් වන්නේය .දුම් බීම සම්බන්ධයෙන්ද සමාජ ප්‍රශ්න ගණනාවක් පැන නැගී ඇත.ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරන අන්දමට සිගරට් දුම ආශ්‍රිත ලෙඩ රෝග වලින් වසරකට මිලියන 2.5ක පමණ පුද්ගලයින් සංඛ්‍යාවක් ජීවතක්ෂයට පත් වේ.මේවා අතර හදවත් රෝග,පිළිකා,සිරෝසිස් සහ එම්ෂසීමා යන රෝග බහුල වේ.

මත්ද්‍ර‍්‍ය භාවිතයෙන් සමාජයට සිදුවන හානිය වළක්වා ගැනීමට අප විශේෂ අවධානය යොමුකළ යුතුය. මෙහිදී වඩාත් වැදගත් වන්නේ ආගමික පැත්තෙන් සිදුවන කාර්ය භාරය වටහා ගැනීමයි. එමගින් මත්ද්‍ර‍්‍ය පිටුදැකිය හැකි ආකාරයේ සමාජික පසුබිමක් මෙරට ගොඩනැගිය යුතුය. එමෙන්ම තරුණ තරුණියන් තුළ මත්ද්‍ර‍්‍ය ආදීනව පිළිබද දැනුම්වත් භාවයක් ඇතිකැර ගුණාත්මක සංවර්ධනයක් සදහා ඔවුන් පෙළඹවිය යුතුය.

තවත් වැදගත් කරුනක් වන්නේ මත්ද්‍ර‍ව්‍යවවලට ඇබ්බැහි වූ අය පුනරුත්ථාපනයට යොමු කිරීම සහ ඒ කෙරෙහි පසුවිපරමක යෙදීමයි. එමෙන් ම මත්ද්‍ර‍ව්‍ය සම්බන්ධ විවිධ සංවිධාන මගින් උපදේශන සේවා දියත් කිරීමේ කාර්යය ද මත්ද්‍ර‍ව්‍ය උවදුර පිටුදැකීම කෙරෙහි වඩාත් වැදගත් වනු ඇත.

මෙහිදී මූලික පියවරක් විය යුතුවන්නේ, මත්ද්‍රව්‍ය භාවිතයෙන් මත් පැන් හා දුම්පානය කිරීමෙන් ඇති විය හැකි හානිකර අනිෂ්ට ඵල විපාක පිළිබඳ තොරතුරු නොයෙක් ආකාරයෙන් ප්‍රකට කිරීමයි. දේශනා මගින් හා සාකච්ඡා සමුළු පැවැත්වීම මගින්, පාසල් සිසුන්ට මේ ගැන අවබෝධයක් ලබාදිය හැකි ය.

වැඩි වැඩියෙන් බදු අය කිරීමෙන් මත්ද්‍රව්‍ය, මත්පැන් භාවිතය සහ දුම් පානය අඩුකළ හැකි යැයි ඇතැමෙක් කල්පනා කරති.එය තරමක් දුරට එසේ විය හැකි ය.එහෙත්, එවිට සමහර අය, වඩාත් අහිතකර ද්‍රව්‍ය භාවිතයට පෙළෙඹෙත්. නිදසුනක් වශයෙන් ශ්‍රී ලංකාවේ නීතිමය මැත්පැන්වල මිල ඉහළ යනවිට, නීති විරෝධී කසිප්පු නිෂ්පාදනය ද ඉහළ යන්නේ ය. මෙම බීම නොයෙක් තැන්වල පහසු මිලට ලබා ගත හැකි ය. මේවායින් සිදුවන හානිය හා අනිටු විපාක මහජනායා ට, විශේෂයෙන් කුඩා අයට පහදා වටහා දුනහොත් මත්ද්‍රව්‍ය හා මත්පැන් සොයා යෑම ක්‍රමයෙන් පහත වැටෙනු ඇත.

මේ සඳහා ඵලදායී සක්‍රීය පියවර හැකි පමණ ගැනීම ඕනෑම රජයක මූලික වගකීමකි. නිදසුනක් වශයෙන්, ප්‍රාථමික මට්ටමේ සිට සිසුනට මේ සඳහා ප්‍රයෝජනවත් විය හැකි වැඩසටහන් පාසල් විෂය මාලාවට ඇතුළත් කරන්නැයි අධ්‍යාපන දෙපාර්තමේන්තුව ට බල කර සිටිය හැකි ය. සිසුන් ගේ නො බිඳෙන අවධානයක් ලැබිය හැකි තරම ට මෙම වැඩ සටහන් ආකර්ෂමවත් හා බලවත් විය යුතුය. මත්පැන් හා මත්ද්‍රව්‍ය වලින් සිදුවිය හැකි හානිය දැඩි ලෙස පිළිබිඹු වනසේ මේවා සකස් විය යුතුය.

නමුත් දැන් සිදුවන්නේ මෙහි අනික් පැත්ත ය. වර්තමානයෙහි කොම්පියුටර්, අන්තර්ජාලය, පුවත්පත්, සඟරා හා සිනමාව ආදී විවිධ ජනමාධ්‍ය මගින් කුඩා අයගේ දෙනෙතට ඉතා අධිකව හා බලවත් ලෙස ඉදිරිපත් කරන්නේ මත්පැන්, මත්ද්‍රව්‍ය හා සිගරැට් ආදිය පිළිබඳ සුබ වාදයයි. මේ භයානක උවදුරෙන් අපේ දරුවන්; අපේ අනාගත පරපුර ගලවා ගැනීම, රජයේ පරම යුතුකම හා වගකීම විය යුතු ය.



අදහස් (2)

උවදුරක් වූ මත්ද්‍ර‍ව්‍ය භාවිතය

සදනි නිමේෂා Friday, 09 June 2017 03:09 PM

මත්ද්‍රව්‍යවලට කැමැති අය ගලවාගන්නේ කෙසේද?

:       11       20

Chathuni Saturday, 01 June 2019 11:43 AM

ඒ රචනාව නම් ගොඩාක් ප්‍රයෝජනවත්...

:       5       2

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site