X Advertisement
IMG-LOGO

2025 මැයි මස 24 වන සෙනසුරාදා


එකට කසිප්පු බීපු කාන්තාව මරා දමලා

සර් මෝලෙවත්තේ කාවදෝ ගැහැනු කෙනෙක් මරලා දාලා ඉන්නවා. බයවෙච්ච පාරට මම දුවගෙන ආවා. ඒක දැකලා මගේ ඇඟ තවමත් ගැහෙනවා.

උළු මෝලේ අයිතිකාර මහත්තයා ළඟට දිව ආ සේවකයෙක් කියා සිටියේ හති අරිමින්ය.

20_SLTK_P20_Back
මෝලෙ අයිතිකාර මහත්තයාද එහි ගොස් සොයා බලා සේවකයා කී කතාව ඇත්තක් බව පෙනී ගිය නිසා මේ ගැන පැමිණිලි කිරීමට ගියේ වෙන්නප්පුව මූලස්ථාන පොලිසියටය.


උළු මෝල පිහිටා ඇත්තේ බෝලවත්ත රංගම්මුල්ල ප්‍රදේශයේය.


පොලිස් කණ්ඩායමක් ඒ මොහොතේම රංගම්මුල්ල ප්‍රදේශයේ පිහිටි උළු කර්මාන්තශාලාව බලා ගියේ කාන්තාවගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමටය.


කාන්තාවගේ සිරුර පරික්ෂා කර බැලීමේදී පොලිසියට ඇය දූෂණයට ලක්වී ඇති බවට සාධක තිබෙන බව පෙනී ගොස් ඇත.


කාන්තාවගේ හිසේ ලේ ගලන තුවාලයක් හා කටින් ලේ ගලාගෙන ඇවිත් තිබෙන අයුරුද පොලිසියට දක්නට ලැබී ඇත.


කිසිවෙක් විසින් කාන්තාව දූෂණය කර මරා දමා ඇති බව මූලික පරීක්ෂණවලින් පොලිසියට පෙනී ගොස් තිබිණි.


කාන්තාවගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වනු ලැබුවේ හලාවත මහ රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි විශේෂඥ වෛද්‍ය ඩී.කේ. විජේවර්ධන මහතා විසිනි.


යම් අයකු විසින් ඇය දූෂණය කර ඇති බවත් ස්වසන මාර්ගය අවහිර කිරීම නිසා ඇය මිය ගොස් ඇති බවත් විශේෂඥ වෛද්‍ය විජේවර්ධන මහතා සිරුර කපා පරීක්ෂා කර බලා නිකුත් කර වෛද්‍ය වාර්තාවේ සඳහන් කර තිබෙන බව පොලිසිය කියයි.


මෙය මිනීමැරුමක් බවට පශ්චාත් මරණ පරීක්ෂණයෙන්ද තහවුරුවූවාට පසු කාන්තාව දූෂණය කර මරා දැමූ සාහසිකයා සොයා ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ  ආරම්භ කරනු ලැබීය.


මෙසේ ඝාතනය කර තිබුණේ එම උළු කර්මාන්තශාලාවේම කම්කරු වෘත්තියේ නිරතව සිටි යෙවුනි සෙංගම්මා නමැති 52 හැවිරිදි තිදරු මවකි.


කාන්තාවගේ ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූයේ අබිරහස් ඝාතන සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා අත්දැකීම් බහුල දක්ෂ අපරාධ විමර්ශකයින් කණ්ඩායමක් වන වෙන්නප්පුව මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වසන්ත කුමාර සහ පාලන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන් දසනායක යන මහත්වරුන් ප්‍රධාන පොලිස් කණ්ඩායමක් විසිනි.


ඌළු මෝලේ අයිතිකාර මහත්තයාට කාන්තාවගේ සිරුර දැක මුලින්ම දැනුම්දුන් සේවකයා ගැන පොලිසියට ලොකු සැකයක් ඇතිවූයේ වෙන කිසිවක් නිසා නොව ඔහු කියා තිබූ වචනයක් නිසාය.


පොලිසිය ඝාතකයා කවුදැයි කියා අනුමාන කළේ ඌළු මෝලේ අයිතිකරු සමඟ කියා තිබූ ඒ වචනය නිසාය.


ඒ වෙන කිසිවක් නොව සර් මෝලේවත්තේ කාවදෝ ගැහැනු කෙනෙක් මරලා දාලා ඉන්නවා යැයි කියන වචන පේළියය.


තමුන් කොහොමද මේ ගැහැනු කෙනාගේ සිරුර දැක්ක ගමන්ම මරලා දාලා කියා කියන්න පුළුවන් වුණේ යැයි කියා පොලිස් නිලධාරීන් ඒ සේවකයාගෙන් ඇසූ මුල්ම ප්‍රශ්නය විය.


ඒ ප්‍රශ්නය ඇසීමත් සමඟම සේවකයාගේ ඉරියව් එහෙම පිටින්ම වෙනස්වී ගොස් වචන පැටලෙන බවක් පොලිසියට පෙනී ගොස් ඇත.


පොලිසිය තවදුරටත් දිගින් දිගටම ප්‍රශ්න කිරීමේදී එකිනෙකට පරස්පර ප්‍රකාශ කරන්නට පටන්ගෙන ඇතැයි කියති.


පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ හෙම්බත්ව සිටි උළු කම්හලේ සේවකයා අවසානයේ ඔහු මේ සාහසික අපරාධය කළ බවට පාපොච්චාරණය කළේය.
ඔහු පොලිස් අත්අඩංගුවට පත්වන්නේ ඒ පාපොච්චාරණයෙන් පසුවය.


සැකකරු 25 හැවිරිදි අවිවාහක තරුණයෙකි.


සැකකරු පමණක් නොව ඔහුගේ මව පියා සහ සහෝදරයන් දෙදෙනා ද මේ උළු කම්හලේ කම්කරුවන් ලෙස සේවය කරන්නෝ වෙති.


සැකකාර තරුණයා සහ ඔහුගේ මව සහ පියාද තදින්ම කසිප්පු පානයට ඇබ්බැහිවී සිටින බව පොලිස් පරීක්ෂණවලින් අනාවරණය විය.


එපමණක් නොව ඝාතනයට ලක්වූ කාන්තාවද තදින්ම මත්පැන් පානය කිරීමට ඇබ්බැහිවී සිටි තැනැත්තියක් බව පොලිසියට දැනගැනීමට ලැබිණි.
පොලිසිය පරීක්ෂණ පවත්වා හෙළිකරගත් ආකාරයට උළු කම්හලේ වැඩ අවසන් කර සවස ගෙදර ආ සැකකාර තරුණයා කසිප්පු පානය කර ඇඟපත සෝදමින් සිට ඇත.


ඇඟපත සෝදමින් සිටියදී සෙංගම්මා නැමති කාන්තාව සැකකරුගේ නිවසට යනවා ඔහු දැක තිබේ.


මම ඇඟපත සෝදාගෙන ගෙදර යද්දී අම්මයි තාත්තයි සෙංගම්මා නැන්දයි කසිප්පු බෝතලයක් ගෙනල්ලා බොමින් සිටියා. කසිප්පු බීලා ඉවර වෙද්දි හොඳටම රෑ බෝවෙලා තිබුණා. සෙංගම්මා නැද්දා වෙරිමරගාතේ හිටියේ. කොච්චර වෙරි වෙලා හිටියාද කියනවා නම් නැන්දාට තනියම ඇවිදගෙන යන්නත් බැරි තරමට හිටියේ. අම්මේ මම නැන්දා ඉන්න ලයිමට ගිහින් ඇරලවලා එන්නම් කිව්වා. එහෙම කියලා නැන්දාගේ අතින් අල්ලාගෙන කළුවරේ ආවා යැයි කියා සැකකාර තරුණයා පොලිසියට පාපොච්චාරණය කර තිබෙන බව කියති.


අපරාධය සිදුකළ ආකාරය ගැන පවසමින් සැකකරු ඇයට අතවර කිරීමට සූදානම්වූ අවස්ථාවේ වෙරි මරගාතේ සිටියත් උඹ මගේ පුතෙක් වාගේ නේද යකෝ ඇයි එහෙව් මට මේ වගේ දෙයක් කරන්න යන්නේ කියා ඇය පැවසූ බව සැකකාර තරුණයා පොලිසියට කළ පාපොච්චාරණයේ සඳහන් වන බව දැනගැනීමට ඇත.


මෙවැනි සාහසික අපරාධයක් කර ගෙදර පැමිණි සැකකරු නිදාගෙන සිට පසුදින අලුයම අවදිවී ගොස් බලන විට ඇය එතැන සිටින බව දැක තිබේ.


සෙංගම්මා නැන්දා වැටිලා හිටිය නිසා මම හිතුවේ සිහිය නැතිව ඉන්නවා කියා. මම ඇය සොලවා බැලුවත් කතා කළේ නැහැ. ඊට පස්සේ ගල් කැබැල්ලක් අරන් ඇයගේ හිසටත් කම්මුල් දෙකටත් ගැසුවා එහෙම කළේ නැන්දා මැරිලාද සිහිය නැතිව ඉන්නවාද කියා දැනගන්න ඕනෑ නිසයි. ඇය මියගොස් ඇති බව මට තේරුම් ගියා ඊට පස්සේ තමා මම උළු මෝලේ අයිතිකාර මහත්තයාට ගිහින් කිව්වේ. මෝලේ වත්තේ ගැහැනු කෙනෙක් මරාදාලා ඉන්නවා කියා යැයිද සැකකරු පොලිස් නිලධාරීන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ පවසා තිබෙන බව කියති.


සැකකාර තරුණයාද පානය කර ඇත්තේ ඔහුගේ අම්මා සහ තාත්තා බීමට ගෙදර ගෙනැවිත් තිබූ කසිප්පුවලින් කොටසකි.


මේ බව සැකකරු පොලිසියට පවසා තිබේ.


වයඹ පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි විජේගුණවර්ධන සහ පුත්තලම දිසා බාර නියෝජ්‍ය පොලිස්පති චම්පික සිරිවර්ධන යන මහත්වරුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ හලාවත කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නුවන් වෙදසිංහ මහතාගේ උපදෙස් මත වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරි දේශප්‍රිය ජයතිලක මහතාගේ මෙහෙයවීම යටතේ වෙන්නප්පුව මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වසන්ත කුමාර සහ පාලන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන් දසනායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක සුදුසිංහ සහ උපපොලිස් පරීක්ෂක අයි.එම්.එන්. ඊරියගොල්ල යන මහත්වරුන් ඇතුළු පොලිස් කණ්ඩායමක් මේ සම්බන්ධව පරීක්ෂණ පවත්වා සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.


පොලිස් සැරයන්වරුන් වන ජයන්ත (24043), තිලකසිරි (27758), පෙරේරා (57475), පොලිස් කොස්තාපල්වරුන් වන බන්දුල (21935), සමීර (60568), බණ්ඩාර (35868) සහ බණ්ඩාර (69570) යන මහත්වරුන්ද මෙම පරීක්ෂණවලට හවුල්වී ඇත.

m



අදහස් (0)

එකට කසිප්පු බීපු කාන්තාව මරා දමලා

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site