කෙනෙකුට ජීවිතය එපා වෙන්නේ විසඳුමක් නැති එදිනෙදා ප්‍රශ්න නිසා විතරද? උපතින් ඇති වුණ විරූපී මුහුණ විකෘති හිස්කබල එහෙම නැත්නම් හදිසි අනතුරකින් විකෘතිතාවට පත් වූ සිය දරුවා දෙස බල බලා මව්පියෝ මොනතරම් මැරි මැරී උපදිනවද? මෙන්න මෙහෙම වෙලාවට තමයි ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරු මිහිපිට දෙවිවරු වගේ නේද කියලා හිතෙන්නේ.
ප්ලාස්ටික් යන නම ඇසූ පමණින් අපි එදිනෙදා පාවිච්චි කරන ප්ලාස්ටික් සිහි ගැන්වුණත් ප්ලාටිකොස් යන ග්‍රීක වචනයෙන් කැඩී ආ වචනයකට ජීවයක් දෙමින් විශේෂඥ වෛද්‍යවරුන් මෙම ප්ලාස්ටික් සැත්කම් සිදු කරන්නේ සිරුරේ ඇට, කාටිලේජ, පේෂි, ස්නායු මේදය හා හරඹ කරමින්.
විකෘති අඟ පසඟ හිස් කබල, මුහුණු ඇතිව ඉපදුණු දරුවන්ගේ ජීවිතයට අලු_ත් බලාපොරොත්තුවක් එක් කරමින් පසුගිය විසි දෙවැනිදායින් එළඹි සතිය ඇරඹුණා.
නවසීලන්ත ප්ලාස්ටික් විශේෂඥ ශල්‍ය වෛද්‍ය චාල්ස් ඬේවිස් ප්‍රමුඛ වෛද්‍ය කණ්ඩායම සහ කුරුණෑගල මහ රෝහලේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ගයාන් ඒකනායක ප්‍රමුඛ වෛද්‍ය කණ්ඩායමක් එක්ව හිසෙහි සහ මුහුණේ බරපතළ විකෘතිතා ඇති බරපතළ තත්ත්වයේ සිටින රෝගීන් විසිපස්දෙනෙකුට සැත්කම් කිරීම පසුගිය සතියේ ඇරඹුවා. ඉරිදා ලංකාදීප අප ඔවුන් හමුවීමට ගිය පසුගිය දිනය වන විට ඔවුන් අවසන් කළ සැත්කම් සංඛ්‍යාව අටක්.
සැත්කම සිදුකළ වෛද්‍යවරු සැත්කම් අවසන් කළ රෝගීන් පිළිබඳ කළ පසුවිපරමට අනුව සැත්කම්වල සාර්ථකත්වය සියයට අසූවක්.
සියයට සියයක් සාර්ථකත්වයට පත් වෙන්න කාලය ගන්න මෙම බරපතළ සැත්කම් හිස් කබල් දෙකක් ලෙස දිස් වූ දරුවෙකුගේ හිසෙහි විකෘතිතාව සැකසීමයි.
නාස දෙකක් ලෙස දිස් ව තිබූ දරුවකුගේ නාසයක් ඉවත් කර එක් නාසයක් සැකසීම.
නාසයක් නොමැති දරුවකුට නව නාසයක් නිර්මාණය කිරීම ඇදව තදවූ හිස් කබල් ලිහිල් කිරීම යන සැත්කම පසුගිය දින කිහිපයේ සිදු කෙරුණා.
සතියක් පුරා මෙරට රැඳී සිටීමට නියමිත නවසීලන්ත වෛද්‍ය කණ්ඩායමේ ප්‍රධානී ප්ලාස්ටික් විශේෂඥ ශල්‍ය වෛද්‍ය චාල්ස් ඬේවිස් මෙවැනි සැත්කම් කිරීමට ප්‍රසිද්ධියක් උසුලන ජාත්‍යන්තර තලයේ වෛද්‍යවරුන් අතර ඉදිරියෙන්ම සිටින විශේෂඥ වෛද්‍යවරයෙක්.
එමෙන්ම මෙවැනි සැත්කම් සිදු කිරීම පිළිබඳව කුරුණෑගල මහ රෝහලට අනුයුක්තව සේවය කරන විශේෂඥ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ගයාන් ඒකනායක මහතාද ඕස්ටේ්‍රලියාව සහ නවසීලන්ත රටවල වසර දෙකක පුහුණුවක් ලබා ඇති විශේෂඥ වෛද්‍යවරයෙක්.
රෝගීන් රැසක් සුවපත් කරමින් සිදුකළ සැත්කම් පිළිබඳව විමසීමට අප සම්බන්ධ කර ගත්තා නවසීලන්ත ප්ලාස්ටික් විශේෂඥ ශල්‍ය වෛද්‍ය චාල්ස් ඬේවිස් මහතා.
සිය වටිනා කාලයෙන් මොහොතක් අප වෙනුවෙන් වෙන් කළ ඒ මහතා අප පිළිගත්තේ සිනහ මුසු මුහුණින්.
නවසීලන්ත ජාතික චාල්ස් මහතා සිව්දරු පියෙක්. රට රටවලට ගොස් රෝගීන් සුවපත් කිරීම ඔවුන්ට නව බලාපොරොත්තුවක් ලබාදීමට ලැබීම තමා ලැබූ භාග්‍යක් ලෙස සලකන ඔහු අප හා පැවසුවේ මෙන්න මෙහෙම කතාවක්.
මුහුණ සහ හිසේ විකෘතිතා සහිතව ඉපදීම එහෙම නැත්නම් අනතුරකින් විකෘතිතා ඇතිවීම ඇත්තටම රෝගියෙකුගේ ජීවිතයට බලපාන හරිම වේදනාත්මක ගැටලුවක්.
සමහරු තම මුහුණේ විකෘතිය නිසා මානසිකව ඇදවැටී ජීවිතය අතහැරීමට පවා මෝඩ තීරණයන්ට පවා එන්න පුළුවන්. ඉතින් මට ඕන ඔවුන්ට ජීවත් වෙන්න ලොකු බලාපොරොත්තුවක් ඇති කරන්න.
එය ඔවුන්ට වගේම මටත් ආත්ම තෘප්තියක් ගෙන දෙන්නක්. මේ වන විට බරපතළ විකෘතිතා ඇති රෝගීන් දෙදහසකට පමණ සංකීර්ණ සැත්කම් සිදුකොට තිබෙනවා.
මැලේෂියා, වියට්නාමය, ස්වීඩනය, මියන්මාරය, ප්‍රංශය, සිංගප්පූරු, ශ්‍රී ලංකා, ඕස්ටේ්‍රලියා වැනි රටවල් ගණනාවක රෝහල්වලට සම්බන්ධව මා කටයුතු කළා.
ඒ වගේම ඉදිරි සතිය පුරා ජාතික රෝහලේදී සැත්කම් රාශියක් කිරීමට අප බලාපොරොත්තු වෙනවා.
මගෙන් පසුව මෙම සැත්කම් සඳහා කිරීමට මා කැනඩාව, ලංකාව, ඕස්ටේ්‍රලියාව, මැලේසියාව වැනි රටවල වෛද්‍යවරුන් කිහිපදෙනෙක් පුහුණු කළා. ඒ අය අතරින් අයෙක් තමයි ගයාන් ඒකනායක කියන්නේ. ඉතින් මා හිතනවා මෙම රෝගීන්ට සතුටු සිනහවක් ගෙනෙන්න අපට පුළුවන් වෙයි කියලා.
සියලු_ පහසුකම් සියල්ලන්ගේ දැනුම එක තැනකට එකතු වුණාම වඩා හොඳ දෙයක් කරන්න පුළුවන්. ඒ සඳහා අවශ්‍ය සියලු_ම දේ මෙම ශල්‍යාගාරයන්හි තිබීම වඩා වැදගත් බව මා සිතනවා යයි පැවසීය.
මෙහිදී අප හා එක් වූ විශේෂඥ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ගයාන් ඒකනායක මහතා මෙසේ පැවසීය. මෙම වෛද්‍ය කණ්ඩායම ඕස්ටේ්‍රලියාව සහ නවසීලන්තයේ ඉන්ටප්ලාස් සංගමයේ අධාර ඇතිව මෙරටට පැමිණියේ. ඒ වගේම ඕස්ටේ්‍රලියා සහ ලංකාව අතර තානාපති සබඳතාවන්ට 70 වසරක් සැමරීමත් මෙහිදී සලකුණු වෙනවා.
වෛද්‍ය කණ්ඩායමේ නිර්වින්දන වෛද්‍ය ඉන්දු කපූර්, ස්නායු ශල්‍ය වෛද්‍ය ඒ. වික්‍රමසිංහ, තාක්ෂණික සහයක සඳුන් කිතුලේගල, ජාතික රෝහලේ නිර්වින්දන වෛද්‍ය කණ්ඩායම, ප්ලාස්ටික් සැත්කම් ශල්‍යාගාර සහ වෛද්‍ය හෙද හෙදි කණ්ඩායම මේ සැත්සම් සඳහා එක්ව සිටියා.
මෙම සැත්කම් සඳහා අප රෝගීන් විශේෂ තෝරා ගැනීමකට ලක් කළා. සායනවලදී විකෘතිතා ඇති රෝගීන් කොතෙකුත් අපට හමුවෙනවා. ඒ අතරින් සමහර විකෘතිතා ඉතාම බරපතළයි.
සැකසීමට හැකි වෙයිද කියලා හිතෙන තරමට සංකීර්ණයි. ඒ වගේම පැය ගණනක් ඒ සඳහා ගත වෙනවා. ඉතින් ගතවන කාලයත් සමඟ සුවපත් කළ හැකි රෝගීන් සංඛ්‍යාවත් සීමිතයි. මෙම වෛද්‍ය කණ්ඩායම සතියක කාලයක් මෙහි රැඳී සිටිනවා. සැත්කම් විසිපහක් කිරීමට නියමිතයි. ඇත්තටම බොහොම සතුටුයි මෙම රෝගීන් ටිකෙන් ටික සුවපත් වෙන අයුරු දුටුවම.
ලබන බදාදා වන විට මෙවැනි බරපතළ සැත්කම් විස්සක් පමණ අවසන් කරන්නට හැකි වේ යයි අප හිතනවා.
ඇත්තටම මෙවැනි සැත්කමකට භාජනය කළ දරුවන්ට දැඩි අවධානයකින් පසු ප්‍රතිකාර ලබාදීම පවා සිදුකළ යුතුයි. මොකද, බොහෝ විට දරුවන් වැඩිහිටියන් වගේ නොවෙයි. අප කණ්ඩායම් හැඟීමෙන් කටයුතු කරමින් සියලු_ අභියෝග ජයගන්නවා.
පටක, පේශි, අස්ථි බද්ධ කරමින් කරන මෙම ශල්‍යකර්ම සිදු කිරීමට නියමිත පිරිස් අතර තරුණ වයසේ පසුවන්නන් පවා සිටිනවා.
මෙහිදී මා විශේෂයෙන් ස්තූතිවන්ත විය යුතුයි ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ඒකකයේ ප්‍රධානී විශේෂඥ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය දුලිප් පෙරේරා මහතාට. ඔහු තමයි මෙහිදී අපට මේ පසුබිම සැකසුවේ. ඔහුගේ උපදෙස් අපට බොහොම වැදගත් වුණා.
මම කුරුණෑගල රෝහලට අනයුක්තව කටයුතු කරනවා වුවත් විශෙෂඥ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය දුලිප් මහතාගේ ආරාධනයෙන් කොළඹ ජාතික රෝහලේ සැත්කම් සඳහා සහයට පැමිණෙනවා.
මෙම ශල්‍යාගාර වඩා දියුණු මට්ටමෙන් ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ඒකකයේ ප්‍රධානී වශයෙන් දුලිප් පෙරේරා මහතා පවත්වාගෙන යනවා. එය බොහොම වටිනා කටයුත්තක්.
ඒ වගේම අපගේ රජයට, සෞඛ්‍ය අමාත්‍යාංශයට, රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂක අනිල් ජාසිංහ මහතාටත්, මේ පහසුකම් ලබාදීම ගැන ස්තූතිවන්ත විය යුතුයැ’යි පැවසීය.
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
එතෙර-මෙතෙර වෛද්‍යවරුන්ගේ විස්මිත සැත්කම්
අජිත් Monday, 30 January 2017 02:47 PM
බොහොම පින් කටයුත්තක්. (බ)
ආරි Thursday, 02 February 2017 07:22 PM
මෙතුමන්ලා මිහිපිට දෙවිවරු. මට මතක්වුණේ "වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද...දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත" කියන සින්දුව (නි)