X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 26 වන සෙනසුරාදා


එදාටත් අදටත් රාජ්‍ය පාලනයට පාඩම් කියාදුන් ගජබා රජතුමා

ලම්භකර්ණවංශික වසභ රජු කීර්තිමත් රාජ පාලකයකු විය. පළමුවරට එතුමාගේ කාලයේ මහා වැව් නිර්මාණය කිරීම ආරම්භ විය. වාරි තාක්ෂණයෙන් පොහොසත් වූ එම පාලන සමය රට බත බුලතින් සශ‍්‍රීක කළේය. එසේම සුපැහැදිලි දේශපාලන මාවතක ගමන් ගත්තේය..

 

20_page_6-R
එතුමාගෙන් පසු වංකනාසිතිස්ස කුමරු රාජ්‍ය පාලනය භාර ගත්තේය. ඔහු ලංකාද්වීපය පාලනය කරන සමයේ සොලී රජෙකු පැමිණ මෙරට සිටි දක්ෂ වාරි ඉංජිනේරුවන් 12,000ක් ඉන්දියාවට පැහැරගෙන ගිය බව රාජාවලියේ සඳහන් වේ. එනම් චෝල දේශයේ කාවේරිපට්ටලම ප‍්‍රදේශයට ගෙන ගිය මේ සිංහල වාරි ඉංජිනේරුවන් යොදවා ඉන්දියාවේ කාවේරිපට්ටලමේ සිංහල දේශයේ වාරි තාක්ෂණය භාවිත කර වාරි කර්මාන්තය ගොඩනැගූ බව විශ්වාස කළ හැකි කරුණකි.


කෙසේවුවද වංකනාසිතිස්ස රජුගේ රාජ්‍ය කාලයෙන් පසු රාජ්‍යත්වයට පත්වන්නේ ඔහුගේ පුත් ගජබා කුමරුය. ඒ රාජ්‍ය සමය ලාංකීය ඉතිහාසයේ රාජ්‍ය පාලකයකුගේ වගකීම්, යුතුකම් හා ප්‍රෞඩත්වය පිළිබඳ බොහෝ කතා කියා දෙයි.


ඒ නිසාම ඒ අසහාය පාලකයාගේ ජීවිත දිග හැරුමට මා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉතිහාස හා පුරාවිද්‍යා මහාචාර්ය නන්ද ධර්මරත්න මහතා සම්බන්ධ කර ගත්තෙමු.


ගජබා කියන්නේ වංකනාසිතිස්ස රජුගේ පුතා. වසභ රජුගේ මුණුබුරා. ඔහු 114 සිට 136 දක්වා රජකම් කළා. මේ රාජ්‍ය කාලයේ එදාට වගේම අදටත් ගත හැකි බොහෝ ආදර්ශ තිබෙනවා.

SLD_20141221_F006
මේ කුමාරයාට පළල් උරහිස් තිබුණ නිසයි ගජබා කියන නම වැටුණේ. මේ ගජබා රජු විවාහවූයේ වසභ රජුගේ මහාවංශයේ සඳහන් නොවූ සෙල්ලිපිවල සඳහන්ව තිබූ උත්තර නම් පුතකුගේ දුවක සමඟයි. ඒ සරණ බන්දනයත් දේශපාලන අරමුණු සාක්ෂාත් කර ගැනීමට යෙදූ උපායක් මත සිදුවූවක්. ඒ නිසා එය දේශපාලන සරණ බන්දනයක් ලෙස සලකන්න පුළුවන්. කෙසේවුවත් ගජබා රජු අන්තර්ජාතික වශයෙන් ලංකාවට ගෞරවය ගෙන දුන් නායකයෙක්. ඒක සිද්ධ වුණේ මෙහෙමයි.


ගජබා රජු රාජ්‍ය පාලනය මෙහෙයවීමේදී මැති ඇමැතිවරුන් කියන දෙය ඒ ලෙසම පිළිගත් අයෙක් නෙවෙයි. ඒ නිසා මැති ඇමැතිවරුව පමණට වඩා විශ්වාස කළේ නෑ. රාජ්‍ය පාලනය නිසියාකාරව සිදු කරන්න නම් රට වැසියාගේ අවශ්‍යතා තමාම සොයා බැලිය යුතුයි යන්න ගජබා රජු විශ්වාස කළා. ඒ නිසාම එතුමා රාත‍්‍රියට වෙස්මාරු කරගෙන වීදිවල, ගම්දනව්වල ඇවිදින්න යනවා. මිනිසුන් කියන දෙයට ඇහුම්කන් දෙනවා. ඒ ආකාරයටයි රටේ තිබෙන සැබෑ තත්ත්වය ගජබා රජු අධීක්ෂණය කළේ. මෙවැනි පිළිවතක් ගෙනගිය ගජබා රජු දවසක් ඇවිදගෙන යද්දී එක්තරා දිළිඳු ගෙදරක අඬන සද්දයක් ඇහුණා. ඔහු ඊට හොඳින් සවන් යොමු කළා. රජතුමා ඒ ගෙදර සුදු පාට සලකුණක් තියා ආපසු මාළිිගයට ගමන් ගත්තා. ඒත් ඔහුගේ සිත කනස්සල්ලෙන් පිරිලා.
‘‘ඇයි ඒ ගෙදර අය ඇඬුවේ. ඇයි ඔවුන් දුකින් ඉන්නේ. මොනවද ඔවුන්ට තියෙන ගැටලූ’’ රජතුමා එළිවනතුරු කල්පනා කළා.


එසේ කල්පනා කළ රජතුමා පසුවදා උදේම අමාත්‍යවරු කැඳවූවා.


'මේ රටේ මිනිස්සු සතුටින් ද ඉන්නේ” රජතුමා ඇමැතිවරුන්ගෙන් ප‍්‍රශ්න කරනවා.


'ඔව් රජතුමනි. රට බත බුලතින් සරුසාරයි. මිනිස්සු ගොඩක් සතුටින් ඉන්නවා.” ඇමැතිවරු පවසනවා.
රජතුමා රාත‍්‍රියේ ඇසුන දේ අමාත්‍යවරුන්ට පැවසූූවා. අමාත්‍යවරුන්ගේ බස් විශ්වාස නොකළ රජතුමා රාත‍්‍රියේ සුදුපාටින් සලකුණු කළ නිවසේ ගෙහිමි කාන්තාව ගෙන ඒමට නියම කළා.


අමාත්‍යවරු ඒ අඬමින් සිටි ස්ත‍්‍රියව සොයා ගෙන මාළිගයට ගෙන ආවා.


'ඇයි ඊයේ රාත‍්‍රියේ නුඹ අඬමින් සිටියේ. ඊට හේතුව කුමක්ද?” රජතුමා කාන්තාවගෙන් ප‍්‍රශ්න ඇසුවා.


'අනේ මහරජතුමනි... ඔබතුමාගේ පියාගේ කාලයේ මෙරට සොලී අක‍්‍රමණයක් සිදුවුණා. ඒකෙන් අපේ රටේ සිංහල දරුවෝ 12,000ක් සොලී රටට අරගෙන ගියා. ඒ අය අතර මගේ පුත්තු දෙන්නත් හිටියා. අනේ මට මගේ පුතාලා ගෙනැත් දෙන්න.”


ඒ මහළු මව රජු ඉදිරියේ හඬා වැටුණා. රජුගේ සිත සසල වුණා. රජු ඒ සිදුවීම සිතේ තැන්පත් කර ගත්තා.


මෙහිදී රජු තවත් එක් සුවිශේෂි දෙයක් තේරුම් ගෙන තිබුණා. එනම් වසභ රජතුමාගේ කාලයේ පළමුවරට රාජ්‍ය බලය විමධ්‍යගත කළ බව ඉතිහාසයේ සඳහන් වෙලා තියෙනවා. ඒ විමධ්‍යගත කිරීම සොලී ආක‍්‍රමණයකට මග පෑදෙන්න ඇති කියලා රජු විශ්වාස කළා. ඒ වගේම ගජබා රජුගේ සරණ බන්දනයෙනුත් පැහැදිලි වන්නේ මෙපමණ කල් බෙදී තිබුණ රාජ්‍යවල බලය ඒ්කරාශි කර රට එක්සේසත් කිරීම. ඒ නිසයි එය දුරදිග බලා කළ සරණබන්දනයක් ලෙස හැඳින්වූයේ. ඉන් සතුරු ආක‍්‍රමණවලට තිබූ ඉඩප‍්‍රස්තා අසුරා දැමුවා.


මේ ආකාරයට රට එක්සේසත් කළ ගජබා රජු නීලමහා යෝධයා ඇතුළු පිරිසක් සමඟ සොලී රටට යාමට තීරණය කළා. ඔහුට නැති වූ රාජ්‍යගෞරවය යළිත් ලබා ගැනීමට අවශ්‍ය වුණා.


මෙම මෙහෙයුමේ නායකයා වූයේ නීල මහා යෝධයාය. ඔහු ශක්තිමත් අයෙක්. ඔහු සොලී පුරයට ගිහින් මුළු සොලී පුරයම බය කරලා එහි සිටි ඇතුන් අල්ලා එකෙකුගේ ඇෙඟ් එකෙකු ගසා මරා දැමූ බව ඉතිහාසයේ සඳහන් වෙනවා.


එහිදී සොලී රජුට ගජබා රජු සොලී රට ආක‍්‍රමණය කිරීමට පැමිණ ඇති බව දැනගන්නට ලැබෙනවා. සොලී රජු ගජබා රජු හමු වී කතා කරනවා. මෙසේ සොලී රට ආක‍්‍රමණය කිරීමට හේතුව කුමක්දැයි ඔහු අසනවා.


ඒ වෙලාවේ ගජබා රජු ඔහුගේ පියාගේ කාලයේ චෝල දේශයේ රජු සිය රටින් පිරිසක් රැුගෙන ආ බවත් ඊට පිරිසක් ගෙනියන්න ආ බවත් පවසනවා.
එම ප‍්‍රකාශයට කිපුණු සොලී රජු ඔවුන් දෙවි පුරයට ගිහින් අසුර යුද්ධයක් කර ජය ගත් පරම්පරාවක්. ඒ නිසා ගජබා රජුට සොලී පුරයෙන් සෙනඟ ගෙනියන්න ඉඩ නොදෙන බවට තර්ජනය කරනවා.


ගජබා රජු කෝප වෙනවා. නීල මහා යෝධයා ඇතුුළු පිරිස සමඟින් සොලී දේශය විනාශ කර 12,000ක් සෙනඟ වෙනුවට 24,000ක් දෙනා රැගෙන ලංකාවට පැමිණෙනවා.


ඒ වගේම වලගම්භා රජු සමයේ සොළීන් ලංකාවේ තිබූ පාත‍්‍රා ධාතුව ගෙනි යනවා. ගජබා රජු එම සිය මව්බිමේ උරුමය වූ අතිඋතුම් පාත‍්‍රා ධාතුවත් නැවත ලබා ගන්නවා.


ඒ වගේම ඉන්දියාවේ තිබූ පත්තිනි දේවියගේ සළඹත් රැුගෙන ඔහු ලංකාවට එනවා.


මේ ආකාරයට ගජබා රජු මෙරට නැති වූ ගෞරවය නැවත ලබා දී ජාත්‍යන්තරයේ කළ වික‍්‍රමය පිළිබඳ රාජාවලියේ විස්තර කර තිබෙනවා. මේ සම්බන්ධව ජනකතා සමුදායකුත් තිබෙනවා.


ඒ වගේම 6 වැනි හෝ 7 වැනි සියවසේ ලියැවී ඇති පත්තිනි දේවියගේ ගුණ ගායනා කරන කරත්ත ගීවලත් සිලප්ධිකාරම් නමැති දෙමළ මහා කාව්‍යයේත් ලංකාවේ ගජබා රජු පිළිබඳව සඳහන් වී තිබෙනවා.


සෙංගුටුවන් නමැති චේර රජු පත්තිනි දේවිය වෙනුවෙන් කෝවිල් හදවා එය උත්සවශ‍්‍රීයෙන් සමරන වෙලාවේ ඊට ගජබා රජුත් සම්බන්ධ වූ බව රාජාවලියේ සඳහන් වෙලා තියෙනවා.


අද ලංකාවේ බොහෝ අය සමරන පත්තිනි දේව ඇදහිල්ල ගජබා රජුගේ කාලයේ සිට පැවත එන්නක් ලෙස මේ ඓතිහාසික මූලාශ‍්‍ර පිරික්සීමේදී පැහැදිලිවෙනවා.


මේ කරුණු මහාවංශයේ සඳහන් නොවීමටත් වෙනත් ග‍්‍රන්ථවල සඳහන් වීමටත් තවත් කරුණු බලපාලා තියෙනවා. එනම් මහාවංශය ලිව්වේ මහාවිහාරික භික්ෂුවක් වූ මහානාම හාමුදුරුවෝ. මෙහිදී ගජබා රජු මහා විහාරයට පක්ෂපාතී නොවීම හා අභයගිරි විහාරයේ ප‍්‍රමුඛ දායකයෙක් වීම මීට හේතු විය හැකි බව පෙනී යනවා.


කෙසේවුවත් ගජබා රජු යනු තමුන්ට ලැබුණ බලයෙන් ජාත්‍යන්තර කීර්තිය අත් කරදුන් පුද්ගලයකු බවත්, ඇමැතිවරු පිළිිබඳ කිසිදු විශ්වාසයෙන් කටයුතු කළ අයකු නොවන බවත්, තමන්ම ප‍්‍රායෝගිිකව ගවේෂණය කර ජනතා ප‍්‍රශ්න අවබෝධ කර ගත් පාලකයෙකු බවත් ඉතිහාස කතාවලින් පැහැදිලි වෙනවා.


m



අදහස් (12)

එදාටත් අදටත් රාජ්‍ය පාලනයට පාඩම් කියාදුන් ගජබා රජතුමා

අශෝක රළපනාව Monday, 22 December 2014 02:48 PM

මෙවැනි ලිපිවලින් අපේ ජාතික ආලය තවතවත් ඔද වැඩෙනවා. මෙවැනි ලිපි අපේ පාසැල්වල නැත්තේ ඇයි? (නදී)

:       0       0

සමන් Tuesday, 23 December 2014 04:48 AM

මහාචාර්යතුමනි, ලම්බකරණයන් ඉන්දියානුවන් නම් ඔවුන් සිංහල නෙමෙයිද? මේ රටේ පිරිසිදු සිංහල රජවරු කවුරුන්ද? සිංහලයාගේ අාරම්බය කුමක්ද? (ස)

:       0       0

අසේල Tuesday, 23 December 2014 04:54 AM

දේවානම් පියතිස්ස මෞර්ය වංශයේ කියල ඔබතුමා සදහන් කළා. ඒවගේම ඉන්දියාවේ ධර්මාශෝක රජුත් මෞර්ය වංශයේ බවත් කියනවා. එතකොට ධර්මාසෝක රජුත් සිංහලයෙක්ද? (ස)

:       0       0

විපුල Tuesday, 23 December 2014 07:25 AM

අසේල, ඔබ අහන කතාව හරි. මේ ගැටලුවට කවූරු හරි විද්වතෙක් අදහස් දක්වනවා නම් වටිනවා. මෙවැනි කරුණු අප සංවාදයට ලක් කළ යුතයි. ඉතිහාස අධ්‍යයනය පිලිබදව නිවැරැදි තර්ක තිබිය යුතුයි. (ර)

:       0       0

ගීතා Wednesday, 24 December 2014 12:51 PM

ඉතිහාසය අනිවාර්යයෙන්ම පාසල් පාඨාමාලවට ඇතුලත් කරන්න. (නදී)

:       0       0

මේනකා Saturday, 27 December 2014 05:45 AM

මෙන්න රජවරු අැත්තටම මෙහෙම ඉතිහාසයක් අපට තියනවා නේද ?(හේ)

:       0       0

ධර්මපාල Saturday, 03 January 2015 12:05 PM

ලම්බකර්ණ යනු බද්‍ර කච්චාන දේවි පටන්ගත් සිංහල රාජවංශයයි. බද්‍ර කච්චාන යනු බුදුන් වහන්සේගේ පරපුර (නදී)

:       0       0

ගයාන් Tuesday, 06 January 2015 05:18 AM

නියම සිහල දැන් හොයා ගන්න බැහැ. ඒ කාලයේ ඉදල සොළි ඉන්නවා. දැන් 10% අඩු වුනේ කොහොමද​? ඔක්කොම කලවම් (බ)

:       0       1

අසේල පෙරේරා Tuesday, 03 February 2015 10:06 AM

ඉතා හොද ලිපි පෙළක් ලෙස හඳුන් වන්න පුළුවන්. කෙසේ නමුදු මෞර්ය හා ලම්බකර්ණ රාජවංශ පිළිබඳවද එලාරයන්ට පෙර සිටි රාජ්‍ය පාලකින් ගැනද තොරතුරු දැනගැනීමට කැමැත්තෙමි. (ර)

:       0       0

සේමරත්න Saturday, 07 February 2015 04:25 PM

12000 ට 24000 ක ගෙනාපු එක තමයි අදටත් ලංකාවේ ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. (නදී)

:       2       2

අංජුල Sunday, 19 April 2015 03:23 PM

කරුණාකර ගජබා රජු ඉන්දියාවට ගිය පසු සිදුකළ විවිධ වික්‍රමයන් මෙම ලිපියට ඇතුලත් කරන්න. (බ)

:       0       0

මලීෂා Monday, 18 May 2020 04:59 AM

ගජබා රජතුමා සමග නීල මහා යෝධයා මුහුද දෙබෑකරගෙන ගිය ස්ථානයක් සදහන් කරල තියෙන මූලාශයක් නැද්ද..?

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site