X Advertisement
IMG-LOGO

2025 අගෝස්තු මස 12 වන අඟහරුවාදා


එම්බාම් නහරෙ කපලා

මෙය ලියන මම සාහිත්‍ය කරුවකු නොවෙමි. ලේඛකයෙක්ද නොවෙමි. එහෙත් යම් රැකියාවක නමින් මා හඳුන්වා දීමටත් මට නොහැකිය. මක් නිසාද මම කිසිදු ස්ථීර රැකියාවක්ද නොකරන බැවිනි. කලෙක මම සිත්තරෙක්මි. තව කලෙක විදුලි කාර්මිකයෙක්මි. විටෙක නිවාස පින්තාරු කරුවෙක් වන මම, තව කලෙක රියදුරෙක්මි. රියදුරෙකු වුවත් “මල් ශාලාවක” රියැදුරකු වීමට මම, මාගේ ගෙවී ගිය ජීවිත කාලයේදී නොසිතුවෙමි. නමුත් ජීවිතය හෝ දෛවය 8හෝ යනු අප සිතන පතන දෙයක්ම ලබා දෙන්නක් නොවන බවත්, එය අප නොසිතූ දෙයක්ම ළඟා කරවන බවත් මම අසා ඇත්තෙමි. එහෙත් මම මල් ශාලාවක රියදුරෙකු බවට පත් වූයේ, පත් කර වූයේ දෛවය විසින් යැයි මම නොසිතමි. එය එසේ වූයේ පවත්නා ධනවාදී ක්‍රමය විසින් මගේ ජීවිතයට එල්ල කරනු ලැබුවා වූ මූල්‍යමය පීඩනය නිසා යැයි මම කියමි. එහෙත් දෛවය යනුත් එයමද?


කෙසේ වුවද එම මල් ශාලාවේ සේවය කරන කාලයෙහි මමද යම් අත්දැකීම් ලැබුවෙමි. මම රැකියාවෙන් ඉවත්ව දැනට වසර දෙකකට ආසන්න වෙතත් මා ලැබූ අත්දැකීම් හා මා ඇසූ දේ තවමත් මගේ සිත තුළ නොමැකී ඇත.

6
ඇත්තෙන්ම සමහරුන් කියන ආකාරයේ අත්භූත සිදුවීම් හා හොල්මන් අවතාර මෙම මල් ශාලා තුළ තිබේද? මල් ශාලාවක මෘත ශරීර බෙහෙත් ගල්වන්නා (එම්බාම් කරු) ට හෝ එහි අනෙකුත් සේවකයන්ට තම සේවා අත්දැකීම් ගැන කෙනකු විමසත්දී කීමට ඇත්තේ හොල්මන් අවතාර ගැන කතන්දර පමණක්ද? මෙහි පළමු පැනයට දීමට ඇති පිළිතුර නම් “නැත” යන්නයි. මගේම අත්දැකීම් අනුව කියන්නේ නම්, මගේ සේවා කාලය තුළ බොහෝ වාර ගණනක් මෘත ශරීර තුන හතරක් සමඟ තනිවම රැය පහන් කිරීමට මට සිදුවිය. අපේ සමහර සිංහල බෞද්ධ අයියලා තම මව, පියා මියගියත් අඟහරුවාදා සහ සිකුරාදා දිනවල මෘත දේහය නිවසට නොගෙන යන බැවින් ඒ දිනවලට අප මල් ශාලාවේ මෘත ශරීර තුන හතරක්වත් එකතු වෙයි. එම්බාන් කාමරයේ ඇති සිමෙන්ති මේස දෙකෙහි බෙහෙත් ගල්වා ඇති හෝ එසේ නැති සිරුරු ද, එයින් පිට තබා ඇති ගිලන් මැසි තුනක පමණ බෙහෙත් ගල්වා ඉටිකොළ ඔතා “බාගෙට” වැඩ අවසන් කොට ඇති (මරණ පරීක්‍ෂණය සඳහා විච්වේදනය කළ සිරුරුද ඇතුළුව) දේහයන් මගේ පේන මානයේ තිබියදී මා තනිවම රැය ගෙවූ අවස්ථා බොහෝය. බියක් චකිතයක් නොදැණුනා කීවොත් එය මුසාවකි. එහෙත් මම හොල්මන් හෝ අවතාර නම් නොදුටුවෙමි. තවද මා සේවය කළ මල් ශාලාවේ එම්බාම්කරු එම රැකියාවේ වසර තිහක පමණ අත්දැකීම් ඇත්තෙකි. හොල්මන් අවතාර ගැන මොනයම් හෝ අත්දැකීමක් ලබා ඇත්දැයි මා ඔහුගෙන් විමසූ විට ඔහුගේ පිළිතුරු වූයේ, “නැහැ. මට නම් එහෙම අත්දැකීමක් තවම ලැබිල නෑ.” කියායි. එමෙන්ම වසර 45ක් පමණ මෘත ශරීර සමඟ ගනුදෙනු කරන තවත් එම්බාම් කරුවකුගෙන් ඉහත පැනයම විමසුවෙමි. ඔහුද කියා සිටියේ තමන් මේ වනතෙක් හොල්මන් අවතාර නොදුටු බවත්, කිසිදා අත්භූත සිදු වීමකට මුහුණ පා නොමැති බවත්ය.


මම, එම මල් ශාලාවේ සේවයට ගිය දිනම, එනම් මා එම මල් ශාලාවේ සේවයට එක් වී පැයක්වත් ඉක්ම යන්නට පෙර මෘත ශරීර දෙකක් රැගෙන ඒමට මට සිදු විය. ඉන් එකක් නිවෙස තුළම මිය ගොස් සිටි වයොවෘද්ධ කාන්තාවකගේය. අනෙක් මෘත ශරීරය තිබුණේ එම ප්‍රදේශයේ පිහිටි රෝහලේයි. මේ වනවිට එම ප්‍රදේශයේ මාර්ග පිළිබඳව මා කිසිත් නොදන්නා නිසාත්, මෘත ශරීර වාහනයට පටවා ගැනීමට මගේ සහයට කෙනෙක් අවශ්‍ය නිසාත් මේ ගමන් දෙකම මා සමඟ පැමිණියේ “වික්‍රමෙ” අයියායි. ඔහු මෙම මල් ශාලාවේ සේවකයකු නොව මල් ශාලාව හිමිකරුගේ වත්ත පිටියේ වැඩ කිරීම සඳහා පැමිණෙන්නෙකි. වසර හතරක් පමණ මෙතැන සේවය කරන ඔහු, මල් ශාලාවේ නිත්‍ය සේවකයන් කාර්ය බහුල වූ වේලාවට මල්ශාලාවේ වැඩත් කළ යුතුය. එබැවින් එදිනද මාත් සමඟ මෘතශරීර රැගෙන ඒම පිණිස පැමිණියේ ඔහුයි. අපි රෝහල කරා පැමිණියෙමු. මම මෘත ශරීරාගාරය අසලම වෑන් රථය නැවැත් වූයෙමි. එහෙත් “මෝචරිය” වසා තිබිණ. මෙවිට අප රැගෙන යාමට පැමිණි දේහයේ අයිතිකරුවන් කීවේ, මෝචරි සේවකයන් “තව ටිකකින් එන්නම්” කියූ බවත්, එතකම් සිටින ලෙසත්ය. අප මෙසේ විනාඩි 15ක් පමණ සිටින විට සුදු ඇඳුම් ඇඳි මෝචරි සේවකයන් දෙදෙනා පැමිණියහ. තැනින් තැන ලොකු හිල් තිබූ තහඩු දිරා ගිය, මෝචරියේ” දොර ඔවුන් ඇරියේ කිසිදු හදිසියකින් තොරවයි. ඉන්පසු මිනී ගෙනියන තැටියද රැගෙන වික්‍රමෙ අයියාත් මමත් ඒ තුළට පිවිසුනෙමු. එවිට එතුළ හුන් දෙදෙනාගෙන් එකෙක් මා දෙස බලා වික්‍රමෙ අයියා ගෙන් මෙසේ ඇසීය. “හාං... හ්...  මෙයා කවුද...? අලුතෙන්ද...?” “ආ....ඔව්.....ඔව්.....මෙයා මේ දැන් ටිකකට කලින් තමයි වැඩ බාර ගත්තෙ....” වික්‍රමෙ අයියා කීය. මම එම සේවකයා දෙස බැලීමි. තද රතු පැහැයෙන් දිස් වූ ඔහුගේ කට කියාපෑවේ හේ දීර්ඝ කාලීන බුලත් විට හපන්නෙකු බවයි. ඒ මොහොතේද ලොකු බුලත් විටක් ඔහුගේ හකුපාඩා අතර ඇඹරෙමින් තිබිණ. ඔහුගේ කුඩා දෑස්ද බුලත් විටේ රතු පැහැයට දෙවැනි නොවීය. අප රැගෙන ගිය සුදු ඉටි කොළය මෘත ශරීරය වැසෙන සේ පෙරවූ ඔහු ඉටි කොළයේ දෙපැත්ත “සස්” “සස්” හඬින් මිනියේ පිට පැත්තට එබුවේ මළ මිනිය “පැකට්” කළා සේ පෙනෙන අයුරිනි. දැන් එම “බොඩිය” ද වෑන් රථයට පටවාගත් අපි මල් ශාලාව බලා එන්නට වීමු. ඒ එන අතර වික්‍රමෙ අයියා කතාවක් කීය. ඒ කතාව මෙසේය..... “අර බුලත් විටක් කටේ ඔබන් හිටපු මිනිහගෙ නම “ජයලත්” මිනිහ තමයි ඕකේ (රෝහලේ) මීනි කපන්නෙ. ඔය මිනිහ එක්කත් අපේ ලසන්ත (මා සේවය කරන මල් ශාලාවේ එම්බාම්කරු) වලියක් දා ගත්ත. මම හිතන්නෙ ජයලත්ට අපේ එකා කනට එකක් ගැහුවද කොහෙද. කොහොම හරි වැඬේ ටිකක් දුර ගියා. මොකද මෙයා ගැහුවෙ අර මිනිහගෙ ඩියුටි වෙලාවෙ, මෝචරිය ඇතුළෙදිම. අන්තිමට අපේ බොස් (මල් ශාලාවෙ අයිතිකරු) මැදිහත් වෙලා තමයි වැඬේ ගොඩින් බේර ගත්තෙ.

ඒත්.....එදා ඉඳන් අර ජයලත්, ලසන්ත ගෙන් පළිගන්නේ අමුතු ක්‍රමේකට..... දැන් ඔය සිද්ධිය වෙලා අවුරුද්දකටත් වැඩියි..... ඒත් මිනිහගෙ වෛරය ඉවර නෑ. තවම ගේම දෙනව....” “මොකක්ද අර අමුතු විදිහට පළිගන්න කතාව.....?” මම ඇසුවෙමි. “මෙහෙමයි.... බොඩිය කපන්න කලින් ජයලත් දැනගත්තොත් බොඩිය එන්නෙ අපේ මල් ශාලාවට කියල, මිනිහ කරන්නෙ මළ මිනියෙ බෙහෙත් ගහන නහර පුළුවන් තරම් ඇදල ඇතුළෙන්ම කපනවා. එතකොට එම්බාම් කරන මිනිහ ඒ නහර හොයා ගන්න පැය ගාණක් දගලන්න ඕන. සමහර නහර මැදින්, බාගෙට කපල තියලා තියනවා. එහෙම කෙරුවම බොඩියට ගහන බෙහෙත් ඔක්කොම ලීක් වෙනවා. ඉතින් ඒ ලීක් වෙන නගර හොය හොයා මහල බොඩිය හදන්න එම්බාම් කාරයා දස වදයක් විඳින්න ඕන. ඔන්න ඔහොමයි මිනිහ අපේ බුවාගෙන් පළිගන්නෙ.” වික්‍රමෙ අයියා කතාව නිම කළේය. 


එදින සවස මම මේ කතාව ඇත්තදැයි අපේ මල් ශාලාවේ එම්බාම් කරු වූ ලසන්තගෙන් විමසුවෙමි. “ඔව් මචං. අද ගෙනාපු මේ බොඩිය කපලා නෑ. (මරණ පරීක්‍ෂණය පවත්වා නොතිබූ) නැත්නං උඹට බලන්න තිබුණ මිනිහගෙ සෙල්ලම.” එහෙත් ඒ සෙල්ලම බැලීමට මට වැඩි දිනක් ගත කිරීමට සිදු නොවීය. ඊට දින දෙකකට පසු මෘත දේහයන් ගෙන ඒම පිණිස මට එම රෝහලටම යාමට සිදුවිය. එය මරණ පරීක්‍ෂණය සඳහා විච්චේදනය කළ පිරිමියකුගේ මළ සිරුරකි. අපේ මිත්‍රයා “ජයලත්” එදිනද මෝචරියේ සිටියේය. අපි ඔහුගේද සහයෙන් මළ සිරුර තැටියට දමා ගතිමු. ඔහු අපෙන් මෙසේ ඇසීය. “අර... හාදයා නේද තවම ඕකෙ ඉන්නෙ?” “කවුද? ලසන්තද? ඔව්..... මිනිහ තමයි තවම ඉන්නෙ.” එසේ පිළිතුරු දුන්නේ මා සමඟ ගිය අනෙක් සගයායි. ඊළඟට ජයලත් අපට මෙසේ දේශනයක් කළේය. “ඔය පරය හිතං ඇති අපිට චණ්ඩි පාට් දාලා වැඩ කොරන්ට..... මම ඕකට යන හැම බොඩියකම නහර කපනව තමයි.... මේකෙත් කැපුවා....ඇයි? ඌ මට මොනව කොරන්ටද.....? ඌට බෑ මිනීවල නහර කැපුව කියල මට මොකවත් කොරන්ට...... ඒත් අපිට පුළුවන්..... මේක ඇතුළෙ අපිට ඕන දෙයක් කොරන්ට පුළුවං හලෝ.....”


අපි එම දේහය රැගෙනවිත් මල් ශාලාවේ එම්බාම් කාමරයේ තැබුවෙමු. අපේ එම්බාම්කරු ලසන්ත පැමිණ මට අඬගැසීය. “අජන්ත මේ....බලපං අර මෑන් කළ වැඩ.... මේ...න්...න මෙතන තමයි.... බෙහෙත් ගහන නහරෙ තියෙන්න ඕන.” ලසන්ත එම මෘත දේහයේ කපා සුනු කරන ලද කලවයක් මට පෙන්වමින් කියයි. “ඒත් බලපං මේකෙ නහරයක් තියා මොකක්වත් තියෙනවද කියල....? ආයෙ බලන්න දෙයක් නෑ...අනිත් ඒවත් මූ කපලම දාලා ඇති....මේ.....” සුදු පාට ග්ලවුස් දැමූ දෑතින් මෘත ශරීරය අවුස්සමින්, පෙරළමින් මගේ මිත්‍රයා එහි නහර හොයයි. මේ අතර මගේ මතකයට නැගුණේ රෝහලේ “මිනී කපන්නා” දැනට ටික වේලාවකට පෙර අපට කියූ කතාවයි. “මේක ඇතුළෙ අපිට ඕන දෙයක් කොරන්ට පුළුවං හලෝ.....”

m

 



අදහස් (0)

එම්බාම් නහරෙ කපලා

මැටිපහන Tuesday, 17 May 2016 08:52 AM

හොල්මන්, අවතාර, බලි තොවිල් ගැන විශ්වාස කරන අයට හොඳ ලිපියක්. (නි)

:       0       0

කපිල Wednesday, 18 May 2016 05:06 AM

සොයුර, ඔබේ ලිපිය රසවත් මෙන්ම හරවත්ය. විශේෂයෙන්ම විසිඑක්වන තාක්ෂණ සියවසේදීත් හොල්මන් අවතාර, යන්ත්‍ර මන්ත්‍ර පසුපස යන අන්ධ සමාජයට ඉතා වැදගත්ය. ස්තුතියි! (නි)

:       0       0

අජිත් Wednesday, 18 May 2016 02:19 PM

ඕක මොකක්ද අනේ, දියවන්නාවේ මහගෙදර ඉන්න අයගෙත් ලජ්ජ නහරය කපළලු තියෙන්නේ...(බ)

:       0       0

චම්පික Thursday, 19 May 2016 11:11 PM

අජන්තා, ඔබ සාහිත්‍යකරුවෙකු, ලේකකයෙකු නොවුණාට සමහර ලේකඛයන්ට වඩා හොඳින් ලිපිය පෙළගස්වා තිබෙනවා. හැකියාව දියුණු කරගෙන තවත් ලියන්න. ඔබට හැකියාව ඇති බව පෙනෙනවා. බුද්ධිමත්ව කටයුතු කළොත් ළඟාවිය නොහැකි තත්වයක් නැත. ඔබට ජය. (නි)

:       0       0

සනත් Saturday, 21 May 2016 05:09 PM

චම්පික පැවසූ අදහස අනුමත කරමි. ඔබට රසවත්ව ලිවීමේ හැකියාව ඇත. සුබ පතන අතර ඔබගේ ලිපිය ඉතා රසවත් බවත් කියමි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site