X Advertisement
IMG-LOGO

2025 මැයි මස 22 වන බ්‍රහස්පතින්දා


ඒ අසරණ ගෑනු ළමයි කොළඹට අහිසංක වැඩියි

 06-Rasa-P1-01  

 

කවුරුන් මොන දේ කළත් හැමෝම උත්සාහ කරන්නේ කාබී ලස්සනට ඇඳ පැලඳ ජීවත් වෙන්නටය. නමුත් ඒ ජීවත් වීම තුළ මොනතරම් දුෂ්කරතා තියේ දැයි අත මිට හිඟ, බලාපොරොත්තු හීන පුරවාගත් මිනිස්සු දනිති. එහෙම ගත් විට ජීවිතය යනු එත අතෙකින් සටනකි. තවත් අතෙකින් හෙම්බත් වී පැරදුණු තරගයකි. ඇතැමෙක්ට ලේ දහදිය මතින් දිනා ගත්තකි. එකී පසුබිම් අතරේ, ජීවන සටනේ හිනා වෙන්නට උත්සාහ කළ පුංචි කිරිලියන්ට සිදාදියේ වෙන ශෝඛාන්තය අද ලියමු.

 

 

 

ඈත පිටිසර ගමේ ඉපදුණත් ලස්සනට ජීවත් වෙන්නට කවුරුත් අකමැති නැත. මේ රටේ සතර දිග්භාගයේ කෙළවරක හිටියත් තරුණියක් හැටියට ඩෙනිමක් ඇඳල අලුත් ටී ෂර්ට් එකක් ඇඳලල කරට රන් චේන් එකක් දාගෙනල අතට වටිනා ෆෝන් එකක් අරගෙනල ඉඳහිට කෑම බීමේ වෙනසක් කරල පවුලේ අයට යුතුකම් කරන්නට මොන තරුණියද අකමැති...

හැඟීම් පාලනය කරගන්න

02-Rasa-P1-01

සුවසේ ජීවත් වෙන්න ණය වී හෝ සැප විඳින්න අළුවී යන මේ ශරීරය ආපසු මේලොවට එන්නේ කෙසේද යනුවෙන් පැරණි ඉන්දියාවේ චාර්වාදීහු ප්‍රශ්න කළහ. චාර්වාදීන්ගේ අදහසට වඩා අධ්‍යාත්මික ගැඹුරක බුදුදහම තිබෙයි. නමුත් බුදුදහමේ පවතින අධ්‍යාත්මික ගැඹුර කරා යන්නෝ සුළුතරයකි. එදත් අදත් වැඩි දෙනා ඉහත කී චාර්වාදීහුය. වර්තමානයේ මිනිස්සු ජීව්ත ගෙවන්නේ ණය වී හෝ ගේ දොර හදන්න, ණය වී හෝ යාන වාහන ගන්න, ණය වී හෝ අඳින පලඳින යුගයක් තුළය. තවද මිනිස්සු මරා හෝ ස්ත්‍රීන්, ළමා ළපටින් දූෂණය කර හෝ අල්ලස් පගා ගෙන හෝ තමන්ගේ සැපත ගෙන යන යුගයකය.


මේ තත්ත්වය බරපතළ වශයෙන් සමාජ පරිහානියක් කරා රැගෙන ගොස් ඇත. එවැනි ආකාරයට සැපත සෙවීමට පුද්ගලයා යොමු වූයේ කෙසේද? එහි ප්‍රධාන ඌනතා දෙකක් අපි දකිමු. එකක් මිනිස්සු ජීවත් වෙන ආර්ථික වශයෙන් අතෘප්තිකර තත්ත්වයයි. අනෙක අධ්‍යාත්මික වශයෙන් පුද්ගලයාගේ කඩා වැටීමයි. මේ කාරණා දෙකම තරගයට පුද්ගල මානසික අතෘප්තිකර ස්වභාවය මවන සාධක බවට පත්වී ඇත.


වත්මන් සමාජ ප්‍රවාහය යෙදී ඇති රැල්ල තුළින් නූතන තරුණයා තරුණිය මුදවා ගැනීම පහසු නැත. අන්තර්ජාල, වෙබ් අඩවි, ෆේස්බුක්, පමණක් නොව දෙස් විදෙස් චිත්‍රපට නාට්‍ය ආදිය හරහා තරුණ ප්‍රජාව සීමාව ඉක්මවා අනුකරණයට හා ප්‍රදර්ශනකාමී බවට යොමු වී ඇත.

ඔවුන්ට තමන්ගේ ආර්ථික පදනම අමතක වී ඇත. ඔවුන් උත්සහ කරන්නේ ණය වී හෝ බාහිර සමාජයේ අවධානය යොමු වන පරිදි ජීවිතය අත් විඳීම සඳහාය. එතැනදී රැකියාවට අමතරව පවතින සමාජ රැල්ලට මුහුණ දීම සඳහා ඔවුන් විවිධ ආර්ථික උපක්‍රම කරා යන බවක් පෙනෙන්නට ඇත. විශේෂයෙන් එය යහපත් නිවැරදි ආර්ථික ක්‍රමයක් වී නම් ගැටළුවක් නැත. නමුත් තමන්ගේ සැප විවරණය උදෙසා හෝ ළමයින් අනවශ්‍ය පරිදි භාවිතා කිරීම, සොරකම් කිරීම, පගා ගැනීම, මනුෂ්‍ය ඝාතනය කිරීම ආදී නොයෙක් මුහුණුවරින් එය මතුවන බව අපට දවසින් දවස අසන්නට ලැබේ. මෙය වර්තමානයේ බරපතළ සමාජ ගැටලුවක් බවට පත්වී ඇත.


මේ සඳහා අනාගත පරපුරට නියම අවබෝධය ලබා දිය හැකි අධ්‍යාපන ක්‍රමවේදයක් අපට තවම නැත. මේ රටේ තවමත් ක්‍රියාත්මක වෙන්නෙ භෞතිකවාදී අධ්‍යාපන ක්‍රමයකි. එයින් මිනිසුන්ගේ යහපත් ආකල්පවලට, සමාජ වටිනාකම් වලට නිසි ඇගයීමක් ලැබී නැත.


දයාව උගන්වන, අනුකම්පාව උගන්වන, කරුණාව කියාදෙන පැහැදිලි ප්‍රායෝගික ක්‍රමවේදයක් මේ අධ්‍යාපන ක්‍රමය තුළ නැත. 


එම නිසා ළමයකුට - තරුණයකුට ප්‍රශ්නයක් පැන නැගුණු විට කළ යුත්ත නොකළ යුත්ත පිළිබඳ දැනීමක් නැත. ඔවුන් ප්‍රශ්ණ විසඳා ගන්නට උත්හාස කරන්නේ යන්ත්‍ර සූත්‍ර මත සිටය. ඔවුන් ලබා ඇති අධ්‍යාපනය තුළ ඇත්තේ එයයි. 
බුද්ධ දේශනාවේ “විතක්ක සන්නාථ නමින් සූත්‍රයක්” ඇත. එහි දක්වන ප්‍රධාන කාරණා කීපයක් මෙහිලා සිහිපත් කරමු. එනම්,


● සිතට වැරදි හැඟීම් පැමිණි විට ඊට ප්‍රතිවිරුද්ධ හැඟීමක් සිතේ ඇති කර ගන්න.
● සිතට පැමිණි හැඟීම ක්‍රියාවට නැගීමෙන් වන ආදීනවයන් ගැන මෙනෙහි කරන්න.
● තමන්ට ප්‍රචණ්ඩ හැඟීමක් ආ විට කායිකව මෙන්ම මානසිකවද සැහැල්ලු වන්න.
● තමන්ට එවැනි හැඟීමක් ඒමට බලපෑ හේතුව අවබෝධ කරගන්න. 
● කායික - මානසික අධිෂ්ඨානයෙන් පැමිණෙන වැරදි හැඟීම මර්දනය කිරීමට ක්‍රියා කරන්න.


ඉහත කාරණා ඕනෑම වයස් තරාතිරමක කෙනෙකුට ඕනෑම උගත් නූගත් කෙනෙකුට ක්‍රියාවට නැංවිය හැකිය.
එහෙත් අවාසනාවට කිසිවෙකුගේ අදහස ඊට යොමු වී නැත. ඇතැම් වයස්ගත් පුද්ගලයන්ද පවා තම හැඟීම් පාලනය කර නොගත් බව මේ සමාජයේ විවිධ කතාවලින් අසන්නට ලැබේ. වයස්ගත පුද්ගලයන්ට තරුණ දියනියන් විකිණෙන්නේ එම නිසාය.


එබැවින් වයසක වියට පත්වී අනවශ්‍ය පරිදි ලෞකික සැප විඳීමද මානසික විකෘතියකි. තරුණ වියේදී තමන්ට නොලැබුණු නිසා ජීවිතයේ අඩුවක් පුරවා ගන්නට ඔවුහු වයෝවෘද්ධව මානසිකව තැවෙමින්ම උත්සහ කරති. එය ධම්මපදයට අනුව අනුවණයා තරුණ වියේදී බඹසර හැසිරීම නොකොට මහලු වූ කල මසුන් නැති දියසුන් විලක එරී අතීතය සිහි කොට තැවෙන වයසක “කොස්වා ලිහිණියකු” මෙනි.


ජීවිතයේ කවර දේටත් සීමාවක් කාලයක් තිබේ. එම සීමාව ඉක්මවා යන කිසිම තැනෙක සමාජීය වශයෙන්වත, ආගමික වශයෙන්වත් කිසිවෙකුට සතුටක් නැත. එහි ඇත්තේම තාවකාලික සතුටකි. ලැජ්ජාව හා බයකි.


නමුත් ඒ සටන ගමේ හේන් කොටා කුඹුරු අස්වද්දා, කීර විකුණා කරන්නට කාලයේ තාලයට යන තරුණ දූවරු කැමති නැත. ඒ අය උත්සහ කරන්නේ මාසෙට විසිදාහක් තිස් දාහක් ලැබිය හැකි රස්සාවකි. 


ඒ පඩියට සිදාදියට ඉගිලෙන හුඟක් කිරිල්ලියෝ තමන්ගේ තටු සිඳගනිති. ඒ ගැන ලියනවා නම් කතා කතාන්දර එමට තිබේ. ඒ අතරින් වෙනස්ම විදිහේ කතාවක් ලියන්නට අතුල මා සමග එකතු වෙයි.


“ජීවිතේ පිනි බිඳුවක්, දිය බුබුළක් වගේ කිවුවට ඒකත් සුරංගනා කතාවක් වගේනේ මහත්තයෝ. තත්පරෙන් දෙකෙන් ජීවිතේ නැතිවෙලා යනවා නම් මේ ප්‍රශ්න නෑනේ. මිනිස්සු විදිහට අවුරුදු 50-60ක් ජීවත් වෙන්න ගියාම තමයි ප්‍රශ්න.. සල්ලි ඕන... ජොලි කරන්න ඕනෙ.... විඳින්න ඕනෙ... විඳවන්න ඕනෙ.... යුතුකම් කරන්න ඕනෙ. මේ සේරම කරන් කාටවත් යටත් නොවී කොන්ද කෙළින් තියා ගන්න නම් සල්ලි තමා මල්ලි...” ඒ හින්දා සල්ලි දෙනවා නම් බෙල්ල වුණත් දෙන මිනිස්සු ඕනෙ තරම්....


අතුල කතාවට මුල පුරයි. “එන්නකො පෙන්නන්න තැනක්...” අතුල මා කැඳවාගෙන කොළඹ නගරයේ එක්තරා කුඩා නිවහනක් අසලට යයි..


“මෙන්න තැන... අන්න නෝනා...” පැය කීපයකට පසු එම නිවසේ සිටින ළපටි වියේ තරුණියක් පෙන්වයි. මට එහි කිසිම අමුත්තක් නැත.


“පුදුමයක් නෑ නේද...? කතාව අහලා පුදුම වෙන්නකො... අපි නිවසට මීටර් 50ක් පමණ මෙපිට ගසක් යටට වීමු.”


“ඔය චූටි නෝනා බ්ලැක් මේල් වෙච්ච කෙනෙක්. එයාගෙ ගම කහටගස්දිගිය පැත්ත. කොළඹට අවේ නැති බැරි කමට රස්සාවක් හොයා ගෙන. ගමේදී ගාර්මන්ට් එකක් සෙට් කරගෙන ආවේ. අවුලක් නෑ. පඩිය 22ක් විතර එනවා. ඕ.ටී.ත් තියනවනෙ. ගාමන්ට් එක කොළඹ මැද. මේ එක නෝනා කෙනෙක්. තව කීප දෙන්නෙක් මේ අවට ඉන්නවා. ඒ අය කන්තෝරු වල වැඩ කරන නෝනලා. ඒ කිවුවට මහත්තයො ගාමන්ට් පඩියවත් නෑ. එයාල ලස්සනට ඇඳලා, නැත්නම් ඩෙනිමක් ඇඳලා තොල් මූණ පාට කරලා ගියා ට හුඟක් අයට පඩිය පහළොස් දාහක්වත් නෑ. මේ තමා ඇත්ත. මේ ටවුමෙ බොඩිං පීස් ගෙවාගෙන කාලා ජීවිත වෙන්නෙ කොහොමද?”


අතුල කිසියම් ජීවන අරගලයක යථාර්ථය එළිකරමින් සිටියි.


“මේ ගෑනු ළමයි හුඟක් වෙලාවට කොළඹදී කොල්ලෙක් එක්ක යාළු වෙනවා. ඊට පස්සෙ කොල්ල දන්නවා, ගෑනු ළමයා ජීවත් වෙන්න ගහන ගේම. සමහර කොල්ලො අවංකවම, වචනයෙන් කියනවා නම් “බොක්කෙන්ම” එයාගේ ජීවිතයට උදවු කරනවා. මොකද මේ ගෑනු ළමයා කොළඹ ආවේ ලස්සනට අඳින්න, පළඳින්න හිතා ගෙනම විතරක් නෙවෙයි. එයාගෙ වෙඩින් එකට ගෙදරට බරක් නොවී බඩුටික ගන්න. නංගිට මල්ලිට උගන්වන්න උදව් කරන්න. කුලී වැඩ කරපු, හේනේ කුඹුරෙ වැඩ කරලා දිරා ගිය වයසක අම්මා තාත්තාට කෑම වේලක්, බේත් වේලක් අරන් දෙන්න. නමුත් රුපියල් 15,000කින් එවා කොහෝ කරන්නද මහත්තයෝ.”


පරම සත්‍යය එය වේ. ඒ සත්‍යය තුළ පිහිටා ජීවිතේ දිනන්නට උත්සහ කරන කිරිල්ලියෝ සිදාදිය පුරා ගැවසෙති. කොළඹට වී වේල දෙක නොකා ඉතුරු කරන මේ කිරිලියන් සිනා සී ගෙවෙන ජීවිතයෙන් මෙපිට කෙතරම් ඛේදනීයද?


“මේ ගෑනු ළමයි බලාපොරොත්තුවෙන් ඉන්න වෙනම කල්ලි තියෙනවා. එයාලගෙ රස්සාවම මේ වගේ ඈත පළාත්වල ගෑනු ළමයි එක්ක යාළු වෙන එක. සෑහෙන කාලයක් නිරීක්ෂණය කරලා මේ කල්ලිය ඔය ගෑනු ළමයි එක්ක වෙනවා. ඒත් හොඳ සල්ලි තියෙන පොරවල් විදිහට. නමුත් ඉන්නෙ කොළඹ තිබුණු පැල්පත් ගෙවල්වල. රස්සාවක් තියා මෙලෝ හසරක් ඒ කොල්ලන්ට නෑ...”


අවසානය කෙළවර වෙන්නේ සල්ලි කාරයෙක්ය, හොඳ රස්සාවක් තිබේය, හොඳ දේපළක් ඇතිය යන මියුරු වදනට රැවටී ඈත තරුණියන් තමන්ගේ පවිත්‍ර නොකිළිටි ජීවිතය මෙවැනි තරුණයන් මත තැබීමෙනි. 


එය තරුණියට පරම ආදරයකි. නමුත් තරුණයාට එය ආදරයක් නොවේ. වෙළෙඳ මාෆියාවකි. තරුණයා කොහෙන් කොහෙන් හෝ මාසයකට වරක් තරුණියගේ වියදමට අවශ්‍ය දෑද අරන් දෙයි. ගෙදරට වියදමද දෙයි. නමුත් එවැනි සුළු වරප්‍රසාදයක් යටතේ මේ තරුණිය පාළු තැනකදී “බ්ලැක්මේල්” වෙයි.


“කොළඹදී කොල්ලෙක් හම්බ වුණාම පැය ගාණක් ඉතින් මේ ගෑනු ළමයි එයාට කෝල් කරනවා. ගර්ල්ගෙ මුළු ලෝකෙම එයා. ඊට පස්සෙ ඉබේම මේ අය නිදහස් තැනක් හොයාගෙන යනවා. සමහර දාට නිවාඩු දාලා මේ කිරිල්ලියො කාමර වල. ඒ සිදුවීම් හරි ලස්සනට මේ කල්ලි වීඩියෝ කරනවා.”
ඊට පස්සෙ වෙන දේ දන්නවද? අතුල මගෙන් විමසයි.


“දැන් මේ අහිසංක ගෑනු ළමයා බ්ලැක්මේල් ඊට පස්සෙ ඌ මෙහෙම කියනවා.”


“ඔයාට මගෙ අතින් වරදක් වුණා. ඔයාට හොඳට ජීවත් වෙන්න මම පාරක් පෙන්වන්නම්. මම දන්න හොඳ සල්ලිකාර මහත්තයෙක් ඉන්නවා. එයා එයාගෙ නෝනාට කැමති නෑ.”


එහෙම කියන විටම මේ අසරණ තරුණියට දෙලොව රත්වේ.


“ඔයා මට එහෙම කරන්නෙ ඇයි.. මම අසරණ කළා. ඔයාට එපා නම් මට මගෙ පාඩුවෙ ඉන්න දෙන්න.” ඇය ආයාචනය කරන්නීය. 


එහෙත් තරුණිය කොළඹට අසරණ වැඩිය.


“ඔයා මම කියන දේ කරන්න ඕනෙ. ඔයාගෙ දුප්පත් කමට විසඳුම මේක. අනික ඔයාට ඒකට අකමැති වෙන්න බෑ. ඔයාගේ වැඩ මගේ ළඟ වීඩියෝ එකේ තියෙනවා. මම ඒවා ඔයාගෙ ගෙදරට දෙනවා.”


ඒ වචන අතරට සිරවන ඇයට එක්කෝ සිය දිවි නසා ගන්නට සිදුවේ. නැත්නම් මේ අධමයා කියන ජරා වැඬේ කරන්නට සිදු වේ.


අපට සැබෑව ආරංචි වුණත් නැතත් මහත්තයො සිදාදියෙ වැඩ කරලා ජීවිතේ එපා වෙන, විවාහය එපා වෙන, බඳින්න බෑ කියන, වහ බොන සියළු දෙනා පාහේ මෙවැනි කුමක් හෝ විදිහට අසරණ වෙච්ච තරුණියක්...


“අර කරුමක්කාරයාගෙ අණසකට යටත් වෙන හුඟක් ගෑනු ළමයි ඌ ලොකු ලොකු මහත්තරුන්ට විකුණනවා. හැබැයි මහත්තයාගෙ ගෙදරට එක්ක යන්නෙ නෑ.”


සර් ලස්සන අහිසංක ගෑනු ළමයෙක් ඉන්නවා. අහවල් තැන පොඩි පඩියට වැඩ කරන්නෙ.


ඉතින් මේ විදිහට අවුරුදු 50-60 වයසක අයටත් මේ ගෑනු ළමයි විකුණනවා.


ඒ පැකේජ ක්‍රමයට. අතුල අලුත් ක්‍රමයක් ගැන කියයි. 


ඔව් පැකේජ ක්‍රමය. ගෑනු ළමයාව විකුණන්නෙ මාස 6ට අවුරුද්දට. ඒ වගේ. එතකොට එක කිරිල්ලිගෙන් ඌ ඒ කාලෙම ගොඩ රස්සා ඕනෙ නෑ. කොල්ලා මාස 6 මාස 12ට ලක්ෂ 7 - 8 - 10 - 15 ට ගර්ල්ව විකුණනවා. ඊට පස්සෙ ගෑනු ළමයාව අර මහත්තයා එයාගෙ ගෙදර එක්ක යන්නෙ නෑ. එයාට වෙනම ගෙයක් අරන් දෙනවා. කන බොන වියදම දෙනවා. වැඩට යන්න ටැක්සි වියදම දෙනවා. සල්ලිත් එකපාර ලක්ෂ ගාණක් පොතට දාලා දෙනවා.
හැබැයි ඒ කාලෙ තුළ අර ගෑනු ළමයාගේ ගෙදරට එන්න පුළුවන් මේ සල්ලිකාර මහත්තයාට විතරයි. මහත්තයගෙ ගෙදර අය මේවා දන්නෙ නෑ. හැබැයි මහත්තයා අවුරුද්කටම නෝනා කෙනෙක් බද්දට අරන්. හරියට ගෙවල් බදු ගන්නවා වගේ. සමහර වයසක මහත්තුරුත් මේකට හරි ජනප්‍රියයි. 
සියල්ල ඇදහිය නොහැකි කතාවකි.


මේ තමයි මහත්තයො සමාජයේ හැටි. මේවා බරපතළ සමාජ ප්‍රශ්න. සමහර දේවල් හෙළි වෙනවා. හුඟක් ඒවා යට යනවා. හෙළි වෙන තරමට ප්‍රශ්න. වැල්වටාරම් ගොඩයි. ඒ නිසා හෙළි නොවන තරමට අසරණ කම යට ගසා ගන්න මේ තරුණියො උත්සහ කරනවා. ඒ නිසා මේ කල්ලි ගැන හොයන්න ඕනෙ. මේවගේ අසරණ වන තරුණියන්ට මේ දේවල් රහසේ ඇවිත් කියලා නීතිමය විසඳුමකට යන්න විවෘතව පාර එළි වෙන්න ඕනෙ. ඒ නීතිමය විසඳුම් දෙන තැන්වල ශරීර අල්ලස් නොඉල්ලන දුකට පිහිට වෙන මිනිස්සු ඉන්න ඕනෙ. ඉතින් මේක මහා පරාසයක් තුළ හෙමින් කළ යුතු දෙයක්. එහෙම නොවෙනතාක් සල්ලිකාර නාකි මිනිස්සුන්ට දිළිඳු ලපටි ලියන් විකිණෙන පැකේජ සේවා කොටු කරගන්න ලේසි නෑ.

06-Rasa-P1-02

m



අදහස් (0)

ඒ අසරණ ගෑනු ළමයි කොළඹට අහිසංක වැඩියි

අජිත් Saturday, 13 February 2016 01:47 PM

මේ මොකද අනේ අපේ රටට වෙන්න යන්නේ? බලධාරීන්ගේ ඇස් පෑදේවා! (නි)

:       0       0

දමිත් Wednesday, 17 February 2016 06:17 AM

මේ සමාජේ මේ තරම්ම කුරිරු ද.? (ර)

:       0       0

සුදර්ශන Tuesday, 23 February 2016 10:14 AM

මේ අපරාද අල්ලන්නම ඕනි මේක බුද්දාගම තියන රටක් නේද (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site