X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 12 වන බ්‍රහස්පතින්දා


ඒ.සී. වේදිකාවට මෙන්ම දූවිලි වීදියටත් ඇලුම් කළ කලාකරුවා

1986 වසරේදී මා නිර්මාණය කළ ‘හිට්ලර්’ නාට්‍යයේ ජයලාල් කැපී පෙනෙන නළුවෙක් විය. ඔහු සමඟ රඟපෑ එච්.ඒ. පෙරේරා, ගාමිණී හෙට්ටිආරච්චි මේ වනවිට අප අතරින් සමුගෙන ගොස් තිබේ. ඔවුන් සියලුදෙනාම මට වඩා වයසින් බාල අය වීමත් මේ සියලුදෙනාම අප අතරින් සමුගැනීමත් දැඩි සංවේගයට කරුණකි. එය පියකු ජීවත්ව සිටින විට දරුවන් මිය යද්දී පියකුට දැනෙන සංවේගයට සම වන්නේ මම ඔහු සමග ඉතා දැඩි සම්බන්ධයකින් කටයුතු කළ නිසාවෙනි.

ජයලාල්ගේ අභාවය මට තදින් දැනෙන්නේ ඔහුගේ රංගන ජීවිතයේ ආරම්භයේ සිටම මා හොඳින් දන්නා අයකු නිසාය. ඒ නිසා මම ඉතා සංවේදී ලෙස මෙම සටහන තබන්නෙමි.

මෙයට දශක හතරකට පමණ පෙර 1983 වසරේදී මම, එච්.ඒ. පෙරේරා, පරාක්‍රම නිරිඇල්ල සහ වසන්ත විට්ටච්චි සමග කොළඹ ශ්‍රී ලංකා සෝවියට් මිත්‍රත්ව මන්දිරයේදී නාට්‍යකරණයේ යෙදීමට කැමැති සහ නාට්‍යකරණයේ යෙදෙන තරුණ තරුණියන්ට සති දෙකක වැඩමුළුවක් ආරම්භ කර සෑම වසරකම පැවැත්වීමි. එහි ආරම්භක වසරේ වැඩමුළුවට පැමිණි තරුණ පිරිස අතර තරමක මැර පෙනුමක් තිබුණු දඩම්බර තරුණයෙක් විය. ඔහුගේ කතා විලාශය වචනවලින් පහරදෙන සේ දරුණුය. හැඩි දැඩි අඟපසඟ සොලවමින් කිසිවකුට දෙවැනි නොවන අයුරින් හැසිරුණු මේ තරුණයා හික්මවා ගත යුතු යැයි මම සිතුවෙමි.
වැඩමුළුවට විශාල බෑග් එකක් රැගෙන වේලාවටම එන, උපදේශකවරුන්ගෙන් හරි හරියට ප්‍රශ්න අහන මේ තරුණයා සියලුදෙනාගේම ළබැඳි මිතුරෙක් විය. එදා තරුණකමෙන් පිරිපුන් උදේනි අල්විස්, මාලි ජයවීර, චන්න පෙරේරා, අජිත් ලොකුගේ, සමරසිරි කඳනගේ, සුදත් මහදිවුල්වැව, නිල්මිණි බුවනෙක, අසෝක හඳගම, මැල්කම් මචාඩෝ, අනෝමා ජිනාදරි, තුසිත ජයවර්ධන සහ සුරේෂ් අබේසේකර ඇතුළු තරුණ තරුණියන් රැසක් අතර ජයලාල් රෝහණ අමුතු තරුණයෙක් විය.

 දැඩි මතයක සිටි ජයලාල් නාට්‍ය කලාව සමඟ ක්‍රමයෙන් පෙමෙන් බැඳෙන විට සුන්දර පෙම්වතකු මෙන් මොලොක් සිතක් ඇත්තෙක් විය. මිතුරන්ගේ විපතකදී ඉක්මනින්ම සංවේදී වෙන ජයලාල් ඒ වෙනුවෙන් කළ හැකි, කළ යුතු දෙයක් ඉටු කරන්න දෙවරක් සිතුවේ නැත. ඔහුගේ කරේ තිබුණ ලොකු බෑගයේ සරමක්, කොට කලිසමක්, සබන් කෑල්ලක්, දත් බුරුසුවක්, ටූත් පේස්ට්, මෙන්ම විවිධ විෂයයන්ට අදාළ පොත්පත් ද කවදා හෝ අවශ්‍ය වේ යැයි සිතෙන ඉවත දැමූ උපකරණ කොටස් ද ඒ තුළ විය. ඔහුට ඉතා දයාබර වූ ආදරණීය මෑණියන් ඔහුගේ පරමාදර්ශී චරිතය විය. එසේ වුවත් ඔහුගේ බෑගයේ තිබූ අඩුම කුඩුම භාවිත කරමින් දින කිහිපයක් හිතෙන ඕනෑම තැනක නැවතීමට තිබුණු හැකියාව නිසාම බලි තොවිල්, ශාන්ති කර්ම, දහඅට සන්නි වැනි ගැමි රංගනයන් තිබුණු ඈත එපිට ගමක නැවැතී එම ශිල්පීන් සමඟ ගැටෙමින් ඒ පිළිබඳ දැනුමෙන් පෝෂිත අයෙක් විය.

වේදිකා නාට්‍ය කලාවට පිවිසි ඔහු ඒ තුළ ද ගවේෂකයෙක් විය. මා එය හොඳින් අත්වින්දේ වැඩමුළුවෙන් අනතුරුව මම නිර්මාණය කළ හිට්ලර් නාට්‍යයේ වේදිකා කළමනාකරු ලෙස ඔහු පත් කරගැනීම නිසාය.
යකඩ බට, බෝල්ට් ඇණ, ටකරන් තහඩු ඇතුළත් සංකීර්ණ වේදිකා පසුතල සහිත එම නාට්‍යයේ ජර්මන් සොල්දාදුවාගේ කුරිරු චරිතය නිරූපණය කරන අතරම වේදිකා කළමනාකරු වශයෙන් ඔහු කළ කාර්යභාරය අන් නළු නිළියන්ට පවා ආදර්ශවත් විය.

එකල ජයලාල් අසාධාරණය ඉදිරියේ අසාමාන්‍ය ලෙස කිපුණත්, ඔහු තම රංගන දිවිය රංගන ශිල්පියකුට අවශ්‍ය විනය, සංයමය, අධ්‍යයනය, කැපවීම මැනවින් තිබුණු අයෙකි. ඔහු වායුසමනය කළ රංගශාලාවක වේදිකාවේ ලෑලි පලසට පමණක් නොව දූවිලි පිරුණු වීදියට ද ඇලුම් කළේය.

සෝවියට් මිත්‍රත්ව වැඩමුළු පවත්වන අතරතුර ශ්‍රී ලංකා සෝවියට් මිත්‍ර සංගමය මගින් කොළඹ මහජන පුස්තකාලයේ පවත්වන ලෝක සාමය වෙනුවෙන් සමුළුවට කෙටි නාට්‍යයක් ලබාදෙන ලෙස ලේකම් නීතිඥ පීටර් ජයසේකර මහතා මාගෙන් කළ ඉල්ලීම වෙනුවෙන් ‘ටියුෂන් යුද්ධය’ නමින් කෙටි නාට්‍යයක් නිර්මාණය කළෙමි. එයින් කියවුණේ ඉංග්‍රීසි ටියුෂන් පන්ති ප්‍රචාරය කර ළමයින් ගෙන්වා ගැනීමට ගුරුන් දෙන්නකු තම සිසුන් යොදවා ගැනීමට කරන අරගලයයි.

ජයලාල් සර්ගේ චරිතයත්, ප්‍රසාද් සූරියආරච්චි ප්‍රසාද් සර්ගේ චරිතයත් ඉතා කෙටි පුහුණුවකින් පසු ප්‍රදර්ශනය කර ආරාධිතයන්ගේ විශේෂ අවධානය දිනා ගැනීමට හැකිවිය.
එකල නව හැවිරිදි කුඩා බර්නි (ජගත් බෙනරගම) ඔසවා මේසයක් උඩට විසි කර මරන්නට මැෂින් තුවක්කුව එල්ල කරමින් හිට්ලර් නාට්‍යයේ ජර්මන් සොල්දාදුවා කරන ලද සුවිශේෂී රංගනය නිසාම ඔහු විශේෂ ඇගයීමකට ද ලක්වුණි. කුඩා ජගත් බෙනරගම සමඟ ශිලක්ඛි නාට්‍යයේ රඟපෑම ද සිහිපත් කළ යුතුය.

ජයලාල් රෝහණ දැනුම ලබාගත් ක්‍රමය මේ යැයි මට කිව නොහැකිය. ඔහු විසින් 1997 දී ලියන ලද ‘සබේ විදුලි විලක්කුව’ නමැති පොතේ පෙරවදනේ මෙසේ සඳහන් කර ඇත.
“අවුරුදු දහයක් පමණ කාලයක් ලුම්බිණියේත් විවිධ නාට්‍යශාලාවලත් රංගාලෝක ශිල්පීන් සමඟ මම ඇසුරු කළෙමි. විෂයයෙහි පැන නඟින ගැටලුවලට ඔවුන් දෙන පිළිතුරු සහ න්‍යාය කොතරම් දුරට සම වේ ද නොවේ ද යන්න විමසුවෙමි. මේ කාලයේ රංගාලෝක ශිල්පය පිළිබඳව ඉංග්‍රීසියෙන් පළවී ඇති පොත්පත් කියවීමි.”

එමෙන්ම ඔහු බම්බලපිටියේ පදික වේදිකාවේ පොත් වෙළෙන්දකු ළඟ තිබුණු නිල් ප්‍රේසර් නමැති ලේඛකයා රංගාලෝකය ගැන ලියූ වටිනා ඉංග්‍රීසි පොතක් මිලදී ගැනීමට මුදල් අඩු වූ නිසා ලින්ටන් සේමගේ නමැති රංගන ශිල්පියා සමඟ තරගයට එකිනෙකා ළඟට ගොස් මුදල් එකතු කරගෙන රුපියල් 350කට එම පොත මිලදීගත් ආකාරය ද එම පෙරවදනෙන් සඳහන්ව ඇත.

‘සබේ විදුලි විලක්කුව’ ලියන්න 1990 පමණ පටන්ගෙන තොරතුරු සොයමින් අවසානයේ 1997 ලියා පළ කරන ලද අතර, එම විෂයය පිළිබඳ එතෙක් සිංහල භාෂාවේ ලියවුණු එකම පොත එය විය. එමෙන්ම සයිමන් නවගත්තේගම ප්‍රවීණ නාට්‍යවේදියා සමඟ කොළඹ වතුවල ජන සන්නිවේදන ව්‍යාපෘතියේ සේවය කර ලබාගත් අත්දැකීම් ද ඔහුගේ ජීවිතයට බලපෑ බව ඔහු 1999 වසරේ ලියන ලද ‘සැබෑ මුහුණේ වෙස් මුහුණු’ කෘතියේ පෙරවදනේ සඳහන් කර ඇත. එමෙන්ම ඔහුගේ නාට්‍ය කණ්ඩායම ‘දිරිය කැදැල්ල’ නමින් හඳුන්වාගත් ජයලාල් රෝහණ එහි අරමුණ ලෙස දක්වන්නේ “බඩගෝස්තරවාදීන්ගේ කලාව විවේචනය කිරීම සහ එවන් පුද්ගලයන්ගේ දුර්මත ජනතාව අතරට යෑම වැළැක්වීමයි. නැතහොත් තර්ක ඥානයෙන් විභාග කර සදොස් තැන් නිදොස් කිරීමයි” යනුවෙන් දක්වා ඇත.

ඔහු විසින් අංග රචනය සඳහා ලියන ලද අත්පොත සැබැවින්ම පරිපූර්ණ කෘතියකි. එමෙන්ම ‘සවේශයට ප්‍රවේශයක්’ කෘතිය වෙස් මෝස්තර රචනය පිළිබඳ අත්පොත මෙහිලා සඳහන් කළ යුතුය.
ජයලාල් රෝහණ රචනා කර නිෂ්පාදනය කර, රංගාභූමි නිර්මාණ කර, අංග රචනා කර, රංගලෝක නිර්මාණ කර, රංගනයෙන් දායක වුණ 1997 නිර්මාණය කළ ලෝකා නාට්‍යය යෞවන සම්මාන උළෙලේ වේදිකාගත කරන අවස්ථාවේ සුගතපාල ද සිල්වා, මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර සමඟ මම ද විනිශ්චය මණ්ඩල සාමාජිකයෙක් වුණෙමු. එම සම්මාන උළෙලේ හොඳම නළුවා ලෙස ජයලාල් සම්මානය දිනාගත් අතර එම සම්මාන උළෙලේදී සෑම අංගයකින්ම සම්මාන දිනා ගැනීමට ඔහු සමත් විය.

වේදිකා නාට්‍ය ක්‍ෂේත්‍රයේ මඟ සලකුණු තිබූ සුබ සහ යස, පණ්ඩුකාභය, වර්ණ, සෙනෙහෙබර ඩොලි, වැනිසියේ වෙළෙන්දා, හිට්ලර්, විකලි සමයම, යක්‍ෂාගමනය, උත්තමාවි, ජූරිය, පාදඩයා, උක්දඬු හින්න, සොක්‍රටීස්, හෙණ බැක්බත්, හංකිති දහතුන ඇතුළු නාට්‍ය රැසකට රගනයෙන් ද වේදිකා කළමනාකරණයන් ද අංග රචනාවලින් ද ජයලාල් දායක වන අතර ඔහු ලැබූ සම්මාන ප්‍රමාණය ද රැසකි.
පසු කලක රූපවාහිනියේ රඟපෑමට ද එක්වුණ ජයලාල් ඉතා ජනප්‍රිය රංගන ශිල්පියකු ලෙස නමක් දිනාගැනීමට හේතු වූයේ ‘ඉසුරු යෝගය’ ටෙලිනාට්‍යයේ රංගනයට ප්‍රේක්ෂකයන් වඩ වඩා ආකර්ෂණය වූ බැවිනි.

සිනමා රංගනයෙන් ද තම දක්ෂතා ප්‍රකට කළ ජයලාල් නාට්‍ය හා රංගකලා දේශකයකු ලෙස ඉමහත් ප්‍රසිද්ධියක් දිනාගෙන සිටින අතර, ස්වාධීන රූපවාහිනියේ දොරමඬලාව විද්වත් කතිකාවේ කැපී පෙනෙන විද්වතෙක් ද විය. ජයලාල් රෝහණ 56 වැනි වියේදී සමුගැනීම කනගාටුවකි. ඔහුගේ සමුගැනීම තව වසර කිහිපයකට ප්‍රමාද වූයේ නම් නාට්‍ය හා රංගකලා විෂයයෙන් ප්‍රමාණික විද්වතකු ලෙස ඔහු රැස්කරගත් දැනුම නිර්ලෝභීව බෙදා දෙන බව මම දනිමි.

ජයලාල් රෝහණ හිතවතාණෙනි, අපි සියලු දෙනාම මැරෙන බව ස්ථිරය. එහෙත් ජනතාවගේ හඳ බැදගත් නළුවකු මැරීම අපහසුය. මන්ද ජනතා හදවත්වල ඔහු ජීවත්වන බැවිනි.


(***)
(ටවර්හෝල් රඟහල පදනමේ අධ්‍යක්ෂ ජනරාල්
නීතිඥ ඩග්ලස් සිරිවර්ධන)

 



අදහස් (0)

ඒ.සී. වේදිකාවට මෙන්ම දූවිලි වීදියටත් ඇලුම් කළ කලාකරුවා

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site