ජීවිතය ලස්සනයි ‘‘චිත‍්‍රපටයේ මායි රන්ජන් රාමනායකයි කළ රඟපෑම හින්දා, හැමෝම වාගේ පැවසුවේ ඔය දෙන්න හොඳට ගැළපෙන බවයි. ඇත්තටම චිත‍්‍රපටය නැරඹුවාම මටත් වැටහුණා හොඳට ගැළපෙන බව, උසින් වගේම රඟපෑමෙන්ද අප දෙන්නා හොඳට ගැළපුණා. සමහරු අපි දෙන්නා යාළු ද කියලත් ඇහුවා. ඒ දවස්වල මම රන්ජන්ට ගැළපෙනවා කියලා කිව්ව හින්දා, රන්ජන් දවසක් මට සිනාවෙන් උත්තර දුන්නා. ඔහු මොකුත් කිව්වේ නෑ. හිනාවුණා පමණයි’’
දැන් ඔයාලට ප‍්‍රශ්නයක් ඇති මේ කවුද කියලා. ඇය මේ දිනවල ජනප‍්‍රිය රංගන ශිල්පිනියකි. ඒ වගේම රූපවාහිනී නිවේදිකාවකි ‘‘සිරීගේ ඉරණම’’ ටෙලිනාට්‍යයේත්, ‘‘සිහින සිත්තරාවි’’ ටෙලි නාට්‍යයේ සම්මානි ලෙසින් ද අප හමුවන එන මේ රුවැත්තිය රුවන්ති රත්නායකය. ‘‘ජීවිතය ලස්සනයි’’ චිත‍්‍රපටයෙන් හා ‘‘අහසින් වැටුණ’’ ටෙලිනාට්‍යයෙන් කාගේත් කතාබහට ලක් වූ රුවන්තිටත් ක්ෂේත‍්‍රයෙන් වගේම පිටතදීත් අමුතු යෝජනා එනවාද? ඒවාට ඇය දක්වන්නේ කුමන ප‍්‍රතිචාරයක්ද? මේ ගැන ඇයගෙන්ම දැන ගැනීමට මට සිත්වුණි.
ඇත්තටම රුවන්ති, ඔයාට කාගෙන්වත් අමුතු යෝජනා එහෙම එන්නේ නැද්ද?
එහෙම නම් කවුරුවත් අහලා නෑ. දැනට නම් ඇවිත් නෑ. මොකද මා දන්නවා කරන්න ඕනෑ දේ මොකක්ද කියලා. ඒ නිසා අනවශ්‍ය බලපෑම්, යෝජනා, ලිංගික අල්ලස් ඉල්ලන්න එන්නේ නෑ.
ඒ කියන්නේ නිර්මාණයක් කරද්දීවත් ඔයාට එවැනි යෝජනා එන්නේ නැද්ද?
මෙහෙමයි මා හිතන්නේ ඒ කෙනාගේ අනුව තමයි ඒ දේ සිද්ධ වෙන්නේ කියලයි. අනවශ්‍ය දේ වලට ආරාධනා ලැබෙන්නේ මුලින් ඇය දිහා බලලා තමයි යෝජනා ඉදිරිපත් කරන්නේ. තමන්ගේ දක්ෂතාවය පස්සට දාලා අනවශ්‍ය විදිහට ඒ තැන්වල හැසිරෙමින් කටයුතු කරන්න ගත්තොත්, ඇයව තමන්ගේ පැත්තට ගන්න පුළුවන් කියා ඔවුන් සිතනවා. එතනදී තමයි ඔවුන් ලිංගික බලපෑම්වලට පවා උනන්දු වෙන්නේ.
අලූතින් එන නිළියන් බොහෝ විට ජනප‍්‍රියත්වය ලබාගන්න ඕනෑම දෙයක් කරන්න සූදානම් බවක් පෙනෙනවා. මේ කතාවේ ඇත්තක් තිබෙනවා නේද?
හැමෝම ඒ ගණයට දාන්න බැහැ. සමහරු අවශ්‍ය වැඬේ කරන්නේ නැතුව ඕන දෙයක් කරන්නම් කියලා. පොඩි චරිත ඉල්ලගෙන මේ ක්ෂේත‍්‍රයට එන අය ඉන්නවා. ඒ අයගේ ගමන කෙටියි. කිසිම කෙනෙක් බලහත්කාරයෙන් අයුතු යෝජනා, බලපෑම් කරන්නේ නෑ. මේ සමහරු කැමැත්තෙන් තමයි යන්නේ ඒ ඉක්මන් ජනප‍්‍රියත්වය ලබා ගන්නයි.
ඒ කියන්නේ මුල වරද්දගත්තොත් ඔක්කොම ඉවරයි කියන එක නේද?
ඇත්තටම ඔව්. ක්ෂේත‍්‍රයට එන මුල් කාලයේ දී, ඒ කියන්නේ අවුරුද්දක් විතර යනතුරු තමයි ඔවැනි ප‍්‍රශ්නවලට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ. මුලදී වැරදි විදිහට පටන් ගත්තොත් ඉතිං ඉවරයි. ඊට පස්සේ හැමෝම බලන්නේ අයුතු ප‍්‍රයෝජන ගන්නයි. අප රඟපාන්න ආවා නම්, ඒ කටයුත්තට තමයි මුල්තැන දිය යුත්තේ. වෙනත් අනවශ්‍ය දේවල්වලට ගියොත් නරක නාමය වගේම ක්ෂේත‍්‍රයේත් දිගටම රැුදෙන්න ලැබෙන්නේ නෑ. ඒක තමයි ඇත්ත.
ඔබට මුල වැරදුනේ නෑ නේද?
කොහෙත්ම නෑ. මම මුල වරද්දා ගත්තේ නෑ. අදටත් ඒ හින්දයි කැත නමක් හදාගන්නේ නැතුව මේ ක්ෂේත‍්‍රයේ රැුඳී ඉන්නේ. ක්ෂේත‍්‍රය ගැන හොඳ අවබෝධයකින් තමයි මා කටයුතු කරන්නේ. ඒ හින්දා හැමෝගේම සහයෝගයෙන් රංගනයේ කටයුතු හොඳින් කරගෙන යන්න මට පුළුවන්කම ලැබී තිබෙනවා. ඒ නිසාම මගේ දක්‍ෂතා අද පෙන්වන්න පුළුවන්. කාගෙන්වත් කතාවක් හැදෙන්නේ නැති විදිහට රංගනයේ
ගරුත්වය මා ලබා දී තිබෙනවා.
ඔබ රංගන ශිල්පිනියකට අමතරව නිවේදිකාවක් ලෙසටත් කටයුතු කරනවා. ඒ ක්ෂේත‍්‍රයේත් මෙවැනි අමුතු යෝජනා එනවා නේද?
ඔය තත්ත්වය හැම ක්ෂේත‍්‍රයකම එන්න පුළුවන්. ඒක මනුෂ්‍ය ස්වභාවය. මා මුලින් කියූ පරිදි මුල වරද්දාගත්තේ නැතුව ගියොත් ඔවුන්ට වැටහෙනවා අපි එන්නේ අවශ්‍ය කටයුත්ත කරන්න පමණයි කියා. එතනදී ඔවුන් අනවශ්‍ය බලපෑම් කරන්නේ නෑ. අපට ඒ කටයුත්ත කරන්න අවස්ථාව ලබා දෙනවා. නිවේදන ක්ෂේත‍්‍රය තුළත් ඔය කියන අමුතු යෝජනා, බලපෑම් මට නම් ආවේ නෑ. රංගනයට වගේම නිවේදනයටත් මම කැමතියි. ඒ හින්දා තමයි අමාරුවෙන් ඉඩක් හදාගෙන නිවේදන කටයුතුවල නිරත වෙන්නේ.
ඔයා විලාසිතාවලටත් හරි කැමතියි නේද?
විලාසිතා කරන්න ගොඩාක් කැමතියි. හැබැයි අසීමිත ලෙස ඒ පස්සේ පන්නගෙන යන්නේ නෑ. දිනෙන් දින අලූත් වන හැමදේම මම වැළඳගන්නේ නෑ. මම ඩෙනිමයි ටී ෂර්ට් එකට කැමතියි. ඒ වගේම සැහැල්ලූ ගවුමක් අඳින්නත් හරි කැමතියි. මට හිතට අල්ලන විලාසිතාව කරනවා.
මේ දේවල් කරන්නේ පේ‍්‍රමවන්තයාට පේ්න්නද?
එහෙම පේ‍්‍රමවන්තයෙක් මට නෑ. ගෙදරින් මට නිදහස දීලා තිබෙන්නේ හොඳ කෙනෙක් හොයාගන්න. ඔවුන් මට බලපෑම් කරන්නේ නෑ. හොඳ කෙනෙක් හමුවුණොත් ඒ ගැන සළකා බලනවා. ප‍්‍රශ්නය තිබෙන්නේ අද කාලයේ හොඳ කෙනෙක් හොයාගන්න එකයි.
ඔයා මේ දිනවල මොකද කරන්නේ?
මේ දිනවල ‘‘කොළඹ අහස’’ ටෙලිනාට්‍යයේ රඟපානවා. මුඩුක්කු පරිසරය තේමා කරගත් එහි පාසල් ගුරුවරියගේ චරිතයක් මා රඟපාන්නේ. ඒ අතරේ මා රඟපාන ‘‘සිරීගේ ඉරණම’’ හා ‘‘සිහින සිත්තරාවි’’ මේ දිනවල පුංචි තිරයේ විකාශය වෙනවා. හොඳ නරක විවේචන දෙකම එනවා. හැබැයි ඉතිං වැඩියෙන්ම එන්නේ හොඳ ප‍්‍රතිචාර තමයි.
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඔවැනි ප‍්‍රශ්නවලට මුහුණ දෙන්නේ රඟපාන්න එන මුල් අවුරුද්දෙයි
රස්පී Monday, 16 December 2013 07:31 AM
මේක ලොකු ගැටළුවක් වගෙයි පෙනෙන්නේ (නි)
දයා අලහාකෝන් Wednesday, 18 December 2013 06:07 PM
අනේ ඔය රේල් පාරෙන් ඉක්මනට අයින් වෙන්න. මෝල් ගහත් හදිසියට පත්තු වෙනවා කියනවා නේද? (නදී)
සරත් Thursday, 19 December 2013 12:00 PM
ලංකාවේ කෙල්ලන්ගේ මුණු හරිම ලස්සනයි.(නදී)
ජයේ Saturday, 21 December 2013 10:23 AM
වැඩකට නැති ලිපියක්.. සරත් ලංකාවෙන් පිට ගියොත් බලන්න/දැනගන්න පුළුවන් වේවි ලංකාවේ කෙල්ලන්ගේ මුනුවල ලස්සන..මෙයාගේ මුනේ තනිකර මේකප්. (අ)
ඡයමහාමුදලිගේ ගයාන් ලක්ෂිත Friday, 24 January 2014 11:44 AM
ලංකාවෙ කෙල්‍ලන් මහා පුදූමා කාරයි මිනිසුනේ. (නදී)