X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 30 වන බදාදා


කතරගම දේවාලය හැදු කුමන අඩවියේ යෝගියා

 

 

හිමාලයේ අසිරිමත් සොබා උරුමයන් සමග සරල ජීවිතයක් ගත කරන යෝගීහු පිළිබඳව පුරාතන ශාස්ත‍්‍රීය ලේඛනයන්හි බොහෝ වූ වගතුග සඳහන්ව තිබේ.

ප‍්‍රවීණ යෝග උපදේශක අර්ජුන වික‍්‍රමාරච්චි

ශිව පුරාණය ශිව දෙවියන් පිළිබඳව බොහෝ කරුණු කාරණා විස්තර කරයි. හින්දු ආගම පදනම්ව ඇත්තේ ශිව දෙවියන් මුල්කොටගෙනය. හින්දු ආගමේ මූලිකම උපත ශිව දෙවියන් ලෙස සැලකේ. කෛලාසකූට පර්වතයේ සමාධි සුවයෙන් හිඳ සිටින ශිව දෙවියන්ට ටිබෙටය හා ඒ ආශ‍්‍රිතව ජීවත්වූ යෝගීන් වන්දනාමාන කරන ලද්දේ ශිව තම දෙවියන් කොට සලකමිනි. ඒ දේවත්වය අමරණීයය. වසර ගණනකට පෙර සිද්ධ යන සම්ප‍්‍රදාය ඇරඹී ඇත්තේ ශිව දෙවියන්ගෙනි.

ඒ අනුව ශිව යනු පළමු යෝගියාය. තිරුමුලර් ඍෂිවරයා, අගස්ති සෘෂිවරයා, නන්දි දේවාර් සෘෂිවරයා පසුව බිහිවූ බවත් ටිබෙටයේ කෛලාසකූට පර්වතයේ ඒ සෘෂිවරුන් යෝග කරමින් සිටි බවත් සඳහන් වේ.

දකුණු ඉන්දීය සම්ප‍්‍රදායට අනුව සෘෂිවරු 18 දෙනෙක් පුරාණ ඉන්දියාවේ වාසය කළහ. මේ සෘෂිවරුන් සතුව ශුද්ධ වූ බලයක් අසාමාන්‍ය බුද්ධියක් මනස හැසිරවිය හැකි විස්මිත හැකියාවක් හා බ‍්‍රහ්ම කායක් තිබූ බව කියැවේ.

මේ සෘෂිවරු 18 දෙනා ඉන්දියාවේ බරණැස, කල්කටා, පූරි, හයිද්‍රාබාද්, බැංගලෝර්, මදුරාසිය, තාන්ජෝර්, බොම්බාය, දිල්ලි, රිෂිකේෂි, කන්‍යාකුමාරි, ශ්‍රී නගර්, අමරනාත් වැනි ප‍්‍රදේශවලත් ශ්‍රී ලංකාවේ කතරගමත් ජීවත් වී ඇති බව සඳහන්වේ. කතරගම ප‍්‍රදේශයේ ජීවත්වූයේ බෝගානාතර් මහා සෘෂිවරයාය. තිරුමුලර්, සිද්ධ නාමදේවන්, සිද්ධ කුමාරමුනි, සිද්ධ ඉදයි කාදර්, සිද්ධ ධන්වන්තරී, සිද්ධ වෙට්ටක්කුඩි, සිද්ධ කමලමුනි, සිද්ධ බෝගානාතර්, සිද්ධ මහමුනි, සිද්ධ කෝන්ගාඩර්, සිද්ධ පතාංජලී, සිද්ධ නන්දි දේවාර්, සිද්ධ සත්‍යමුනි, සිද්ධ සුන්දර් නන්දර්, සිද්ධ කුඩම්බි සිත්තාර්, සිද්ධ කුරුමුවර්, සිද්ධ ගෝරක්නාත්, සිද්ධ පන්මන්තෙයි සිත්තාර් ඒ මහා සෘෂිවරු 18 දෙනාය.

කතරගම කැලයේ යාල පහ ප‍්‍රදේශයේ කුඹුකන්ඔයට එහා අඩවියේ බෝගනාතර් සෘෂින්වහන්සේ ජීවත් වන බව කියැවේ. බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය හිමියන් වදාරා තිබුණේ උන්වහන්සේට මේ ප‍්‍රදේශයේදී බෝගානාතර් සෘෂින් වහන්සේ හමුවී ඇති බවය. කුඹුකන්ඔයට ස්නානය පිණිස පැමිණි බෝගනාතර් සෘෂින් වහන්සේ තමන් වහන්සේට හමුවී කතා බහ කළ බව උන්වහන්සේ පවසා ඇත.

කතරගම මහා දේවාලය මුලින් නිර්මාණය කරන ලද්දේද මේ සෘෂිවරයා විසින්ම බව කියැවේ. විසල් රත්තරන් කොළයක අක්ෂර හා රටා එක්දහස් අටක් පිහිටවා බලපිහිටවා කතරගම දේවාලය ඒ මත නිර්මාණය කර ඇති බව කියැවේ. කතරගම කැලයේ කුඹුකන්ඔය අඩවියේ මේ සෘෂිවරයා අදටත් ජීවත්වෙන බවත් ධ්‍යාන වැඩූ අභ්‍යාසලාභී යෝගීන්ට ඒ අඩවියේදී මේ සෘෂිවරයා හමුවී ඇති බවත් කියැවේ.

ඉන්දියාවේ මහා සෘෂිවරු 42 දෙනෙක් සිටියත් වඩාත් ප‍්‍රමුඛ වී ඇත්තේ ඉහතදී සඳහන් කළ සෘෂිවරුන් 18 දෙනාය. මේ සෘෂිවරු 18 දෙනා අතරින් සිද්ධ සත්‍යමුනි යනු සිංහල ජාතික සෘෂිවරයෙකි. එනම් අපේ රටේ ඉපදී ඉන්දියාවේ යෝග ශාස්ත‍්‍රය සොයා ගිය සෘෂිවරයෙකි. සැබැවින්ම ඉන්දියානු දේශය පුරා ප‍්‍රචලිත සෘෂිවරු 18 දෙනා අතරින් එක් අයකු ශ්‍රී ලාංකිකයකු වීම ශ්‍රී ලාංකික අපට ආඩම්බරයට කරුණකි.

යෝග ශාස්ත‍්‍රයේ ඇති සොබාදහමට අනුකූලවීම නිසාම සෘෂිවරු විසින් අපේ ශරීරය කොටස් පහකට බෙදා දක්වා තිබුණි. ඇට, මස්, ලේ නහර වලින් සැදුනු අන්නමය ශරීරය ඒ තුළින් වූ ප‍්‍රාණමය ශරීරය, ඇස් පෙනීම, කන් ඇසීම, ලේ ධාතුව නිර්මාණය වීම, ආහාර ජීර්ණය, සිතීම ආදී සියල්ල නිර්මාණය කරන ප‍්‍රාණ ශක්තියයි. මේ ප‍්‍රාණ ශක්තිය ශරීරය තුළ ගමන් කරන නාල පද්ධතියක් තියෙනවා. මේ නාල හෙවත් නාඩි 72,000 ක් මනුෂ්‍ය ශරීරයේ පවතිනවා. ඒ නාල 72,000 මධ්‍යස්ථානවලට කියනවා නිල කියලා.

 

 

නිල හෙවත් මේ නාඩි මධ්‍යස්ථාන අපේ ශරීරයේ 544 ක් තියෙනවා. ඒ 544 පාලනය වන තවත් ප‍්‍රධාන නාඩි මධ්‍යස්ථාන 7 ක් ශරීරයේ පවතිනවා. යෝග ශාස්ත‍්‍රයේදී ඒවා හඳුන්වන්නේ චක‍්‍ර හැටියටයි. යෝග ආසනයක කවුරු හරි යෙදෙන විට මේ නාඩි මධ්‍යස්ථාන ඉබේම තෙරපීමකට ලක්වෙනවා. මේ තෙරපීම නිසා නිද්‍රාශීලි වූ දේ අවදිවීමත් වැසී පැවති දේ විවෘත වීමත්, බාධා වූ දෙයෙහි බාධාව ඉවත් වීමත්, වෙලා ශරීරය පුරාම ප‍්‍රාණ ශක්තිය ගමන් කිරීමක් සිදුවෙනවා.

අපි අපේ බාහිර ශරීරය පිරිසුදු කරන වාර අනන්තයි. එහෙත් අපට අපේ අභ්‍යන්තරය පිරිසුදු කර ගැනීමට අවස්ථාවක් ලැබෙන්නේ නෑ. මේ ප‍්‍රාණමය ශරීරයට ඇතුළතින් මනෝමය ශරීරය කියා තවත් ශරීරයක් ගැන යෝග ශාස්ත‍්‍රයේදී කියවෙනවා. මනෝමය ශරීරයේ විග්නනම්‍ය ශරීරය කියලා තවත් ශරීරයක් ගැන කියවෙනවා. අපේ සංසාරික පුරුදු, දැනුම, මතක සටහන් සියල්ල තැන්පත්ව තිබෙන්නේ මේ තුළයි. ඊටත් ඇතුළතින් ආනන්දමය ශරීරයක් ගැන සඳහන් වෙනවා. ඉන් පැහැදිලි කරන්නේ ගැඹුරු ඥානය ගැනයි.

අර්ජුන වික‍්‍රමාරච්චි යෝගි ගුරුවරයාගේ ඒ හෙඬ් ඉතිරියට එළැඹෙන සතියේදී අපි සවන්දෙමු.

 

සටහන සංජීවිකා සමරතුංග

 

හිමාලයේ යෝගීන් ඇසුරේ - 01

හිමාලයේ යෝගීන් ඇසුරේ - 02

හිමාලයේ යෝගීන් ඇසුරේ - 03

 



අදහස් (0)

කතරගම දේවාලය හැදු කුමන අඩවියේ යෝගියා

නීල් රණා Monday, 29 July 2013 01:00 PM

යෝග යනු විවිධාකාර ආසන පුහුණුවීම නොවේ. එහි අරමුණ හා අර්ථය විශ්ව විඥානය සමග සංයෝග වීමයි. එම බලය උපතින් ලැබූ තැනැත්තාට යෝග අභ්‍යාස ප්‍රගුණ කලත් නැතත් විශ්වාත්මන් හා යෝග විය හැකිය. එසේ කිරීමෙන් විශ්වය හැසිරවීමේ ශක්තිය ලැබේ. ඒ නිසා මෙය අල්පමාත්‍ර වූ සුවිශේෂී පුද්ගලානුබද්ධ උත්තම දක්ෂතාවයකි. (නි)

:       0       0

පවන් Tuesday, 30 July 2013 01:46 AM

නීල් රණා, එම බලය උපතින්ම ලැබෙන්නේ අහේතුකවද ?නැතිනම් සහේතුකවද ? ඔබ කියනා ලෙස විශ්ව විඥානය සමග සංයෝග විය හැක්කේ එම බලය උපතින් ලැබුනොත් පමනයි. එම බලය යමෙකුගේ උපතට සම්බන්ධ වීමට බලපාන හේතුව කුමක්ද ? (නි)

:       0       0

නීල් රණා Tuesday, 30 July 2013 01:34 PM

හේතු පල වාදයෙන් විශ්වයේ සියල්ල අර්ථකථනය කරන්නට හදන්නේ මෝඩයෝ පමණි. යෝග යන්නෙහි අර්ථය හා එම අභ්‍යාස කිරීමේ මුලික අරමුණ විශ්වාත්මන් හා යෝග වීමයි. එනිසා උපතින් හැකියාව නැති නම් අභ්‍යාසයෙන්, නමුත් යෝගී දිවියක් ගත කිරීමෙන් තොරව එවැනි අරමුණු කරා යාම ඉතා අන්තරායදායකයි. (නි)

:       0       0

රජරට Tuesday, 30 July 2013 06:46 PM

මුණිවරයන්ට " මහා මුණි " වූ සර්වඥයන් වහන්සේ විසින් දේශනා කළ වදාල හේතු ඵල ධර්මය අසම්පුර්ණයි කියා කියන නීල් රණා, ඔබ සර්වඥ ද ? (නි)

:       0       0

පවන් Tuesday, 30 July 2013 06:56 PM

ප්‍රශ්නය අහපු මම මෝඩයා නම්, ඒ ප්‍රශ්නයට උත්තර නොදී ගිරිය පුප්පාගෙන කෑගහන නුඹ කවුද? (නි)

:       0       0

නීල් රණා Tuesday, 30 July 2013 08:17 PM

ඉන්දියාවේ හෝ වෙනත් රටක කිසිවෙක් මට 'මහා' පුද්ගලයන් නොවේ. ඒ මන්ද මා කියා ඇත්තේ මා සතු දැනුමක් මිස වෙනත් කෙනෙකුගෙන් ණයට ගත් යමක් නොවන බැවිනි. (නි)

:       0       0

අලී Wednesday, 31 July 2013 06:46 AM

අනේ අපේ මිනිස්සුන්ට නම් ඕනෑම දෙයක් තේරෙද්දී ප්‍රමාද වැඩියි. කුලියාපිටියේ හිටපු අයගෙන් මොහු ගැන අසා දැනගන්න. (නි)

:       0       0

සුරාන් Wednesday, 31 July 2013 04:36 PM

අන්තිමට වෙන්නේ තමන් තමන්වම ගැට ගහගන් එක විතරයි. (ස)

:       0       0

සුරාන් Thursday, 01 August 2013 02:41 PM

වැඩ කරලා හවසට ගෙදර ඇවිත් ඇගේ පතේ මහන්සිය ඇර ගන්න යෝග කරන්නද කියන්නේ. (ස)

:       0       0

චන්න Saturday, 03 August 2013 10:25 PM

අපි මෙලොව හැරයන විට අපේ පුරුදු සහ කුසල් අකුසල් රැගෙන යන්නේ කෙසේද? අපට ඒවා පල දෙන්නේ කෙසේද? අපට අපේ අතීත භව වල විදපු සැප දුක තේරෙන්නේ නැත්තේ ඇයි? බුදුහාමුදුරුවෝ කියලා තිබෙනවා අපි පෙර සංසාරයේ විදපු දුක් කන්දරාව දන්නවා නම් ඔලුව ගිනිගත්තත් එම ගින්න නිවිමට වුවද අප උනන්දු වන්නේ දුක නැති කිරීමට කියලා. ඇයි අපිට මේ විදපු දුක පෙනෙන්නේ නැත්තේ? එහෙම පෙනුනොත් අපට ඒම වේදනාවත් තේරෙනවද? දැන් මට මේ බවයේදී අතීතයේ විදපු සමහර වේදනා මතකයි, සමහර ඒවා මතක් වෙනකොට නැවත කරන්න හිතෙන්නේවත් නැහැ. නමුත් ඒ සම්බන්දව දැනීම ලබා ගන්න හැබැ.එහෙම නම් අපිට පෙරබව වල වේදනාවත් දැන් තේරුම් ගන්න බැහැ නේද? ඒ කියන්නේ දැනෙන්නේ නැහැ නේද? කරුනාකරලා මේවා මට පැහැදිලි කරලා දෙන්න. (නි)

:       0       0

නීල් රණා Sunday, 04 August 2013 03:00 PM

දුක-සැප, යස-අයස, පින්-පව්, උපත-විපත වැනි ද්වි ධර්මතා විශ්ව පරිනාමයේ මායාකාරී ස්වභාවය හා බැඳුනු එකක්. අනෙක මත රඳා පවතින සාපේක්‍ෂ පරිකල්පන පමණයි. මේවා සමබර වීමෙන් විශ්වය පරිණාමය වෙනවා. නිරපේක්ෂ වශයෙන් ගත්කළ මෙහි දුකකුත් නැහැ සැපකුත් නැහැ. ඉපදීමකුත් නැහැ මරණයකුත් නැහැ. නමුත් විඥානය ඇසුරුකොට ඒ ද්වි ධර්මතා සමබරතාවය සුරැකෙනවා. සරලව කිව්වොත් සෛද්ධාන්තිකව 'බයිනරි සිද්ධාන්තයෙන්' පරිඝනකයක් ක්‍රියාකරනවා වගේ. (නි)

:       0       0

නීල් Sunday, 04 August 2013 05:58 PM

දුක-සැප, යස-අයස, පින්-පව්, උපත-විපත වැනි ද්වි ධර්මතා විශ්ව පරිනාමයේ මායාකාරී ස්වභාවය හා බැඳුනු එකක් අනෙක මත රඳා පවතින සාපේක්‍ෂ පරිකල්පන පමණයි. මේවා සමබර වීමෙන් විශ්වය පරිණාමය වෙනවා. නිරපේක්ෂ වශයෙන් ගත්කල මෙහි දුකකුත් නැහැ සැපකුත් නැහැ. ඉපදීමකුත් නැහැ මරණයකුත් නැහැ. නමුත් විඥාණය ඇසුරුකොට ඒ ද්වි ධර්මතා සමබරතාවය සුරැකෙනවා. සරලව කිව්වොත් සෛද්ධාන්තිකව 'බයිනරි සිද්ධාන්තයෙන්' පරිඝනකයක් ක්‍රියාකරනවා වගේ.(දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site