X Advertisement
IMG-LOGO

2025 මැයි මස 12 වන සඳුදා


කන්දකාඩු ඛේදවාචකයේ වරද කොතැනද? කාගෙද?

යුද්ධය නිමවීමත් සමග පොලොන්නරුව කන්දකාඩු ප්‍රදේශයේ පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් ආරම්භ විය. එහි එල්.ටී.ටී.ඊ. සාමාජිකයෝ පුනරුත්ථාපනය වූහ. එම ව්‍යාපෘතියෙන් පසුව මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයක් බවට පත්විය. කොවිඩ් කාලයේදී එය කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත්විය. පසු කාලයේදී යළිත් එය මතට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය  කිරීමේ මධ්‍යස්ථානයක් විය. දහසකට ආසන්න පිරිසක් එහි පුනරුත්ථාපනය වෙමින් සිට ඇත. නැවත නැවතත් රටම කතා කරන ස්ථානයක් බවට කන්දකාඩුව පත් වූයේ ඉකුත් 28 වැනිදා රාත්‍රියේ සිටය.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවුවකු ළඟ තිබී දුම්කොළයක් හමුවීමත් සමග එහි කලබැගෑනිය හටගෙන තිබේ. දුම්කොළය තහනම් වර්ගයක් නොවුවද එය මතට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කරන මධ්‍යස්ථානයක් වන හෙයින් එම බිමේ දුම්කොළ තහනම්ය. ඒ අනුව රැදවියකු සතුව  දුම්කොළයක් තිබීම නියත වශයෙන්ම විධිමත් පරීක්ෂණයකට හේතුවකි. මන්දයත් ඕනෑම රැඳවියකු පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් තුළට ගනු ලබන්නේ පූර්ණ පරීක්ෂණයකින් පසුව වීමය. එමෙන්ම එහි රැඳවියන්ට ගෙදරින් කිසිවක් රැගෙන යාම තහනම් වන අතර ඇඳුම් පැළඳුමේ සිට අවශ්‍ය සියලු දෑ මධ්‍යස්ථානයෙන් ලබාදීම සිදුවේ. එබඳු පරිසරයක් තුළ රැඳවියකු දුම්කොළයක් මධ්‍යස්ථානය තුළට රැගෙන ආවේ කෙසේද යන්න ප්‍රශ්නයකි.

දුම්කොළය ළඟ තබාගත් රැඳවියා පසුදා පහන් වනවිට මළ සිරුරක් වී තිබිණි. එම මරණයට හේතුව පරීක්ෂණයකින් පසුවය. එහෙත් සෙසු රැඳවියන් ප්‍රකාශ කරන්නේ පහර දීමකින් එම මරණය සිදුවූ  බවය. අප පුවත්පතේ ඒ සම්බන්ධයෙන් පළවූ ප්‍රවෘත්තියෙහි සඳහන් වන්නේ රැඳවියන් පිරිසක් අතරවූ ගැටුමක් නිසා  එම මරණය සිදුවූ බව හමුදාව ප්‍රකාශ කරන බවය. කෙසේ වෙතත් මිනිසකු එසේ මරා දැමීමට කිසිවකුට අයිතියක් නැත.

අප පුවත්පත වාර්තා කර තිබුණේ රැඳවියාගේ එම මරණයෙන් පසුව දහසකට ආසන්න රැඳවුම්කරුවන් අතරින් හයසිය දෙනකු පමණ කඳවුරෙන් පලාගොස් ඇති බවත් ඉන් පන්සීයකට වැඩි පිරිසක් යළි අත්අඩංගුවට ගැනීමට පොලිසියට හා හමුදාවට හැකි වූ බවත්ය. කලහකාරි පිරිස පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ බඩු බාහිරාදියට හා වාහනවලට අලාභ  කර ඇති බවත් සඳහන්ය. ආරක්ෂක අංශ සාමාජිකයන්ට ගල් මුල්වලින් පහර දී රැඳවියන් සෝමාවතී වනෝද්‍යානය තුළට ගමන් කර ඇති බවත් සඳහන්ය.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රඳවනු ලැබ සිටින්නෝ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවෝ වෙති. එමෙන්ම එබඳු මත් ලෝලියකු එම මධ්‍යස්ථානයට එවනු ලබන්නේ අධිකරණ නියෝගයකිනි. එහෙයින් කැමැත්තෙන් පුනරුත්ථාපනයවීමට ගිය අයකු එහි සිටී දැයි ප්‍රශ්නයකි. එහෙයින්ම මෙම රැඳවියන් සැලකිය යුතු වන්නේ විශේෂ වර්ගයේ රැඳවියන් පිරිසක් ලෙසය. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් නිසාම ඔවුන්ගේ මානසිත්වය වෙනස්ය. පුනරුත්ථාපන ක්‍රියාවලියක් මගින් එම මනස් යථා තත්ත්වයට පත්වීමට යම් කාලයක්ද ගතවේ. එහෙයින්ම ඔවුන් සම්බන්ධයෙන් විශේෂ අවධානයකින් කටයුතු  කළ යුතුය. පුනරුත්ථාපන  මධ්‍යස්ථානයක් වන හෙයින් එහි  සේවයට යෙදවිය යුත්තේ මනෝ විද්‍යා  විශේෂඥයන්ය.

 මෙම පුනරුත්ථාපන මධ්‍යස්ථානය පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල් දෙපාර්තමේන්තුව යටතේ පවත්වාගෙන යනු ලබන   අතර මධ්‍යස්ථානයෙන් පිටත යුද හමුදාව  ආරක්ෂාව සපයන බවද මාධ්‍ය වාර්තාවල සඳහන්ය. මෙම මධ්‍යස්ථානය සම්බන්ධයෙන් මෑතකාලීනව විකාශනය වූ වැඩ සටහන්වලින් වඩාත් සුබදායි තත්ත්වයක් එහි පැවැති බව පැහැදිලිය. රැඳවූවන් පවා ඉතා ස්තුතිපූර්වකව මාධ්‍යයට අදහස් දක්වා තිබිණි. එහෙත් මළ සිරුරක් තත්ත්වය සම්පූර්ණයෙන්ම කණපිට හරවා තිබේ.

පුනරුත්ථාපනය වෙමින් සිටි රැඳවියන් විශාල පිරිසක්  වනෝද්‍යානයට පැනීම සරළ කාරණාවක් නොවේ. ඔවුන්ගෙන් ජන ජීවිතයට කෙබඳු බලපෑමක් එල්ල වේද යන්න අනාවැකි කීමේ  හැකියාවෙන්  පිටත පිහිටියකි. එමෙන්ම  රැඳවියන්ගෙන් මෙබඳු  හැසිරීමක් මතුවිය හැකි බවට ගණන් බලා කිසිදු අත්වැරැද්දකට ඉඩක් නොතබා ආරක්ෂක විධිවිධාන තර කළ යුතුව තිබිණි. අවදානමට වඩා සූදානම බොහෝ සෙයින් ප්‍රායෝජනවත් බව  බොහෝ සිදුවීම ඇසුරෙන් පසක් කරගත් ඒකාන්ත සත්‍යයකි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා සෙබළු දෙදෙනෙක් සහ ගුවන් හමුදා සෙබළු දෙදෙනෙක් රිමාන්ඩ් භාරයට පත්ව සිටිති. පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණේ මියගිය රැඳවියාගේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් ලැබෙන වාර්තාව අනුව අපක්ෂපාතීව කටයුතු කරන  බවයි. නිලධාරීන් අතින් යම් වරදක්  සිදුවී තිබුණහොත් ඔවුන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බවය. අප අවධාරණය කරන්නේත් එය ම ය. කිසිදු මිනිසකු මරා දැමීමට කිසිදු පාර්ශ්වයකට අයිතියක් නැත.

(***)



අදහස් (0)

කන්දකාඩු ඛේදවාචකයේ වරද කොතැනද? කාගෙද?

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site